Table of Contents
අහස අපි හිතනවට වඩා අතිවිශාලයි. මෙය විශාල බව නිසාම ඈත අහසේ දිදුලන වස්තූන් අතර සොයා ගැනීමට ඉතා විශාල රහස් ප්‍රමාණයක් විසිර තිබෙනවා. විද්‍යාඥයන් සොයා ගෙන තියෙනවා දර්ශනීය මේ වස්තූන් අතරින් ඇතැම් ඒවා නිහාරිකා නැත්නම් nebula කියලා. මේ නිහාරිකා වලින් බොහෝ ඒවා පියවි ඇසට නොපෙනුනත් නවීන දුරේක්ෂ වලින් බලාගන්නට පුළුවන්. වළාකුළු කියන ග්‍රීක වචනය පදනම් කරගෙන නෙබියුලා කියලා නම් කරලා තියෙන නිහාරිකාවක් කියන්නෙ ඇත්ත වශයෙන්ම දූවිලි සහ වායු අඩංගු වලාකුළක්. අහසේ ඒ මේ අත යන වලාකුලු වගේ නිහාරිකා වලටත් සිත්ගන්නාසුලු හැඩයන් තියෙනවා. නිහාරිකාවක් බොහොමයකට නම් ලැබිලා තියෙන්නෙ ඔවුන්ගේ මේ හැඩය සලකා බලමින් උදහරණයක් විදියට crab nebula, butterfly nebula දක්වන්නට පුළුවන්.

ප්‍රධාන නිහාරිකා වර්ග හතරක් හතරක් තියෙනවා. ඒවා වෙන්නේ
- හයිඩ්‍රජන් කලාප නිහාරිකා. නැත්නම් අයනීකෘත හයිඩ්‍රජන් අඩංගු විසරනය වන විශාල නිහාරිකා
- Ex ; Herbig–Haro object HH 161 and HH 164.
- ග්‍රහලෝක නිහාරිකා
- The Cat’s Eye Nebula,
- සුපර්නෝවා අවශේෂ
- අඳුරු නිහාරිකා
- The Horsehead Nebula
හයිඩ්‍රජන් කලාප නිහාරිකා

මෙයින් පළමු නිහාරිකා වර්ගය ගත්තොත් ඒවායේ තාරකා හැඩගැසෙන, නැත්නම් සෑදෙන කලාප තියනවා. එම කලාප තාරකා තවාන් ලෙසත් හඳුන්වනවා. දැවැන්ත ප්‍රදේශයක විසිරිලා තියෙන හයිඩ්‍රිජන් වායුවේ ගුරුත්වාකර්ෂණ බලය මගින් එම ප්‍රදේශයේ විසිරිලා තියෙන දූවිලි වගේ ද්‍රව්‍ය වැඩි ප්‍රමාණයක් ආකර්ශනය කරගන්නවා. මේ විදියට ආකර්ෂණය වෙන ද්‍රව්‍ය හයිඩ්‍රිජන් වායුවේ ගුරුත්වාකර්ෂණය නිසා වැඩි වැඩියෙන් තදින් මිරිකෙමින් විශාල වශයෙන් රත් වීමකට භාජනය වෙනවා. ප්‍රමාණවත් තරම් උෂ්ණත්වයක් ඇති උනහම මෙම කැරකෙමින් තිබුණු කොටස තතරුවක් බවට පත්වෙලා ඉතිරිවෙලා තියෙන දේවල් වලින් ග්‍රහණ ග්‍රහලෝක නිර්මාණය වෙලා එම තරුව වටහා වටා කරකැවෙනවා.
මෙම වර්ගයේ තාරකා සාදන කලාපයකට උදාහරණයක් වශයෙන් රාත්‍රී අහසේ, ප්‍රසිද්ධ නිහාරිකාවක් වන ඔරායන් නිහාරිකාව දැක්විය හැකිය. මේ ඔරායන් නිහාරිකාව කියලා කියන්නේ ක්ෂීරපථයේ ම තියෙන වඩාත්ම ක්‍රියාකාරි තාරකා සෑසෑදෙන ප්‍රදේශය. රාත්‍රී අහසේදී ඇසට ඔරායන් නෙබියුලාව පේන්නේ නෑ කිසියම් දිස්නයක් සහිත තරුවක් විදිහට වුණත් දුරේක්ෂයකින් ඊට වඩා පැහැදිලිව බලන්න පුළුවන්. ආලෝක වර්ෂ පහළොවක් පුරා විහිදිලා තියෙන මේ ඔරායන් නිහාරිකාව සම්පූර්ණයෙන්ම වගේ හැදිලා තියෙන්නේ හයිඩ්‍රිජන් වලින්. මෙය නිහාරිකාවේ එහි දීප්තිය ලබාගන්නේ අපේ සූර්යයාට වඩා දහස් ගුණයක් විතර දීප්තිමත් වන ත්‍රැපීසියම කියලා හඳුන්වන තාරකා හතරක පොකුරකින්.
ග්‍රහලෝක නිහාරිකා

