මංදාකිණියක් යනු කුමක්ද?

1920 වර්ෂය වන තෙක් අප දැන සිටියේ ක්ෂීරපථය වන  අපගේ මන්දාකිණි ගැන පමණයි. දුරේක්ෂයකින් බලන විට යම් යම් සර්පිලාකාර වස්තූන් පෙනුනත් එය මන්දාකිණියක් ද නැතිනම් නෙබියුලාවක් ද යන්න  යන්න පහදා දීමට කවුරුත් දැන සිටියේ නෑ. 1920 අවුරුද්දේ අප්‍රේල් 26 වැනිදා හාර්ලෝ ශාර්ප්ලෙ සහ හෙබර් කර්ටිස් කියන තාරකා විද්‍යාඥයන් දෙන්න අතර  බොහොම අපූරු විවාදයක් පැවැත්වුනා මෙලෙස අහසෙ දිස්වන සර්පිලාකාර වස්තුන් මොනවාද කියන එක සම්බන්ධ. ෂාප්ලෙ කියන තාරකා විද්‍යාඥ විශ්වාස කළා මේ සර්පිලාකාර වස්තු කුඩා nebula බවත් ඒවා ක්ෂීරපථයේම අවසානයට වන්නට තිබෙන බවත්. නමුත් කර්ටිස් කියන  තාරකා විද්‍යාඥයා විශ්වාස කළේ මේවා විශාල මන්දාකිණි බවට හා ඒවා ශීරපථය ට බොහෝ සෙයින් දුරින් ඇතිය කියන මතය.

එඩ්වින් හබල් කැලිෆෝනියාවේ මවුන්ට් විල්සන් නිරීක්ෂණාගාරයේ අඟල් 100 පරාවර්තක දුරේක්ෂය සමග.

1920 වර්ෂය අවසාන භාගයේ දී එඩ්වින් හබල් විසින් ඇන්ඩ්‍රොමීඩාව ක්ශීරපත්‍රයෙන් බොහෝ ඈත පිහිටි  චක්‍රාවාටයක් බවට ගණනය කරල වලින් පහදා පෙන්නුවා. ඒ අනුව පසු කලෙක තවත් මංදාකිණි සොයාගැනීමත් සමගම ක්ෂීරපථය කියන්නේ විශ්වයේ පවතින බිලියන 200ක් වූ මන්දාකිණි වලින් එකක් බවට පත්වුනා. අපි අද බලමු මේ ගැලැක්සියක් නැත්නම් මන්දාකිණියක් හෙවත්  චක්‍රාවාටයක් කියන්නේ මොකක්ද ඒක හැදිලා තියෙන්නේ කොහොමද තියෙන එක ගැන.

ගැලැක්සියක් හැදිලා තියෙන්නේ තරු, වායු, දුහුවිලි සහ අඳුරු පදාර්ථ සාන්ද්රණය වෙලා, ගුරුත්වාකර්ෂණ බලය මගින් එකට බැඳිලා. ඇතැම් මන්දාකිණි වල තරු මිලියන ගණන් තිබුනත් ඉතා විශාල මන්දාකිණිවල තාරකා බිලියන හෝ ට්‍රිලියන ගණනක් පවතිනවා. මේ මන්දාකිණි වල භාහිර ස්වභාවය අනුව කොටස් තුනකට බෙදෙල දක්වන්න පුලුවන්.  ඉලිප්සාකාර මන්දාකිණි නැත්නම් elliptical galaxy, සර්පිලාකාර මන්දාකිණි නැත්නම් spiral galaxy  හා අක්‍රමවත් මන්දාකිණි නැත්නම් irregular galaxy.

Isaac Roberts 1829-1904

මේ මන්දාකිණි වලින් බොහෝ ප්‍රමාණයක මධ්‍යයේ තියෙන්නෙ අතිවිශාල කලුකුහර. ක්ෂීර පථයේ මැද තියෙන කලුකුහරයට කියන නම තමයි Sagittarius A කියන්නේ. ඇතැම් විට  මන්දාකිණි දෙකක් හෝ කිහිපයක් එකිනෙක සමග වසර මිලියන ගණනක් තිස්සේ අන්තර් ක්‍රියා කරමින් අතිශය අලංකාර නව ආකෘතීන් හදනවා. මේ කියපු සිද්ධිය ඇන්ඩ්‍රොමීඩා සහ ක්ෂීරපථය කියන මන්දාකිණි  දෙකටත් සිද්ධ වෙනවා. අපේ චක්‍රාවාටය නැත්නම් ක්ෂීරපථය ඇන්ඩ්‍රොමීඩා චක්‍රාවාටය සමග තවත් වසර බිලියන කිහිපයකින් ඝට්ටනයක් සිදු වීමට නියමිතයි. ඝට්ටනයක් කිව්වත් මේකෙදි සිද්ධ වෙන්නෙ ක්ෂීරපථය සහ ඇන්ඩ්‍රොමීඩා චක්‍රාවාට දෙක එකතු වෙලා තවත් එක් අති විශාල යෝධ චක්‍රාවාටයක්  නිර්මාණය වෙන එක. මේ සඳහා අවම වශයෙන් තවත් වසර බිලියන 4.5 සිට වසර බිලියන හයක් අතර කාලයක් යනු ඇති බව තමයි තාරකා විද්‍යාඥයන්ගේ මතය වෙන්නෙ.

