Table of Contents
දිවා අහස සම්පූර්ණයෙන්ම ආලෝකමත් වෙන්නේ හිරුගේ ආලෝකයෙන්. රාත්‍රී මුළු අහසම වසාගෙන තියෙන්නෙ ඈත දිදුලන තාරකා වලින්. අපි හැමෝම දන්නවා, මේ රාත්‍රී අහසේ පෙනෙන තරු වලට වඩා ඉතා විශාල ප්‍රමාණයක් නිරීක්ෂණය කිරීමේ හැකියාව තියෙනවා කියලා. මේ රාත්‍රී අහස නිරීක්ෂණය කරන්න ඕන කෙනෙකුට පුළුවන්. ඒ සඳහා වයසක් හෝ වෘත්තීමය සුදුසුකමක් බලපාන්නෙ නැහැ. චන්ද්‍රයා ගෙන් පස්සේ සිකුරු තරුව කියන්නෙ රාත්‍රිය හසෙ පහසුවෙන්ම හඳුනා ගන්න පුළුවන් වස්තුවක්. ඊට අමතරව බ්‍රහස්පති සහ සෙනසුරුත් අනතුරුව අඟහරුත් යම් යම් කාළ වලදී පෘථිවි නිරීක්ෂකයින්ට දැකගැනීමේ හැකියාව ලැබෙනවා.
අහසේ දිදුලන හැම වස්තුවක්ම එක හා සමාන ආලෝකයක් විහිදුවන්නේ නැහැ. චන්ද්‍රයාගේ ආලෝකය ඉතා විශාල වන අතරම සිකුරුගේ ආලෝකය ඊට වඩා සෑහෙන අඩුයි. සිකුරුගේ දීප්තියට වඩා මඳක් අඩුවෙන් දිදුළන සෙනසුරු සහ බ්‍රහස්පතිත් රාත්‍රී අහසේ රතු පාටින් දිදුළන අඟහරුත් හඳුනා ගැනීම එතරම් අපහසු කටයුත්තක් නෙවෙයි. නමුත් රාත්‍රි අහසෙ රතු පාටින් දිදුළන එකම වස්තුව වස්තුව අඟහරු නෙමෙයි.
මීට අමතරව යම් යම් කාලවලදී පෘථිවියට දිස්වෙනවා පෘථිවිය අසලින් යන වල්ගා තරු, එහෙම නැත්නම් ග්‍රාහක වගේ දේවල්. මේ සියල්ල එකතු කරලා අපි අද උත්සාහ කරනවා පෘතුවියේ ඉඳල මේ රාත්‍රී අහස නිරීක්ෂණය කරන්නේ කොහොමද, මේ රාත්‍රී අහස නිරීක්ෂණය කිරීම සඳහා අපට අවශ්‍ය වෙන්නේ මොනවගේ පරිසරයක්ද, එහිදී අපිට නිරීක්ෂණය කරන්න පුළුවන් වෙන්නේ මොන වගේ අභ්‍යවකාශ වස්තු ද කියන එක පිළිබඳව කතා කරන්න.
පළමුවෙන්ම කිවයුතු දෙයක් තියෙනව. ඇතැම් අය හිතනව රාත්‍රි අහස නිරීක්ෂණය කරන්න නම් දුරේක්ෂයක් තියෙන්නම ඕනෙ කියලා. මේක වැරදි මතයක්. විවිධ වස්තූන් පියවි ඇසින් දකින්න පුළුවන්. ඒ වගේම තමයි අපි දන්නවා අතීතයේ දී පියවි ඇසින් බලල තමයි සිකුරු බ්‍රහස්පති සෙනසුරු අඟහරු වගේ අභ්‍යවකාශ වස්තූන් නම් කරලා තිබුණේ. මේ බොහොමයක් ආකාශ වස්තු නම් කරලා තිබුණේ ග්‍රීක දෙවිවරුන්ගේ නම් වලින්.
දුරේක්ෂයක් භාවිතාකරල කරන්න පුළුවන් වෙන්නේ, මේ අහස රාත්‍රී අහසේ දිස් වන වස්තූන්ගේ, වැඩි විස්තර ප්‍රමාණයක් ග්‍රහණය කරගන්න එක. කොහොම වුණත් ඔබ මේ විෂයට ආධුනිකයෙක් නම් වඩාත් සුදුසු වෙන්නේ පියවි ඇසින් රාත්‍රී අහස නිරීක්ෂණය කරන එක. එහෙමත් නැතනම්, අත්‍යවශ්‍යම නම් පමණක් දුරදක්නයක් ඇසුරෙන් රාත්‍රී අහස නිරීක්ෂණය කරන්නත් හැකියාව තියෙනවා. නමුත් දැනටමත් දුරේක්ෂයක් තියෙන කෙනෙක් නම්, කණගාටු වෙන්න එපා ඔබටත් මේ ලිපිය ප්‍රයෝජනවත් වෙයි.
දීප්තියයේ විශාලත්වය (Magnitude)
මේ සියල්ලටම අමතරව ඔබ දැනගත යුතු තවත් දෙයක් තියෙනවා. ඒ තමයි රාත්‍රී අහසේ දිදුලන මෙ මෙවගෙ අභ්‍යාවකාශ වස්තුවක දීප්තියයේ විශාලත්වය කියන එක එහෙම නැත්නම් නැත්තං මැග්නිටියුඩ් එක. චන්ද්‍රයා තමයි රාත්‍රී අහසේ දීප්තිමත්ම වස්තුව වෙන්න. අපි දන්න දීප්තිය වැඩි ම ආකාශ වස්තුව වෙන්නේ හිරු. මෙයාකාරයට සමහර වස්තූන් අනිත් එවාට වඩා දීප්තිමත් වන අතර තාරකා විද්‍යාඥයන් මේ වස්තූන් ගේ දීප්තිය විස්තර කිරීමට ක්‍රිස්තු පූර්ව 2වන සියවසේදී සාදාගන්නා ලද වර්ගීකරණයක, යාවත්කාලීන කරන ලද ලැයිස්තුවක් භාවිතා කරනවා.

