සෙනසුරු ගැන කෙටියෙන්

රාත්‍රී අහස දෙස බැලුවම දකින්න පුළුවන් දීප්තිමත්ම වස්තූන්ගෙන් එක්කෙනෙක් තමයි මේ සෙනසුරු (Saturn) කියලා කියන්නේ. සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක අටෙන් දෙවන විශාලතම ග්‍රහලෝකය වන සෙනසුරු අනිත් ග්‍රහලෝක වලට වඩා වෙනස් වෙන්නේ ඒ වටා තියෙන දුහුවිලි වළලු පද්ධතිය නිසා. මේ නිසාම ඇතැම් තාරකා විද්‍යාඥයෝ සෙනසුරු හඳුන්වන්නේ ග්‍රහලෝක අතර මැනිකක් කියලා. අද තරු අහසින් වීඩියෝ වෙන්වන්නේ  පෘථිවිය අරය වගේ දස ගුණයක විතරක් තියෙන  සෙනසුරු ග්‍රහලෝකයේ තොරතුරු වෙනුවෙන්.

නාසා හි කැසිනි අභ්‍යවකාශ යානයෙන් ලබාගත් ටයිටන් සහ සෙනසුරුගේ ඡායාරූපය (NASA/JPL-Caltech/Space Science Institute)

අපි කලින් කිව්ව වගේ විශාලත්වය අනුව සෞරග්‍රහ මණ්ඩලයේ තියෙන දෙවන විශාලතම ග්‍රහලෝකය වුණත් සෙනසුරු කියන්නේ සැහැල්ලුම ග්‍රහලෝකය. මේකට ප්‍රධානතම හේතුව වෙන්නේ මේ ග්‍රහලෝකය ප්‍රධාන වශයෙන් හැදිලා තියෙන හයිඩ්‍රජන් සහ හීලියම් කියන වායු වලින් වීම. මේ කියපු විශේෂ කාරණාව නිසා සෞරග්‍රහ මණ්ඩලයේ ජලයට වඩා අඩු ඝනත්වයක් තියෙන එකම ග්‍රහලෝකය සෙනසුරු වෙනවා. කොටින්ම කියනවා නම් සෙනසුරු ජලය පිරි තටාකයකට දැම්මොත් ඒක පාවෙනවා.

සෙනසුරුගෙ කේන්ද්‍රයේ ජලය අයිස් සහ පාෂාණ ද්‍රව්‍යවලින් නිර්මාණය වෙච්ච ඝන හරයක් පිහිටලා තියනවා වුණත් එයට සැබෑ ගොඩබිමක් නම් පිහිටලා නැහැ. ඒ වෙනුවට එය බොහෝ විට වායු ද්‍රව සහ කහ ඇමෝනියා ස්ඵටික වලින් සෑදී ඇති අතර එය ග්‍රහලෝක වටා කරකැවෙමින් රන් පැහැති වලාකුළු සහ කුණාටු නිර්මාණය කරනවා.

NASA-ESA Cassini අභ්‍යවකාශ යානය විසින් 2016 දී ලබාගන්නා ලද සෙනසුරු සහ සෙනසුරුගේ උත්තර ධ්‍රැවයේ ඇති ෂඩාස්‍රාකාර ජෙට් ප්‍රවාහය. (Credit: JPL)