කලින් කිව්වා වගේ එක චක්‍රාවාටයක තරු බිලියන ගණනක් තියෙන්න පුළුවන්. එතකොට මේ විශ්වය තුල පවතින බිලියන දෙසීයක් වූ චක්‍රාවාට සියල්ලේම තරු ගැනිය නොහැකි ප්‍රමාණයක් අඩංගු වෙනවා. සරලවම කියනවා නම් කියනවා නම් පෘථිවිය තුළ පවතින වැලි ප්‍රමාණයටත් වඩා මේ විශ්වය තුල තරු පවතිනවා. මේ චක්‍රාවාට අතුරින් බොහෝමයක් ආලෝක වර්ෂ 3000 සිට 300,000 දක්වා වූ පලලක්  ඇති අතර  චක්‍රාවාට දෙකක් අතර දුර ආලෝක වර්ෂ මිලියන ගණනක් වනවා. උදාහරණයක් වශයෙන් පෘථිවිය අයත් වන ශීර පථය ආලෝක වර්ෂ ලක්ෂයක් පමණ පළල් වන අතර එයට ආසන්නම චක්‍රාවාට වන ඇන්ඩ්‍රොමීඩා චක්‍රාවාටය ඇති දුට ඇති දුර ආලෝක වර්ෂ මිලියන 2.5 ක් වනවා.

1888 දී අයිසැක් රොබට්ස්ගේ අඟල් 20 පරාවර්තක දුරේක්ෂයෙන් ලබාගත් ඇන්ඩ්‍රොමීඩා සර්පිලාකාර නිහාරිකාවේ සහ M32 (මැද වම්) සහ M110 (පහළ දකුණ) විශිෂ්ට ඡායාරූපය.

1899 අවුරුද්දෙ isaac roberts කියන තාරකා විද්‍යාඥයා තමයි මුලින්ම ඇන්ඩ්‍රොමීඩාවෙ ඡායාරූපයක් ගත්තේ. ඒ වෙද්දි තාරකා විද්‍යාඥයෝ මේක නම් කරලා තිබුණේ ඇන්ඩ්‍රොමීඩා නෙබියුලාව කියලා. අපි කලින් කිව්වා වගේ 1920 දී ඇතිවෙච්ච විවාදය සහ එඩ්වින් හබල් තාරකා විද්‍යාඥයාගේ සොයාගැනීම් සහ ගණනය කිරීම් වලින් පස්සේ තාරකා ගවේෂණය වෙනත් මානයකට යොමු වුණා. අපි අද මේ දන්න විස්තර වලින් බොහොමයක් සොයා ගැනුනේ මෑත කාලයේ කරපු ගවේෂණයන් වලින්. මේ සඳහා තර්ක විද්‍යාඥයින්ට ඉමහත් දායකත්වයක් ලබා දුන්නා නාසා ආයතය විසින් කක්ෂ ගත කරපු හබල් අභ්‍යවකාශ දුරේක්ෂය මගින්. තවත් නොබෝ දිනකින් 2021 අවුරුද්දේ නොවැම්බර් මාසයේදී ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය කක්ෂ ගත කලාට පස්සේ අපිට තවදුරටත් මේ මන්දාකිණි පිළිබඳව සැඟවුණු රහස් සොයා ගන්නට හැකිවේවි.

Source:

James Webb Space Telescope (JWST) : What is a Galaxy
ENDLESS 4K : NASA – Hubble telescope captured galaxies the Universe
European Southern Observatory (ESO) : Zooming into Sagittarius A
HubbleESA
nightsky.jpl.nasa.gov
Wikipedia.org
Mist – Odonis Odonis(1)

spot_imgspot_img

Subscribe

Related articles

2024 YR4 උල්කාපාතය පෘථිවිය මත බලපෑමෙන් වෙන්න පුළුවන් නරකම දේවල්

2024 YR4 ග්‍රහකය 2032 දෙසැම්බර් 22 වන දින පෘථිවිය හා ගැටෙන්නේ නම්, එහි ප්‍රමාණය, වේගය, ඇතුල් වීමේ කෝණය සහ බලපෑමේ ස්ථානය ඇතුළු සාධක කිහිපයක් මත බලපෑමේ බරපතලකම රඳා පවතිනවා. වත්මන් ඇස්තමේන්තු මත පදනම්ව නරකම අවස්ථාව ගවේෂණය කළොත්...

ජේම්ස් වෙබ් දුරේක්ෂය පෘථිවියට ආසන්න වල්ගා තරුවකින් සොයාගත්තෙ මොනවද ?

මේ පෘතුවියේ විද්‍යාව කියලා කියන්නේ හරිම පුදුම දෙයක්. හැමදාම...

Travel with බෙනූ

බෙනූ සළකුණුගල් පර්වතයFAQ වර්ෂ 2018දී පෘථිවියට ආසන්න ග්‍රහකයක් වන benu...

පාර්සෙක් ඒකකය

පාසෙක් ඒකකයචාප කෝණය තරු අහස එක්ක එකතු වෙලා ඉන්න ඔයාලට...

2M1207 extrasolar planetary System

විද්‍යාවේ දියුණුවත් එක්ක මානව ශිෂ්ටාචාරයේ විවිධ කඩඉම් පසු කරන්නට...
spot_imgspot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here