එම වර්ගීකරණයට අනුව සූර්යයාගේ දීප්තියයේ විශාලත්වයේ අගය ඒකක -27ක්. මෙම ලැයිස්තුවට අනුව ඉතා දීප්තිමත් වස්තූන් ගේ දීප්තියේ විශාලත්වය මැග්නිටියුඩ් ඒකක ඉතා කුඩා අගයක් ගන්නා අතර දීප්තිය අඩු නැත්නම් අඳුරු වස්තූන්ගේ දීප්තියේ විශාලත්වය මැග්නිටියුඩ් ඒකක විශාල ප්‍රමාණයක් දක්වා දිව යනවා.
මෙම වර්ගකිරීමට අනුව පියවි ඇසට පෙනෙන අඳුරුතම වස්තුව සාමාන්‍යයෙන් විශාලත්වය ඒකක 6.5 ක් පමණ වෙනවා. මෙලෙස රාත්‍රියේ තියෙන වස්තූන් නිරීක්ෂණය කිරීම සඳහා බොහෝ සාධක බලපානවා.
කෙසේ නමුත් ඔබේ ඇසේ pupil dilation එක, ඔබේ ඇස අඳුරට හුරු වීමට ගන්නා කාලය, ආලෝක දූෂණය, වළාකුළු, චන්ද්‍රාලෝකය, නිරීක්ෂකයාගේ උන්නතාංශය, මීදුම, අභ්‍යාවකාශ වස්තුවේ ප්‍රමාණය සහ වර්ණය වගේ සාධක මේ අතර ප්‍රධාන තැනක් ගන්නවා.
මේ විදිහට ලෑස්ති වෙලා රාත්‍රී අහසෙ මොනවද අපිට පියවි ඇසින් බලන්න පුළුවන් කියලා ඔබට මේ වෙනකොට ප්‍රශ්නයක් එන්න පුළුවන්. රාත්‍රී අහස තියෙන ග්‍රහලෝක, චන්ද්රයා, ග්‍රාහක, අවුරෝරා, උල්කාපාත, කෘතිම චන්ද්‍රිකා, වල්ගා තරු වලට අමතරව අන්තර් ග්‍රහලෝක දූවිලි, මන්දාකිණි, තරු, නිහාරිකා පවා පෘතුවියේ ඉඳල පියවි ඇසින් බලන්න පුළුවන් කියලා කිව්වොත් ඔබ පුදුම වෙනවා නොඅනුමානයි.
නිරීක්ෂණය සඳහා සුදුසු ස්ථානය
තාරකා විද්‍යාත්මක නිරීක්ෂණයන්ගේ පළමු පියවර වෙන්නේ නිරීක්ෂණය සඳහා සුදුසු ස්ථානයක් තෝරා ගැනීම. ග්‍රහලෝක වගේ ඉතාමත් දීප්තිමත් අභ්‍යාවකාශ වස්තූන් නිරීක්ෂණය කිරීමට අදහස් කරනවා නම් ඔබ නිවසට ආසන්න ස්ථානයක් තෝරා ගත්තට ප්‍රශ්නයක් නැහැ. නමුත් ඔබ සූදානම් වෙන්නේ රාත්‍රි අහසේ ඔබමොබ යන අඳුරු වස්තූන් නිරීක්ෂණය කරන්න නම් අපි කලින් සදහන් කරපු සාධක වලින් ඔබට ඇතිවන බලපෑම අවම කර කරගැනීමට සුදුසු නිරීක්ෂණ ස්ථානයක් සූදානම් කරගත යුතු වෙනවා.
බොහෝ අවස්ථාවලදී පූර්ණ චන්ද්‍රයා පායා තිබෙන විට රාත්‍රී අහස නිරීක්ෂණය කිරීම එතරම් සාර්ථක වෙන්නේ නැහැ. ඒ වගේ අවස්ථාවල ඔබට දකින්නට පුළුවන් වෙන්නේ දීප්තිමත් අභ්‍යවකාශ වස්තූන් පමණයි. ඔබ තෝරාගන්නේ සිතිජය පවා දැකිය හැකි ස්ථානයක් නම් එය ඔබට විශාල ආකාශ වස්තූන් ප්‍රමාණයක් බලාගැනීමට ප්‍රයෝජනවත් වනවා. ඒ වගේම කඳු, ගස්, ගොඩනැගිලි වගේ භෞතික බාධක තියෙනවා නම එයද ඔබේ නිරීක්ෂණයන්ට බාධාවක් වනවා නොඅනුමානයි.
සාමාන්‍යයෙන් නගරාසන්න නිරීක්ෂණ ප්‍රදේශයක ඉඳලා අපට බලා ගන්නට හැකියාව ලැබෙන්නේ විශාලත්වය ඒකක අගය 3.5 ට වඩා අඩු අගයක් ගන්න අභ්‍යාවකාශ වස්තූන් වන අතරම භෞතික බාදක රහිත අඳුරු ප්‍රදේශයක ඉඳලා බලාගන්න පුළුවන් වස්තුවල දීප්තිමයේ අගය ඒකක 6.5 ක් පමණ වෙනවා. පළපුරුදු නිරීක්ෂකයෙකුට නම් මේ වගේ අවස්ථාවලදී මැග්නිටියුඩ් එක්ක 8.5 ක් පමණ වන වස්තූන් පවා දැක ගැනීමේ හැකියාව තියෙනවා. ඉතිහාසයේදී එහෙම අවස්ථාත් වාර්තා වෙලා තියෙනවා.
ලංකාවේ රාත්‍රී අහස නිරීක්ෂණය කරන්නට සුදුසුම ස්ථාන වලින් වැඩිපුරම කතාබහට ලක්වෙන්නේ බත්තලංගුණ්ඩුව සහ යාල කියන ප්‍රදේශ.
