2M1207 extrasolar planetary System

විද්‍යාවේ දියුණුවත් එක්ක මානව ශිෂ්ටාචාරයේ විවිධ කඩඉම් පසු කරන්නට මිනිසා සමත් වෙනවා. රාත්‍රී අහසේ දිදුලන, ගැනිය නොහැකි තරම් වූ වස්තූන් අතරේය ඉතාමත් සුවිශේෂී ග්‍රහ වස්තූන් පිහිටා තිබෙනවා. මානව ශිෂ්ටාචාරයන් දියුණුවත් එක්ක මේ කලින් කියපු විවිධාකාරයේ වස්තූන් පිළිබඳව  තොරතුරු නිරන්තරයෙන් යවත්කාලීන වෙනවා. මෑත ඉතිහාසයේ සිදුවෙච්ච සුවිශේෂීම කාරණාවක් ගැන තමයි අද අපේ තරු අහසින් වීඩියෝවෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි යන කතා අද කතා කරන්න බලාපොරොත්තු වෙන 2M1207 කියන ග්‍රහ පද්ධතියේ තියෙන  සුවිශේෂීතාවය වන්නේ පෘථිවියේ ඉඳලා බාහිර සෞරග්‍රහ මණ්ඩලයක ඡායාරූපයක් ගත්ත පළවෙනි අවස්ථාව අවස්තාව මෙය වීම නිසා.

European Southern නිරීක්ෂණාගාරයේ 2004 දී ගන්නා ලද 2M1207 අධෝරක්ත ඡායාරූපය (නිල් පැහැති) සහ පරිවාර ග්‍රහලෝක (ය) 2M1207b (රතු පැහැය).

2M1207 යනු සෙන්ටෝරස් තාරකා මණ්ඩලයේ පිහිටා ඇති දුඹුරු වාමන තරුවක්. වර්ෂ 2004 දී ඡායාරූප ගත කරන ලද මේ දුඹුරු වාමන තරුවත්, එය වට කරකැවෙමින් පවතින 2M1207b කියන පරිවාර ග්‍රහලෝකයත්  තමයි අද අපේ කතාවෙ මාතෘකාව වෙන්නේ. යුරෝපානු අභ්‍යවකාශ ඒජන්සි ට අයත් 2MASS අධොරක්ත සමීක්ෂණය අතරතුර එක තමයි මේ කියපු ග්‍රහ පද්ධතියේ සොයාගන්නේ. 2M1207 කියන තාරකාව තවමත් තිබෙන්නේ තාරකාවේ ඉතාමත් තරුණ වයසෙ වන අතර මෙම රතු වාමන තාරකාව,  බ්‍රහස්පති වගේ ස්කන්ධයෙන් විසි පස් ගුණයක් පමණ වන බවට ගලන ගණන ගණනය කරලා තියෙනවා. 

තවමත් රතු පැහැයෙන් දිදුලන 2M1207B නමින් හඳුන්වන පෙර කී රතු වාමන තාරකා වටා පරිභ්‍රමණය වෙමින් පවතින ග්‍රහ ලෝකය බොහෝ දුරට බ්‍රහස්පති වගේ තුනත් දහයත් අතර ස්කන්ධයකින් සමන්විත වෙනවා කියලා තමයි දැනට සොයාගෙන තියෙන්නේ. කාලය ගත වෙත්ම මේ රතු පැහැයෙන් දිදුලන ග්‍රහලෝකය ඉදිරි වසර බිලියන කිහිපය ඇතුළත බ්‍රහස්පතිට වඩා කුඩා ග්‍රහලෝකයක් බවට පත්වනු ඇති.

මූලික නිරීක්ෂණ වලදී පෘථිවියේ සිට මේ රතු වාමන තරුව ට දුර ආසන්න වශයෙන් parsecs හැත්තෑවක් එනම් ආලෝක වර්ෂ 230 ක පමණ දුරක් ඇති බවට ගණනය කලත් වර්ෂ 2005 දෙසැම්බර් මාසයේදී මාසයේ දී ඇමරිකානු ජාතික තාරකා විද්‍යාඥය එරික් මර්මජෙක් විසින් කරන ලද ගණනයන් වලට අනුව පෘථිවියේ සිට මෙම තරුවට දුර ආසන්න වශයෙන් ආලෝක වර්ෂ 180ක් පමණ වන බවට ගණනය කෙරුණා. අනතුරුව සිදු කෙරෙන තවත් අධ්යයනයන් කිරීම්වලින් පසුව පෘථුවියේ සිට මෙම තාරකාවට දුර ආසන්න වශයෙන් ආලෝක වර්ෂය 172 පමණ වන බවට තීරණය කෙරුණා.

බොහෝ රතු වාමන තාරකාවන් වගේම, මෙම තාරකාවත් වායු සහ දුහුවිලි වලින් සමන්විත තැටිය වලින් වට වී තිබෙනවා. මේ වායු සහ දුහුවිලි දුහුවිලි පසුව රතු වාමන තාරකාවට එකතු වෙනවා. මුලින් එවැනි තැටියක් ඇති බවට සැක කෙරෙන අත් කෙරුනත් පසුව කරන ලද පාරජම්බුල වර්ණාවලීක්ෂ පරීක්ෂණ වලින් මේ arakawa සතුව එවන් දුහුවිලි සහ වායු වලින් සමන්විත තැටි තිබෙන බවට  තහවුරු වුණා.

