කුයිපර් පටිය ගැන දැනගමු

ඔබට මතක ඇති මීට සති කීපයකට පෙර අපි ඔබට ගෙන ආවා සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටත ඉඳලා යෝධ වල්ගා තරුවක් සෞරග්‍රහ මණ්ඩලයට පැමිණෙන බව කියවෙන විඩියෝවක්. එය පිටත සෞරග්‍රහමණ්ඩලයේ කුයිපර් පටිය පසුකරගෙන පැමිණි බව අපි එක් අවස්ථාවකදී පවසනවා. අපේ අද වීඩියෝව මොකක්ද මේ කුයිපර් පටිය නැත්නම් kuiper belt එක කියන්නේ කියල. 

මොකක්ද මේ කුයිපර් පටිය

කුයිපර් පටිය නැත්නම් kuiper belt එක කියලා කියන්නේ අපේ සෞරග්‍රහ මණ්ඩලයේ ම ප්‍රධාන කොටසක්. මේ kuiper belt එක කියලා කියන්නේ සෞරග්‍රහ මණ්ඩලයේ බාහිර චක්‍රීය තැටියක වන අතර එය, නෙප්චූන්ගෙ ඉඳලා සූර්යයාට තියෙන දුර වගේ ආසන්න වශයෙන් දෙගුණයක් විතර ප්‍රදේශයක පැතිරෙනවා. මෙය අඟහරු බ්‍රහස්පති ත් අතර තියෙන ග්‍රහක වළල්ල ට සමාන වුනත් එයට වඩා ඉතා විශාලයි. මෙය ග්‍රහක පටිය පළල මෙන් විසි ගුණයක් පමණ විශාල වෙනවා.ග්‍රහක වළල්ල වගේම මේ kuiper පටියත් ප්‍රධාන වශයෙන් සෞරග්‍රහ මණ්ඩලයෙන් සෑදුනු අවධියේ ශේෂ වෙච්ච කුඩා අවයවවලින් සමන්විත වෙනවා.

පිටත සෞරග්‍රහ මණ්ඩලයේ කයිපර් පටියෙන් ඔබ්බට සොයා ගන්නා ලද වස්තූන් (dailygalaxy.com)

ග්‍රහකයක් බොහෝවිට හැදිල තියෙන්නෙ මූලික වශයෙන් පාෂාණ හෝ ලෝහ වලින් වන අතරම බොහෝ කුයිපර් පටි වස්තුන් සෑදී තියෙන්නේ මීතේන් ඇමෝනියා සහ ජලය වගේ ශීතල වාෂ්ප නැත්නම් අයිස් වලින්. කුයිපර් පටියේ නිල වශයෙන් පිළිගත් පිළිගත් වාමන ග්‍රහලෝක 3ක් හඳුනාගෙන තියෙනවා. ඒවා වෙන්නෙ ප්ලූටෝ හව්මියා සහ මේක්මේක්. නෙප්චූන්ගේ සමහර චන්ද්‍රයන් පවා මෙම කලාපයෙන් ආරම්භ වන්නට ඇති කියලා තාරකා විද්‍යාඥයෝ විශ්වාස කරනවා. සරලවම කිව්වොත් කයිපර් පටිය කියලා කියන්නේ සෞරග්‍රහමණ්ඩලයේ අවසාන කොටස නැත්තං මායිම කියල හඳුන්වන්නට පුළුවන්. 

සොයාගැනීම

තාරකා විද්‍යාඥයින් ඒ ගැන උනන්දු වීමත් සමග මේ ග්‍රහ වස්තු කලාපය  පිළිබඳ අඛණ්ඩ න්‍යායන් සහ අනුමානයන් රැසක් බිහි වුණා. මේ කයිපර් පටියේ පැවැත්ම පිළිබඳව තාරකා විද්‍යාඥයෝ නිර්ණය කළේ වල්ගා තරු  පිළිබඳ අධ්‍යයනයක් වලින්. වල්ගා තරු වල ආයු කාලය ඉතා සීමිත බව කාලයක ඉඳලා අහස  නිරීක්ෂණය කරන්නන් විසින් දැනගෙන සිටිය. වල්ගා තරු සූර්යයා වෙත ළඟා වන විට එහි තාපය නිසා ඒ වාෂ්පශීලී ද්‍රව්‍ය  අභ්‍යවකාශ වෙත විසුරුවා හරිනවා.

