ඕනෑම වෙලාවක ඕනෑම දෙයක් සිදුවෙන්න පුළුවන් මේ පෘථිවියේ, ෆිල්ම් වල තියනව වගේ එකපාරටම ගෙදරක කාමරයකට වහල කඩාගෙන උල්කාපාතයක් වැටුනොත් ඔබ මොකද හිතන්නේ. මීට වසරකට විතර කලින් එහෙම සිද්ධියක් වුණා. අද ලිපිය ඒ ගැන.
2023 මැයි 8 වෙනි සඳුදා සවස 5ට පමණ, ඇමෙරිකාවෙ නිව් ජර්සි හි හෝප්වෙල් නගරයේ නිදන කාමරයකට උල්කාපාතයක් කඩා වැටුණා. කිසිවකුටත් අලාභහානි හෝ ජීවිත අවදානමක් ඇති නොවුන මෙම සිද්ධියෙන් පස්සෙ කළ විද්‍යාත්මක විශ්ලේෂණයකින් මෙහෙම කඩාගෙන වැටුනේ උල්කාපාතයක් බවට තහවුරු වුණා.
Eta Aquarid උල්කාපාත වර්ෂාව අතරතුර නිව් ජර්සි පවුලක වහලය හරහා වැටී ඇති කළු පාෂාණය. (රූප ණය: හෝප්වෙල් නගර පොලිස් දෙපාර්තමේන්තුව)
Philadelphiaහි CBS News වලට අනුව, පොලිසියට මෙම අසාමාන්‍ය සිදුවීම මුලින්ම වාර්තා කළ විදිය අනුව, අභ්‍යවකාශ පාෂාණය වැටෙන අවස්ථව වන විට, නිව් ජර්සි හි Hopewell නගරයේ Suzy Kop ගේ නිවසේ කිසිවෙකු ඉඳල නැහැ. පස්වරු 5 ට පමණ පතිත වූ උල්කාපාතය වහලය හරහා කඩා වැටී කොප්ගේ පියාට අයත් නිදන කාමරයට වැටිලා තිබුණා. හානිය අනුව කරන ලද විනිශ්චයට අනුව, උල්කාපාතය බිම වැදී, යලි සිවිලිම තෙක් ඉහළ ගොස් වැදී, කාමරයක මුල්ලකට වැටී තිබුණා. මෙම ලෝහමය පාෂාණය අඟල් 4 සිට අඟල් 6 (සෙන්ටිමීටර 10 සිට 15 දක්වා) දක්වා විශාල වනවා.
“අපි හිතුවේ කවුරුහරි වහලට ගලක් ගහලා ඒ ගල, කාමරයට වැටිලා මේ විදියකට පැත්තකට විසි වෙලා තියෙනවා කියලා. මම ඒක ඇල්ලුවම මට ඉතා විශාල අධික රස්නයක් දැනුනා” කොප් CBS ප්‍රවෘත්ති වෙත තමන්ගේ අත්දැකීම විස්තර කරේ ඒ විදිහට.
මේ අභ්‍යවකාශ පාෂාණයේ මූලාරම්භය පිළිබඳව බලධාරීන් ඉක්මනින් පරීක්ෂණ පැවැත්වූවා. නමුත් ෆිලඩෙල්ෆියා හි ෆ්‍රෑන්ක්ලින් ආයතනයේ ප්‍රධාන තාරකා විද්‍යාඥ ඩෙරික් පිට්ස් CBS ප්‍රවෘත්ති සේවයට පැවසුවේ එය වසර බිලියන 4 සිට 5 දක්වා පැරණි වෙන්න පුළුවන් කියලා. මෙම උල්කාපාතය, දළ වශයෙන් සෑම වසරකම අප්‍රේල් 19 සහ මැයි 29 අතර සිදුවෙමින් පවතින Eta Aquarid (ඊටා ඇක්වාරිඩ්) උල්කාපාත වර්ෂාවේ කොටසක් වෙන්න පුළුවන් කියලා. ඒ වෙනකොට මැයි 5 සහ 6 පමණ එහි උච්චතම අවස්ථාවට ළඟා වෙලා තිබුණා. උල්කපාත වර්ෂාවේ උපරිම දිනවලදී, උල්කාපාත කඩා වැටීම් සිය ගණනක් ඇති කරන්න පුළුවන්.ඒවායින් බොහොමයක් වායුගෝලයේ දැවී යන උල්කාපාත වනවා. මෙම උල්කාපාත Halley’s වල්ගාතරුවෙන් ඉතිරි කරන ලද පාෂාණමය සුන්බුන් වන අතර, මේ වල්ගාතරුව NASA ආයතනයට අනුව සෑම වසර 75-79 කට වරක් පෘථිවියේ සිට දෘශ්‍යමාන වනවා.
අනතුරුව බ්‍රහස්පතින්දා (මැයි 11) විද්‍යාඥයන් විසින් මෙම පාෂාණය සැබවින්ම උල්කාපාතයක් බව තහවුරු කරන ලද අතර එය වසර බිලියන 4.6 ක් පැරණි පාෂාණයක් බවටද අනාවරණය කරගත්තාා.
