Home Objects සිකුරු ගැන කෙටියෙන් | Venus in Brief

සිකුරු ගැන කෙටියෙන් | Venus in Brief

0

රාත්‍රී අහස සඳට පස්සේ දීප්තිමත්ම වස්තුව වෙන්නේ සිකුරු. සිකුරුට කියන්න වෙනස් කියලා. ඒකට හේතුව තමයි, පුරාණ රෝම වැසියන්, මේ සිකුරුගෙ දීප්තිමත්  කමෙන් දැක්කෙ තමන්ගේ දෙවිවරුන්ගේ ඉන්න සුන්දරම දේවතාවියගේ ස්වරූපය. දුරට නම් කොච්චර ලස්සනට පෙනුනත් සිකුරු, මේ ලස්සනට යටින් සෞරග්‍රහමණ්ඩලයේ වෙනත් කිසිම ග්‍රහලෝකයකට වඩා කුණාටු සහ ගිනිගෙන දැවෙන භූමියක් සඟවාගෙන ඉන්නවා.

හිරුගෙ ඉඳලා කිලෝමීටර මිලියන 107ක් විතර දුරින් ඉන්න සිකුරුට පෘථිවියේ ඉඳලා දුර කිලෝමීටර මිලියන 218ක් විතර  වෙනවා. විශාලත්වයෙන් නම් සිකුරු සහ පෘථිවිය ඉතාමත් ආසන්න අගයන් ගන්නවා. යකඩ හරයක්, උණුසුම් ආවරණයක් සහ පාෂාණමය කබලක් සහිත සිකුරුගේ ව්‍යුහයත් බොහෝදුරට පෘථිවියේ ව්‍යුහයට සමානයි.

කොහොම වුණත් එවරස්ට් කන්ද තරම් විශාල වන මැක්ස්වෙල් මොන්ටෙස් කියන ගිනිකන්දත් ඇතුළුව, ගිනිකඳු දහස් ගණනකින් සිකුරුගේ මතුපිට සමන්විත වෙනව. ඒ විතරක් නෙමෙයි පැයට සැතපුම් 224 ක විතර වේගයකින් හමන සුළං සහිත ගිගුරුම් දෙමින් වසින සල්ෆියුරික් අම්ල වැසි සාහිත ඝන ස්ථර සහිත වායුගෝලයක් සිකුරුට තියෙනවා. මේ සුළඟේ වේගය පෘථිවියේ දී හමන කැටගරි 5 කියන කුණාටු ප්‍රභලත්වයට වඩා ප්‍රභලයි. 

ඝන වායුගෝලයේ පිහිටීම නිසා ඇතිවන පීඩනය  පෘථිවියේ සාගරයක සැතපුම් භාගයක් පමණ ගැඹුරට යන විට ඇතිවන පිටරට සමානයි. මේ පීඩනය සිකුරුගේ පෘෂ්ඨයේ සිට ගෙන සිටින මිනිසකු තලා දැමීමට තරම් ප්‍රභලයි. සිකුරුගේ වායුගෝලය කාබන්ඩයොක්සයිඩ් වගේ හරිතාගාර වායු වලින් සැදිලා තියෙනවා. මේ නිසා සිකුරු තුළ ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑම වගේ සිදුවීම් නිර්මාණ වෙන්නට පුළුවන්. මෙහිදී සිදුවෙන්නෙ කාබන්ඩයොක්සයිඩ් මගින් සූර්ය තාපය අවශෝෂණය  කරගනිමින් සිකුරු මතුපිට උෂ්ණත්වය පැරන්හයිට්  අංශක 880 ට වඩා ඉහළ යන එක. මෙය නිසා තමයි සිකුරු සෞරග්‍රහ මණ්ඩලයේ උණුසුම වැඩිම ග්‍රහයා බවට පත්වෙන්නේ.

ඒ විතරක් නෙමෙයි රාත්‍රී අහසේදී සඳට පසුව දීප්තියෙන් වැඩිම වස්තුව බවට සිකුරු පත්වෙන්නේ පත් වෙන්නේ මෙන්න මේ කාබන්ඩයොක්සයිඩ් සංසිද්ධිය නිසා. සිකුරු තමන් වෙත ලැබෙන ආලෝකයෙන් සියයට 70%ක් පමණ පරාවර්තනය කරනවා. මේ අනුව මේ උෂ්ණත්වය වැඩි වීම නිසාම සිකුරු ග්‍රහයාගේ පෘෂ්ඨය මතුපිට ජීවීන්ට වාසය කිරීමට සුදුසු පරිසරයක් නැහ. අඩුම තරමේ සිකුරු පෘෂ්ඨයේ දී  අභ්‍යවකාශ යානා වලට පවා නොනැසී පැවතීමට හැකියාවක් නැහැ. නමුත් විද්‍යාඥයන් විශ්වාස කරනවා සිකුරු ඇති ආරම්භයේ පටන් මේ විදිහට උෂ්ණත්වය අධිකව තිබුනෙ නැතුව ඇති කියලා. ඔවුන් විශ්වාස කරනවා දළ වශයෙන් අවුරුදු බිලියන 2.9 සිට අවුරුදු මිලියන 715 දක්වා කාලය අතරතුර සිකුරු ග්‍රහයාගේ ගෝලීය උෂ්ණත්වය අද පෘථිවියේ තියෙන උශ්ණත්වයට වඩා අංශක කිහිපයක් අඩුවෙන් තිබෙන්නට ඇති කියලා. 

කෙසේවෙතත් විද්‍යාඥයින් අතර මතයක් තියෙනවා සිකුරුගේ පෘෂ්ඨය නොගැඹුරු සාගර තිබිය හැකි බවත් එයට ජීවයට අවශ්‍ය තරම් ජලය රඳවා ගන්නට පුළුවන් බවත්. ඒ විතරක් නෙමෙයි අදටත් සිකුරුගේ වායුගෝලයෙහි ජීවයක් තියෙන්න පුළුවන් කියලා විද්‍යාඥයන් විශ්වාස කරනවා. සිකුරුගේ වළාකුළු වල සැතපුම් 30කට පමණ ඉහළින් උෂ්ණත්වය හා මතුපිට පීඩනය පෘථිවි පෘෂ්ඨයේ උෂ්ණත්වය හා පීඩනයට  සමාන වන අතර  පාරජම්බුල කිරණ අවශෝෂණය  කරන බව පෙනෙන අමුතු අඳුරු රේඛා ඔවුන්  නිරීක්ෂණය කරල තියෙනවා.

පෘථිවිය විසින් යැවූ මිනිසුන් රහිත අභ්‍යවකාශ යානා 40කට වැඩි ප්‍රමාණයක් සිකුරු වෙත මේ වෙද්දි ගමන් කරලා තියෙනවා. රුසියානු ඇමෙරිකානු ඇමරිකානු චීන සහ ජපානය අභ්‍යවකාශ යානා ඊට ඇතුළත්. කොහොම වුණත් වුණත් රාත්‍රී අහස දෙස බලද්දී දීප්තිමත්ම ග්‍රහලෝකය මොන සිකුරුගේ තවම බොහෝ රහස් තියනවා. 

Source :

Wikipedia.org
National geographic.

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version