ඔබට අහස නිරීක්ෂණය කිරීමට අවශ්‍යනම් රාත්‍රී අහසේ තියෙන තාරකා මණ්ඩල ගැන ඔබ ඉගෙන ගත යුතු වනවා. මේ තාරකා මණ්ඩල කියලා කියන්නේ අතීතයේ අහස නිරීක්ෂණය ලද අය තාරකා ආශ්‍රිතව නිර්මාණය කරන ලද තාරකා සමූහ කීපයක්. ඔබගේ අක්ෂාංශ දේශාංශ ඔබ ජීවත් වන වර්ෂය දවස සහ වේලාව අනුව රාත්‍රී අහසේ දෘශ්‍යමාන වන තාරකා රාශීන් වෙනස් වනවා. මෙම තාරකා රාශි ගැන ඉදිරියේදී අපි තවත් වීඩියෝ එකක් කරන්නට බලාපොරොත්තු වෙනවා.
මොනවද නිරීක්ෂණය කරන්නෙ
රාත්‍රී අහස නිරීක්ෂණය කිරීමේ ඊළඟ පියවර වෙන්නේ, අපි මොනවද නිරීක්ෂණය කරන්නේ හදන්නේ කියල සැලසුම් කරගන්න එක. මේ සඳහා ක්‍රම කිහිපයක් භාවිතා කරන්න පුළුවන්.
- එකක් තමයි ප්ලැනිස්පියර් කියලා සරල උපාංගයක් භාවිතා කරන එක. සාමාන්‍යයෙන් ප්ලැනිස්පියර් එකකින් විශාලත්ව ඒකක 4.5 දක්වා වන අභ්‍යවකාශ වස්තූන් පෙන්වනවා. නමුත් ඔබ මීට වඩා අඳුරු වස්තූන් නිරීක්ෂණය කරන්න උත්සාහ කරනවා නම් ඔබට ප්ලැනිස්පියර් එකට වඩා දෙයක් ඕන වෙනවා.
- තාරකා විද්‍යා සඟරාවල බොහෝ වෙලාවට, අදාල මාසය සඳහා පමණක් වලංගු වල වන තර්ක ප්‍රස්තාර තියනවා.
- ඇත්ත වශයෙන්ම දැන් නං පාවිච්චි වෙන්නෙ ගොඩක් වෙලාවට එක්කො ලප්ටොප් එකේම නැත්තං desktop පරිගණකයේ භාවිතා කරන්න පුළුවන් ඇප් එකක් හරි එහෙම නැත්නම් ඔබේ ජංගම දුරකථනය භාවිතා කරන්න පුලුවන් ඇප් එකක්. මෙවට උදාහරණ තමයි stellarium, the sky live, sky chart, sky safari, sky orb, google sky වගේ ඒවා. බොහෝ වෙලාවට මේ ඇප් වල නොමිලේ යන ඇප් එකක් සහ ගෙවලා ගන්න ඕන app එකක් විදිහට දෙකක් තියෙන්න පුළුවන්. ඔබ ආධුනිකයෙක් නම් මේ විෂයට නොමිලේ ලබා දෙන ඇප් එක බොහෝදුරට ප්‍රයෝජනවත් වෙනවා.
- එහෙමත් නැත්නම් ඔබ දුරේක්ෂයක් මිලදී ගන්නවා නම්, බොහෝ වෙලාවට එම දුරේක්ෂය නිෂ්පාදනය කරන ලද ආයතනය විසින් ඔබට මේ වගේ app එකක් නොමිලේ ලබාදෙනවා
තාරකා ප්‍රස්තාර භාවිතා කිරීම මුලදී තරමක් ව්‍යාකූල වෙන්න පුළුවන්. නමුත් කාලයක් තිස්සේ භාවිතා කෙරෙන විට ඔබ ඊට හුරු වීමත් සමග බොහෝ අභ්‍යවකාශ වස්තූන් හඳුනාගැනීමේ හැකියාව ඔබට ලැබෙනවා නිසැකයි.
ග්‍රහලෝක බලමුද
සිකුරු අඟහරු බ්‍රහස්පති සහ සෙනසුරු කියන ග්‍රහලෝක 4 පියවි ඇසින් නිරීක්ෂණය කිරීම ඉතා පහසුයි. මේ සෑම ග්‍රහ ලෝකයක් ම නිශ්චිත කාලසටහනකට අනුව ඒ කාළ වල දෘෂ්‍යමාන වෙනවා. සිකුරු ග්‍රහයා දෘශ්‍යමාන වන සෑම දවසකම, එය ඉර-හඳ හැර අහසේ ඇති සියල්ලටම වඩා දීප්තිමත් වෙනවා.
ඔබ දීර්ඝ කාලයක් තිස්සේ ග්‍රහලෝක නිරීක්ෂණය කළොත් ඔබට දැකගත හැකි කාරණා කිහිපයක් තියෙනව.එකක් තමයි ග්‍රහලෝක කාලයත් සමඟ දීප්තියෙන් කැපීපෙනෙන වෙනස්කම් පෙන්වනවා. උදාහරණයක් විදියට ගත්තොත් අඟහරු සමහර කාල වල ඉතා අඳුරු යි. එ වගෙම තමයි සමහර කාල වල අඟහරු ඉතාමත් දීප්තියෙන් දිදුලනවා. අඟහරු දීප්තිමත් කමින් වැඩිවෙද්දි එය කෙමෙන් කෙමෙන් රතු පැහැයට හැරෙනවා. ඒවගේම තමයි අඟහරු අඳුරු වෙද්දි රෝස පැහැයට හුරු වර්ණයක් ගන්නවා.
අඟහරු සෙනසුරු සහ බ්‍රහස්පති කියන ග්‍රහලෝක සියල්ලටම චන්ද්‍රයන් තිබුනත්, බ්‍රහස්පති ග්‍රහයාගේ පමණක් ගැලීලියානු චන්ද්‍රයන් හතර දෙනා, පියවි ඇසින් දැකීමට තරම් දීප්තිමත් වෙනවා.