කයිපර් පටිය සොයා ගත් David Jewitt සහ Jane Luu, 2000 ගණන්වල මුල් භාගයේ Honolulu හි දී . (sciencenews.org)

මෙ වල්ගා තරු වයසට යත්ම සෞරග්‍රහ සෞරග්‍රහමණ්ඩලයේ ඒවා  දෘශ්යමාන වීමටනම් පෙර කී වාෂ්පශීලී ද්‍රව්‍ය නැවත පුරවා ගත යුතු වනවා. මෙම ද්‍රව්‍ය නැවත පිරවීමේ ප්‍රදේශයක් විදිහට හඳුන්වන්න පුළුවන් 1950 දී ඕලන්ද ජාතික තාරකා විද්‍යාඥ ජෑන් ඕර්ට් විසින් උපකල්පනය කළ සූර්යයාගේ ඉඳලා අභ්‍යවකාශ ඒකක පනස් දහසක් පමණ දුරින් තියෙ ඕට් වළාකුල කියන ප්‍රදේශය. මේ ඔර්ට් වලාකු කියලා කියන්නේ වසර දහස් ගණනක් පමණ පවතින කක්ෂ සහිත හේල් බොප වගේ දිගුකාලීන වල්ගා තරුවල මුලාරම්භය ලෙස සැලකෙන ප්‍රදේශය. අපි මේ ඕර්ට් වලාකුළ පිළිබඳව වෙනත් වීඩියෝවකින් මීට වඩා වැඩි විස්තර කතා කරනවා. 

ටොම් ක්වින් සහ ස්කොට් ට්‍රෙමේන් කියන තාරකා විද්‍යාඥයන් දෙන්නා computer simulation විශාල ප්‍රමාණයක් සිදු කරා මේ නිරීක්ෂණය කරන සියලුම වල්ගා තරුව පැමිණෙන්නේ මේ වලාකුලෙන් ද කියලා තේරුම් ගන්න. මේ simulation එකේදි මෙයාල තේරුම් ගත්තා සෞරග්‍රහමණ්ඩලයේ කෙටිකාලීන ඒ කියන්නෙ වසර දෙසීයකට අඩු කක්ෂයේ කාලයක් සහිත වල්ගා තරු විශාල වශයෙන් පවතිනවා වුනත් ඒ සියල්ල මේ ඕට් වලාකුළෙන් එන්නේ නැහැ කියන එකත්. ෆර්නැන්ඩස් කියන තර්ක විද්‍යාඥයා කල අධ්‍යයනයන්  එක්ක මේ simulation එක ගැලපුනා. ඒ කියන්නේ ඕට් වළාකුළට කලින් මොකක් හරි ග්‍රහ වස්තූන්ගෙන් පිරි කලාපයක් නැත්නම් පටියක් තියෙනවා කියන එක ට්‍රෙමේන් මේකෙන් තේරුම් ගත්තා. 

කාලයත් එක්ක 1987දී ඩේවිඩ් කියන තාරකා විද්‍යාඥයා කල්පනා කළා මේ සෞරග්‍රහ මණ්ඩලයේ මේ ප්‍රදේශයේ තියෙන හිස් බව මොකක්ද කියලා. මේ කරුණු සොයා ගන්නට ඔහුට උදව් කරන්නට ජේන් ලුවී කියලා උපාධ්ධාරි ශිෂ්‍යයෙක් ඔහු ලග හිටියා. ඔහුට ඇත්තටම ඕන උනේ ප්ලූටෝගෙන් එහා පැත්තේ මොනවද තියෙන්නෙ කියන එක සොයාගන්න. වසර 5 ක විතර දීර්ඝ කාලීන අධ්‍යයනයකින් පස්සේ 1992 අගෝස්තු තිස් වෙනිදා ඔවුන් සොය සොය සිටී කයිපර් පටි වස්තූන්ගෙන් පළමුවැන්න සොයාගෙන  1992 QB1  ලෙස නම් කළා.

