Home Objects දුරේක්ෂයෙන් පෙනෙන සෞරග්‍රහ මණ්ඩලය Solar System through Telescope

දුරේක්ෂයෙන් පෙනෙන සෞරග්‍රහ මණ්ඩලය Solar System through Telescope

0

තරුඅහස එක්ක දිගටම එකතු වෙලා හිටපු ඔබට මතක ඇති මීට ටික කාලෙකට කලින් අපි ඔබ වෙත ගෙනාවා අපි විසින් දුරේක්ෂයකින් චන්ද්‍රයා නිරීක්ෂණය කරපු වීඩියෝවක්. මේ විදිහට ලොව පුරා විසිරිලා ඉන්න බොහෝ දෙනෙක් වරින් වර රාත්‍රී අහස පුරා දිස්වන විවිධ අභ්‍යවකාශ වස්තූන් නිරීක්ෂණය කරනවා.

රාත්‍රී අහස නිරීක්ෂණය කරන්නන්ට චන්ද්‍රයා කියන්නේ ඉතාමත් ඉක්මනින් සහ ලේසියෙන් නිරීක්ෂණය කළ හැකි අභ්‍යාවකාශ වස්තුවක්. ඊට පස්සේ රාත්‍රි අහසේ දීප්තිමත්ම  අභ්‍යවකාශ වස්තූන්ගෙන් කිහිපයක් වන සෙනසුරු සහ බ්‍රහස්පති ද මද වෙහෙසක් අරගෙන නිරීක්ෂණය කරන්නට පුළුවන්. රාත්‍රී අහස නිරීක්ෂණය කරලා මේ විදිහට තරු අහසින් අපි විසින් බ්‍රහස්පති සහ සෙනසුරු පිළිබඳව නිර්මාණය කරන ලද වීඩියෝවක් අපි ඉතා ඉක්මනින් ඔබ වෙතට ගෙන ඒමට කටයුතු සූදානම් කරලා තියෙනවා. 

මීට අමතරව අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ අනෙකුත් ග්‍රහලෝක වන අඟහරු, සිකුරු, බුධ, යුරේනස් සහ නෙප්චූන් වනි ග්‍රහලෝක දුරේක්ෂයක් ආධාරයෙන් නිරීක්ෂණය කරන එක යම්තාක් දුරකට අසීරු කටයුත්තක්. ඒ සඳහා විශාල කැප කිරීමක් සහ සැලකිය යුතු තරම් කාලයක් බලා සිටීමට සිදු වෙනවා.

තරු අහසින් අපි, අද හිතුවා ඔයාලා බොහෝ දෙනෙක් සෑහෙන්න කාළයක් බලාගෙන හිටපු වීඩියෝවක් ලබා දෙන්න.මේ වීඩියෝ නිර්මාණය කරලා තියෙන්නේ ලොව පුරා විසිරිලා ඉන්න ආධුනික තාරකා විද්‍යාඥයන්ගේ දුරේක්ෂ වලින් ලබාගත් සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක පිළිබඳ ව youtube වෙත මුදා හැරපු වීඩියෝ එකතු කරල. මේ වීඩියෝව ඉතා කෙටි එකක් වුණත් අපි කලින් කියපු විදියට රාත්‍රී අහසේ දීප්තිමත්ව දිදුලන චන්ද්‍රයා හැරුණු කොට අනෙකුත් ග්‍රහලෝක දුරේක්ෂයකින් නිරීක්ෂණය කිරීම සෑහෙන දුරට අසීරු කටයුත්තක්. ඇතැම් වෙලාවට මේ සඳහා ආධුනික තාරකා විද්‍යාඥයින්ට දින ගණන් හෝ සති ගණන් එහෙමත් නැත්නම් මාස ගණන් බලා සිටින්නට සිදුවෙනවා.

මෙම වීඩියෝවෙන් සූර්යයා, බුධ, සිකුරු, සඳ, අඟහරු, බ්‍රහස්පති, සෙනසුරු, යුරේනස් සහ නෙප්චූන් ඇතුළු සෞරග්‍රහ මණ්ඩලයේ සියලුම වස්තූන් පෙන්නුම් කෙරෙනවා. 

ඒවා සියල්ලම ආධුනික දුරේක්ෂය හරහා අධි විභේදන කැමරාවක පටිගත කර ගත් ඒවා වන අතරම බොහෝ පින්තූර සජීවී වීඩියෝ සහ සැකසූ පින්තූර වනවා.

Youtube.com

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version