සෞරග්‍රහ මන්ඩලයේ දැවැන්ත කුණාටු

1989 අගෝස්තු 25 වැනි දින වොයේජර් 2 විසින් ලබාගත් නෙප්චූන්ගේ මෙම ඡායාරූපයෙන් දැක්වෙන්නේ වායුගෝලයේ ඇති කුණාටුවක් වන “මහා අඳුරු පැල්ලම” සමඟ එන නිල් පැහැති වලාකුළුය. (Credits: NASA/JPL-Caltech)

1989 වර්ශයේදී සෞරග්‍රහ මන්ඩලයේ අවසන් ග්‍රහලෝකය වන නෙප්චූන් අසලින් Voyager 2 යානය  ගමන් කරන විට එය පෘථිවියෙන් පිටත් වී වසර 12ක් ගත වී තිබුණා. ඒ වන විට neptune ගැන අප දැන සිටියේ ය අල්ප වූ තොරතුරු ප්‍රමාණයක් පමණයි. වොයෙජර් 2 යානය විසින් නෙප්චූන්ගේ පැහැදිලි ඡායාරූප සහ දත්ත  පෘථිවිය වෙත එවනු ලැබුවා. එලෙස එවනු ලැබූ ඡායාරූප වල අඳුරු තද නිල් පැහැති ලපයක් පෙනෙන්නට තිබුණු අතර විද්‍යාඥයන් විසින් එය එය බ්‍රහස්පතිගේ දක්නට ලැබෙන ආකාරයේ අතිවිශාල කුණාටුවක් බවට මත පළ කළා.

වසර පහකට පසුව නැවතත් හබල් දුරේක්ෂය මගින් 1994 නොවැම්බර් 2 වෙනි දින නෙප්චූන් ගවේෂණය කළා.  විද්‍යාඥයන් පුදුමයට පත් කරමින් නෙප්චූන්හි  කලින් අඳුරු සළකුණ තිබූ ස්ථානයේ තවදුරටත් එය පෙනෙන්නට තිබුණේ නැහැ. ඒ වෙනුවට වෙනත් ස්ථානයක තවත් අඳුරු කළු ලපයක් ඇති වී තිබුණා. ඒ අනුව විද්‍යාඥයන් නැප්චූන් මත ඇති වන මෙම අතිවිශාල කුනාටු තත්වයන් බ්‍රහස්පතිගේ ඇතිවන විශාල කුණාටු තත්ත්වයට සමාන බවට උපකල්පනය කළා.

මේ විඩියෝවෙන් අපි බලමු ඒ වගේ අති විශාල කුණාටු තත්වයන් ඇති වෙන්නේ කොහොමද කියන එකත් බ්‍රහස්පති මත තිබෙන වසර තුන්සිය ගණනක් පැරණි එවන් අති විශාල කුණාටුව තව වසර 20කින් පමණ බ්‍රහස්පතිගේ මතුපිටින් නොපෙනී යාවි කියලා විද්‍යාඥයින් කියන්නේ ඇයි කියන කාරණය ගැනත්.

පෘථිවිය තුල වැඩිම කාලයක් එක දිගට පැවතුණු කුණාටුව කියලා හඳුන්වන්නේ 1994දී පෘථිවියට බලපෑ  ජෝන් කියන කුණාටුව. දින 31ක් තුල ගොඩබිම සහ සයුර හරහා  කිලෝමීටර් 13000 ජෝන් ගමන් කොට තිබුණා. පෘථිවිය තුළ තුල මෙම කුණාටුව ඉතිහාසගත වුනත බ්‍රහස්පතිගේ හෝ නැප්චුන්ගේ දින,සති, මාස නොව අවුරුදු හෝ ශතවර්ශ ගණනක් පුරාවට පවතින කුණාටු සමඟ සංසන්දනය කිරීමට වත් බැහැ.

සෑම වසර 20-30 කට වරක් පුනරාවර්තනය වන සෙනසුරු මත ඇති කුණාටුවක්, 2011 වසරේදී නිරීක්ශණය වූ අයුරු.
(NASA/JPL-CALTECH/SPACE SCIENCE INSTITUTE; CASSINI IMAGING TEAM/CICLOPS)