බුධ ග්‍රහයා බොහෝ වෙලාවට දකින්න පුළුවන් සවස් කාලයේ ආළෝකය බැස යෑමත් සමඟ. තවත් සමහර අවස්ථාවල උදෑසන දැකගන්නට පුළුවන්. බුධ සහ සිකුරු කියන ග්‍රහලෝක දෙක ම සමහර අවස්ථාවලදී හිරු සහ පෘථිවිය අතරින් ගමන් කරනවා. එවැනි සිදුවීමක් සංක්‍රාන්තියක් ලෙස හැඳින්වෙනවා.
යුරේනස් පියවි ඇසින් දැකීමට තරම් දීප්තිමත් වුණත් ඒ අසල තියෙන තාරකාවලින් එය වෙන් කර හඳුනා ගැනීම ඉතා අපහසු කටයුත්තක් වන අතරම නෙප්චූන් සහ ප්ලූටෝ පියවි ඇසින් දැකීමට නොහැකි තරම් අඳුරු වනවා.
බොහෝ විට දිවා කාලයේ පවා ග්රහලෝක දැක ගැනීමට හැකි වෙනවා කිව්වොත් ඔබ පුදුම වනවා නොඅනුමානයි. නමුත් එය සත්‍යයක්. එකම දේ ඔබ කවදා කොතන කොයි වෙලාවේ දී බලන්න ඕනද කියලා දැනගෙන සිටීම පමණයි අත්‍යවශ්‍ය වෙන්නේ.
ඉර
සූර්යයා දිහා පියවි ඇසින් බලන්න පුළුවන් වුණත් එය ඉතා හානිකර වනවා ඔබේ ඇස් වලට. එනිසා කිසි දිනෙක සූර්යයා දිහා පියවී ඇසින් බලන්නට එපා. ඇතැම් වෙලාවට ඔබ දැකලා ඇති විශේෂිත දුරේක්ෂ හෝ දුරදක්න වලින් සූර්යයා දිහා බලන්න පුළුවන් කියලා. එහෙම කරන්නේ, ඒ වෙනුවෙන්ම භාවිතා කරන්නට පුලුවන් ෆිල්ටර් හරි එහෙම නැත්තං ඒ වෙනුවෙන්ම නිර්මාණය කරලා තියෙන දුරේක්ෂ හෝ දුරදක් වලින් පමණයි. ඒ නිසා මතක තියාගන්න කිසිම වෙලාවක පියවි ඇසින් හරි එහෙම නැත්නම් සාමාන්‍ය දුරේක්ෂ හෝ දුරදක්නයකින් හරි ඉර දිහා කෙලින්ම බලන්න එපා.
ඔබ අසා ඇති සූර්ය ලප කියලා කිසියම් දෙයක්. මේ ගැන අපි අපේ සූර්යයා පිළිබඳව කරපු වීඩියෝ වලදී කතා කරලා තියෙනවා. සූර්යයා නිරීක්ෂණය කිරීමේදී මේ සූර්ය ලප නිරීක්ෂණය කරනවට අමතරව බුධ සහ සිකුරු සංක්‍රාන්තින් ද නිරීක්ෂණය කරන්නට පුළුවන්. සූර්යයා සහ පෘථිවිය අතරට බුධ හෝ සිකුරු පැමිණීමෙන් තමයි මේ සූර්යය සංක්‍රාන්තියක් නිර්මාණය වෙන්නේ.
මීට අමතරව සූර්යග්‍රහණ නිරීක්ෂණය කිරීම සඳහා ඔබට කල්තියා සැලසුම් කිරීමට සිදුවනවා. යම් වර්ෂවලදී සූර්යග්‍රහණ දෙකක් තුනක් හෝ කිහිපයක් ඇති වෙන්නට පුළුවන්. නමුත් ඇතැම් විට සූර්යග්‍රහණ සිදු වුණත් සිදු වුනත් සමහර ප්‍රදේශවලට ඒවා දිස් වන්නේ අර්ධ සූර්යග්‍රහණ විදිහට. සුර්‍යග්‍රහණයකදී සම්පූර්ණ සූර්යග්‍රහණය නිරීක්ෂණය කරන්න පුළුවන් වෙන්න පෘථිවියේ පළලින් කිලෝමීටර 300 කට ආසන්න ප්‍රදේශයකට පමණයි.අනෙක් ප්‍රදේශවලට ඒ දිස් වන්නේ අර්ධ සූර්ය ග්‍රහණයක් විදිහටයි. කෙසේ වෙතත් සූර්යග්‍රහණයක් පවතින්නේ මිනිත්තු හතරකට ආසන්න කාලයක්.
සිකුරු සංක්‍රාන්තිය
සිකුරු සංක්‍රාන්තියක් ශතවර්ෂයකට ආසන්න කාලයකදී දෙවතාවක් පමණ පෘථිවියට දිස්වෙනවා. විසි එක්වන සියවසේ එය සිදුවුණේ සිදුවුණේ වුණේ 2004 වර්ෂයේ ජුනි 8 වැනිදා සහ 2012 වර්ෂයේ ජුනි 5 වෙනිදා. සාමාන්‍යයෙන් සිකුරු සංක්‍රාන්තියක් පැය 7ක් තරම් කාලයක් පවතිනවා. මීට කලින් අවස්තා උදාවෙලා තියෙන්නෙ වර්ෂ 1874 දෙසැම්බර් මාසේ සහ වර්ෂය 1882 දෙසැම්බර් මාසවල.
යළිත් සිකුරු සංක්‍රාන්තියක් පෘථිවි වැසියන් ට බලා ගන්නට හැකි වෙන්නේ 2117 වර්ෂයේ දෙසැම්බර් 10 හෝ 11 අතර සහ 2125 දෙසැම්බර් 8 වැනිදා. හරිම විරල සිදුවීමක් වන ඒ කියන්නේ ශත වර්ෂයකට වරක් විතර දැක ගන්නට පුළුවන් වෙන මේ සිකුරු සංක්‍රාන්තියක් පවා ඔබට සියැසින් දැක ගැනීම සුදුසු වන්නේ නැහැ. කොහොම නමුත් සිකුරු සංක්‍රාන්තියක් නම් පෘථිවියෙන් අඩකට වඩා වැඩි ප්‍රමාණයකට දෘශ්‍යමාන වෙනවා.
