Home News & Discoveries බ්‍රහස්පතිගේ අවුරෝරා Jupiter’s Auroras

බ්‍රහස්පතිගේ අවුරෝරා Jupiter’s Auroras

0

රාත්‍රී අහසේ ධ්‍රැව ආසන්න ප්‍රදේශවල දර්ශනය වන ආලෝක තත්වයන් නැත්නම් අව්රෝරා තත්වයන් පිළිබඳව මීට ටික දවසකට කලින් අපි වීඩියෝවක් ඔබ වෙත ගෙන ආවා. අද මේ අද වීඩියෝවෙන් අපි උත්සාහ කරන්නේ බ්‍රහස්පති මත ඇතිවන අවුරෝරා පිළිබඳව ඔබට සරල විස්තරයක් ගෙන එන්න.

බ්‍රහස්පතිගේ අවුරෝරා (NBC News)

පෘථිවියේ ඉතා ඉහළ අක්ෂාංශවල සිටින මිනිසුන් සමහර විට උතුරු හෝ දක්ෂිණ ආලෝකය ලෙස නැත්නම්  අවුරෝරා ලෙස හඳුන්වන දර්ශනීය ආලෝක සංදර්ශනක් රසවිඳින බව අපි කලින් වීඩියෝවෙදි කිව්ව ඔබට මතක ඇති .

කෙසේ වෙතත් අපේ ග්‍රහලෝකය, මෙවන් අවුරෝරා අත්විඳින එකම ලෝකය නොවන බවට, තාරකා විද්‍යාඥයන් පසුගිය දශක කිහිපය තුල සොයා ගත්තා. තාරකා විද්‍යාඥයින්ගේ වැඩිදුර අධ්‍යනයන් වලින් පාරජම්බුල කිරණ සහ එක්ස් කිරණ ස්වරූපයෙන් දර්ශන වන බ්‍රහස්පති ග්‍රහයා මත අධි ශක්ති අවුරෝරා නිරීක්ෂණය කරන්නට ඔවුන්ට හැකියාව ලැබුණා.

NASA හි චන්ද්‍රා x-කිරණ නිරීක්ෂණාගාරයේ සහ ESA හි xmm-newton හි දත්ත භාවිතා කරන නව අධ්‍යයනයකින් පෙන්නුම් කරන්නේ බ්‍රහස්පති ග්‍රහයා මත ඇති වන Aurora පෘථිවියේ ඇති ඒවාට වඩා සැලකිය යුතු ලෙස වෙනස් බවයි.

මෙය අධ්‍යනයන් තුලින් බ්‍රහස්පති ග්‍රහයාගේ අවුරෝරා උත්තර සහ දක්ෂිණ ධ්‍රැවයෙන් තුළ  එකිනෙකාගෙන් ස්වාධීනව හැසිරෙන බව විද්‍යාඥයන් සොයාගත්තා. 

Aurora පිළිබඳ පර්යේෂකයන් චන්ද්‍රා x-කිරණ නිරීක්ෂණාගාරයේ සහ xmm-newton වෙතින් නවතම සහ ඉදිරියට එන x-කිරණ දත්ත දැනට ග්‍රහලෝකය වටා කක්ෂයේ පවතින NASA හි Juno මෙහෙයුමේ තොරතුරු සමඟ ඒකාබද්ධ කිරීමට සැලසුම් කරනව.  මීට හේතුව වෙන්නේ  බ්‍රහස්පති මත  ඇතිවන අවුරෝරා පිළිබඳව තවදුරටත් විස්තර සොයාගැනීම, හරහා විශ්වයේ පවතින wenath වායු ග්‍රහලෝක පිළිබඳව අධ්‍යයනයන් පහසු කරවීමට තාරකා විද්‍යාඥයන්ට ඇති හැකියාව වර්ධනය කර ගැනීම.

බ්‍රහස්පතිගේ අවුරෝරා (European Space Agency)

විද්‍යාඥයින්ට ජූනෝ යානයේ දත්ත සහ එකවර නිරීක්ෂණය කරන ලද භෞතික වෙනස්කම් සමඟ එක්ස් කිරණ ක්‍රියාකාරකම් සම්බන්ධ කළ හැකි නම්, බ්‍රහස්පති අවුරෝරා උත්පාදනය කරන ක්‍රියාවලිය පිළිබඳව  වැඩිදුර තොරතුරු සොයා ගැනීමට  කිරීමට ඔවුන්ට හැකි වනු ඇත.

බ්‍රහස්පති ග්‍රහයාගේ චුම්භක ක්ෂේත්‍රය අංශුවලට x-කිරණ සෑදීමට අවශ්‍ය දැවැන්ත ශක්තීන් ලබා දෙන්නේ කෙසේද යන්න athulu මෙම නව එක්ස් කිරණ අධ්‍යයනයෙන් පිළිතුරු සෙවිය යුතු ප්‍රශ්න රාශියක් ඇත 

මෙම අධි ශක්ති අංශු, ජෝවියන් කාලගුණයට සහ එහි වායුගෝලයේ රසායනික සංයුතියකට බලපාන්නේද, බ්‍රහස්පතිගේ වායුගෝලයේ ඇතැම් ස්ථානවල දක්නට ලැබෙන අසාමාන්‍ය ලෙස ඉහළ giya උෂ්ණත්වයන් පැහැදිලි කළ හැකිද යන ගැටළු වලට චන්ද්‍රා xකිරණ නිරීක්ෂණාගාරය, ESA හි xmm-newton සහ Juno යන අභ්‍යාවකාශ යානා හා, නිරික්ශනාගාර මගින් ලැබෙන තොරතුරු වලින් පිළිතුරු සෙවිය හැකිද…..

Chandra X-ray Observatory

Smooth and Cool – Nico Staf

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version