දෙවැනි නිහාරිකා වර්ගය වන්නේ ග්‍රහලෝක නිහාරිකා. මේ නිහාරිකා වර්ගය ඇත්තටම ග්‍රහට ඇත්තටම ග්‍රහලෝක සමඟ කිසිම සම්බන්ධයක් නැහැ. නමුත් මුල් කාලයේදී තාරකා විද්‍යාඥයින් ඔවුන්ගේ දුරේක්ෂ හරහා මේ නිහාරිකා දිහා බලද්දි ඔවුන් දැක්කෙ සුදු පාට වටකුරු හා දීප්තිමත් පෙනුමක් තියෙන වස්තූන් ඒ අනුව ඔවුන් සිතුවා ඒවා ග්‍රහලෝක වෙන්න ඕනි කියලා. ග්‍රහලෝක නිහාරිකා හැදිලා තියෙන්නේ මන්දගාමීව මරණයට පත් සාමාන්‍ය තාරකාවන්ගෙන්. සූර්යයා ගැන තරු අහස වීඩියෝවේදී ඔබට මතක නම් අපි, සඳහන් කරනවා සූර්යයා තවත් වසර බිලියන ගණනකින් පමණ මිය යන්නෙ කොහොමද කියන එක ගැන.
මේ අපූරු ග්‍රහලෝකවල නිහාරිකාව ක ට උදාහරණයක් තමයි සමනල නිහාරිකාව නැත්නම් butterfly nebula කියලා කියන්නේ. සමනලයකුගේ ස්වරූපයක් ගත්ත මේ නිහාරිකාව බැලූ බැල්මට සාමකාමී පෙනුමක් තිබුණත් එය සැබැවින්ම හැදිල තියෙන්නෙ ගෑස් වලාකුළුවලින් වන අතර එහි උෂ්ණත්වය සෙල්සියස් අංශක 36,000 වඩා වැඩිය. මේ butterfly nebula ගැන බොහොම සිත් ඇද ගන්නා සුළු කාරණාවක් තියෙනවා. සෞරග්‍රහමණ්ඩලයේ හිරුගේ මතුපිට උෂ්ණත්වය වගේ තුන් ගුණයක විතර උෂ්ණත්වයක් තියෙන මේ නෙබියුලාව හැදිලත තියෙන වායූන් තවමත් පැයට සැතපුම් 600,000ක පමණ වේගයෙන් චලනය වෙනවා. ඒ වේගයෙන් ඔබට විනාඩි 24කින් පෘථිවියේ සිට සඳට යා හැකියි.
සුපර්නෝවා අවශේෂ