බුධ සංක්‍රාන්තිය
බුධ සංක්‍රාන්තියක් මීට බොහෝ සෙයින් වෙනස් වෙනවා. බුධ සංක්‍රාන්තියක් අවසන් වරට පෘථිවියට දිස් වෙලා ඇතිනේ 2019 වර්ශයේ නොවැම්බර් එකොළොස් වැනි දා. අප්‍රිකාව සහ දකුණු ඇමරිකාව වගේ රටවල් වලට පැහැදිලිව නිරීක්ෂණය වුණු මේ බුධ සංක්‍රාන්තිය පැය හයක් පමණ දිස්වෙලා තියෙනවා. මීළඟට අපට බුධ සංක්‍රාන්තියක් දකින්න පුළුවන් වන 2032 වර්ෂයේ නොවැම්බර් 13 වැනිදා.
මේ දේවල් කොහොම වුණත් ඔබ අනිවාර්යයෙන්ම මතකයේ තබා ගත යුතු දෙයක් තියෙනවා. සූර්යයා සම්බන්ධ නිරීක්ෂණවලදී නිරීක්ෂණ වලදී අදාළ අත්‍යවශ්‍යය උපකරණ නොමැතිව සූර්යයා දෙස පියවි ඇසින් බලා සිටීමෙන් ඔබට සදාකාලික අන්ධතාවය පවා උරුම වෙන්න පුළුවන්. ඒ නිසා මතක ඇතුව සූර්යයා සම්බන්ධ නිරීක්ෂණයන් වල දී අදාළ අත්‍යවශ්‍යය උපකරණ භාවිතා කරන්න කියලා අපි ඔබ සැමට යළිත් මතක් කර සිටින්න කැමතියි.
චන්ද්‍රයා
චන්ද්‍රයා රාත්‍රී අහසෙ දකින්න පුළුවන් දීප්තිමත්ම වස්තුව වුණත් දිවා කාලයේදී පවා ඇතැම් අවස්ථාවලදී චන්ද්‍රයා ව පැහැදිලිව දකින්න පුළුවන් බව ඔබ දන්නවා. ඒවගේම තමයි සෑම දින 28කට වතාවක්ම පූර්ණ චන්ද්‍රයා රාත්‍රි අහසේ දිස් වන බවත් ඔබ දන්නවා.
සෑම විටම චන්ද්‍රයාගේ එකම කොටසක් පෘථිවියට යොමු වෙලා තියෙන බවත් ඔබ දැකලා ඇති. හැබැයි මේ කාරණය සම්පූර්ණ සත්‍යයක් නෙමෙයි. චන්ද්‍රයා ඉතා සෙමින් සෙලවෙන අතර මාසයක් පමණ කාලයක් එක දිගට සඳහි මායිම් බොහොම ළඟින් සියුම්ව නිරීක්ෂණය කලොත් ඔබට සඳෙහි මායිම් අතර සිදුවන සියුම් වෙනස්කම් දැක ගන්නටත් පුළුවන්. චන්ද්‍රයාගේ පෘෂ්ඨය නිරීක්ෂණය කිරීම සඳහා හොඳම කාලය වෙන්නේ පූර්ණ චන්ද්‍රයා පායන දවස්.
පෘථිවිය සූර්යයා සහ චන්ද්‍රයා අතරින් ගමන් කරන විට චන්ද්‍රග්‍රහණ ඇතිවනවා. යම් වර්ෂයක මේ වගේ චන්ද්‍රග්‍රහණ කිහිපයක් ඇති වෙන්න පුළුවන්. මේවායෙන් සමහරක් අර්ධ චන්ද්‍රග්‍රහණ ග්‍රහණ වන අතර සමහර ඒවා පූර්ණ චන්ද්‍රග්‍රහන වෙනවා. මීට අමතරව ඇතැම් අවස්ථාවලදී ග්‍රහලෝක සහ පෘථිවියට ඉදිරියෙන් චන්ද්‍රයා ගමන් කරන අවස්ථාද පවතිනවා.
ග්‍රහක (Asteroids)
ග්‍රහක ප්‍රමාණයෙන් කුඩා වන අතර එයින් බොහොමයක් අඟහරු සහ බ්‍රහස්පතිගේ කක්ෂ අතර පවතිනවා. ග්‍රහකයක් නිරීක්ෂණය කරන්න සුදුසුම අවස්ථාව වෙන්නේ එය පෘථිවියට ආසන්නතම කාලයයි. මේ සංසිද්ධියට අපි තාරකා විද්‍යාවේ දී කියන්නේ opposition එකක් කියලා. බොහෝ අවස්ථාවලදී ග්‍රාහකයක් දිස්වන්නේ අසල තියෙන තරු වලින් වෙන් කර හඳුනා ගැනීමට අපහසු තරම්, බොහොම කුඩා අඳුරු ආලෝකයක් එක්ක.
දැනට තාරකා විද්‍යාඥයන් විසින් හඳුනාගෙන තියෙන ග්‍රාහක සිය දහස් ගණනක් අතුරින් වෙස්ටා කියන්නේ නිරීක්ෂණය කිරීමට පහසුම ග්‍රහකය. ඇතැම් අවස්ථාවල වෙස්ටා පියවි ඇසට පවා නිරීක්ෂණය කරන්න පුළුවන්. අපි කලින් කිව්වා වගේ ඉතා අඳුරු ස්ථානයක් තෝරගත්තොත් පළ පුරුදු නිරීක්ෂකයෙකුට නම් වෙස්ටාට අමතරව තවත් ග්‍රහකයන් පහසුවෙන් නිරීක්ෂණය කරන්නට පුළුවන්.