අනෙකුත් වස්තූන්

වර්ෂ 2018 පමණ වෙනකොට කයපර් පටියෙ දෙදහකට වැඩි වස්තුන් ප්‍රමාණයක් තාරකා විද්‍යාඥයෝ සොයාගෙන තිබුණා. මිනිසා විසින් සාදන ලද විවිධ ගවේෂණ යානා එම ප්‍රදේශයට ළංවෙත්ම කයිපර් පටිය පිළිබඳව ඇදහිය නොහැකි තරමේ තොරතුරු ප්‍රමාණයක් තාරකා විද්‍යාඥ සොයාගත්තා. මෙලෙස සොයාගත් තොරතුරු නිසා අද වෙනකොට සෞරග්‍රහ මණ්ඩලය දෙස බලන ආකාරය විතරක් නෙමෙයි එය නිර්වචනය කර ආකාරයත් වෙනස් වෙලා තියෙනවා. 

නෙප්චූන් ට අමතරව කුයිපර් පටියේ ඇති වස්තූන් පෘථිවියේ විශාලත්වය සමග. මින් කිහිප දෙනෙකුට උප්ග්‍රහයන්ද සිටිනවා (nasa.gov)

ප්ලූටෝ

වර්ෂ 1930 දී වාමන ග්‍රහලෝක අතුරින් ප්ලූටීව මුලින් සොයාගත් කාලයේදී එය සෞරග්‍රහ මණ්ඩලයෙන් නමවෙනි ග්‍රහලෝකයක් ලෙස නම් කළා. පසුව කයිපර් පටිය පිළිබඳව න්‍යායන් සහ සොයා ගැනීම් විශාල ලෙස වර්ධනය උනාට පස්සේ ප්ලෝටෝ කියන්නේ ග්‍රහ ලෝකයක් ද නැත්නම් වෙනත් වස්තුවක් ද යන්න පිළිබඳව විශාල ප්‍රශ්න රාශියක් තාරකා විද්‍යාඥයන්ට ඉතුරු වුණා. ප්ලූටෝගේ ස්කන්ධයට හෝ ප්‍රමාණයට සමාන සමහර ග්‍රහවස්තූන් නැත්නම් වාමන ග්‍රහලෝක කයිපර් තීරයේ තිබිලා සොයා ගන්න කොට, මේ ප්‍රශ්න තව තවත් වැඩි වුණා. දශක ගණනාවක තර්ක විතර්ක වල ප්‍රතිඵලයක් විදිහට වර්ෂ 2006 දී ජාත්‍යන්තර තාරකාවිද්‍යා සංගමය විසින් මේ සොයාගැනීම් හේතුවෙන් ග්‍රහලෝක යනු කුමක්ද යන්න නිශ්චිතව නිර්වචනය කිරීමට පෙළඹුණා.

මේ අනුව ඔවුන් ග්‍රහලෝකයක් වීමට නම් යම් ග්‍රහ වස්තුවක් සතුව තිබිය යුතු ලක්ෂණ තුනක අර්ථ දැක්වීමක් සකස් කළා. මේ ලක්ෂණ පිළිබඳව සසඳන විට ප්ලෝටෝ ඒරිස් මේක්මේක් සහ හවුමේයා සහ තවත් විශාල වස්තුන් ප්‍රමාණයක් මෙලෙස ග්‍රහලෝකයක් වීමේ සුදුසුකම් 3 තුන සපුරාලන්නේ නැති බව තෙරුම් ගත්තා. 

