Home Events Aurora පෘථිවියේ අවුරෝරා ඇතිවෙන්නේ කොහොමද ?

පෘථිවියේ අවුරෝරා ඇතිවෙන්නේ කොහොමද ?

0
Photo by SUOMI PHOTOGRAPHY on Pexels.com
wikipedia.org

අවුරෝරා පෘථිවියේ ඇති වෙන අපූරු සංසිද්ධියක්. මේ ගැන ඔබ නොයෙකුත් දේවල් අහල ඇති. ඒ වගේම නොයෙකුත් දේවල් දැකලත් ඇති. හැබැයි ගොඩක් අය මේ අවුරෝරා ඇති වෙන්නේ කොහොමද ඒවාට බලපාන සාධක මොනවාද, ඒවායෙන් වෙන්නේ මොනාද කියලා දන්නේ නැහැ. අද තරු අහස වීඩියෝව වෙන්වන්නේ මේ අවුරෝරා කියන්නේ මොනවද ඒවා ඇතිවෙන්නේ කොහොමද සහ ඒවා අපට බලපාන්නේ කොහොමද කියන කාරණා පිළිබඳව විමර්ශනය කරන්න.

විවිධ අවස්ථාවල ධ්‍රැවීය ආලෝකයන්, උතුරු ආලෝකයන් හෝ දක්ෂිණ ආලෝකයන් ලෙසින් හඳුන්වනු ලබන aurora කියලා කියන්නේ පෘථිවි අහසෙහි ප්‍රධාන වශයෙන් ඉහළ අක්ෂාංශ ප්‍රදේශවල දක්නට ලැබෙන ස්වභාවික විෂමතා නිසා හටගන්නා ආලෝක වෙනසක්.

අවුරෝරා ඇති වෙන්නේ කොහොමද

wikipedia.org

සූර්යයා අපට තාපය හා ආලෝකයට වඩා වැඩි යමක් නිරන්තරයෙන් එල්ල කරනවා.  සුර්ය සුළං විදිහට සුර්යා විසින් වෙනත් ශක්තියක් සහ කුඩා අංශු විශාල ප්‍රමාණයක් අප වෙත එවනවා. පෘථිවිය වටා ඇති ආරක්ෂිත චුම්බක ක්ෂේත්‍රය මෙකී බොහෝ ශක්තියෙන් සහ අංශු වලින් අපව ආරක්ෂා කරන අතර අපට ඒවා පෙනෙන්නේ නැහැ.

සූර්ය සුළං වලින් චුම්භක ගෝලය ප්‍රමාණවත් ලෙස කැළඹීමකට ලක්වෙලා තියෙන අවස්ථාවක Auroras නිර්මාණය වනු ලැබෙනවා. ඊට ප්‍රධාන වශයෙන් බලපාන්නෙ ඉලෙක්ට්‍රෝන සහ ප්‍රෝටෝන ආකාරයෙන් එන සූර්ය සුළං සහ චුම්භක ප්ලාස්මා යන දෙකෙහිම ආරෝපිත අංශුවල ගමන් පථයන් පෘථිවි චුම්බක ක්ෂේත්‍රය හේතුවෙන් පෘථවියේ ඉහළ වායුගෝලයට අධික වේගයකින් එල්ලවීම . 

මේ හේතුව නිසා පෘථිවියේ චුම්බක චුම්භක ක්ෂේත්‍රයට එල්ලවන සුර්ය සුළං වල අඩංගු ආරෝපිත අංශු වලින් වායුගෝලීය සංඝටක අයනීකරණය වීමේ ප්‍රතිඵලයක් විදිහට  විවිධ වර්ණ විමෝචනය කරනවා. ධ්‍රැවීය ප්‍රදේශ දෙකෙහිම  ඇති වන අවුරෝරා වල ස්වරූපය, අවක්ෂේප අංශු වෙත ලබා දෙන ත්වරණ ප්‍රමාණය මත ද රඳා පවතිනවා. 

https://upload.wikimedia.org/wikipedia/commons/transcoded/e/ee/Spacecraft_View_of_Aurora_Australis_from_Space.webm/Spacecraft_View_of_Aurora_Australis_from_Space.webm.480p.vp9.webm
wikipedia.org