වල්ගා තරු (Comets)
වල්ගා තරු වල කක්ෂීය කාලය අනුව වල්ගා තරු කොටස් කිහිපයකට වෙන් කරනවා. කක්ශිය කාලය වසර දෙසීයකට අඩු නම් එය short period comet නැතිනම් කෙටිකාල වල්ගා තරුවක් ලෙස නම් කරන අතරම වසර දෙසීයකට වැඩි කක්ශීය කාලයක් සහිත වල්ගා තරු නම් කරන්නේ long period කොමට් කියලා.
නැවතත් මේ short period කොමෙට් කියන වල්ගා තරු, වෙන් වෙන්කරලා දක්වනවා බ්‍රහස්පති පවුලේ වල්ගා තරු සහ හැලීගේ ධූම කේතුව ආකාරයේ වල්ගතරු කියලා. බ්‍රහස්පති පවුලේ වල්ගා තරුවලට තියෙන්නේ වසර විස්සකට ආසන්න කක්ෂය කාලයක්. වසර 200ට අඩු වසර 20ට වැඩි සියලුම වල්ගතරුව අයිති වෙන්නේ, කලින් කියපු හැලීගේ ධූම කේතුව ආකාරයේ වල්ගා තරු කියන කොටසට.
කෙටිකාලීන වල්ගා තරු වලට උදාහරණ විදිහට හැලීගේ ධූමකේතුව, ටෙම්පෙල්1, ටෙම්පෙල්2, 19p/ බොරෙලි වගේ වල්ගතරු දක්වන්න පුළුවන් වගේම දීර්ඝකාලීන වල්ගා තරු වලට උදාහරණ විදිහට lovejoy වල්ගා තරුව, vice වල්ගා තරුව සහ නියෝවයිස් Comet NEOWISE වල්ගා තරුව දක්වන්නට පුළුවන්.
වසරකට, අඩුම තරමේ සිය ගණනක් වත් නව වල්ගතරු සොයා ගන්නා අතරම, බොහෝ වල්ගා තරු කෙටිකාලීන වල්ගා තරු වනවා. සාමාන්‍යයෙන් වල්ගා තරු වැඩිකාලයක් ගතකරන්නෙ සූර්යයාගෙන් බොහෝ ඈතට වන්නට. ඔවුන් සාපේක්ෂව ඉතා කෙටි කාලයක් සඳහා සූර්යයා සමීපයට එනවා. ඒවා නිරීක්ෂණය කිරීමට පහසුම අවස්ථාව වල්ගතරු සූර්යයාට සමීප වන අවස්ථාව වනවා. මේ බොහෝ වල්ගතරු අඳුර ගන්නෙ සූර්යයා වෙතට සමීප වෙමින් සිටියදී. නවීන දුරේක්ෂ මගින් හඳුනා ගන්නා මේ වල්ගා තරු කාලයත් සමග සූර්යයාට ලං වෙනකොට දීප්තිය වැඩි වෙනවා කියලා අපේක්ෂා කරනවා. ඕනෑම අවස්ථාවක ඕනෑම රාත්‍රියක දුරේක්ෂ හරහා වල්ගා තරු දහයකට වඩා වැඩි ප්‍රමාණයක් නිරීක්ෂණය කරන්නට පුළුවන්.
කෙසේ නමුත් එවන් අඳුරු වල්ගා තරු පියවි ඇසින් නිරීක්ෂණය කරන්නට නම් මඳක් අපහසුයි. ආසන්න වශයෙන් සෑම දශකයකට වරක්, ඉතා දීප්තිමත් පහසුවෙන් පෙනෙන වලිග සහිත වල්ගා තරු අපිට පියවි නිරීක්ෂණය කිරිමේ හැකියාව ලැබෙනවා.
අවුරෝරා (Aurora)
අවුරෝරා කියලා කියන්නෙ පෘතුවියේ ඉහළ වායු ගෝලයට ඇතුල් වන ඉලෙක්ට්‍රෝන නිසා රාත්‍රියේදී පෙනෙන දීප්තිමත් ආලෝකයක්. 18:04 මේ පිළිබඳව වැඩිදුර තොරතුරු දැනගැනීමට දැනගැනීමට අපගේ අව්රෝරා පිළිබඳව වීඩියෝව නරඹන්න ඔබටත් පුළුවන්.
උතුරු අර්ධගෝලයේ අවුරෝරා හඳුන්වන්නේ අවුරෝරා borealis (බොරියාලිස්) එහෙමත් නැත්නම් නොදර්න් ලයිට් කියලා. දක්ෂිණ අර්ධ ගෝලයේ ඇතිවන අවුරෝරා හඳුන්වන්නේ southern lights එහෙම නැත්නම් අවුරෝරා australis (ඔස්ට්‍රාලිස්) කියලා.
උතුරු චුම්බක ධ්‍රැවය කේන්ද්‍ර කරගනිමින් කිලෝමීටර් 2500ක පමණ ඕවලාකාර ප්‍රදේශයක් තුළ සහ දකුණු චුම්බක ධ්‍රැවය කේන්ද්‍ර කරගනිමින් කිලෝමීටර් 2500ක පමණ ඕවලාකාර ප්‍රදේශයක් තුළ මේ අවුරෝරා බහුලව දකින්නට පුළුවන්. අව්රෝරා බෙරියාලිස් වැඩිපුර දකින්න පුළුවන් වෙන්නේ ඇලස්කාව කැනඩාව ග්‍රින්ලන්තය සහ අයිස්ලන්තය කියන ප්‍රදේශවලින්.දක්ෂිණ ධ්‍රැවය ආසන්නව ඉතා ජනාකීර්ණ ප්‍රදේශ නොමැති නිසා අවුරෝරා ඕස්ට්‍රාලිස් නිරීක්ෂණය වූ අවස්ථා නම් ඉතා අල්පයි.
සූර්ය උපරිමය ඒ කියන්නේ සූර්යයාගේ වසර 11ක සූර්ය චක්‍රය තුළ, විශාලතම සූර්ය ක්‍රියාකාරීත්වයෙන් නිරත කාලච්ඡේදයේදී මේ අවුරෝරා බහුල වශයෙන් දකින්නට පුළුවන්කම පෘථිවි වැසියන් ට ලැබෙනවා. අවුරෝරා හට ගන්නේ කොහොමද කියලා තාරකා විද්‍යාඥ සොයාගත්තත් අවුරෝරා හටගන්නේ කවදද කියන එක ගැන 100% ක් නිවැරදි අනාවැකි කියන්නට නම් මේ තාරකා විද්‍යාඥයින් තවමත් සමත් වෙලා නැහැ.