අභ්‍යාවකාශ යානා

කයිපර් පටියට ඇතුළු වූ පළවෙනි අභ්‍යවකාශ යානය වෙන්නේ පයිනියර් 10 කියන යානය. ඒ 1983දී. නමුත් කයිපර් පටිය පවතින අභ්‍යාවකාශ වස්තුවක් වෙත  ගියපු පළවෙනි අභ්‍යවකාශ යානය ලෙස හඳුන්වන්නේ, නාසාහි  නිව් හොරයිසන් කියන අභ්‍යවකාශ යානය වර්ෂ 2015 ජුලි මාසයේදී ප්ලූටෝ සහ එහි චන්ද්‍රයන් චන්ද්‍රයන් වෙත පියාසර කළ අවස්ථාව. 

මේ දක්වා අන්තර් අභ්‍යාවකාශය වෙත ගිය පෘථිවි යානා

කයිපර් පටිය පෘථිවි වාසීන්ට වැදගත් වෙන්නෙ කොහොමද කියලා ඔයාලට දැන් හිතෙන්න පුළුවන්. කවදහරි දවසක තාක්ෂණයේ දියුණුවත් එක්ක සෞරග්‍රහ මණ්ඩලය තුළ ගමන් කරන්නට පුළුවන් අභ්‍යවකාශ යානා බිහි උනොතින්, මනුෂ්‍ය වර්ගයක් කුමක් කරනු ඇත්ද යන්න බොහෝ අය ප්‍රශ්න කළා. ඇතැම් විට එහි ඇති විවිධ අභ්‍යවකාශ වස්තූන් වෙන ග්‍රාහක උල්කාපාත වගේ ඒවා අධ්‍යයනය කරන එක පැත්තක දාලා මිනිස්සු ඒවා මත විශාල කැණීම් කරල යම් යම් වටිනා ලෝහ ලබා ගන්නට උත්සාහ කරාවි. මොකද දැනටමත් අඟහරු සහ බ්‍රහස්පති අතර තියෙන තියෙන ග්‍රාහක පටිය පටියෙ ඇතැම් ග්‍රහක වල තියෙන  තියෙන වටිනා ලෝහ වර්ග ලබා ගැනීම සඳහා මේ කියපු අභ්‍යවකාශ කැණීම් එහෙමත් නැත්නම් ස්පේස් mining කියන සංකල්පය ඔස්සේ කටයුතු කරන ආයතන කිහිපයක් මේ වෙනකොටත් ලෝකයේ බිහි වෙලා තියෙනවා.

දැනට සොයාගෙන තියෙන දත්ත සහ අධ්‍යනයන් වලින් සෞරග්‍රහ මණ්ඩලයේ අවසාන මායිම ලෙස හඳුන්වන කයිපර් පටියේ ඔබ දත-නොදත් විස්තර බොහොමයක් මේ විදිහට ඔබ වෙත ගෙන ඒමට අප අපි උත්සාහ කළා.

අපේ සාර්ථකත්වය පවතින්නේ ඔබ ලබාදෙන ප්‍රතිචාර මත ඒක නිසා බොහොම ආදරයෙන් සහ ගෞරවයෙන් ඉල්ලා සිටිනවා මේ වීඩියෝව ගැන ඔබගේ ප්‍රතිචාර පහත comments section එකේ දක්වන්න කියලා.

කයිපර් පටියෙන් එහාට මොනවද තියෙන්නේ

ඕර්ට් වළාකුල තමයි ඊලඟට තියෙන්නේ

Source

Insane Curiosity : Kuiper Belt: Facts And History!
NASA
ESA

spot_imgspot_img

Subscribe

Related articles

නොවැම්බර් තරු අහස: 2025 දී අනිවාර්යයෙන්ම බලන්න ඕන සිදුවීම්!

2025 නොවැම්බර් මාසය අභ්‍යවකාශයට ආදරය කරන ඔබට නම් මඟහරින්න...

