Home Exploration හබල් අභ්‍යාවකාශ දුරේක්ශය Hubble Space Telescope

හබල් අභ්‍යාවකාශ දුරේක්ශය Hubble Space Telescope

0
NASA/ESA Hubble Space Telescope entered a new era of science operations this week, when engineers shut down one of the three operational Gyroscopes aboard the observatory. The two-gyro mode is expected to preserve the operating life of the third gyro and extend Hubble's science observations through mid-2008, an eight-month extension. Backdropped by the horizon of the blue and white Earth and the blackness of space, the Hubble Space Telescope floats gracefully after the release from the Space Shuttle's robotic arm at the close of a successful servicing mission in March of 2002.

දුරේක්ෂයක් සඳහා මුලින්ම පේටන්ට් අයිතිය අයදුම් කරලා තියෙන්නෙ 1608 දී නෙදර්ලන්තයේ හෑන්ස් ලිපර්ෂේ කියන ඇස් කණ්නාඩි සදන පුද්ගලයා. ගැලිලියෝ ගැලිලි 1611දී කලින් කියපු දුරේක්ෂය සුළු සුළු වෙනස්කම් සහිතව පේටන්ට් අයදුම්පතට යලි ඉල්ලුම් කරනවා. අයිසැක් නිව්ටන්, ජොහැනස් කෙප්ලර්, ක්‍රිස්ටියන් හයිජන්ස්, ලෝරන්ට් කැසග්‍රේන් වගේ අභ්‍යවකාශ විද්‍යාඥයන් යම් යම් අවස්ථාවල දී මේ දුරේක්ෂයට විවිධාකාරයේ කොටස් එකතු කළා. මේ අයුරින් නිර්මාණය වෙලා නවීකරණය වෙච්ච දුරේක්ශ වලින් එකක් මේ වෙනකොට පෘථිවියට කිලෝමීටර 600ක් පමණ ඉහල අහසේ කක්ශගත වෙලා ගගන විද්‍යාව වෙනුවෙන් අනුපමේය මෙහෙයක් කරනවා. අපි අද කියන්න යන්නේ පෘථිවිය වෙනුවෙන් විශ්වය දෙස බලාගෙන ඉන්න මේ හබල් අභ්‍යවකාශ දුරේක්ෂය ගැන.

1990දී හබල් අභ්‍යාවකාශ දුරේක්ශය රැගෙන අභ්‍යාවකාශගත වන Discovery ශටලය

තාරකා  විද්‍යාඥ එඩ්වින් හබල්ගේ නමින් නම් කරපු මෙ හබල් දුරේක්ෂය අභ්‍යවකාශගත කරන්නෙ 1990දී discovery ශටලය විසින්. පෘථිවිය වටා යන තම ගමන මිනිත්තු 95.42 සම්පූර්ණ කර ගන්නා හබල් දුරේක්ෂය අභ්‍යවකාශගත කරන අවස්ථාවේදී කිලෝ කිලෝ 11,110ක් පමණ වුණා. දිගින් මීටර් 13.2  පළලින් මීටර් 4.2  වන හබල්  දුරේක්ශයේ ප්‍රධාන දුරේක්ෂයේ විශ්කම්භය අඩි 7 ක් වන අතර නාභිය දුර වෙන්නේ අඩි 189ක්.

වැසි වළාකුළු වායු වායුගෝලීය වෙනස්කම් හෝ ආලෝක දුෂණයක් නොමැතිවීම නිසා මෙය හබල් දුරේක්ෂයට පුළුවන් වෙනවා සෞරග්‍රහ මණ්ඩලයෙන් එපිට විශ්වය පවා පැහැදිලි නිරීක්ෂණයට වක් කරන්න. සෞරග්‍රහ මණ්ඩලයේ අනෙකුත් ග්‍රහලෝක ගැන තොරතුරක් රැස් කරන ගමන් සෞරග්‍රහමණ්ඩලයට එපිටින් පිහිටි ක්ෂීරපථයේ සහ  වෙනත් තාරකා සහ මන්දාකිණි පිළිබඳ තොරතුරු එක්රැස් කරන්න තාරකා විද්‍යාඥයන් හබල් දුරේක්ෂය පාවිච්චි කරනවා.

වසර තිහකට වැඩි හබල් දුරේක්ෂයේ ආයු කාලය තුළ අවස්ථා හතරකදී  පැරණි කොටස් වැඩිදියුණු කිරීමෙන් හෝ ප්‍රතිස්ථාපනය කිරීමෙන් නවිකරණ මෙහෙයුම් සිදු කරලා තියෙනවා. අවාසනාවකට මීට දින කිහිපයකට කලිනුත් හබල් දුරේක්ෂ  නවීකරණය කරන්න නාසා ආයතනය ගත් එවන් උත්සාහයක් අසාර්ථක වූ බවට නාසා ආයතනය නිවේදනය කළා.

හබල් දුරේක්ෂයට හඳුනාගන්නට පුළුවන් ආලෝක පරාසය වන්නේ පාරජම්බුල සිට ආසන්න අධොරක්ත කිරණ දක්වා වන අතර තම ජීවිත කාලය තුළ නිරීක්ෂණයන් මිලියන 1.4ක් පමණ සිදු කරලා තියෙනවා. මේ හරහා හබල් දුරෙක්ශය නව සොයාගැනීම් 18 දාහක් පමණ සිද්ධ කරලා තියෙනවා. 1993 අවුරුද්දේ සුප්‍රසිද්ධ  ෂූමාකර් ලෙවි වල්ගා තරුව බ්‍රහස්පති සමග ගැටීම, ප්ලෝටෝ ට අයත් උප ග්රහයන් සහ ගැනීම, ක්ෂීරපථයේ pur පුරා අලුත් තාරකා නිර්මාණය වන ස්ථාන හඳුනා ගැනීම වගේ නිරීක්ෂණයන් ඒ අතර ප්‍රධාන තැනක් ගන්නවා.ඒ විතරක් නෙවෙයි පෘතුවියේ ඉඳලා ආලෝක වර්ෂ බිලියන 13.4 කට වඩා දුරින් තියෙන මන්දාකිණි සහ කළු කුහර පිළිබඳව habal තම නිරීක්ෂණයන් දියත් කළා.

2021 අවුරුද්දේ නොවැම්බර් මාසේ ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය සෞරග්‍රහ මණ්ඩලයෙන් එපිට තියන ග්‍රහලෝක තරු මන්දාකිණි ගැන නිරීක්ෂණය කිරීමත් සමග තර්ක විද්‍යාවේ  නවමු මාවතක් විවර වේවි. එහෙත් හබල් අභ්‍යවකාශ දුරේක්ෂය සමස්ත  තාරකා විද්‍යාව වෙනුවෙන් කළ අනුපමේය සේවය සැමදා ඉතිහාසගත වී තිබේවි.

Source:

Wikipedia.org
J.W.Astronomy : Solar System through my Telescope
NASA Goddard : NASA’s Incredible Discovery Machine
NASA ScienceCasts : The Lasting Impacts of Comet Shoemaker-Levy 9ScienceAtNASA
ENDLESS 4K : NASA – Hubble telescope captured galaxies the Universe
mycompasstv : Hubble Deployment from Shuttle Cargo Bay – IMAX 3D
The Federal File : Deployment of the Hubble Space Telescope

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version