මෙ අවුරෝරා හැඩතල කීපයකින් නිරීක්ෂණය කරන්න පුළුවන් වගෙම විවිධ වර්ණ වලින් ද දිස් වෙනවා. අව්රෝරා නිරීක්ෂණය කරන්න අඳුරු අහසක් අවශ්‍ය නොවුනත් වර්ණ සහ ස්පන්දනය සියුම් ලෙස නිරීක්ෂණය කරන්න නම් ඔබ අඳුරු පරිසරයක් තෝරා ගත යුතු වනවා.
හැබැයි ඉතිං ලංකාවෙ ඉඳල නම් මේ අවුරෝරා නිරීකශනය කරන එක හීනයක්ම තමයි.
උල්කාපාත (Meteoroids)
ඕනෑම පැහැදිලි රාත්‍රියක ඔබට උල්කාපාත ගණනාවක් නිරීක්ෂණය කිරීමට පුළුවන්. නමුත් ඔබ බලා සිටින ප්‍රදේශය සහ කෝණය අනුව මේක වෙනස් වෙනවා. එකට අමතරව තව සාධක කිහිපයක් ඔබ දකින්න උල්කාපාත ප්‍රමාණය වෙනස් වීමට බලපානවා.
- පළවෙනි එක දවසේ වෙලාව. රාත්‍රියේදී උල්කාපාත ඔබට දකින්නට පුළුවන් වුණත් දිවාකාලයේදී උල්කාපාත දැකීමට ටිකක් අපහසුයි.
- දෙවැන්න කාලය. ඕනෙම වර්ෂයක ඇතැම් කාල වලට උල්කාපාත වැඩිපුර පතනය වීමක් පෙන්නුම් කරනවා. සාමාන්‍යයෙන් සැප්තැම්බර් මාසයේදී උල්කාපාත වැඩි ප්‍රමාණයක් ඔබට දකින්නට හැකියාව තියෙනවා.
- උල්කාපාත වර්ෂා සහිත කාළ. උදාහරණයක් විදිහට අගෝස්තු 10 සහ 16 අතර තියෙන පර්සයිඩ් උල්කාපාත වර්ෂාවේදී ඉතා විශාල උල්කාපාත ප්‍රමාණයක් දෛනිකව ඔබට නිරීක්ෂණය කිරීමේ හැකියාව තියෙනවා. මීට අමතරව ක්වඩ්‍රන්ටිඩ්, ලියෝනිඩ්ස් සහ ජෙමිනිඩ් වගේ උල්කාපාත වර්ෂා, වසරේ විවිධ කාලවල නිරීක්ෂණය කරන්න පුළුවන් උනත් පර්සෙයිඩ් උල්කාපාත වර්ෂාවේ දී පැයකට අඩුම තරමින් උල්කාපාත කිහිපයක් දැකීමට හැකියාව ඔබට ලැබෙනවා.
කෘතිම චන්ද්‍රිකා (Satellites)
පෘථිවිය වටා කක්ෂයේ මිනිසා විසින් සාදන ලද කෘතිම චන්ද්‍රිකා දස දහස් ගණනක් තිබෙනවා. ඇතැම් ඒවා පියවි ඇසින් දැකිය නොහැකි තරම් අඳුරුයි. කෙසේ නමුත් satellite tracker එකක් භාවිතා කරල ඔබට ඉහල අහසේ සෙමෙන් ඇදී යන ආලෝක තිත් ලෙස දිස්වන කෘතිම චන්ද්‍රිකා නිරීක්ෂණය කරන්නටත් පුළුවන්.
මන්දාකිණි (Galaxies)
විශ්වය සමන්විත වෙන්නේ මන්දාකිණි බිලියන ගණනකින්. ඔබ රාත්‍රියේදී අහස නිරීක්ෂණය කරනවා නම්, ඔබට පෙනෙන වස්තූන් සියල්ල ම පාහේ කුමක් හෝ මන්දාකිනියකට අයත් ඒවා බවට සැක නැහැ. නමුත් සාමාන්‍ය ආලෝකයක් සහිත පරිසරයකදී ඔබ අහස නිරීක්ෂණය කරන කොට ඔබට පෙනෙන වස්තූන් ගෙන් බොහොමයක් අයත් වන්නේ ක්ෂීරපථය ට.
ආලෝක වර්ශ ගණනාවක් ඈතින් තියෙන මන්දාකිණි ඔබට නිරීක්ෂණය කිරීම එතරම් පහසු නැහැ. කෙසේ වෙතත් ඒ අතරින් m31 කියලා හඳුන්වන, ක්ශීරපථයට ඉතා ආසන්න ඇන්ඩ්‍රොමීඩා මන්දාකිණිය ඉතා පහසුවෙන් රාත්‍රී අහසෙ නිරීක්ෂණය කරන්නට පුළුවන්.
මීට අමතරව විශාල මැගලන් වලාකුළ, කුඩා මැගලන් වලාකුල සහ m33 කියලා හඳුන්වන ට්‍රයිඇන්ගියුලම් කියන මංදාකිණියත් පළපුරුදු නිරීක්ෂයෙකුට නම් නිරීක්ෂණය කිරීමේ හැකියාව තියෙනවා.
තාරකා (Stars)
සාමාන්‍යයෙන් සියලුම තරු, කාලයත් සමඟ දීප්තියෙන් තරමක් වෙනස් වෙනවා. මෙම වෙනස්කම් බොහොමයක් නොවැදගත් වෙනවා සේම සමහර තරු දීප්තියෙන් සැලකිය යුතු ලෙස වෙනස් වනවා. පියවි ඇසින් දැකිය හැකි එවන් තාරකා කිහිපයක්ම රත්‍රිය අහසෙදි ඔබට නිරීක්ෂණය කරන්න පුළුවන්.