අඟහරුට මාස ගණන් නෑ! දවස් 30න් යන්න රුසියාවෙන් ප්ලාස්මා රොකට් එන්ජිමක්

අභ්‍යවකාශ ගමන් ගැන අලුතෙන්ම කතාබහට ලක්වෙලා තියෙන්නේ රුසියාවෙන් එන ආන්දෝලනාත්මක පුවතක්. ඒ තමයි, ඔවුන් විසින් නිපදවූ ප්ලාස්මා රොකට් එන්ජින් (Plasma Rocket Engine) මඟින්, අඟහරු ග්‍රහයා වෙතට යන ගමන මාස 7-9ක කාලයකින් දවස් 30ක් වැනි කෙටි කාලයකට අඩු කරන්න පුළුවන් කියන එක.

අභ්‍යවකාශයේ අමුත්තා: C/2025 A6 (Lemmon) ධූමකේතුව

තාරකා විද්‍යා ලෝලීන්ට මේ ඔක්තෝබර් මාසයේ අහස දෙස බලා සිටීමට අපූරු හේතුවක් ලැබී තිබේ. ඒ, දීප්තිමත් ලෙස බැබළෙන C/2025 A6 (Lemmon) ධූමකේතුව යි. මුලින් අපේක්ෂා කළාට වඩා බොහෝ සෙයින් දීප්තිමත් වී ඇති මෙම වල්ගා තරුව, වසර දහසකටත් අධික කාලයකට පසු අපේ සෞරග්‍රහ මණ්ඩලයට පැමිණෙන "එක ජීවිත කාලයකට වරක්" පමණක් දැකිය හැකි අසිරිමත් දසුනක් වනු ඇත.

ග්‍රාහක චන්ද්‍රයන්: අභ්‍යවකාශයේ අත්භූත වස්තූ

විශාල ග්‍රහලෝකවලට චන්ද්‍රයන් සිටිනවා වගේම, සමහර ග්‍රාහකවලටත් ඒවාටම අයිති කුඩා චන්ද්‍රයන් සිටිනවා. මේවා ග්‍රාහක චන්ද්‍රයන් (asteroid moons) ලෙස හැඳින්වෙනවා. සාමාන්‍යයෙන් ග්‍රාහකයක් තවත් ග්‍රාහකයක් හා ගැටීමෙන් පසුව ඇතිවන සුන්බුන් කොටස්, මව් ග්‍රාහකයේ ගුරුත්වාකර්ෂණ බලයට හසුවීම නිසා මේ කුඩා චන්ද්‍රයන් නිර්මාණය වෙනවා. සමහර වෙලාවට එක ග්‍රාහකයකට චන්ද්‍රයන් එකකට වඩා වැඩි ගණනක් පවා තිබෙන්න පුළුවන්. මේ චන්ද්‍රයන්, මව් ග්‍රාහකය වටා ගමන් කරන්නේ පුදුම සහගත ආකාරයටයි. ඒවා නියමිත කක්ෂයකට වඩා, එකට එකතු වී අභ්‍යවකාශය හරහා ගමන් කරන අමුතුම යුගල ලෙස හැසිරෙනවා. මෙයට හොඳම උදාහරණයක් තමයි ඉඩා (Ida) සහ එහි කුඩා චන්ද්‍රයා වන ඩැක්ටිල් (Dactyl). නාසා ආයතනයේ ගැලීලියෝ අභ්‍යවකාශ යානය විසින් සොයාගත් මෙම ග්‍රාහක-චන්ද්‍ර යුගලය, මේ ආකාරයේ පද්ධතියක් ගැන විද්‍යාඥයන්ට මුලින්ම අවබෝධයක් ලබා දුන්නා.

2024 YR4 උල්කාපාතය පෘථිවිය මත බලපෑමෙන් වෙන්න පුළුවන් නරකම දේවල්

2024 YR4 ග්‍රහකය 2032 දෙසැම්බර් 22 වන දින පෘථිවිය හා ගැටෙන්නේ නම්, එහි ප්‍රමාණය, වේගය, ඇතුල් වීමේ කෝණය සහ බලපෑමේ ස්ථානය ඇතුළු සාධක කිහිපයක් මත බලපෑමේ බරපතලකම රඳා පවතිනවා. වත්මන් ඇස්තමේන්තු මත පදනම්ව නරකම අවස්ථාව ගවේෂණය කළොත්...
spot_imgspot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here