Home Exploration හැමෝම කෝටිපතියෝ කරන, අභ්‍යාවකාශ රත්තරං | Gold Mining in Space

හැමෝම කෝටිපතියෝ කරන, අභ්‍යාවකාශ රත්තරං | Gold Mining in Space

0

පතල් හාරලා රත්තරං ගන්නවා කියලා දැනගෙන හිටියට අභ්‍යවකාශයේ රත්තරන් තියෙනවද කියලා දැනගෙන හිටියා ද ?
මේ රත්තරං ගන්නෙ කොහොමද ?
කවුද මේ රත්තරන් ගන්න හදන්නේ ?
මේ රත්තරන් වල වටිනාකම කොච්චරද?
ප්‍රශ්න ගොඩයි නේද ?
හොයමු උත්තර!
එන්න අදත් අප සමග, අපි තරු අහස.

වර්ෂ 1852 මාර්තු මාසේ 17 වෙනිදා ඉතාලියානු තාරකා විද්‍යාඥයෙක් වෙන්න ඇනිබල් ඩී ගැස්පරිස් හොයාගන්නවා අඟහරු බ්‍රහස්පති අතර අතර ප්‍රදේශය පුරා පැතිරුණු ග්‍රහක වළල්ලෙන් එක්තරා ග්‍රහකයක්. ඔහු මේක නම් කරනවා “සික්ස්ටීන් සයිකී / 16 සයිකී” කියලා. මේ නම් කිරීම සිද්ධ වෙන්නේ ග්‍රීක පුරාණ කතා වල එන ප්‍රසිද්ධ චරිතයක් වන සයිකි කියන නමත්, මෙම කලාපයෙන් සොයාගත්ත 16 වන ග්‍රහකය කියන කාරණා දෙකක් එකතු කරල.

ඒ කලාපයේ තිබෙන අතිවිශාල ග්‍රහක වලින් එකක් තමයි මේ. විෂ්කම්භය  සැතපුම් 140ක් නැත්නම් කිලෝමීටර් 226ක් වන මේ ග්‍රහකය සූර්යයා වටා යන්න  ආසන්න වශයෙන් පෘථිවි වර්ෂ 5ක් විතර ගන්නවා. තමන්ගේ අක්ෂය වටා කරකැවෙන්නේ මේ සික්ස්ටීන් සයිකී කියන ග්‍රහකට යන්නේ පැය හතරකට වඩා පොඩ්ඩක් වැඩි කාලයක්. පෘථිවිය සතු චන්ද්‍රයාගේ ස්කන්ධයෙන් සියයට එකකටත් වඩා අඩු ස්කන්ධයක් තමයි මේ සික්ස්ටීන් සයිකී කියන ග්‍රහකය ට තියෙන්නේ.

අපි අපේ කතාවට ආයෙ හැරෙමු.

මේ ග්‍රහකය මතුපිට 90%ක් විතර ලෝහමය ස්වභාවයක් පෙන්නුම් කරන අතර ම සියයට දහයක් විතර silicate අඩංගුවෙනවා. පසුකාලීන අධ්‍යනයන් වලින් තාරකා විද්‍යාඥයෝ තේරුම් ගන්නවා මේක සමන්විත වෙලා තියෙන්නේ සම්පූර්ණයෙන්ම වගේ ඝන රන් හරයක් සහිත නිකල් සහ ලෝහමය යකඩ වලින් බව. විශාලත්වය සහ ස්කන්ධය එක්ක සියලු ගණනය කිරීම් කළාට පස්සේ මේ ග්‍රහකයේ වටිනාකම ඇමරිකන් ඩොලර් බිලියන හෝ ට්‍රිලියන නොව ක්වඩ්‍රිලියන දස දහසක් පමණ වන බවට ගණනය කරලා තියෙනවා. ක්වඩ්‍රිලියන එකක් කියලා කියන්න බිලියන මිලියනයක්. එහෙම බැලුවම මේ ග්‍රහකය සම්පූර්ණ වටිනකම වටිනාකම ඩොලර් බිලියන, බිලියන දහයක් පමණ වෙනවා.

වසර ගණනාවක් තිස්සේ පෘතුවියේ ඉන්න මිනිස්සු මේ අභ්‍යවකාශය තුල නොවෙනස් ව නොවෙනස්ව පවතින වටිනා ලෝහ විශාල ප්‍රමාණයක් අඩංගු ග්‍රහවස්තූන් පිළිබඳව විමසිල්ලෙන් සිටියා. තාරකා විද්‍යාඥයන්ට අනුව ඩොලර් බිලියන ගණනක් වටිනා රත්ත්‍රන්, ප්ලැටිනම් සහ දියමන්ති වගේ අධික වටිනාකමින් යුත් සම්පත්වලින් මේ ග්‍රහකයන් බොහොමයක් සමන්විත වෙනවා.