විචල්‍ය ආලෝකයන් සහිත මෙම තාරකා වර්ග දෙකක් අපට හඳුනා ගන්න පුළුවන්. නොවා සහ සුපර්නෝවා එම වර්ග දෙකයි. noah කියන තාරකා දිනක් හෝ දෙකක් තුළ දීප්තිය ඉතා වැඩි වෙලා ඊළඟ මාස කිහිපය තුළ දීප්තිය සෙමෙන් අඩුවෙනවා. සුපර්නෝවා තාරකා දින කිහිපයක කාලයක් තුළ දීප්තිය ඉතාමත් වැඩි වී ඊළඟ වසර කිහිපය තුළ දී දීප්ති සෙමෙන් සෙමෙන් අඩුවෙනවා. දීප්තිමත් suppanawa ඉතා දුර්ලභ වනවා.
පසුගිය වසර 400 පුරාවටම පෘථිවි වැසියන් ට පියවි ඇසින් දැක ගන්නට පුළුවන් කම ලැබුණේ සුපර්නෝවා තුනක් පමණයි. ඉන් පළමුවැන්න 1604 දීත් දෙවැන්න 1885 දී සහ අවසාන වශයෙන් 1987 වසරේ දී පෘථිවි වැසියන් ට මෙලෙසින් සුපර්නෝවා දිස් වුනා. නෝවා සහ සුපර්නෝවා ඇතිවීම අනපේක්ෂිත වනවා.
නෝවා සහ supernova වලට අමතරව, රාත්‍රියේ දිස්වන තාරකා වල වර්ණය පහසුවෙන් නිරීක්ෂණය කරන්නට පුළුවන්. එසේ දිස්වන වර්ණයෙන් තාරකාවේ උෂ්ණත්වය පිළිබඳව අදහසක් ගන්නට පුළුවන්. ශීතලම තාරකා රතු වර්ණයෙන් දිලිසෙනවා. අධික ලෙස උණුසුම් tharaka දිලිසෙන්නේ නිල් සහ සුදු වර්ණ වලින්. අතරමැදි උෂ්ණත්ව සහිත තාරකා රතු තැඹිලි කහ හෝ සුදු වර්ණ ලෙස දිස් වනවා.
නිහාරිකා (Nebulae)
නිහාරිකා කියලා හඳුන්වන්නේ මන්දාකිණියක තාරකා ඇතිවන ප්‍රදේශ. සමහර නිහාරිකා එය ආසන්නයෙන් තියෙන වෙනත් තාරකා වලින් ලැබෙන ආලෝකය පරාවර්තනය කරනවා. එවැනි නිහාරිකා බොහොමයක් පෘතුවියේ ඉඳලා පියවි ඇසින් දකින්නට හැකියාව තියෙනවා. උදාහරණ ලෙස,
- ඔරායන් නිහාරිකාව
- the pipe නිහාරිකාව
- දක්ෂිණ අර්ධ ගෝලයට පමණක් දිස්වන “ද කෝල් සැක්” කියන නිහාරිකාව
දක්වන්න පුළුවන්.
අපි මේ සඳහන් කළ, රාත්‍රී අහසේ පියවි ඇසින් දකින්නට පුළුවන් වස්තුන්, ඉතාමත් තියුණු සහ පැහැදිලිව නිරීක්ෂණය කිරීමට ඔබට දුරදක්න හෝ දුරේක්ෂ භාවිතා කරන්නට පුළුවන්. පියවි ඇසට යන්තම් පෙනෙන බොහෝ අඳුරු වස්තුන් දුරදක්නයකින් හෝ දුරේක්ෂයකින් නිරීක්ෂණ කරන විට අදාල වස්තුව පිළිබඳව බොහෝ විස්තර සොයා ගැනීමට දහ බලා ගැනීමට හැකියාව ලැබෙනවා.
මෙයට අමතරව දුරදක්න හෝ දුරේක්ෂ මගින් ඔබට දැකිය හැකි වස්තූන් ප්‍රමාණය ද වැඩි කරනවා. කොහොම වුණත් අප රාත්‍රී අහස නිරීක්ෂණය කිරීම සඳහා දුරේක්ෂයක් මිලදී ගැනීමට අදහස් කරනවා නම් ඒ ගැන දැනගත යුතු කාරණා රාශියක් තියෙනවා. උදාහරණයක් විදිහට ඔබට අවශ්‍ය වන්නේ රාත්‍රී අහසේ දිවන ග්‍රහලෝක සහ පෘථිවිය ආසන්නයෙන් යන වස්තූන් නිරීක්ෂණය කිරීමට නම් ඔබ ලබා ගත යුතු වන්නේ ඒ සඳහා සරිලන දුරේක්ෂයක්. නමුත් එම දුරේක්ෂයෙන් ඔබට මන්දාකිණි හෝ නිහාරිකා වැනි ඉතා ඈත පිහිටි වස්තූන් දැක දැකගැනීමේ හැකියාව ඉතා අඩුයි. ඒ සඳහා වෙනත් ආකාරයක දුරේක්ෂ භාවිතා කරනවා.
අපි විශ්වාස කරනවා ඔබට මේ ලිපියෙන් වැදගත් තොරතුරු රාශියක් පිළිබඳව අවබෝධයක් ලැබෙන්නට ඇති කියලා.
ඒ වගේම තමයි මේ වීඩියෝව ගැන ඔබට තව දැනගත යුතු දෙයක් තියෙනවා නම් පහත කමෙන්ට් section එකෙක් ඔබේ ප්‍රශ්නය යොමු කරන්න.
ඒ විතරක් නෙමෙයි මේ වීඩියෝවෙන් ඔබ ලබාගත් දැනුමෙන්, රාත්‍රී අහසෙ නිරීක්ෂණය කරන වස්තූන් ගේ විස්තර, අපිට කියන්නත් අමතක කරන්න එපා.
Source : http://websites.umich.edu/