2M1207 extrasolar planetary System

විද්‍යාවේ දියුණුවත් එක්ක මානව ශිෂ්ටාචාරයේ විවිධ කඩඉම් පසු කරන්නට මිනිසා සමත් වෙනවා. රාත්‍රී අහසේ දිදුලන, ගැනිය නොහැකි තරම් වූ වස්තූන් අතරේය ඉතාමත් සුවිශේෂී ග්‍රහ වස්තූන් පිහිටා තිබෙනවා. මානව ශිෂ්ටාචාරයන් දියුණුවත් එක්ක මේ කලින් කියපු විවිධාකාරයේ වස්තූන් පිළිබඳව  තොරතුරු නිරන්තරයෙන් යවත්කාලීන වෙනවා. මෑත ඉතිහාසයේ සිදුවෙච්ච සුවිශේෂීම කාරණාවක් ගැන තමයි අද අපේ තරු අහසින් වීඩියෝවෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි යන කතා අද කතා කරන්න බලාපොරොත්තු වෙන 2M1207 කියන ග්‍රහ පද්ධතියේ තියෙන  සුවිශේෂීතාවය වන්නේ පෘථිවියේ ඉඳලා බාහිර සෞරග්‍රහ මණ්ඩලයක ඡායාරූපයක් ගත්ත පළවෙනි අවස්ථාව අවස්තාව මෙය වීම නිසා.

European Southern නිරීක්ෂණාගාරයේ 2004 දී ගන්නා ලද 2M1207 අධෝරක්ත ඡායාරූපය (නිල් පැහැති) සහ පරිවාර ග්‍රහලෝක (ය) 2M1207b (රතු පැහැය).

2M1207 යනු සෙන්ටෝරස් තාරකා මණ්ඩලයේ පිහිටා ඇති දුඹුරු වාමන තරුවක්. වර්ෂ 2004 දී ඡායාරූප ගත කරන ලද මේ දුඹුරු වාමන තරුවත්, එය වට කරකැවෙමින් පවතින 2M1207b කියන පරිවාර ග්‍රහලෝකයත්  තමයි අද අපේ කතාවෙ මාතෘකාව වෙන්නේ. යුරෝපානු අභ්‍යවකාශ ඒජන්සි ට අයත් 2MASS අධොරක්ත සමීක්ෂණය අතරතුර එක තමයි මේ කියපු ග්‍රහ පද්ධතියේ සොයාගන්නේ. 2M1207 කියන තාරකාව තවමත් තිබෙන්නේ තාරකාවේ ඉතාමත් තරුණ වයසෙ වන අතර මෙම රතු වාමන තාරකාව,  බ්‍රහස්පති වගේ ස්කන්ධයෙන් විසි පස් ගුණයක් පමණ වන බවට ගලන ගණන ගණනය කරලා තියෙනවා. 

තවමත් රතු පැහැයෙන් දිදුලන 2M1207B නමින් හඳුන්වන පෙර කී රතු වාමන තාරකා වටා පරිභ්‍රමණය වෙමින් පවතින ග්‍රහ ලෝකය බොහෝ දුරට බ්‍රහස්පති වගේ තුනත් දහයත් අතර ස්කන්ධයකින් සමන්විත වෙනවා කියලා තමයි දැනට සොයාගෙන තියෙන්නේ. කාලය ගත වෙත්ම මේ රතු පැහැයෙන් දිදුලන ග්‍රහලෝකය ඉදිරි වසර බිලියන කිහිපය ඇතුළත බ්‍රහස්පතිට වඩා කුඩා ග්‍රහලෝකයක් බවට පත්වනු ඇති.

