Home Events Eta Carinae: The Great Eruption of a Massive Star

Eta Carinae: The Great Eruption of a Massive Star

0

අවුරුද්දකට ආසන්න කාලයක් තරු අහස සමග රැඳී ඉඳපු ඔබ සැමට බොහොම ස්තූතියි.

දැන් අපි අපේ වීඩියෝවේ මාතෘකාවට හැරෙමු. 

ඔබට මතක ඇති නිහාරිකාවක් යනු කුමක්ද කියලා වීඩියෝ එකක්. ඒ වීඩියෝවේ අපි කතා කරා නිහාරිකාවක් නැත්නම් nebula වක් හැදෙන්න කොහොමද, ඒවා ප්‍රධාන වර්ග කීයක් තියෙනවද වගේ කාරණා ගැන. එතනදි අපි කිව්වා සුපර්නෝවා අවශේෂ කියලා නිහාරිකා වර්ගයක් ගැන. අද මාතෘකාව වෙන මේ supernova අවශේෂ වලට සම්බන්ධ   කාරණාවක් .

වර්ෂ 1840 දී පමණ අහස දෙස බලපු ඇතැම් මිනිසුන් අමුතු දිස්නයක් සහිත අභ්‍යවකාශ වස්තුවක් නිරීක්ෂණය කළා. මේ සිදුවීම Eta Carinae නැත්නම්  Eta Car ලෙස හඳුන්වන 1840 ගණන්වල නිරීක්ෂණය කරන ලද “මහා පිපිරීම” ලෙස හැඳින්වෙන දීප්තිමත් හා අසාමාන්‍ය පිපිරීමක් ලෙස  ප්‍රසිද්ධියට පත් උනා.

(chandra.harvard.edu)

අද අපි ඔබ වෙත ගෙන එන සජීවිකරණ වීඩියෝවෙන් එම සිදුවීම ඉදිරිපත් කරන අතර එම පිපිරීමෙන් පසු ප්‍රතිඵලයක් ලෙස ඇති වන බහු තරංග ආයාම විමෝචන සහ වර්තමානයේ  Eta Car වටා ඇති ත්‍රිමාණ ව්‍යුහයන් පෙන්නුම් කරනවා.

ඔබ දැනටමත් දන්නවා දැවැන්ත තරු වල කිසියම් කාලයක් ගත වුවාට පසු විශාල පිපිරීම් ඇති වෙන බව. තාරකා විද්‍යාඥයන් නිරීක්ෂණය කරන ලද  දැවැන්තම තාරකාවන්ගෙන් එකක් වන Eta Car, මහා පිපිරුමේදී එහි ස්කන්ධයෙන් 10%ක් පමණ පිටකරමින්, එය වටා Homunculus Nebula නම් කුඩා නිහාරිකාවක් නිර්මාණය කළා.

මෙහිදී පිට කරන ලද ආලෝකයේ විවිධ තරංග ආයාමවලින් ගන්නා ලද ඡායාරූප මගෙන්  විවිධ ව්‍යුහයන් තාරකා විද්‍යාඥයන් හෙළි කර ගත්තා. ඒ සෑම එකක්ම Eta Car හි පිපිරීම් පිළිබඳ වැඩි විස්තර සපයන්නට සමත් වුණා.

universetoday.com

 තාරකා විද්‍යාඥයින් මෙම දැවැන්ත හා පුපුරා යන තාරකාවේ සමීප සහ පුළුල් දසුන් දෙකම නිර්මාණය කරන වීඩියෝව නිර්මාණය කිරීම සඳඑතන ආයතනයේ  නිරීක්ෂණ භාවිතා කලා. 

හබල් අභ්‍යවකාශ දුරේක්ෂය සහ චන්ද්‍රා එක්ස් කිරණ නිරීක්ෂණාගාරය මගින් ලබාගත් දෘෂ්‍ය, පාරජම්බුල සහ x-කිරණ ආලෝකය භාවිතයෙන් Eta Car අවට වායු සහ දූවිලි කැදලි ස්ථර මෙන්ම හයිඩ්‍රජන් ඇල්ෆා විමෝචන නිරීක්ෂණය කර තිබුණා.

ස්පිට්සර් අභ්‍යවකාශ දුරේක්ෂය Carina Nebulaවේ විශාල ඡායාරූපයක් ලබාගෙන තිබූ අතර, මෙම දෘශ්‍යකරණය NASA හි Universe of Learning හි AstroViz ව්‍යාපෘතිය මගින් ඉදිරිපත් කර තිබුණා.

Eta Car යනු දැවැන්ත තාරකාවල මියයන අවධියේ ඇති වන පිපිරීම් පිළිබඳ කැපී පෙනෙන උදාහරණයක් ලෙස තර්ක විද්‍යාඥයන් අතර අදටත් ප්‍රසිද්ධය.

Credits: J. Olmsted, D. Player, L. Hustak, A. Pagan, J. DePasquale, G. Bacon, F. Summers (STScI), R. Hurt (Caltech/IPAC), NASA, ESA

Images: A. Fujii, J. Morse (BoldlyGo Inst), N. Smith (U Arizona), Hubble SM4 ERO Team, NASA, ESA, STScI, JPL-Caltech, CXC, ESO, NOAO, AURA, NSF

Hubble Space Telescope

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version