තවදුරටත් සරලව

අවුරෝරා වඩාත් හොඳින් දිස්වන්නේ රාත‍්‍රියේදී වුවද ඒවා ඇත්ත වශයෙන්ම ඇතිවන්නේ සූර්යයා නිසා. නමුත් සූර්යයා සෑම විටම එකම ශක්තියක් පිටකරන්නෙ නැහැ. නිරන්තරයෙන් වෙනස්වෙමින් ගලා එන සූර්ය සුළඟක් පවතින අතර සූර්ය කුණාටු ද තිබෙනවා. කිරීටක ස්කන්ධ විමෝචනය ලෙස හැඳින්වෙන එක් ආකාරයක සූර්ය කුණාටුවක් අතරතුර, සූර්යයා අධික වේගයෙන් අභ්‍යවකාශය හරහා ගමන් කළ හැකි විශාල විද්‍යුත් වායු බුබුලක් පිට කරනවා. මේ ආකාරයේ සූර්ය කුණාටුවක් අප දෙසට පැමිණෙන විට, සමහර ශක්තීන් සහ කුඩා අංශු උතුරු හා දකුණු ධ්‍රැවවල ඇති චුම්බක ක්ෂේත්‍ර රේඛා ඔස්සේ පෘථිවි වායුගෝලයට ගමන් කිරීමේ හැකියාවක් පවතිනවා. එහිදී, අංශු අපගේ වායුගෝලයේ ඇති වායූන් සමඟ අන්තර්ක්‍රියා කරන අතර එහි ප්‍රතිඵලයක් ලෙස අහසේ අලංකාර ආලෝකයක්  විමෝචනය වීමට පටන් ගන්නවා. මෙහිදී ඔක්සිජන් කොළ සහ රතු ආලෝකය ලබා  දෙන අතර නයිට්රජන් නිල් සහ දම් පාටින් දිදුලනවා.

මේ අවුරෝරා ඇතිවෙන්නේ සූර්ය කුණාටු සහිත තත්වයකදී නිසා, මේක බලන ඔයාලගෙ හිත් වල පුංචි චකිතයක් ඇති වෙන්න පුළුවන් මේ අවුරෝරා නිසා පෘථිවියේ ජීවත් වෙන මිනිස්සුන්ට කිසියම් හානිකර තත්ත්වයක් උදා වෙනවද කියන එක ගැන. අවුරෝරා ඇතිවීමට හේතුවන සූර්ය කුණාටු වලින් යම් තරමක බලපෑමක්, පෘතුවියේ භාවිතා කරන තාක්ෂණික මෙවලම් වලට සිදුවීමට හැකියාවක් තිබුණත්, එම සංසිද්ධිය නිසා ඇතිවන අවුරෝරා වලින් නම් පෘථිවියේ භාවිතා කරන තාක්ෂණය හෝ පෘතුවියේ ජීවත්වන ජීවීන්ට කිසිදු ආකාරයක හානියක් පැමිණීමට හැකියාවක් දැනට නම් නැහැ. 

වෙනත් ග්‍රහලෝක වල අවුරෝරා

NASA

මේ අවුරෝරා ගැන කතා කරද්දී ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි වෙනත් ග්‍රහලෝක වලට මේ ආකාරයේ අවුරෝරා දකින්නට ලැබෙනවද කියන එක.
ඒකට උත්තරේ තමයි ඔව්.

වෙනත් ග්‍රහලෝක වලත් මේ විදියේ කවුරුවත් දකින්නට පුළුවන් කමක් තියෙනවා. අවුරෝරා කියන්නේ පෘථිවියේ පමණක් සිදුවන දෙයක් නොවේ. ග්‍රහලෝකයකට වායුගෝලයක් සහ චුම්භක ක්ෂේත්‍රයක් තිබේ නම්, ඒවාට බොහෝ විට auroras  තිබිමේ හැකියාවක් තියෙනවා.  මේ වෙද්දි තරු අහස එක්ක අවුරුද්දකට ආසන්න කාලයක් රැඳී ඉඳපු ඔබ දන්නවා බ්‍රහස්පති සහ සෙනසුරු ග්‍රහලෝක මතත් මේ ආකාරයේ විස්මිත අවුරෝරා දැකගන්න පුළුවන් කියලා. අපි ඒ ගැන මීට කලින් අවස්ථා කිහිපයකදී කතා කරලා තියෙනවා.

කොහොම වුණත් සොබාදහමේ අපූරු නිර්මාණයක් වන මේ aurora  උතුරු සහ දක්ෂිණ ද්‍රව ආසන්නව සිදුවන අති විශේෂ සිදුවීමක් වන නිසා, සමකාසන්න රටක් වන ලංකාවේ ඉන්න අපිට නම් නෑ aurora දැක ගැනීමට හැකියාවක් නැහැ.

Source:

NASA
Wikipedia

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version