තරු අහස මගින් ඉදිරිපත් කරපු “බ්‍රහස්පති ගැන කෙටියෙන්” නම්  වූ වීඩියෝවෙන් අපි කතා කරා ගොඩබිමක් නැත්නම් මේ ග්‍රහලෝක වල ඇතිවන කුණාටු තත්ත්වයn බොහෝදුරට ඉතා විශාල කාලයක් පුරා පවතිනවා කියලා. සෙනසුරු මතත් මෙයාකාරයෙන් කුණාටු ඇති වෙනවා. සෙනසුරු මත ඇති විශාලතම කුණාටුව එhi උත්තරධ්‍රැවයේ පවතිනවා. පෘථිවියේ අරය වගේ දෙගුණයක පමණ අරයක් තියෙන මේ කුණාටුව පරිපූර්ණ ශඩාස්‍රයක හැඩයකින් යුක්ත වෙනවා. තාරකා විද්‍යාඥයෝ විශ්වාස කරනවා පැති හයකින් ඇතිවන අධිවේගී සුළං ප්‍රවාහ නිසා මේ කුණාටු  ෂඩස්‍රය නිර්මාණය වෙලා තියෙනවා කියලා.

Saturn in brief
2011 වනවිට සෙනසුරු වටා කක්ශගත වූ උප්ග්‍රහයින් 62ක් හඳුනාගෙන තිබූ අතර ඉන් 53 දෙනෙකු නම් කොට තිබුනා.
(Image from NASA/JPL and the Cassini web site)

සෙනසුරු ග්‍රහලෝකයේ නුසුදුසු පරිසරය නිසා ග්‍රහලෝකයට ජීවයක් පවත්වාගෙන නොහැකි වුනත්  සමහර චන්ද්‍රයන්ගේ ජීවයක් පවතින පුළුවන් කියලා තාරකා විද්‍යාඥයෝ සොයා ගත්තා. සෙනසුරු සතුව තහවුරු කරන ලද චන්ද්‍රයන් 80කට වඩා සිටින අතර ඒ සෑම එකක්ම එකක්ම ප්‍රමාණයෙන් සහ භූමි ප්‍රමාණයෙන් එකිනෙකට වෙනස් වෙනවා. සෙනසුරුගෙ කුඩාම චන්ද්‍රයන් ගෙන් කෙනෙක් වන එන්සෙලාඩස් අයිස්වලින් වැසිලා තියෙන අතර එය ඇමරිකාවේ පෙන්සිල්වේනියා ජනපදය තරම් පළලයි. සෙනසුරුගේ විශාලතම චන්ද්‍රයා වන titan කැනඩාව තරම් විශාල වෙනවා.

1981 අගෝස්තු වොයේජර් 2 දුටු සෙනසුරුගේ වළලු සහ චන්ද්‍රයින් (nasa.gov)

වළාකුළු සහ ඝන වායුගෝලයක් සහිත සෞරග්‍රහ මණ්ඩලයේ ඇති එකම චන්ද්‍රයාද වන්නේ titan. titan සහ එන්සෙලාඩස් යන චන්ද්‍රයන් දෙදෙනාගෙම භූගත සාගර ඇති අතර එමගින් ඔවුන්ට ජීවය පවත්වා ගැනීමට හැකියාව තියෙනවා. සෙනසුරුගේ මේ චන්ද්‍රයන්, සෙනසුරුගේ සලකුණ වන වළලු හැඩගැස්වීමේදී විශේෂ කාර්යභාරයක් ඉටු කරනවා. 

සෙනසුරුගේ වළලු පද්ධතිය සමස්ත සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතම හා සංකීර්ණතම වළලු පද්ධතිය වෙනවා. මේ වළලු නිර්මාණය වෙලා තියෙන්නෙ වල්ගතරු, ග්‍රාහක සහ චන්ද්‍රයන්ගේ ශේශ වෙච්ච අයිස් හා පාෂාණමය අවශේෂ  වලින්. මෙම වළලු පද්ධතිය සමන්විත වෙන සමහර අංශු දූවිලි තරම් වන අතර ඇතැම් කොටස් ඉතා විශාල කඳු තරම් වනවා. සෙනසුරු වටා ඇති මේ වළලු පද්ධතිය වළලු කාණ්ඩ හතකට බෙදලා දක්වන්න පුළුවන්. සමස්තයක් වශයෙන්, ඒවා පෘථිවි හතරහමාරක් පමණ පළල් වන අතර ඝනකම සැතපුම් තුනෙන් දෙකක් පමණ වනවා. 