තුන්වන වර්ගයෙන් නිහාරිකා supernova අවශේෂ ලෙස හැඳින්වෙනවා. දෙවැනි නිහාරිකා වර්ගය වගේම මේක මියගිය තාරකාවක් නිසා නිර්මාණය වුවක්. නමුත් මෙහිදී සිදු වන්නේ මිය යන තාරකාව කිසියම් ශක්තියක් පිටකරමින් පිපිරී යාමක්. මෙසේ සිදුවන විශාල පිපිරීමෙන් තාරකාවේ ද්‍රව්‍ය අභ්‍යවකාශය විශාල ප්‍රමාණයක් හරහා විසිරෙනවා. ඉන් අනතුරුව තාරකාවේ ඉතුරු වූ කොටස් එකතු වෙලා අලුත්ම නිහාරිකාවක් හදනවා ඒවා කාලයත් එක්ක නව තාරකා නිර්මාණය වෙනවා හෝ එකතු කරගන්නවා.
Crab nebula නැත්නම් කකුළු නිහාරිකාව කියලා කියන්නේ සුපර්නෝවා අවඅවශේෂයකට උදාහරණයක්. මේ නිහාරිකා විශේෂය සිත් ඇදගන්නා සුළු වෙන්නේ එය නිර්මාණය කළ තාරකාව පුපුරා ගිය විට කලින් කිව්ව ආකාරයට අවට මන්දාකිණිවල වලට එය දර්ශනය වන නිසා. මීට වසර 10කට විතර කලින් 1,000කට විතර කලින් චීන වැසියන් අහසේ මේ විදිහට දීප්තිමත් වස්තුවක් ආලෝකයෙන් දිදුලනවා දැක්කා. වසර දෙකක් විතර මේ විදියට අහසේ දීප්තිමත් ආලෝකයක් දුන් වස්තුව ටිකෙන් ටික නොපෙනී ගියා කියලා, නැත්තං දීප්තිමත් බව ටිකෙන් ටික අඩු උනා කියලා තමයි ඉතිහාසයේ තියෙන්නේ. වාර්ෂ 1604 දිත් මේ විදිහටම සුපර්නෝවා එකක් අහසෙ දිස්වුනා කියලා වාර්තා පොත් වල සඳහන් වෙනවා. මේ හදුන්වන්නේ කෙප්ලර්ගේ supernova කියලා.
අඳුරු නිහාරිකා

ඊළඟ ප්‍රධාන නිහාරිකා වර්ගය හඳුන්වන්නේ අඳුරු නිහාරිකා කියලා. මේ නිහාරිකා දූවිලි සහ වායු වල එකතුවක්. එක දකින්න පුළුවන් වෙන්නේ ඊට පිටිපස්සෙන් තියෙන දීප්තිමත් නිහාරිකා හෝ තාරකා වල තියෙන දීප්තිය නිසා. විශ්වයේ වඩාත් ප්‍රසිද්ධම අඳුරු නිහාරිකාව වන්නේ අශ්වාරෝහක නිහාරිකාව නැත්නම් හෝර්ස්හෙඩ් නෙබියුලාව. මේ නෙබියුලාව නිර්මාණය වෙලා තියෙන්නෙ ගණ දූවිලි වළාකුළු වලින්.
මේ ඝනකම නිසාම ඒවාට පිටුපසින් තියෙන නිහාරිකා හෝ තාරකා වල ආලෝකය වළක්වනවා. මෙම වළාකුළු අඳුරේ වුණත් සීතල නැහැ. අධෝරක්ත කැමරාවකින් මේ නෙබියුලාව දිහා බැලුවොත් අපට ලේසියෙන් ම ලේසියෙන්ම මෙහි උෂ්ණත්වය පිළිබඳ අදහසක් ගන්න පුළුවන්. කොච්චර අඳුරු නං ඇතැම් ස්ථානවල දීප්තිමත් ආලෝකය දකින්න පුළුවන්. ඒ තමයි මේ අඳුරු නිහාරිකාවේ අලුතෙන් තරු නිර්මාණය වන ස්ථාන.

මේ ප්‍රධාන නිහාරිකා වර්ග හතර හැරුණු කොට තවත් සෙසු නිහාරිකා වර්ග කිහිපයක් අභ්‍යවකාශයේ විසිරි පවතිනවා. ඒවා කුමන වර්ගයකින් වුණත් අහසේ රාත්‍රී අහසේ සොයාගන්නට පුළුවන් වඩාත්ම විශ්මිත ආකාශ වස්තූන් අතර නිහාරිකා ඉදිරියෙන්ම ඉන්නවා. අවසාන වශයෙන් අපට තේරුම් ගන්නට පුළුවන් විශ්වයේ නිහාරිකාවක් මිය ගිය විට එම අමුද්‍රව්‍යම භාවිතා කරමින් යළිත් නිහාරිකාවක් නිර්මාණය වන බව.
Source:
FreeSchool : What is a Nebula
VideoFromSpace : Fly Into the Orion Nebula – New 3D Visualization
wikipedia.org