තාරකා විද්‍යාවේ යෙදෙන නුහුරු වචන 1: තාරකා විද්යාත්මක ඒකකය Astronomical unit

මේ වෙනකොට තරු අහස අපි, තාරකා විද්‍යාව පිළිබඳව ලිපි පෙළක්ම පලකරල තියෙනව. ඉන් සමහර ඒව අපේ සෞරග්‍රහ මණ්ඩලයේ තියෙන ග්‍රහලෝක ගැන විස්තර අඩංගු වීඩියෝ. තවත් සමහර ඒවා මේ සෞරග්‍රහ මණ්ඩලය තුළ තියෙන ග්‍රහලෝක නොවන වෙනත් අභ්‍යවකාශ වස්තූන් පිළිබඳව කියවෙන වීඩියෝ. තවත් සමහර ඒව තිබුණා සෞරග්‍රහ මණ්ඩලයෙන් භාහිර, වස්තූන් පිළිබඳව තොරතුරු අඩංගු වීඩියෝ. අද ඉඳල තරු අහසෙන් අපි උත්සාහ කරනවා වෙනස් විදිහක ලිපි පෙළක් ඔබ වෙතට ගෙන එන්න. 

තාරකා විද්‍යාව ගැන කතා කරද්දී ඔබට ඇහිලා ඇති යම් යම් අවස්ථාවලදී  වෙනස් වෙනස් වූ වචන භාවිතා වෙනවා. අපි ආරම්භ කරන, මේ ලිපි පෙළින් උත්සාහ කරනවා ඒ වචන වලින් කියවෙන්නේ මොනවද කියන කාරණාව සහ ඒ වචන තාරකා විද්‍යාව තුළ භාවිතා වන ආකාරය පිළිබඳව තොරතුරු සොයන්න. 

අපේ ලිපි පෙලේ පළමුවෙනි ලිපිය විදියට අපි තෝරගන්නවා තාරකා විද්‍යාත්මක ඒකකය, එහෙමත් නැත්නම් astronomical unit කියන වචනෙ පිළිබඳව. මේ astronomical unit  එහෙමත් නැත්නම් තාරකා විද්‍යාත්මක ඒකක කියලා හඳුන්වන්නේ ග්‍රහ වස්තූන් අතර දුර මනින තවත් ක්‍රමයක්. මෙයින් කියවෙන්නේ කිලෝමීටර මිලියන නැත්නම් බිලියන ගණනක දුරක් මනින කෙටි ක්‍රමයක් ගැන. මොකද අපි දන්නවා ගොඩක් වෙලාවට ග්‍රහලෝකයක් පිහිටන්නේ තවත් ග්‍රහ ලෝකයකට කිලෝමීටර මිලියන ගානක් නැත්නම් බිලියන ගණනක් දුරින් දුරින්. ඒ වගේම සෞරග්‍රහ මන්ඩලය වගේ තාරකා පද්ධති නැත්නම් මණ්දාකිණි පිහිටන්නේ තවත් එවැනිම තාරකා පද්ධතියකට හෝ මණ්දාකිණියකට  ආලෝක වර්ෂ මිලියන ගණනක් හෝ බිලියන ගනනක් දුරින්. ආලෝක වර්ශයක් කියලා කියන්නේ කිලෝමීටර් ට්‍රිලියන 9.461 වගේ දුරක්. පෘථිවිය සහ සූර්යයා අතර දුර ගත්තොත් ඒක ආසන්න වශයෙන් කිලෝමීටර් මිලියන 150ක් පමණ වෙනවා. පෘථිවිය ඉදල බ්‍රහස්පතිට දුර ආසන්න වශයෙන් කිලෝමීටර් මිලියන 893 ක් පමණ වෙනවා. නෙප්චූන්ගේ ඉඳලා යුරේනස් වෙත තියන දුර ආසන්න වශයෙන් කිලෝමීටර් බිලියන 1.5 ක් විතර වෙනවා. සෙනසුරුගෙන් ඉඳල නෙප්චූන්ට තියන දුර ආසන්න වශයෙන් කිලෝමීටර බිලියන තුනකට වැඩියි.