සෙනසුරු ග්‍රහලෝකය සංඛ්‍යාත්මක අගයන් දෙස යොමු වුණත්, සෙනසුරුගේ ඇෆීලියන් නැත්නම් හිරුට තියෙන dhurama අගය ලෙස සඳහන් වෙන්නේ කිලෝමීටර මිලියන 1514ක්. සෙනසුරුගේ perihelion නැතිනම් හිරුට තියෙන ආසන්නම දුර වශයෙන් සඳහන් වෙන්නේ කිලෝමීටර මිලියන 1352ක්.

සූර්යයා වටා පරිභ්‍රමණය වීමට පෘථිවි වර්ෂ 29ක් ගන්න සෙනසුරු තමන්ගේ අක්ෂය වටා භ්‍රමණය වන දවස් 378 ගන්නවා. සමස්ත උපග්‍රහයන් නැත්නම් චන්ද්‍රයන් 83 දෙනෙකුගෙන් සමන්විත වෙන සෙනසුරුගෙ අරය විදිහට සඳහන් වෙන්නේ කිලෝමීටර්  53232ක්. ස්කන්ධයෙන් පෘථිවිය වගේ අනු පස් ගුණයක් විතර වෙන සෙනසුරුගෙ ඝනත්වය පෘථිවියේ ඝනත්වයෙන් 0.1246ක පමණක් අගයක් තමයි ගන්නේ. සෙනසුරුගේ මතුපිට ප්‍රමාණය සඳහන් වෙන්නේ වර්ග කිලෝමීටර මිලියන 42.7ක් විදිහ. ඒ අගය  පෘථිවිය වගේ අසූ තුන් ගුණයක් පමණ වෙනවා. 

සෙනසුරු ග්‍රහයා වසර දහස් ගණනක් පුරා විවිධ විද්‍යාඥයන් සහ ආධුනික  තාරකා විද්‍යාඥයන් ආකර්ෂණය කර ගත්තා. පුරාණ ග්‍රීකයන් සහ රෝමවරුන් තම කෘෂි කර්කර්මාන්තයේ දෙවියන්ගේ නමින් මේ ග්‍රහ ලෝක නම් කළ අතර එය තාරකාවක් යැයි විශ්වාස කළා. 

සෙනසුරු, එහි වළලු මෙන්ම ග්‍රහලෝකයේ ප්‍රධාන අයිස් චන්ද්‍රයන් (graphic by nasa.gov)

ගැලිලියෝ ගැලිලි christiaan huygens සහ giovanni කැසිනි වැනි විද්‍යාඥයන්ට දුරේක්ෂය සොයා ගෙන නොතිබූ නිසා 17 වන සියවස තෙක් වඩාත් සමීපව මේ පිළිබඳ සොයා බැලීමට හැකියාවක් ලැබුණේ නැහැ.

Source : 

Saturn 101 | National Geographic
Wikipedia.org
Earthsky.com

spot_imgspot_img

Subscribe

Related articles

නොවැම්බර් තරු අහස: 2025 දී අනිවාර්යයෙන්ම බලන්න ඕන සිදුවීම්!

2025 නොවැම්බර් මාසය අභ්‍යවකාශයට ආදරය කරන ඔබට නම් මඟහරින්න...

අඟහරුට මාස ගණන් නෑ! දවස් 30න් යන්න රුසියාවෙන් ප්ලාස්මා රොකට් එන්ජිමක්

අභ්‍යවකාශ ගමන් ගැන අලුතෙන්ම කතාබහට ලක්වෙලා තියෙන්නේ රුසියාවෙන් එන ආන්දෝලනාත්මක පුවතක්. ඒ තමයි, ඔවුන් විසින් නිපදවූ ප්ලාස්මා රොකට් එන්ජින් (Plasma Rocket Engine) මඟින්, අඟහරු ග්‍රහයා වෙතට යන ගමන මාස 7-9ක කාලයකින් දවස් 30ක් වැනි කෙටි කාලයකට අඩු කරන්න පුළුවන් කියන එක.

