Home News & Discoveries Alpha Centauri වෙත යමු

Alpha Centauri වෙත යමු

0

පෘථිවි වාසීන් ගේ මූලිකම ගුණාංගයක් තමයි කුතුහලය කියන එක. මේ කුතුහලය නිසාම තමන් ඉන්න ප්‍රදේශයට වඩා වෙනස් වූ, සුවිශේෂ වූ ප්‍රදේශ තියෙනවද කියලා අතීතයේ ඉඳලා අපේ මුතුන් මිත්තන් මිත්තෝ  විවිධ  වූ ගවේෂණ යන් වල නිරත වුණා. මින් ඇතැම් අය සමුදුරු තරණය කරමින් අක්ෂාංශ දේශාංශ හරහා යමින් අලුත් අලුත් ගොඩබිම් සොයන්න උත්සාහ කළා. marco polo, ක්‍රිස්ටෝපර් කොලොම්බස්, වස්කෝ de ගාමා, james cook වගේ ගවේෂකයෝ මේ අතරින් ප්‍රධාන තැනක් ගන්නවා. 

මේ ආකාරයටම, පෘථිවියේ ජීවත් වන වැසියන් පසුකාලයකදී පෘථිවියට අමතරව තවත් වෙනත් ග්‍රහ ලෝකවල හෝ නැත්නම් වෙනත් ග්‍රහ පද්ධති වල ජීවයක්  තිබේ දැයි සොයන්නට උත්සාහ කළා. තරුවක් අහස එක්ක දිගටම රැඳී සිටි ඔබ දන්නවා මේ වෙනකොට හබල් අභ්‍යවකාශ දුරේක්ෂය වගේ අභ්‍යවකාශයේ රඳවලා තියෙන  දුරේක්ෂ වලින් සහ පෘථිවියේ තියෙන trappist පද්ධතිය වගේ දුරේක්ෂ පද්ධති වලින් පද්ධතිවලින් අපි කලින් කියපු ආකාරයට විශ්වය පුරා ජීවීන් සිටින වා යැයි සිතිය හැකි ග්‍රහලෝක  පිළිබඳව නිරන්තරයෙන් ගවේෂණය කරනවා.

මෙයාකාරයට සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටත ජීවය සෙවීම සඳහා හොඳම ස්ථානවලින් එකක් වන්නේ ඇල්ෆා සෙන්ටෝරි කියලා හඳුන්වන  සෞරග්‍රහ මණ්ඩලයට ආලෝක වර්ෂ හතරක් පමණ ඈතින් නැතිනම් පෘථිවියේ සිට සැතපුම් ට්‍රිලියන 25 ක් පමණ දුරින් ඇති තාරකා තුනක් අඩංගු සූර්යයාට ආසන්නතම ග්‍රහ පද්ධතියයි.

නාසා හි චන්ද්‍රා එක්ස් කිරණ නිරීක්ෂණාගාරය විසින් දශකයකට වැඩි කාලයක් ඇල්ෆා සෙන්ටෝරි නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව කරන ලද නව අධ්‍යයනයකින් මේ ඇල්ෆා සෙන්ටෝරි කියලා හඳුන්වන තර්කා වේ එක් ප්‍රධාන අංගයක් ගැන තාරකා විද්‍යාඥයන් දිරිගන්වන සුළු තොරතුරක් සොයා ගත්තා. එයින් පෙන්නුම් කාලේ මේ පද්ධතිය පද්ධතියේ ඇති ඕනෑම ග්‍රහලෝකයක් ඇල්ෆා සෙන්ටෝරිහි දීප්තිමත්ම තාරකා දෙක වටා කක්ෂගත වන බවත් මේවා විශාල ප්‍රමාණයේ එක්ස්කිරණ මගින් තල්ලු නොවන බවත්‍ ය. 

ඇල්ෆා සෙන්ටෝරි තරු පද්ධතියට a සහ B ලෙස හැඳින්වෙන යුගලයක් ඇතුළත් වන අතර එය එකිනෙකට සාපේක්ෂව සමීපව කක්ෂ ගත වේ. මෙය තාරකා විද්‍යාඥයින් හඳුන්වන්නේ ඇල්ෆා සෙන්ටෝරි AB යුගල ළෙසිනි. මේ තරු තරු යුග්මයෙන් එන alfa sen  a යනු යන වයස ඇතුළුව සෑම ආකාරයකින් ම පාහේ අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ සූර්යයාට ඉතාමත් ආසන්න නිවුන් තාරකාවක් ලෙස හැඳින්විය හැකි තාරකාවකි. alpha සෙන් බී තරමක් කුඩා සහ අඳුර නමුත් මෙයද සූර්යයාට බෙහෙවින් සමාන වන අතර තුන්වන සාමාජිකයන් වන alfa sen c ප්‍රොක්සිමා  ලෙසද හැඳින්වෙනවා. මේ කියපු alfa sen සී, ඉතා කුඩා රතු වාමන තාරකාවක් වන අතරම එය, AB යුගලය වටා ඉතා විශාල දුරකින් වන කක්ෂයක ගමන් කරනවා. එම දුර පෘථිවියත් සූර්යයාත් අතර ඇති දුර ප්‍රමාණයට වඩා දස දහස් ගුණයකින් පමණ වැඩි අගයක්. ඒ අනුව මේ  alpha සෙන්ටෝරි තාරකා ත්‍රිත්වයෙන් පෘථිවියට ආසන්නම තාරකාව ලෙස ප්‍රොක්සිමා තාරකාව නම් කරන්නට පුළුවන්.

නාසා හි චන්ද්‍රා xකිරණ නිරීක්ෂණාගාරයේ දත්ත වලට අනුව alpha සෙන් නැත්නම් මේ ප්‍රොක්සිමා කියන තාරකාව වටා කක්ෂගත වූ ග්‍රහලෝකයක කිසියම් ආකාරයක ජීවයක් පැවතීම පිළිබඳව සාධනීය අපේක්ෂාවන් තියෙන්න පුළුවන්. නමුත් තාරකා විද්‍යාඥයන්ගේ අධ්‍යනයන්  වලට අනුව රතු වාමන තාරකාවක් විසින් නිරන්තරයෙන් ජීවීන්ගේ පැවැත්මකට අහිතකර x කිරණ ප්‍රවාහයන් නිකුත් කරන නිසා සැබවින්ම මේ ඇල්ෆා සෙන්ටෝරි තරකා ත්‍රිත්වයෙන් එකදු තාරකා පද්දතියක හෝ ජීවියක් පවතීදැයි සැබවින්ම ප්‍රශ්නාර්ථයක්!!

Chandra X-ray Observatory

Music : The Shining in Dubai – Unicorn Heads

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version