සෞරග්‍රහමණ්ඩලය 02 සූර්‍යා: ජීවයේ උල්පත, සොබාදහමේ නිර්මාණකරු

විශ්වය තුල  විසිර පවතින තරු බිලියන ගණනක් අතරෙන් එකක් අපගේ සෞරග්‍රහ මණ්ඩලය තුළ පෘතුවිය සහ අනෙකුත් ග්‍රහලෝක වෙනුවෙන් විශේෂ කාර්ය භාරයක් සිදු කරමින් සිටිනවා. අපේ සූර්යයා හැදුනේ Orion Spur නැත්නං Orion Arm නම් කියන කොටසෙදි මීට අවුරුදු බිලියන 4.5 කට විතර කලින්. එක හැදුනේ solar nebula කියලා හඳුන්වන  ගෑස් සහ දූවිලි වලාකුළක් බිඳී යාමෙන්. මෙම බිඳීගිය සංයුතියේ මධ්‍යයේ තිබුණු ගිනි ගමින් උතුරන වායු ඝනීභවනය වීමෙන් අපේ සූර්යයා නිර්මාණයක් වුණා. ඉර තියෙන ගිනි ගන්නා ස්වභාවය, ගුරුත්වාකර්ෂණ බලය සහ චුම්බක ක්ෂේත්රය නිසා ඉර සෞරග්‍රහ මන්ඩලය හදවත බවට පපත්වුණා.  

ඉර ස්ථර නැත්නම් කොටස්  හයකට වෙන් කරලා දක්වන්න පුළුවන්.

  1. Corona
    • කොරෝනා කියන්නෙ සූර්යයා සහ අනෙකුත් තාරකා වටා ඇති ප්ලාස්මා වල ප්‍රභවයකි.
  2. Chromosphere
    • සූර්යයාගේ වායුගෝලයේ පහළ කලාපය වර්ණදේහ ලෙස හැඳින්වේ.
  3. Photosphere / ඡායා ගෝලය
    • ඡායා ගෝලය යනු තාරකාවේ පිටත කවචය වන අතර එයින් ආලෝකය විකිරණය වේ.
  4. convection zone / සංවහන කලාපය
    • සංවහන කලාපය යනු අභ්‍යන්තරයේ පිටත තට්ටුවයි. 
  5. radiative zone / විකිරණ කලාපය
    • සූර්යයාගේ විකිරණ කලාපය යනු අභ්‍යන්තර හරය හා පිටත සංවහන කලාපය අතර සූර්ය අභ්‍යන්තරයේ කොටසයි.
  6. Core / හරය
    • සූර්යයාගේ හරය න්‍යෂ්ටික ප්‍රතික්‍රියා මගින් හීලියම් සෑදීමට හයිඩ්‍රජන් පරිභෝජනය කරන මධ්‍යම කලාපයයි. 

පරමාණු ප්‍රමාණය අනුව ඉර සංයුතිය වෙනස් වෙන්න මේ විදිහට

  1. හයිඩ්‍රජන්  91.2% (m/m 71.0%)
  2. හීලියම්  8.7% (m/m 27.1%)
  3. කාබන් සහ නයිට්‍රජන් වගේ බර මූල ද්‍රව්‍ය .1%

ඉරේ තියෙන අධික උෂ්ණත්වය නිසා මෙම මුලද්‍රව්‍ය සියල්ල එකතු වෙලා හැදෙන වායු අවස්ථාව ට කියන්නේ plasma එක කියලා. ඉර මැද කොටස උෂ්ණත්වය ෆැරන්හයිට්  මිලියන 27 ක් විතර වෙනවා. මේ තියෙන උෂ්ණත්වය ඉර ගුරුත්වාකර්ශණනයක් එක්ක එකතු වෙලා එකතුවෙලා හයිඩ්‍රජන් අණු වලින් helium හදනවා. මේක ක්‍රියාවලියට කියන්නේ thermonuclear fusion කියලා. මේ සමස්ත ක්‍රියාවලිය නිසා විකිරණ, විදුලිය, සූර්ය සුළං සහ අපි පෘථිවියේ ජීවිතය රඳා පවතින උෂ්ණත්වය සහ ආලෝකය ලෙස විශාල ශක්තියක් පිටවෙනවා. කොහොම වුණත් මේ සියලු ශක්ති පිටවීම් සූර්යයාගේ ගුරුත්වාකර්ෂණ බලය නිසා ස්ථාවර වෙනවා. එක උපකාරී වෙනවා සෞරග්‍රහමණ්ඩලය වෙන්වෙන්නේ නැතිව එකට තබා ගන්නත් සූර්යයාගේ ස්කන්ධය සහ විශාලත්වය ස්ථාවර කරගන්නත්. 