පෘථිවියේදී නම් සුළි කුණාටුවක් ඇති වෙන්නේ මුහුදෙන් නිකුත් වන උණුසුම් ජල වාෂ්ප නිසා. මේ ජල වාෂ්ප ඉහළ අහසේදී තාපය මුදා හරින හරින වළාකුළු හදනවා. එලෙස රත් වූ වලාකුළු වලින් තාපය පිට වන විට මුහුදට  ආසන්නයෙන් මේ ව්ළාකුළු වෙත සිසිල් සුළං ධාරා ඇද ගැනීමත් සමඟ අඩු පීඩන කලාප ඇති වෙනවා. පෘථිවියේ  භ්‍රමණ හේතුවෙන් සමකය ආසන්නයේ ඇති වන සුළං දහරා  අඩු පීඩන තත්ව නිසා දෙපසට දෙ පසට තල්ලු වෙනව. මේ නිසා සුළි කුණාටු  කැරකෙමින් ගමන් කරනවා. මෙම කැරකෙමින් ගමන් කරන සුලිකුනාටුව ගොඩබිමකට ආවහම එයට අවශ්‍ය කරන රත් වූ  ජල වාෂ්ප නිසි පරිදි නොලැබීම නිසා සෙමෙන් සෙමෙන් සුළි කුණාටු තත්වය පහව යනවා.

බ්‍රහස්පති මත ඇතිවන සුළු කුණාටු පෘථිවියේ දී  ඇතිවන ඒවා මෙන් නොවෙයි. බ්‍රහස්පති මත කුණාටු ඇති වන්නේ අධි පීඩන කලාප වලයි. බ්‍රහස්පතිගේ කුණාටුවට බලය දෙන්නේ කුණාටුවට දෙපසින් තිබෙන අධිවේගී සුළං ප්‍රවාහ දෙකෙන්. මෙමගින් කුණාටුව දෙපසට කරකවමින්, එහෙත් ග්‍රහ ලෝකය පුරාම යන්නේ නැති විදියට මේ වායු ප්‍රවාහ දෙක මැදින් කුනාටුව සිටින සේ තබා ගන්නවා. පෘථිවියේ දී සුළි කුණාටුවක් ඇති වෙන්නේ සූර්යයාගේ තාපය නිසා වුණත් බ්‍රහස්පති මත දී තාපය ලැබෙන්නේ පැරන්හයිට් අංශක 50,000ක පමණ උෂ්ණත්වයක තියෙන බ්‍රහස්පතිගේ යකඩ හරයෙන්.

අධික උෂ්ණත්වය සහ අධික වේගයෙන් ගමන් කරන වළාකුළු සංයෝගය නිසා බ්‍රහස්පතිගේ රතු සළකුණ  කියන සුලි කුණාටුවට ලැබෙනවා පැයට කිලෝමීටර 400ක විතර වේගයක්. බ්‍රහස්පති කියන්නේ  ගෑස් යෝධයෙක් නිසා මෙම කුණාටුව නවත්වන්නට අවශ්‍ය ය ආකාරයේ ගොඩබිම හෝ මුහුදු වෙනසක් බ්‍රහස්පතිගේ භූමියේ නැහැ. 

බ්‍රහස්පති මත ඇති මහා රතු සළකුණ හෙවත් වසර 400ක් පමණ නොඉනසී පවතින සෞරග්‍රහමණ්ඩලයේ කුණාටුව
(NASA/ESA/STScI/Amy Simon via CNN Newsource)

නෙප්චූන්ගේ ඇතිවෙලා තියෙන කුණාටුත් මේ ආකාරයෙන්ම වායුගෝලයේ ගැඹුරේ  අධි පීඩන තත්ව තත්ත්ව යටතේ ඇති වෙන ඒවා. නෙප්චූන්ගේ  කුණාටුවක් ඇති වෙන්න කලින් අධි  පීඩන කලාප වල සුදු පාට මෙතේන් වළාකුළු දැකගන්න පුළුවන්. නෙප්චූන්ගේ මෙයාකාර කුණාටුවක් ඇති උනහම ඒකෙ වේගය පැයට කිලෝ මීටර 2100ක් පමණ වෙනව. සෞරග්‍රහ මණ්ඩලයේ කුණාටුවක තියෙන වැඩිම  වේගය තමයි මේ.

බ්‍රහස්පතිගේ වගේ නෙමෙයි නෙප්චූන්ගේ කුණාටු ඇති උනාම ග්‍රහලෝකය පුරාම යනවා. මේ විදියට ඔබ මොබ යන කුණාටු ඒ හරහා යන වෙනත් සුළං තත්ත්වයන් නිසා වේගය අඩාල වෙනවා. මේ හේතුව නිසා නෙප්චුන් තුළ ඇතිවන කුණාටු මාස ගණනක සිට අවුරුදු ගණනක් දක්වා නොනැසී තිබෙන්නට  පුළුවන් වුණත් බ්‍රහස්පතිගේ තරම් නම් ශතවර්ශ ගණනාවක් පුරා තිබෙන එකක් නැති වෙයි.. 