nineplanets.org

මේ විදිහට මන්දාකිණි අතර දුර ආලෝක වර්ෂ වලින් ගණනය කලත් ඇතැම් විට සෞරග්‍රහ මණ්ඩලයේම තියෙන ග්‍රහ වස්තූන් අතර දුර ගණනය කිරීමට ඒ ඒකක යොදා ගැනීමේදී යම් අපහසු තාවයක් තියෙනව. උදාහරණයක් විදියට ගත්තොත් ඇතැම් වල්ගා තරු සෞරග්‍රහ මණ්ඩලය හරහා ඉතා ඉක්මනින් ගමන් කරන අවස්ථාවලදී මේ වල්ගා තරුව ග්‍රහ වස්තූන් වලට තියෙන දුර කිලෝමීටර් වලින් හෝ ආලෝක වර්ෂ වලින් ගණනයන් කිරීම ප්‍රායෝගික වුණේ නැහැ. කොටින්ම කියනවනම් මේ විදිහට මේ ග්‍රහ වස්තුවලට තියෙන දුර කිලෝමීටර වලින් කියන්න ගියොත් ලොකු ප්‍රමාණයක් එනවා වගේම මේ දුර ප්‍රමාණ ආලෝක වර්ෂ වලින් කියන්න ගියොත් එන්නේ ඉතාමත් කුඩා ප්‍රමාණයක්, දශමස්ථාන වලින්. 

මේ විදිහට කිලෝමීටර වලින් හෝ ආලෝක වර්ෂ වලින් මේ දුර ගැන කියන්න ගිහාම ටිකක් ඒක කියවගන්න ටිකක් අපහසු ගතියක් තියෙනවා. ඉතින් මේ නිසා තාරකා විද්‍යාඥයෝ මේක ගැන කල්පනා කරලා ඒ අය තීරණය කරනවා දළවශයෙන් පෘථිවියේ ඉඳලා සූර්යාට තියෙන මධ්‍යන්‍යය දුර ඒකකයක් විදිහට භාවිතා කරන්න. මධ්‍යමධ්‍යන්‍ය දුර කියලා අදහස් කරේ, ඔබ දන්නවා සූර්යයා වටා පෘථිවිය ගමන් කරන්න ඉලිප්සාකාර මාර්ගයක කියලා.  ඒ නිසා පෘථිවිය සූර්යයාට ගොඩක් ආසන්න අවස්ථා වගේම ගොඩක් දුර අවස්ථාත් මේ කක්ෂයේ තියෙනවා. ඒ අනුව ඔවුන් තීරණය කරනවා පෘථිවිය ඉඳලා සූර්යයාට තියෙන මධ්‍යන්‍ය දුර, අභ්‍යවකාශ ඒකක නැත්නම් තාරකා විද්‍යාත්මක ඒකක එකක් කියලා. මේ තාරකා විද්‍යාත්මක ඒකක 1ක දුර මුල් කාලෙදි, කලින් කියපු විදිහට සූර්යයා සහ පෘථිවිය අතර දුර තියෙන දුරේ මධ්‍යන්‍ය අගය ලෙස ගත්තත්, 2012 වර්ෂයේ ඉඳලා මේ තාරකා විද්‍යාත්මක ඒකකයේ අගය විදිහට කිලෝමීටර 149,597,870 කියන නියත අගය භාවිතා කරනවා. මේ ඒකකයේ සංකේතය විදියට පාවිච්චි වෙන්නෙ AU කියන ඉංග්‍රීසි හෝඩියේ අකුරු දෙක.

orbitaltoday.com

තාරකා විද්‍යාත්මක ඒකකයේ සංකේතය පිළිබඳව කතිකාව 1976 වර්ෂය දක්වා දිව යනවා. ජාත්‍යන්තර තාරකා විද්‍යා සංගමය වර්ෂ 1976 දී යෝජනාවක් සම්මත කරගෙන තියෙනවා මේ තාරකා විද්‍යාත්මක ඒකකයට සමාන දිගක් දැක්වීමට ඉංග්‍රීසි හෝඩියේ A අකුර භාවිතා කරන්න. 2012 වර්ෂයේ ඉඳලා ජාත්‍යන්තර තාරකා විද්‍යා සංගමය මේ තාරකා විද්‍යාත්මක ඒකකයේ සංකේතය විදිහට ඉංග්‍රීසි හෝඩියේ AU අකුරු භාවිතා කරන්න ගත්තට පස්සේ, ඇමරිකානු තාරකා විද්‍යා සංගමය හා එන්ගලන්තයේ රාජකීය තාරකා විද්‍යා සංගමය විසින් පසු කලකදී මේ සංකේත අනුගමනය කරන්නට ගත්තා. 