උල්කාපාත සෑම විටම පෘථිවි වායුගෝලයට ඇතුළු වන නමුත් බොහෝමයක් පොළවෙහි ගැටීමට පෙර දැවී යනවා. ඉතාම විරල අවස්ථාවන්හිදී, ගොඩබිම් හෝ ගොඩනැගිලිවලට හානි කරනවා. උදාහරණයක් වශයෙන්, 2015 දී රාත්තල් 1.6 (ග්‍රෑම් 712) උල්කාපාතයක් උරුගුවේ සැන් කාලෝස් හි නිවසකට කඩා වැටී ඇඳක් සහ රූපවාහිනියක් විනාශ වූ සිද්ධිය දක්වන්න පුළුවන්. 2021 දී, බ්‍රිතාන්‍ය කොලොම්බියා කාන්තාවක් විශාල ශබ්දයකින් අවදි වූ අතර ඇගේ කොට්ට අතර අතක ප්‍රමාණයේ පාෂාණයක් සොයා ගත්තා. පසුව සොයාගත්තා එය උඩුගුවනේ දී පුපුරා ගිය උල්කාපාතයක කොටසක් කියලා. ඒ වගෙම 2022 නොවැම්බරයේදී, කැලිෆෝනියාවේ නිවසක් ගිනි ගැනීමට උල්කාපාතයක් කඩා වැටීමක් හේතු වන්නට ඇති කියලත් පරීක්ෂණවලින් පෙනී ගිහිල්ලා තියෙනවා .
කුඩා උල්කාපාත සම්බන්ධ සිද්ධි කීපයක් 2020 දී සුමාත්‍රා හි ද , 1982 දී කනෙක්ටිකට් හි ද, 2004 දී ඕක්ලන්ඩ් හි ද ගොඩනැගිලි හරහා කඩා වැටුණු අවස්ථා වාර්තා වෙලා තියෙනවා . වාසනාවකට මෙන්, මෙම සිදුවීම්වලින් කිසිවෙකුට තුවාල සිදුවෙලා නැහැ, උල්කාපාතයකට හසු වූ පුද්ගලයෙකුගේ එකම දන්නා උදාහරණය 1954 දී ඇලබාමා හි සිදු වුනා, රාත්තල් 8.5 (කිලෝග්‍රෑම් 3.8) අභ්‍යවකාශ උල්කාපාතයක් කාන්තාවකගේ නිවසට කඩා වැටී, ඇගේ ගුවන් විදුලියේ වැදී, අනතුරුව ඇගේ කකුලේ වැදී විශාල තැළීමක් ඇති කලා.
වැඩිම තුවාල ඇති කළ උල්කාපාත සිදුවීමෙන් පවා කිසිවකුට උල්කාපාතයේ සෘජු හානියක් සම්බන්ධ වෙන්නෙ නැහැ. 2013 පෙබරවාරි මාසයේදී, අඩි 59 (මීටර් 18) විශ්කම්භයෙන් යුත් උල්කාපාතයක් පෘථිවි වායුගෝලය හරහා ගොස් රුසියාවේ චෙල්යාබින්ස්ක් හරහා පුපුරා ගියා. එහි ප්‍රතිඵලයක් විදිහට ඇති වූ ශබ්ද සහ ශක්තිය නිසා ජනේල පිපිරී ගොස් ගොඩනැගිලිවලට හානි සිදු වූ අතර, විසි වී ගිය වීදුරු සහ සුන්බුන් හේතුවෙන් 1,600 කට වැඩි පිරිසක් තුවාල ලැබූ බව වාර්තා වී ඇති බව නාසා ආයතනය පවසනවා.
මීට කලින් අවස්ථා කිහිපයකදීම අපි කියලා තියෙනවා ඔබට Near Earth Asteroid පිළිබඳව සිදුකෙරෙන පරීක්ෂණයන් ගැන. වාසනාවකට වගේ විශාල ග්‍රාහකයන් පිළිබඳව, මෙම අධ්‍යයනයන්වලින් කල් තියා හඳුනාගන්න පුළුවන් උනාට තරමක් කුඩා ග්‍රාහක හඳුනාගැනීමේ හැකියාව පිළිබඳව නම් සතුටට පත්වන්නට බැහැ. මීට අවුරුදු විස්සකට තිහකට විතර කලින් කාලෙ මේ වගේ අධ්‍යයනයන් පවා තිබුණෙ නැහැ. ඒ වගේම ඉදිරි තාක්ෂණයේ දියුණුවත් සමඟ මේ වගේ අධ්‍යයනයන්වලින් හඳුනාගන්න පුළුවන් ග්‍රාහක වලින් පෘථිවිය ආරක්ෂා කර ගැනීමට තාරකා විද්‍යාඥයන්ට හැකියාව ලැබෙනු ඇති බවට තරු අහසින් අපි විශ්වාස කරනවා
Livescience.com
https://www.space.com/meteorite-strike-new-jersey-house-confirmed
https://www.space.com/meteorite-strikes-house-new-jersey-photos