බ්‍රහස්පති මත ඇති මහා රතු සළකුණ පිළිබඳ හබල් අභ්‍යාවකාශ දුරේක්ශයේ නිරීක්ෂණය
(NASA/ESA/Amy Simon via CNN Newsource)

බ්‍රහස්පති,  දුරේක්ෂයක් ආධාරයෙන් පෘථිවියේ ඉඳලා  බලන්න පුළුවන් නිසා බ්‍රහස්පතිගේ මෙම රතු සළකුණ  පිළිබඳ ගවේෂණය, බ්‍රහස්පති සොයා ගත් ජියෝන් කැසිනි ගේ පළමු බ්‍රහස්පති ගවේෂණය වන 1665 වසර දක්වා ඈත ට  දිව යනවා. එදා සිට මේ දක්වා කාලය තුළ නොනැසී මෙම විශාල අතිවිශාල කුණාටුව පැවතුනත් මෑතකදී සිදුකල ගවේෂණයන් වලින්  කුණාටුව කෙමෙන් කෙමෙන් අඩාල වන බවක් පෙනෙන්නට තිබෙනවා. 19 වන ශත වර්ෂයේ මුලදී සිදු මුල දී සිදු කරන ලද ගවේෂණයන් වල දී බ්‍රහස්පතිගේ  මෙම  රතු ලපයේ දිග කිලෝමීටර් හතළිස් දහසක් පමණ  බවත් පළල කිලෝමීටර් දසදහසකට වැඩි බවත් සොයාගත්තා. ඒ අවස්ථාවේදී අවම වශයෙන් කුණාටුවේ පළල පෘථිවියේ වගේ තුන් ගුණයක් පමණ වුනා.

70 දශකයේ දී  වොයේජර් 1 යානය බ්‍රහස්පති අසලින් ගමන් කරන විට එම කුණාටුවේ පළල අඩක් පමණ වන තෙක් අඩුවී තිබුණා. මෑතකදී  හබල් දුරේක්ෂය ආධාරයෙන් කරන ලද ගවේෂණයන් වලින් වසරකට කිලෝ මීටර් 1000 කින් පමණ කුණාටුවේ පළල අඩු වන බව සොයා ගැනුණ. ඒ අනුව බලන කළ තවත් වසර 20 කින් හෝ 30 කින් මෙය සදහටම බ්‍රහස්පති මතින්  නැති වී යාවි. විශාලත්වයෙන් අඩුවනවා ලෙස පෙනුනත් සැබැවින්ම සිදුවන්නේ කුඩා කුඩා සුළං ධාරාවන් වලට මෙම කුණාටුව කැඩීයාමක් සහ එලෙස කැඩෙන කුඩා කුණාටු අඳුරු වීමක්. 

2014 අගෝස්තු 6 වන දින විද්‍යාඥයින් යුරේනස් මත නිරීක්ෂණය කරන ලද දීප්තිමත් කුණාටු. (Image credit: Imke de Pater (UC Berkeley)/Keck Observatory)

විද්‍යාඥයන් විශ්වාස කරනවා එම කුණාටුවේ රතු පාටට පෙනෙන කොටසේ මැද කොටස  පාරජම්බුල කිරණ වලට වැඩිපුර නිරාවරණය වෙලා, රසායනික ප්‍රතික්‍රියාව කින් එම වර්ණය ආවා කියල. කොහොම වුණත් බ්‍රහස්පතිගේ කුණාටු ගැන තවමත් නොදන්න ප්‍රමාණය වැඩියි. නෙප්චූන්ගේ කුණාටුව හොයාගත්ත වෙලාවේ විද්‍යාඥයා සිතුවේ ඒකත් බ්‍රහස්පති කුණාටුව වගේ කවදාවත් නැති වෙන එකක් නැහැ කියලා. බ්‍රහස්පතිගේ කුණාටුවේ උෂ්ණත්වයත් හිතුවට වඩා වැඩියි. බ්‍රහස්පතිගේ රතු සළකුණ  මැද කොටසේ උෂ්ණත්වය ෆැරන්හයිට්  අංශක 1300ක් පමණ වෙනවා.

තාක්ෂණය කොච්චර දුරට දියුණු වුණත් මේ ප්‍රධාන ග්‍රහලෝක ගැන සැඟවුණු රහස් තවත් තියෙනවා. කොහොම වුණත් නුදුරු අනාගතයේ දී සෞරග්‍රහ මණ්ඩලයේ ප්‍රධාන සංකේතයක් වන බ්‍රහස්පතිගේ රතු සළකුණ  සදහටම නැතිවී යාවි. ඒ ගැන කරන ගවේෂණයන් සහ අධ්‍යයනයන් සෞරග්‍රහ මණ්ඩලයේ පැවැත්ම පිළිබඳ පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට මහඟු ලෙස උපකාරී වේවි. 


