Home News & Discoveries බ්‍රහස්පතිගේ රතු සළකුණට මොකක්ද වෙන්නේ ?

බ්‍රහස්පතිගේ රතු සළකුණට මොකක්ද වෙන්නේ ?

0

බ්‍රහස්පති තමයි සෞරග්‍රහ මන්ඩලයේ විශාලම  ග්‍රහලෝකය . බ්‍රහස්පතිගේ ඉතිහාසය වසර බිලියන 4.5 ක් පුරාවට විහිදෙනවා. බ්‍රහස්පති හැදිල තියෙන්නෙ සූර්යයා වගේ තාරකාවක් නිර්‍මාණය වෙන්න අත්‍යවශ්‍ය කරන හයිඩ්‍රජන් සහ හීලියම් වැනි වායුන්ගෙන්ම උනත් බ්‍රහස්පතිට සූර්යයා වැනි  තරුවක් ලෙස නිර්මාණය වීමට තරම් විශාලත්වයක් නොතිබුන නිසා අත්‍යවශ්‍ය වායුන් තිබුණත් සූර්යයා මෙන් ගිනි ගැනීමකට ලක් වුණේ නැහැ. බ්‍රහස්පතිගේ බාහිර පෙනුම නැත්නම් ඒ මත ඇති වළාකුළු සහ විශාල රතු සලකුණ, බ්‍රහස්පතිගේ පෘෂ්ඨයේ  වායූන් සහ ද්‍රව ඇතිවන ප්‍රතික්‍රියා වල ප්‍රතිඵලයක්. 

මේ අතිවිශාල රතු සලකුණ කියන්නේ අතිශය බිහිසුණු විනාශකාරී කුණාටුවක්.  වේගය අඩාල කිරීමට භූමියක්  හෝ නොමැති  නිසා ශතවර්ෂ තුනකට වඩා පැවතුණණා. අපි කලින් වීඩියෝවල කිව්ව වගේ මේ කුණාටුව අධ්‍යනය කිරීම තුළින් විද්‍යාඥයා තේරුම් ගත්තා රතු සලකුණේ ප්‍රමාණය ටිකෙන් ටික අඩු වෙනවා කියලා. රතු සලකුණු ඇත්තටම වෙන්නේ හැකිලෙන එක සහ හැඩයෙන්  රවුම් වන එක. මේ හැකිලීමත් එක්ක කුණාටුවේ වේගය වැඩි වෙනවා කියලා ඔවුන් අධ්‍යනය කළා හිම මත ලිස්සන කෙනෙක් එක තැනක කැරකෙමින් විහිදා ඇති දෑත් හැකිළීමේදී වන්නෙත් මේ සිද්ධාන්තයමයි.

නමුත් තොරතුරු අධ්‍යයනය කිරීමෙන් පසු ඔවුන් තේරුම් ගත්තා මේ සුළගේ වේගයේ වැඩි වීමක් සිද්ධ වෙන්නේ  නැහැ සහ ඒ වෙනුවට කුණාටුවේ උස වැඩි වීමක් වෙනවා කියලා. මේ මැටි බඳුන නිෂ්පාදන ක්‍රියාවලිය බලන්න. මැටි බඳුන උඩට අදිනකොට  වටප්‍රමාණය අඩු වෙනවා. කලින් සම්පූර්ණ පෘථිවිය වගේ තුන් ගුණයක පමණ පළලක් මේ කුණාටුවට තිබුනත් දැන් තියෙන්නෙ එක පෘථිවියකට පමණ සමාන පලලක්. 

මේ අධ්යයනයන් සිදු කිරීමේදී නාසා ආයතනය විසින් අභ්‍යවකාශ ගතකළ වොයෙජර්, හබල් සහ juno යානාවලින් එවපු දත්ත විශ්ලේෂණය කළා. විද්‍යාඥයන් තවදුරටත් බ්‍රහස්පති ග්‍රහයාගේ රතු සලකුණ රහස් සොයමින් වැඩිදුරටත් තොරතුරු අධ්‍යයනය කරනවා. නාසා ආයතනයට අනුව වැඩි කාලයක් යන්න කලින් අපිට ඒ තොරතුරු දැනගන්න පුළුවන් වෙයි.

Source : 

NASA Goddard : Jupiter’s Great Red Spot Shrinks and Grows

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version