අභ්‍යවකාශයේ අමුත්තා: C/2025 A6 (Lemmon) ධූමකේතුව

තාරකා විද්‍යා ලෝලීන්ට මේ ඔක්තෝබර් මාසයේ අහස දෙස බලා සිටීමට අපූරු හේතුවක් ලැබී තිබේ. ඒ, දීප්තිමත් ලෙස බැබළෙන C/2025 A6 (Lemmon) ධූමකේතුව යි. මුලින් අපේක්ෂා කළාට වඩා බොහෝ සෙයින් දීප්තිමත් වී ඇති මෙම වල්ගා තරුව, වසර දහසකටත් අධික කාලයකට පසු අපේ සෞරග්‍රහ මණ්ඩලයට පැමිණෙන "එක ජීවිත කාලයකට වරක්" පමණක් දැකිය හැකි අසිරිමත් දසුනක් වනු ඇත.

ග්‍රාහක චන්ද්‍රයන්: අභ්‍යවකාශයේ අත්භූත වස්තූ

විශාල ග්‍රහලෝකවලට චන්ද්‍රයන් සිටිනවා වගේම, සමහර ග්‍රාහකවලටත් ඒවාටම අයිති කුඩා චන්ද්‍රයන් සිටිනවා. මේවා ග්‍රාහක චන්ද්‍රයන් (asteroid moons) ලෙස හැඳින්වෙනවා. සාමාන්‍යයෙන් ග්‍රාහකයක් තවත් ග්‍රාහකයක් හා ගැටීමෙන් පසුව ඇතිවන සුන්බුන් කොටස්, මව් ග්‍රාහකයේ ගුරුත්වාකර්ෂණ බලයට හසුවීම නිසා මේ කුඩා චන්ද්‍රයන් නිර්මාණය වෙනවා. සමහර වෙලාවට එක ග්‍රාහකයකට චන්ද්‍රයන් එකකට වඩා වැඩි ගණනක් පවා තිබෙන්න පුළුවන්. මේ චන්ද්‍රයන්, මව් ග්‍රාහකය වටා ගමන් කරන්නේ පුදුම සහගත ආකාරයටයි. ඒවා නියමිත කක්ෂයකට වඩා, එකට එකතු වී අභ්‍යවකාශය හරහා ගමන් කරන අමුතුම යුගල ලෙස හැසිරෙනවා. මෙයට හොඳම උදාහරණයක් තමයි ඉඩා (Ida) සහ එහි කුඩා චන්ද්‍රයා වන ඩැක්ටිල් (Dactyl). නාසා ආයතනයේ ගැලීලියෝ අභ්‍යවකාශ යානය විසින් සොයාගත් මෙම ග්‍රාහක-චන්ද්‍ර යුගලය, මේ ආකාරයේ පද්ධතියක් ගැන විද්‍යාඥයන්ට මුලින්ම අවබෝධයක් ලබා දුන්නා.

2024 YR4 උල්කාපාතය පෘථිවිය මත බලපෑමෙන් වෙන්න පුළුවන් නරකම දේවල්

2024 YR4 ග්‍රහකය 2032 දෙසැම්බර් 22 වන දින පෘථිවිය හා ගැටෙන්නේ නම්, එහි ප්‍රමාණය, වේගය, ඇතුල් වීමේ කෝණය සහ බලපෑමේ ස්ථානය ඇතුළු සාධක කිහිපයක් මත බලපෑමේ බරපතලකම රඳා පවතිනවා. වත්මන් ඇස්තමේන්තු මත පදනම්ව නරකම අවස්ථාව ගවේෂණය කළොත්...
spot_imgspot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here