Home Objects Comets & Asteroids 1996 මැයි මාසයේදි රාත්‍රී අහස ඒකාලෝක කළ වල්ගාතරුව Hale-Bopp

1996 මැයි මාසයේදි රාත්‍රී අහස ඒකාලෝක කළ වල්ගාතරුව Hale-Bopp

0

අහස පිරික්සන ඕනෑම කෙනෙක්ගේ ඇස ගැටෙන මුල්ම වස්තුව වෙන්නේ හඳ ඒකට හේතුව තමයි හඳ ගොඩක් දීප්තිමත්ව රාත්‍රී අහසේ පායා දිලිසීම. හඳ වගේ ම වගේ ම තවත් දීප්තිමත්ව තරුවක් වගේ එකක් පායලා තිබුනොත්….. එහෙම දෙයක් වුනා 1995 අවුරුද්දෙ. 

විසිවන සියවසේ විශාල වශයෙන් නිරීක්ෂණයට ලක් වූ ලක්වූ සහ දශක කිහිපයකින් දර්ශනය වූ දීප්තිමත්ම වල්ගාතරුව වූ hale bopp ගේ වල්ගා තරුව කලින් හැඳින්වූනේ සී 1995 කෝ එක ලෙසිනි . මෙය වාර්තාගත මාස දහ අටක් පුරා පෘථිවියට දිස්වුනා.

Hale-Bopp comet is regarded as one of the most viewed comets in history. (Image credit: ESO/E. Slawik)

ඇලන් හේල් සහ තෝමස් බොප් 1995 ජුලි 23 වන දින හේල්-බොප් වල්ගා තරුව වෙන වෙනම සොයාගත්තේ එය පියවි ඇසට පෙනෙන්නට පෙරය. ඒ සෙනසුරු හා බ්‍රහස්පති අතර ප්‍රදේශයේ දීය. 

මෙම වල්ගා තරුව 1996 මැයි මාසයේදී පියවි ඇසට පෙනීමට පටන් ගත් අතර එම වර්ෂයේ අවසාන භාගයේ දී එහි දීප්තිය සහ වේගය සැලකිය යුතු ලෙස මන්දගාමී වූවද 1997 ජනවාරි මාසයේදී එය නැවත දර්ශනය වූ විට එය ආලෝකයෙන් දූෂිතම අහසක් ඇති නගරවල පවා දැක ගත හැකි වුනා. වල්ගා තරුව සූර්යයා වෙත ළඟා වෙත්ම එය දිගටම දීප්තිමත් වුනා. එම වසරේ මාර්තු 9 වැනි දින චීනයේ මොංගෝලියාවේ සහ නැගෙනහිර සයිබීරියාවේ සූර්යක් ග්‍රහනයක් සිදුවුනා. එමනිසා එම රටවල නිරීක්ෂකයන් ට දිවාකාලයේදී පවා වල්ගා තරුව නැරඹීමට අවස්ථාව ලැබුණා. සෑම රාත්‍රියකම අහස සම්පූර්ණයෙන්ම අඳුරු වීමට ප්‍රථම වල්ගතරුව හොඳින් දැක ගත හැකි වූ අතර hale bopp වල්ගා තරුව මුළු රාත්‍රියම  උතුරු අර්ධ ගෝල නිරීක්ෂකයන් ට දැකගත හැකි වුණා.

Source :

All Space 

Charles Kiesel

Zack In A Box

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version