මූලික නිරීක්ෂණ වලදී පෘථිවියේ සිට මේ රතු වාමන තරුව ට දුර ආසන්න වශයෙන් parsecs හැත්තෑවක් එනම් ආලෝක වර්ෂ 230 ක පමණ දුරක් ඇති බවට ගණනය කලත් වර්ෂ 2005 දෙසැම්බර් මාසයේදී මාසයේ දී ඇමරිකානු ජාතික තාරකා විද්‍යාඥය එරික් මර්මජෙක් විසින් කරන ලද ගණනයන් වලට අනුව පෘථිවියේ සිට මෙම තරුවට දුර ආසන්න වශයෙන් ආලෝක වර්ෂ 180ක් පමණ වන බවට ගණනය කෙරුණා. අනතුරුව සිදු කෙරෙන තවත් අධ්යයනයන් කිරීම්වලින් පසුව පෘථුවියේ සිට මෙම තාරකාවට දුර ආසන්න වශයෙන් ආලෝක වර්ෂය 172 පමණ වන බවට තීරණය කෙරුණා.

බොහෝ රතු වාමන තාරකාවන් වගේම, මෙම තාරකාවත් වායු සහ දුහුවිලි වලින් සමන්විත තැටිය වලින් වට වී තිබෙනවා. මේ වායු සහ දුහුවිලි දුහුවිලි පසුව රතු වාමන තාරකාවට එකතු වෙනවා. මුලින් එවැනි තැටියක් ඇති බවට සැක කෙරෙන අත් කෙරුනත් පසුව කරන ලද පාරජම්බුල වර්ණාවලීක්ෂ පරීක්ෂණ වලින් මේ arakawa සතුව එවන් දුහුවිලි සහ වායු වලින් සමන්විත තැටි තිබෙන බවට  තහවුරු වුණා.

වර්ෂ 2007 අප්‍රේල් මස නිකුත් කෙරුණු astrophysical journal හි වාර්තාවක් මගින් පෙන්වා දෙන්නේ මෙම දුඹුරු වාමනයා එහි ධ්‍රැව වලින් යම් යම් අපද්‍රව්‍ය පිට කරන බවයි. පසුව යුරෝපානු අභ්‍යවකාශ ඒජන්සියේ පිහිටි පෙරලා ටෙලස්කෝප් නැත්නම් ඉතා විශාල දුරේක්ෂය භාවිතා කරමින් මෙම අපද්‍රව්‍ය පිට කරන ආකාරය නිරීක්ෂණය කර තිබුණා. ඇතැම් වාර්තා වලට අනුව එකී දුඹුරු වාමන තාරකාවේ අපද්‍රව්‍ය, තත්පරයට කිලෝමීටර කිහිපයක පමණ වේගයකින්, කිලෝමීටර ට්‍රිලියනයක් පමණ තරම් ඈතට ඇදී යන බවට පෙන්වා දී තිබෙනවා.

Source : 

Wikipedia.org
Eso.org
Openexoplanetcatalogue.com

spot_imgspot_img

Subscribe

Related articles

2024 YR4 උල්කාපාතය පෘථිවිය මත බලපෑමෙන් වෙන්න පුළුවන් නරකම දේවල්

2024 YR4 ග්‍රහකය 2032 දෙසැම්බර් 22 වන දින පෘථිවිය හා ගැටෙන්නේ නම්, එහි ප්‍රමාණය, වේගය, ඇතුල් වීමේ කෝණය සහ බලපෑමේ ස්ථානය ඇතුළු සාධක කිහිපයක් මත බලපෑමේ බරපතලකම රඳා පවතිනවා. වත්මන් ඇස්තමේන්තු මත පදනම්ව නරකම අවස්ථාව ගවේෂණය කළොත්...

ජේම්ස් වෙබ් දුරේක්ෂය පෘථිවියට ආසන්න වල්ගා තරුවකින් සොයාගත්තෙ මොනවද ?

මේ පෘතුවියේ විද්‍යාව කියලා කියන්නේ හරිම පුදුම දෙයක්. හැමදාම...

Travel with බෙනූ

බෙනූ සළකුණුගල් පර්වතයFAQ වර්ෂ 2018දී පෘථිවියට ආසන්න ග්‍රහකයක් වන benu...

පාර්සෙක් ඒකකය

පාසෙක් ඒකකයචාප කෝණය තරු අහස එක්ක එකතු වෙලා ඉන්න ඔයාලට...

Betelgeuse පුපුරා යාවිද?

රාත්‍රී අහසෙ තරු රටා අතර, ප්‍රබල දඩයක්කාරයා වන ඔරායන්ගේ...
spot_imgspot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here