අපේ සෞරග්‍රහ සෞරග්‍රහ මණ්ඩලයේ තියෙන ලොකුම වස්තුව තමයි ඒක පෘථිවිය වගේ සිය ගුණයක් පුළුල් සහ න්‍යායාත්මකව ඉර කියන්නෙ භාජනයක් නම්  අනෙකුත් ග්‍රහලෝක සියල්ලම හයසිය වතාවක් පමණ  ඒ භාජනයට දාන්න පුළුවන්.  සමස්ත සෞරග්‍රහමණ්ඩලයේ ස්කන්ධයෙන් 99.8% පවතින්නේ මේ ඉර  ස්කන්ධය. ඉරේ තියෙන මේ  ස්කන්ධය නිසා එයට තියෙනවා අනෙකුත් ග්‍රහලෝක එහා මෙහා යන්නේ නැතිව  ඇද බැඳ තබා ගන්න බොහොම ශක්තිමත් ගුරුත්වාකර්ෂණ බලයක්. මේ කියපු ගුරුත්වාකර්ෂණ බලය නිසා සෞරග්‍රහමණ්ඩලයේ ග්‍රහලෝක අටක්, වාමන ග්‍රහලෝක විශාල ප්‍රමාණයක්, උප ග්‍රහයන් 170ක් සහ ගැනිය නොහැකි තරම් උල්කාපාත සහ ග්‍රහක මේ විදිහට සෞරග්‍රහ මණ්ඩලයෙන් ඉවතට යන්නේ නැතිව පවතිනවා. සූර්යයාගේ මේ ගුරුත්වාකර්ෂණ බලය නැති වුනොත් මේ ආකාශ වස්තු ගැඹුරු අවකාශය වෙත ඇදිලා යාවි. 

හිරු සතු තවත් වටිනා සම්පතක්   වෙන්නේ මුළු සෞරග්‍රහ මණ්ඩලය පුරාම විසිරී පවතින චුම්බක ක්ෂේත්‍රය. ඉරෙන්,  සූර්ය සුළඟ කියලා හඳුන්වන ආරෝපිත අංශුවල නිරන්තර ප්‍රවාහයක් පිටත් කර හරින අතර එය අවසානයේදී සියලු ග්‍රහලෝක පසුකර ප්ලූටෝ වගේ තුන් ගුණයක දුරක් දක්වා ගමන් කරනවා. මේවා නිසා සූර්යයා සහ එහි ග්‍රහලෝක වටා යෝධ බුබුලක් හදනවා. මේ බුබුළට කියන්නේ heliospear  කියලා. හීලියෝස්පියර් කියන්නේ  සූර්යයා විසින් නිර්මාණය කරන ලද අවකාශයේ විශාල, බුබුලු වැනි කලාපයක්, එය සූර්ය හා කොස්මික් අංශු විකිරණ වලින් පමණක් නොව සූර්ය සුළඟින් වායුගෝලයේ ඛාදනයෙන් ද අපව ආරක්ෂා කරනවා. මෙය සමස්ත ක්‍රියාවලිය ම සිද්ධ වෙන්නේ  ඉරේ තියෙන ප්ලාස්ම නිසා.  මෙමඟින් විද්‍යුත් ආරෝපණ සහිත ඉරෙ අංශු දෙපසට අදිනවා.

ඒ හේතුවෙන් ඉර විශාල චුම්භකයක් බවට පත්වෙනවා. මෙම චුම්බක ක්ෂේත්රය පියවි ඇසට දකින්නට බැහැ නමුත් සාධක පෙනෙන්නට තිබෙනවා. ඉර තියෙනවා sunspot කියලා හඳුන්වන කළු පාට අඳුරු ස්ථාන. ඒව තමයි චුම්භක ක්ෂේත්‍රය ශක්තිමත්ම ස්ථාන. පෘථිවියේ සහ අනෙකුත් ග්‍රහලෝකවල සූර්යයාගෙන් ආපු මේ චුම්බක ක්ෂේත්‍රය වායුගෝලයක් එක්ක ප්‍රතික්‍රියා කරනවා. ඔබ අහල ඇති පෘථවියේ ධ්‍රැවාසන්න ව අහසෙත් ඉස්සන අමුතු ආලෝකයන් නැත්නම් අවුරෝරා  ගැන. මෙ අවුරෝරා හැදෙන්නේ, කලින් කියපු ප්‍රතික්‍රියාව නිසා. ඉරේ ශක්තිය සහ විශාලත්වය ගැන සලකන කොට ඉර කවදාවත් නැති වෙයි කියලා හිතන්න බැහැ. ඒත් වසර බිලියන 6.5 ක් පමණ ගියාට පස්සේ ඉර පස්සේ හිරේ හයිඩ්‍රජන් නැති වේවි. ඒ වෙනකොට ඉර විශාල වෙලා බුධ, සිකුරු සහ පෘථිවිය ගිලගනීවි. අනතුරුව එය බිඳවැටී  සුදු වාමන ග්‍රහයෙකු බවට පත්වේවි. 

ඒ වන තෙක් ඉර බොහෝ අමාරු කාර්ය කාර්යභාරයක් ඉටු කරාවි තමන් සිටින පද්ධතිය රැකගන්න. හිරුගේ තියෙන  චුම්බක ක්ෂේත්‍රය, ගුරුත්වාකර්ෂණ බලය සහ විශාල ශක්තියක් පිට  කිරීමට ඇති හැකියාව කියන මේ සාධක තුන අපේ සෞරග්‍රහ මණ්ඩලය එකට තබා ගනිමින් ජීවය දෙමින් ආරක්ෂා කරාවි.