තාක්ෂණයේ දියුණුවත් එක්ක පෘථිවි වැසියන් මේ ග්‍රහක වල තියෙන සම්පත් ලබාගන්න තත්පරෙන් තත්පරේ, පියවරෙන් පියවර සමීප වනවා. නාසා ආයතනය ආරම්භ කළ සයිකී කියන මෙහෙයුම මේ අපූරු කතාවට අඩිතාලම දානවා. සික්ස්ටීන් සයිකි, කියන ලෝහ පාශාන සහිත ග්‍රහ වස්තුව අධ්‍යනය  කරන්න නිර්මාණය කරපු මේ නාසා ආයතනයේ සයිකි කියන මෙහෙයුම මෑතකදී ඒකෙ තීරණාත්මක සැලසුම් අවධිය පසු කළා.

කිලෝමීටර් 226 පළලක් තියෙන මේ ග්‍රහකye තියෙනවා කියලා දැනට සැකකරන සමස්ත රත්තරන් ප්‍රමාණයම පෘථිවියට ගෙන එන්නට පුළුවන් වුනොත් එහි වටිනාකම ඇමරිකානු ඩොලර් ක්වඩ්‍රිලියන දහදාහකට වැඩි නිසා පෘතුවියේ සිටින සෑම මිනිසෙකුම  බිලියනපතියෙකු කරවීමට තරම් මේ සයිකි පොහොසත් වෙනවා. කෙසේ වෙතත් නාසා ආයතනය පවසන්නේ නම්, මේ මෙහෙයුමෙන් කරන්නේ පෘථිවියේ අතීතය පිළිබඳව  වැඩිදුර අධ්‍යනය කිරීම සඳහා අවශ්‍ය සාධක සහ තොරතුරු එක්රැස් කරන බව. මොකද ඇතැම් විට තාරකා විද්‍යාඥයෝ විශ්වාස කරනවා මේ සික්ස්ටීන් සයිකි කියන ග්‍රාහකය මීට බොහෝ කාලයකට කලින් ග්‍රහලෝකයක් වෙලා තියෙන්නට ඇති කියලා.

skyatnightmagazine Credit: Stocktrek Images / Getty Images

බොහොම බරපතල විදිහට ඇතිවෙච්ච උල්කාපාත ඝට්ටන විශාල ප්‍රමාණයක් සික්ස්ටීන් සයිකී මත අදටත් පෙනෙන්නට තියෙනවා. පෘථිවියේ හරයta අපට ආසන්නවී පරීක්ෂා කරන්නට බැරි නිසා මේ සික්ස්ටීන් සයිකී ග්‍රාහකය ගවේෂණය කිරීමෙන් පෘථිවි හරය සහ අනෙකුත් ග්‍රහලෝක සෑදුණු ආකාරය පිළිබඳ වටිනා අවබෝධයක් ගන්න පුළුවන් කියලා නාසා ආයතනය සඳහන් කරනවා. නාසා ආයතනයට අනුව නම් මේ සයිකි කියන අභ්‍යවකාශ යානය සැලසුම් කරලා තියෙන්නෙ සික්ස්ටීන් සයිකි කියන ග්‍රහකයේ චුම්බක ක්ෂේත්‍රය අධ්‍යයනය කිරීමට වගේම එම ග්‍රහකයේ භූ ලක්ෂණ හා සංයුතිය පිළිබඳව රූප සහ දත්ත ග්‍රහණය කරගෙන අධ්‍යයනය කරන්න. 

මීට ටික කාලෙකට වාර්තා වෙච්ච විදිහට නාසා ආයතනය ලෝකප්‍රකට බිලියනපතියෙකු වන එලෝන් මස්ක්ගේ spacex ව්‍යාපෘතිය සමග මේ මෙහෙයුම වෙනුවෙන් සහයෝගීතාවයකට පැමිණිලා තියෙනවා. කටයුතු සියල්ල නිසියාකාරව සිද්ධ වුනොතින් නාසා සහ ස්පේස් එක්ස් සම්බන්ධ මේ මෙහෙයුම 2022 වර්ෂයේ අගෝස්තු මාසයේ දී ආරම්භ වීමට නියමිතයි. කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ඉඳලා falcon heavy රොකට්ටුවකින් ගුවන්ගත වන මෙම සයිකී යානය 2023 මැයි මාසය 23 වෙනිදා තමන්ගේ ඉලක්කය වන සික්ස්ටීන් සයිකී වෙත කිලෝමීටර්  500ක් තරම් ආසන්න වීමට නියමිතයි. තමන්ගේ රාජකාරිය නිමාකරල යළිත් 2026 වර්ෂයේ ජනවාරි 31 වැනිදා තමයි මෙය සයිකි යානය පෘථිවි කක්ෂයට යළි පැමිණීමට නියමිත වන්නේ. 

Source : 

News18.com
Nasa.gov
Wikipedia.Org

Image : solarsystem.nasa.gov

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version