Home Objects Moons Moon Shadows on Saturn

Moon Shadows on Saturn

0

අපි අද අරගෙන ආවේ බොහොම ආකර්ශනීය වීඩියෝවක්. මේ විඩියෝවෙන් පෙන්නුම් කරන්නේ සෙනසුරුගේ දුහුවිලි වළලු හරහා තමන්ගේ සෙවනැල්ල දර්ශනය කරමින් සෙනසුරු වටා කක්ෂ ගත වෙලා ගමන් කරන සෙනසුරුගේ චන්ද්‍රයන් හතර දෙනෙක් ගැන. 

සෙනසුරුගේ පුළුල් නමුත් ඉතා සිහින් වළලු සෑම පෘථිවි වසර පහළොවකට වරක් සූර්යයාට ලම්බක වෙනවා. ඒ කාල වල දී සෙනසුරුගේ ඇතැම් චන්ද්‍රයන්ගේ සෙවණැලි මේ වළලු හරහා බොහොම ආකර්ෂණයේ විදිYAට පේන්නට පටන් ගන්නවා.  

මෙම කාල රාමු වීඩියෝව තුලින් සෙනසුරුගේ මගින් මගින් මගින්චන්ද්‍රයන් වන එන්සෙලඩස්, මයිමස්, ඩයෝනි සහ teතිස් සෙනසුරුගේ වළලු සමඟ කක්ෂ ගත වන ආකාරය පෙන්නුම් කරනවා. මුලින්ම ගමන් කරන්නේ එන්සෙලඩස් චන්ද්‍රයා ඊළඟට මයිමස් චන්ද්‍රයා ඊට පිටුපසින් ගමන් කරනවා. මේ චන්ද්‍රයන් දෙදෙනාම සෙනසුරුගේ වළලු මත සැලකිය යුතු තරම් සෙවනැල්ලක් පෙන්නුම් කරනවා. ඊළඟට ඩයෝනි චන්ද්‍රයාද තමන්ගෙ සෙවනැල්ල මේ සෙනසුරුගේ වළලු මත තබනවා. අවසානයේ ටෙතිස් චන්ද්‍රයාද තමන්ගේ සෙවනැල්ලසෙනසුරුගෙ දුහුවිලි වළලු මත තබමින් ගමන් කරනව.

ඔබ මේ දකින කෙටි වීඩියෝව නිර්මාණය කරලා තියෙන්නෙ හබල් අභ්‍යවකාශ දුරේක්ෂය මගින්, වර්ෂය 1995 නොවැම්බර් මාසේ දාහත් වැනිදා දෙවන පුළුල් ක්ෂේත්‍ර ග්‍රහලෝක කැමරාව මගින් ලබාගත් පැය නමයක දර්ශන තුළින්.

Hubble Space Telescope : Moon Shadows on Saturn

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version