Home Objects Comets & Asteroids සෞරග්‍රහ මණ්ඩලයට පැමිණෙන යෝධ වල්ගා තරුව

සෞරග්‍රහ මණ්ඩලයට පැමිණෙන යෝධ වල්ගා තරුව

0
2022 මාර්තු 28 වන දින හබල් අභ්‍යවකාශ දුරේක්ෂය මගින් ලබාගත් C/2014 UN271. wikipedia.org

අපේ සෞරග්‍රහ මණ්ඩලයේ පිටත මායිම මෙතෙක් හඳුනා නොගත්  අද්භූත වස්තූන්ගෙන් පිරිලා තියෙනවා. මේ වන විට ඉන් එකක් හිරු වෙත ගමන් කරමින් තිබෙනවා. තාරකා විද්‍යාඥයන්  විසින් සොයාගත් මේ කුඩා වස්තුව නැවත සූර්යයා වෙත පැමිණෙන්නේ වසර ලක්ෂ හයකට 6 ක තම කක්ෂය සම්පූර්ණ කිරීමෙන්  පසුව බව ගණනය කරලා තියෙනවා.

2014ත් 2018ත් අතර කාලේදි දෘශ්‍ය සහ අධෝරක්ත සමීක්ෂණයකින් (Dark Energy Survey / DES) ඉරේ ඉඳලා කිලෝමීටර බිලියන 4.3ක් පමණ දුරින්  හඳුනාගත්  මෙය නම් කරලා තියෙන්නේ 2014 UN271 ලෙස.

අභ්‍යවකාශ විද්‍යාඥයින් අනුමාන කරනවා මේක කිලෝමීටර් 100- 370 (සැතපුම් 60-230) අතර ප්‍රමාණයක වස්තුවක් කියලා. මේක වල්ගා තරුවක් නම් ඒක සෞරග්‍රහ මණ්ඩලයට පිටත ලෝකෙන් සෞරග්‍රහ මණ්ඩලය වෙත එන විශාල ම වල්ගතරු වලින් එකක් වෙනව.

2017 ඔක්තෝම්බර් මාසයේදී, Dark Energy Survey හි වර්ණ සංයුක්ත රූපය wikipedia.org

මේ ගණනය කිරීම් සියල්ල සාර්ථක නම් එය සමාන වනවා 1729 ජුනි 16 ඉඳලා දින 135ක් පුරාවට පෘථිවියේ ඉඳලා පියවි ඇසෙන් බලන්න බලන්න පුළුවන් වුන  Sarabat  වල්ගතරුවට. Sarabat කියන වල්ගතරුව තමයි එතරම් දීප්තිමත් නොවුනත් දැනට පෘථිවියට දිස්වූ ලොකුම වල්ගතරුව සහ ඕර්ට් cloud කියලා හඳුන්වන සෞරග්‍රහ මණ්ඩලයේ ඉඳලා කිලෝමීටර ට්‍රිලියන 30ක් පමණ දුරින් ඒ කියන්නේ ආලෝක වර්ශ 3.1625ක් වගේ දුරක තියෙන වාමන ග්‍රහලෝක පවතින කොටසෙනුත් එහා ඉඳලා  සෞරග්‍රහ මණ්ඩලය වෙත ආපු විශාලම වස්තුව වෙන්නෙ.

අපේ අමුත්තා පැත්තට අපි ආපහු හැරුනොත් මේ වන විට වඩාත්ම කුතුහලය දනවන කාරණාව වන්නේ මේ මේ 2014un 271 වස්තුවේ වස්තුව සූර්යයා වටා ඇති කක්ෂය. මේ වස්තුව වස්තුව කක්ෂය වසර දළ වශයෙන් ලක්ෂ හයක්. ඒ කියන්නෙ මෙ 2024un271 සූර්යයා වටා yana  තමන්ගෙ ගමන සම්පූර්ණ කරල ආයෙ  oort වලාකුළ වෙත යන්න ආසන්න වශයෙන්  අවුරුදු ලක්ෂ හයක් ගත වෙනවා .

2014UN271 දැනටමත් පසුගිය අවුරුදු හත තුළ අභ්‍යවකාශය එකක 7 ක් ගමන් karala තියෙනවා, 2031 දී එහි ආසන්නතම අවස්ථාව වන විට, එය සූර්යයාගේ ඉඳලා කිලෝමීටර බිලියන 1.5ක්  පමණ ආසන්නයට  ගමන් කරල 2031 ජනවාරි මාසේ 23 හෝ ආසන්න දිනයක සෙනසුරු කක්ෂයට ළඟා වෙනවා. 

අවාසනාවකට මේ වස්තුව පෘථිවි ඉඳලා පියවි ඇසින් නිරීක්ෂණය කරන්නට ටිකක් අමාරු වේවි. ගණනයන් වලට අනුව ඔවුන් පවසන්නේ රාත්‍රී අහසේ ප්ලූටෝ තරම් මෙය දීප්තිමත් වනු ඇති බව  වුණත් නිශ්චිතවම පවසන්න නම් තාම කාලි මදි කියල තමයි තාරකා විද්‍යාඥයින් මත පළ කරන්නේ . 

මේකෙන් පෘතුවියට බලපෑමක් තියෙනවද

නැහැ

මේක එන්නේ කොච්චර කාලෙකට සැරයක්ද

අවුරුදු ලක්ෂ හයකට සැරයක්

මේක පෘතුවියේ ඉඳලා බලන්න පුළුවන්ද

බැහැ

මේකෙ විශාලත්වය කීයද

කිලෝමීටර 100ක් විතර

Source:

Wikipedia.org

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version