වර්ෂ 2007 අප්‍රේල් මස නිකුත් කෙරුණු astrophysical journal හි වාර්තාවක් මගින් පෙන්වා දෙන්නේ මෙම දුඹුරු වාමනයා එහි ධ්‍රැව වලින් යම් යම් අපද්‍රව්‍ය පිට කරන බවයි. පසුව යුරෝපානු අභ්‍යවකාශ ඒජන්සියේ පිහිටි පෙරලා ටෙලස්කෝප් නැත්නම් ඉතා විශාල දුරේක්ෂය භාවිතා කරමින් මෙම අපද්‍රව්‍ය පිට කරන ආකාරය නිරීක්ෂණය කර තිබුණා. ඇතැම් වාර්තා වලට අනුව එකී දුඹුරු වාමන තාරකාවේ අපද්‍රව්‍ය, තත්පරයට කිලෝමීටර කිහිපයක පමණ වේගයකින්, කිලෝමීටර ට්‍රිලියනයක් පමණ තරම් ඈතට ඇදී යන බවට පෙන්වා දී තිබෙනවා.

Source : 

Wikipedia.org
Eso.org
Openexoplanetcatalogue.com

spot_imgspot_img

Subscribe

Related articles

නොවැම්බර් තරු අහස: 2025 දී අනිවාර්යයෙන්ම බලන්න ඕන සිදුවීම්!

2025 නොවැම්බර් මාසය අභ්‍යවකාශයට ආදරය කරන ඔබට නම් මඟහරින්න...

අඟහරුට මාස ගණන් නෑ! දවස් 30න් යන්න රුසියාවෙන් ප්ලාස්මා රොකට් එන්ජිමක්

අභ්‍යවකාශ ගමන් ගැන අලුතෙන්ම කතාබහට ලක්වෙලා තියෙන්නේ රුසියාවෙන් එන ආන්දෝලනාත්මක පුවතක්. ඒ තමයි, ඔවුන් විසින් නිපදවූ ප්ලාස්මා රොකට් එන්ජින් (Plasma Rocket Engine) මඟින්, අඟහරු ග්‍රහයා වෙතට යන ගමන මාස 7-9ක කාලයකින් දවස් 30ක් වැනි කෙටි කාලයකට අඩු කරන්න පුළුවන් කියන එක.

අභ්‍යවකාශයේ අමුත්තා: C/2025 A6 (Lemmon) ධූමකේතුව

තාරකා විද්‍යා ලෝලීන්ට මේ ඔක්තෝබර් මාසයේ අහස දෙස බලා සිටීමට අපූරු හේතුවක් ලැබී තිබේ. ඒ, දීප්තිමත් ලෙස බැබළෙන C/2025 A6 (Lemmon) ධූමකේතුව යි. මුලින් අපේක්ෂා කළාට වඩා බොහෝ සෙයින් දීප්තිමත් වී ඇති මෙම වල්ගා තරුව, වසර දහසකටත් අධික කාලයකට පසු අපේ සෞරග්‍රහ මණ්ඩලයට පැමිණෙන "එක ජීවිත කාලයකට වරක්" පමණක් දැකිය හැකි අසිරිමත් දසුනක් වනු ඇත.

ග්‍රාහක චන්ද්‍රයන්: අභ්‍යවකාශයේ අත්භූත වස්තූ

විශාල ග්‍රහලෝකවලට චන්ද්‍රයන් සිටිනවා වගේම, සමහර ග්‍රාහකවලටත් ඒවාටම අයිති කුඩා චන්ද්‍රයන් සිටිනවා. මේවා ග්‍රාහක චන්ද්‍රයන් (asteroid moons) ලෙස හැඳින්වෙනවා. සාමාන්‍යයෙන් ග්‍රාහකයක් තවත් ග්‍රාහකයක් හා ගැටීමෙන් පසුව ඇතිවන සුන්බුන් කොටස්, මව් ග්‍රාහකයේ ගුරුත්වාකර්ෂණ බලයට හසුවීම නිසා මේ කුඩා චන්ද්‍රයන් නිර්මාණය වෙනවා. සමහර වෙලාවට එක ග්‍රාහකයකට චන්ද්‍රයන් එකකට වඩා වැඩි ගණනක් පවා තිබෙන්න පුළුවන්. මේ චන්ද්‍රයන්, මව් ග්‍රාහකය වටා ගමන් කරන්නේ පුදුම සහගත ආකාරයටයි. ඒවා නියමිත කක්ෂයකට වඩා, එකට එකතු වී අභ්‍යවකාශය හරහා ගමන් කරන අමුතුම යුගල ලෙස හැසිරෙනවා. මෙයට හොඳම උදාහරණයක් තමයි ඉඩා (Ida) සහ එහි කුඩා චන්ද්‍රයා වන ඩැක්ටිල් (Dactyl). නාසා ආයතනයේ ගැලීලියෝ අභ්‍යවකාශ යානය විසින් සොයාගත් මෙම ග්‍රාහක-චන්ද්‍ර යුගලය, මේ ආකාරයේ පද්ධතියක් ගැන විද්‍යාඥයන්ට මුලින්ම අවබෝධයක් ලබා දුන්නා.

2024 YR4 උල්කාපාතය පෘථිවිය මත බලපෑමෙන් වෙන්න පුළුවන් නරකම දේවල්

2024 YR4 ග්‍රහකය 2032 දෙසැම්බර් 22 වන දින පෘථිවිය හා ගැටෙන්නේ නම්, එහි ප්‍රමාණය, වේගය, ඇතුල් වීමේ කෝණය සහ බලපෑමේ ස්ථානය ඇතුළු සාධක කිහිපයක් මත බලපෑමේ බරපතලකම රඳා පවතිනවා. වත්මන් ඇස්තමේන්තු මත පදනම්ව නරකම අවස්ථාව ගවේෂණය කළොත්...
spot_imgspot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here