අඟහරුගේ සූර්‍යග්‍රහණය

NASA හි අඟහරු මත ඇති Perseverance රෝවරය සිය Mastcam-Z කැමරා පද්ධතිය භාවිතා කරමින් 2022 අප්‍රේල් 2 වන දින අඟහරුගේ ග්‍රහයාගේ චන්ද්‍රයින් දෙදෙනෙකුගෙන් එකක් වන Phobos, සූර්යයා සහ අඟහරු අතරින් ගමන් කිරීම නිරීක්ෂණය කළා. මෙම ග්‍රහණය තත්පර 40කට මඳක් වැඩි කාලයක් පැවති අතර, එය පෘථිවියේ සාමාන්‍ය සූර්යග්‍රහණයකට වඩා ඉතා කෙටි කාලයකි. ඊට හේතුව වන්නේ, Phobos පෘථිවි චන්ද්‍රයා මෙන් 157 ගුණයකින් කුඩාවීමය. එය අඟහරු මතුපිටින් මෙතෙක් ලබාගත් ෆෝබෝස් සූර්යග්‍රහණයක වඩාත්ම විශාල නිරීක්ෂණයයි.

පසුගිය වසර 18 පුරාවට අඟහරු rover යානයන් කිහිප දෙනෙකු සූර්යයා ඉදිරියෙන් ෆෝබෝස් තරණය කිරීම නිරීක්ෂණය කර තිබුණා. Spirit සහ Opportunity 2004 දී පළමු නිරීක්ෂණයන් සිදු කරන ලදී. 2019 දී Curiosity මේ සිදුවීමේ වීඩියෝව මුලින්ම පටිගත කලා. මෙම සූර්යග්‍රහණ නිරීක්ෂණය කරන සෑම අවස්ථාවකම, කාලයත් සමඟ ෆෝබෝස්ගේ කක්ෂයේ සියුම් මාරුවීම් මැනීමට විද්‍යාඥයින්ට ඉඩ ලැබෙනවා. ෆෝබෝස් කාලයත් සමඟ කොපමණ ප්‍රමාණයක් කක්ශය වෙනස් කරනවාද යන්න අධ්‍යයනය කිරීමෙන් කබොල සහ මැන්ටලය කෙතරම් ප්‍රතිරෝධීද යන්න සහ ඒවා සෑදී ඇත්තේ කුමන ආකාරයේ ද්‍රව්‍යද යන්න පිළිබඳව තාරකා විද්‍යාඥ්ඥයන්ට අධ්‍යයනය කිරීමට පහසු වනු ඇත.

Mars 2020 Perseverance මෙහෙයුම යනු NASA හි සඳ සිට අඟහරු දක්වා ගවේෂණ ප්‍රවේශයේ කොටසකි, එයට රතු ග්‍රහලෝකයේ මානව ගවේෂණය සඳහා සූදානම් වීමට උපකාර වන චන්ද්‍රයා වෙත ආටෙමිස් මෙහෙයුමද ඇතුළත් වේ.

Credit : NASA/JPL-Caltech/ASU/MSSS/SSI

Source : NASA Jet Propulsion Laboratory

spot_imgspot_img

Subscribe

Related articles

අභ්‍යවකාශ ඡායාරූප: උතුරු ඇමරිකාවේ ලැව්ගිනි දුමාරය ගිනිකඳු වසා ගනී! 🌋

අභ්‍යවකාශ ඡායාරූප මගින් උතුරු ඇමරිකාවේ ලැව්ගිනි දුමාරය පැසිෆික් වයඹ දිග ගිනිකඳු වසා ගන්නා ආකාරය නිරීක්ෂණය කෙරේ. අභ්‍යවකාශයේ සිට පෘථිවියේ දසුන් මෙන්න.

Will the new moon race turn Earth’s nearest neighbor into a dumping ground?

🚀 සඳ මතට යෑම තරඟයක් වෙද්දී... අපේ අසල්වැසියා 'කුණු...

නොවැම්බර් තරු අහස: 2025 දී අනිවාර්යයෙන්ම බලන්න ඕන සිදුවීම්!

2025 නොවැම්බර් මාසය අභ්‍යවකාශයට ආදරය කරන ඔබට නම් මඟහරින්න...

අඟහරුට මාස ගණන් නෑ! දවස් 30න් යන්න රුසියාවෙන් ප්ලාස්මා රොකට් එන්ජිමක්

අභ්‍යවකාශ ගමන් ගැන අලුතෙන්ම කතාබහට ලක්වෙලා තියෙන්නේ රුසියාවෙන් එන ආන්දෝලනාත්මක පුවතක්. ඒ තමයි, ඔවුන් විසින් නිපදවූ ප්ලාස්මා රොකට් එන්ජින් (Plasma Rocket Engine) මඟින්, අඟහරු ග්‍රහයා වෙතට යන ගමන මාස 7-9ක කාලයකින් දවස් 30ක් වැනි කෙටි කාලයකට අඩු කරන්න පුළුවන් කියන එක.

අභ්‍යවකාශයේ අමුත්තා: C/2025 A6 (Lemmon) ධූමකේතුව

තාරකා විද්‍යා ලෝලීන්ට මේ ඔක්තෝබර් මාසයේ අහස දෙස බලා සිටීමට අපූරු හේතුවක් ලැබී තිබේ. ඒ, දීප්තිමත් ලෙස බැබළෙන C/2025 A6 (Lemmon) ධූමකේතුව යි. මුලින් අපේක්ෂා කළාට වඩා බොහෝ සෙයින් දීප්තිමත් වී ඇති මෙම වල්ගා තරුව, වසර දහසකටත් අධික කාලයකට පසු අපේ සෞරග්‍රහ මණ්ඩලයට පැමිණෙන "එක ජීවිත කාලයකට වරක්" පමණක් දැකිය හැකි අසිරිමත් දසුනක් වනු ඇත.
spot_imgspot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here