මේ හේතුව නිසාවෙන් පසුකලක ඉතා මාරුවෙන් විශාල සංඛ්‍යාවලින් කියන්නට තිබුණු දුර මේ තාරකා විද්‍යා විද්‍යාත්මක ඒකකය භාවිත කරමින් ඉතා කෙටියෙන් සහ පහසුවෙන් කියන්නට පුළුවන්කම ලැබුණා. මීට උදාහරණ වශයෙන් පෘථිවියත් සූර්යයාත් අතර ඇති ආසන්න වශයෙන් කිලෝමීටර මිලියන 150 ක දුර තාරකා විද්‍යාත්මක ඒකක එකක් ලෙසත්,  පෘථිවිය සහ චන්ද්‍රයා අතර වන කිලෝමීටර ලක්ෂ 3ක දුර ආසන්න වශයෙන් .0025 ක් ලෙස ද, සිකුරුත් සූර්යයාත් අතර ඇති කිලෝමීටර මිලියන 108 පමණ දුර තාරකා විද්‍යා එක්ක .72 ලෙස ද සූර්යයාත් අඟහරුත් ඇති 219 million km දුර තරකා විද්‍යා එකක 1.5 යි දෙකක් ලෙසද සූර්යයා සිට බ්‍රහස්පති දක්වා ඇති 745 million km දුර තරකා විද්‍යා එකක 5.2 ලෙසද දක්වන්නට පුළුවන්.

ytimg.com

අපි අද තාරකා විද්‍යාවේ දී භාවිතා වෙන ඔබට නුහුරු නුපුරුදු වචන කිහිපයකින් පළමුවැන්න වන, තාරකා විද්‍යා ඒකකය ගැන පැහැදිලි කරන්නට අපි ගන්න පලවෙනි උත්සාහය මේ විදිහට අවසාන වෙනවා. මීට අමතරව තාරකා විද්‍යාවේදී දුර මැනීම සඳහා භාවිතා වන තවත් විශාල ඒකක ප්‍රමාණයක් තියෙනවා. ඊට අමතරව වෙනත් කර්තව්‍යයන් සඳහා භාවිතා කරන වෙනස් වචන විශාල ප්‍රමාණයක්, ඒකක ප්‍රමාණයක් මේ තාරකා විද්‍යාවේ දී ඔබට හමු වෙනවා. යළිත් දවසක තාරකා විද්‍යාවේ දී භාවිතා වන ඔබට නුහුරු නුපුරුදු වචනයක තේරුම ස භාවිතය පිළිබඳව තවත් වීඩියෝවකින් හමුවෙමු.

wikipedia.org

spot_imgspot_img

Subscribe

Related articles

අභ්‍යවකාශ ඡායාරූප: උතුරු ඇමරිකාවේ ලැව්ගිනි දුමාරය ගිනිකඳු වසා ගනී! 🌋

අභ්‍යවකාශ ඡායාරූප මගින් උතුරු ඇමරිකාවේ ලැව්ගිනි දුමාරය පැසිෆික් වයඹ දිග ගිනිකඳු වසා ගන්නා ආකාරය නිරීක්ෂණය කෙරේ. අභ්‍යවකාශයේ සිට පෘථිවියේ දසුන් මෙන්න.

Will the new moon race turn Earth’s nearest neighbor into a dumping ground?

🚀 සඳ මතට යෑම තරඟයක් වෙද්දී... අපේ අසල්වැසියා 'කුණු...

නොවැම්බර් තරු අහස: 2025 දී අනිවාර්යයෙන්ම බලන්න ඕන සිදුවීම්!

2025 නොවැම්බර් මාසය අභ්‍යවකාශයට ආදරය කරන ඔබට නම් මඟහරින්න...

අඟහරුට මාස ගණන් නෑ! දවස් 30න් යන්න රුසියාවෙන් ප්ලාස්මා රොකට් එන්ජිමක්

අභ්‍යවකාශ ගමන් ගැන අලුතෙන්ම කතාබහට ලක්වෙලා තියෙන්නේ රුසියාවෙන් එන ආන්දෝලනාත්මක පුවතක්. ඒ තමයි, ඔවුන් විසින් නිපදවූ ප්ලාස්මා රොකට් එන්ජින් (Plasma Rocket Engine) මඟින්, අඟහරු ග්‍රහයා වෙතට යන ගමන මාස 7-9ක කාලයකින් දවස් 30ක් වැනි කෙටි කාලයකට අඩු කරන්න පුළුවන් කියන එක.

අභ්‍යවකාශයේ අමුත්තා: C/2025 A6 (Lemmon) ධූමකේතුව

තාරකා විද්‍යා ලෝලීන්ට මේ ඔක්තෝබර් මාසයේ අහස දෙස බලා සිටීමට අපූරු හේතුවක් ලැබී තිබේ. ඒ, දීප්තිමත් ලෙස බැබළෙන C/2025 A6 (Lemmon) ධූමකේතුව යි. මුලින් අපේක්ෂා කළාට වඩා බොහෝ සෙයින් දීප්තිමත් වී ඇති මෙම වල්ගා තරුව, වසර දහසකටත් අධික කාලයකට පසු අපේ සෞරග්‍රහ මණ්ඩලයට පැමිණෙන "එක ජීවිත කාලයකට වරක්" පමණක් දැකිය හැකි අසිරිමත් දසුනක් වනු ඇත.
spot_imgspot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here