Source :

National Geographic : Sun 101 | National Geographic
NASA Goddard

spot_imgspot_img

Subscribe

Related articles

නොවැම්බර් තරු අහස: 2025 දී අනිවාර්යයෙන්ම බලන්න ඕන සිදුවීම්!

2025 නොවැම්බර් මාසය අභ්‍යවකාශයට ආදරය කරන ඔබට නම් මඟහරින්න...

අඟහරුට මාස ගණන් නෑ! දවස් 30න් යන්න රුසියාවෙන් ප්ලාස්මා රොකට් එන්ජිමක්

අභ්‍යවකාශ ගමන් ගැන අලුතෙන්ම කතාබහට ලක්වෙලා තියෙන්නේ රුසියාවෙන් එන ආන්දෝලනාත්මක පුවතක්. ඒ තමයි, ඔවුන් විසින් නිපදවූ ප්ලාස්මා රොකට් එන්ජින් (Plasma Rocket Engine) මඟින්, අඟහරු ග්‍රහයා වෙතට යන ගමන මාස 7-9ක කාලයකින් දවස් 30ක් වැනි කෙටි කාලයකට අඩු කරන්න පුළුවන් කියන එක.

අභ්‍යවකාශයේ අමුත්තා: C/2025 A6 (Lemmon) ධූමකේතුව

තාරකා විද්‍යා ලෝලීන්ට මේ ඔක්තෝබර් මාසයේ අහස දෙස බලා සිටීමට අපූරු හේතුවක් ලැබී තිබේ. ඒ, දීප්තිමත් ලෙස බැබළෙන C/2025 A6 (Lemmon) ධූමකේතුව යි. මුලින් අපේක්ෂා කළාට වඩා බොහෝ සෙයින් දීප්තිමත් වී ඇති මෙම වල්ගා තරුව, වසර දහසකටත් අධික කාලයකට පසු අපේ සෞරග්‍රහ මණ්ඩලයට පැමිණෙන "එක ජීවිත කාලයකට වරක්" පමණක් දැකිය හැකි අසිරිමත් දසුනක් වනු ඇත.

ග්‍රාහක චන්ද්‍රයන්: අභ්‍යවකාශයේ අත්භූත වස්තූ

විශාල ග්‍රහලෝකවලට චන්ද්‍රයන් සිටිනවා වගේම, සමහර ග්‍රාහකවලටත් ඒවාටම අයිති කුඩා චන්ද්‍රයන් සිටිනවා. මේවා ග්‍රාහක චන්ද්‍රයන් (asteroid moons) ලෙස හැඳින්වෙනවා. සාමාන්‍යයෙන් ග්‍රාහකයක් තවත් ග්‍රාහකයක් හා ගැටීමෙන් පසුව ඇතිවන සුන්බුන් කොටස්, මව් ග්‍රාහකයේ ගුරුත්වාකර්ෂණ බලයට හසුවීම නිසා මේ කුඩා චන්ද්‍රයන් නිර්මාණය වෙනවා. සමහර වෙලාවට එක ග්‍රාහකයකට චන්ද්‍රයන් එකකට වඩා වැඩි ගණනක් පවා තිබෙන්න පුළුවන්. මේ චන්ද්‍රයන්, මව් ග්‍රාහකය වටා ගමන් කරන්නේ පුදුම සහගත ආකාරයටයි. ඒවා නියමිත කක්ෂයකට වඩා, එකට එකතු වී අභ්‍යවකාශය හරහා ගමන් කරන අමුතුම යුගල ලෙස හැසිරෙනවා. මෙයට හොඳම උදාහරණයක් තමයි ඉඩා (Ida) සහ එහි කුඩා චන්ද්‍රයා වන ඩැක්ටිල් (Dactyl). නාසා ආයතනයේ ගැලීලියෝ අභ්‍යවකාශ යානය විසින් සොයාගත් මෙම ග්‍රාහක-චන්ද්‍ර යුගලය, මේ ආකාරයේ පද්ධතියක් ගැන විද්‍යාඥයන්ට මුලින්ම අවබෝධයක් ලබා දුන්නා.

2024 YR4 උල්කාපාතය පෘථිවිය මත බලපෑමෙන් වෙන්න පුළුවන් නරකම දේවල්

2024 YR4 ග්‍රහකය 2032 දෙසැම්බර් 22 වන දින පෘථිවිය හා ගැටෙන්නේ නම්, එහි ප්‍රමාණය, වේගය, ඇතුල් වීමේ කෝණය සහ බලපෑමේ ස්ථානය ඇතුළු සාධක කිහිපයක් මත බලපෑමේ බරපතලකම රඳා පවතිනවා. වත්මන් ඇස්තමේන්තු මත පදනම්ව නරකම අවස්ථාව ගවේෂණය කළොත්...
spot_imgspot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here