Home Uncategorized නොවැම්බර් තරු අහස: 2025 දී අනිවාර්යයෙන්ම බලන්න ඕන සිදුවීම්!

නොවැම්බර් තරු අහස: 2025 දී අනිවාර්යයෙන්ම බලන්න ඕන සිදුවීම්!

0
Photo by Riste Spiroski on Pexels.com

2025 නොවැම්බර් මාසය අභ්‍යවකාශයට ආදරය කරන ඔබට නම් මඟහරින්න බැරි මාසයක්! 🤩 මෙන්න ඒ විශේෂ සිදුවීම් ටික සහ ඒවා සිදුවන දින. මේ ටික දින දර්ශනයේ මාර්ක් කරගන්න.

📅 නොවැම්බර් මාසයේ ප්‍රධාන තාරකා නිරීක්ෂණ සිදුවීම්

නොවැම්බර් 2 – 🪐 සඳ, සෙනසුරු, නෙප්චූන්
සඳ අහසේදී සෙනසුරුට (Saturn) සහ නෙප්චූන්ට (Neptune) සමීපව දිස්වේවි.

නොවැම්බර් 5 – 🌕 වසරේ විශාලතම පූර්ණ චන්ද්‍රයා
මෙය Supermoon එකක් නොවුණත්, මෙම වසරේදී සඳ පූර්ණ අවධියේදී පෘථිවියට වඩාත්ම සමීපව පිහිටන නිසා සාමාන්‍ය පසළොස්වක සඳකට වඩා විශාලව හා දීප්තිමත්ව දිස්වේවි.

නොවැම්බර් 10 – ♊ සඳ, ,පොලක්ස් බ්‍රහස්පති
සඳ මිථුන රාශියේ (Gemini) දීප්තිමත්ම තාරකාව වන පොලක්ස් (Pollux) සමඟත්, බ්‍රහස්පති (Jupiter) ග්‍රහයා සමඟත් සමීපව දර්ශනය වනු ඇත.

නොවැම්බර් 17 – 🌠 ලියොනිඩ් උල්කාපාත වර්ෂාව
ලියෝ තාරකා මණ්ඩලයේ සිට පැමිණෙන උල්කාපාත වර්ෂාවේ උපරිම ක්‍රියාකාරීත්වය මේ දිනයේදී දැකගත හැකියි. මේවා පැයකට උල්කාපාත 15ක් පමණ දැකගත හැකි මධ්‍යස්ථ වර්ෂාවකි.

නොවැම්බර් 21 – ♅ යුරේනස්
යුරේනස් (Uranus) ග්‍රහයා සූර්යයාට විරුද්ධ පැත්තේ පිහිටන නිසා, මුළු රාත්‍රිය පුරාම දීප්තිමත්ව දිස්වේ. කුඩා දුරේක්ෂයක් හෝ බයිනොකියුලර් (Binoculars) භාවිතා කර එය නිරීක්ෂණය කරන්න පුළුවන්.

මේ හැම සිදුවීමක්ම බලන්න අමතක කරන්න එපා! විශේෂයෙන්ම නොවැම්බර් 5 වැනිදා පසළොස්වක සඳ ඔබගේ කැමරාවට හසුකරගන්න හොඳම අවස්ථාවක්.

පරිසරය ආරක්‍ෂා කරමින්, අහස නිරීක්ෂණය කරමු! 💚

#SaveEarth #tharuahasa #SpaceEvents #November2025 #Supermoon

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version