SOURCE :

Primal Space : The Power of Jupiter’s Red Spot
V101 Science : What Is Jupiter’s Great Red Spot?
NASA / JPL
ESA
NASA / Goddard Centre
WIKIPEDIA.COM

spot_imgspot_img

Subscribe

Related articles

නොවැම්බර් තරු අහස: 2025 දී අනිවාර්යයෙන්ම බලන්න ඕන සිදුවීම්!

2025 නොවැම්බර් මාසය අභ්‍යවකාශයට ආදරය කරන ඔබට නම් මඟහරින්න...

අඟහරුට මාස ගණන් නෑ! දවස් 30න් යන්න රුසියාවෙන් ප්ලාස්මා රොකට් එන්ජිමක්

අභ්‍යවකාශ ගමන් ගැන අලුතෙන්ම කතාබහට ලක්වෙලා තියෙන්නේ රුසියාවෙන් එන ආන්දෝලනාත්මක පුවතක්. ඒ තමයි, ඔවුන් විසින් නිපදවූ ප්ලාස්මා රොකට් එන්ජින් (Plasma Rocket Engine) මඟින්, අඟහරු ග්‍රහයා වෙතට යන ගමන මාස 7-9ක කාලයකින් දවස් 30ක් වැනි කෙටි කාලයකට අඩු කරන්න පුළුවන් කියන එක.

අභ්‍යවකාශයේ අමුත්තා: C/2025 A6 (Lemmon) ධූමකේතුව

තාරකා විද්‍යා ලෝලීන්ට මේ ඔක්තෝබර් මාසයේ අහස දෙස බලා සිටීමට අපූරු හේතුවක් ලැබී තිබේ. ඒ, දීප්තිමත් ලෙස බැබළෙන C/2025 A6 (Lemmon) ධූමකේතුව යි. මුලින් අපේක්ෂා කළාට වඩා බොහෝ සෙයින් දීප්තිමත් වී ඇති මෙම වල්ගා තරුව, වසර දහසකටත් අධික කාලයකට පසු අපේ සෞරග්‍රහ මණ්ඩලයට පැමිණෙන "එක ජීවිත කාලයකට වරක්" පමණක් දැකිය හැකි අසිරිමත් දසුනක් වනු ඇත.

ග්‍රාහක චන්ද්‍රයන්: අභ්‍යවකාශයේ අත්භූත වස්තූ

විශාල ග්‍රහලෝකවලට චන්ද්‍රයන් සිටිනවා වගේම, සමහර ග්‍රාහකවලටත් ඒවාටම අයිති කුඩා චන්ද්‍රයන් සිටිනවා. මේවා ග්‍රාහක චන්ද්‍රයන් (asteroid moons) ලෙස හැඳින්වෙනවා. සාමාන්‍යයෙන් ග්‍රාහකයක් තවත් ග්‍රාහකයක් හා ගැටීමෙන් පසුව ඇතිවන සුන්බුන් කොටස්, මව් ග්‍රාහකයේ ගුරුත්වාකර්ෂණ බලයට හසුවීම නිසා මේ කුඩා චන්ද්‍රයන් නිර්මාණය වෙනවා. සමහර වෙලාවට එක ග්‍රාහකයකට චන්ද්‍රයන් එකකට වඩා වැඩි ගණනක් පවා තිබෙන්න පුළුවන්. මේ චන්ද්‍රයන්, මව් ග්‍රාහකය වටා ගමන් කරන්නේ පුදුම සහගත ආකාරයටයි. ඒවා නියමිත කක්ෂයකට වඩා, එකට එකතු වී අභ්‍යවකාශය හරහා ගමන් කරන අමුතුම යුගල ලෙස හැසිරෙනවා. මෙයට හොඳම උදාහරණයක් තමයි ඉඩා (Ida) සහ එහි කුඩා චන්ද්‍රයා වන ඩැක්ටිල් (Dactyl). නාසා ආයතනයේ ගැලීලියෝ අභ්‍යවකාශ යානය විසින් සොයාගත් මෙම ග්‍රාහක-චන්ද්‍ර යුගලය, මේ ආකාරයේ පද්ධතියක් ගැන විද්‍යාඥයන්ට මුලින්ම අවබෝධයක් ලබා දුන්නා.

2024 YR4 උල්කාපාතය පෘථිවිය මත බලපෑමෙන් වෙන්න පුළුවන් නරකම දේවල්

2024 YR4 ග්‍රහකය 2032 දෙසැම්බර් 22 වන දින පෘථිවිය හා ගැටෙන්නේ නම්, එහි ප්‍රමාණය, වේගය, ඇතුල් වීමේ කෝණය සහ බලපෑමේ ස්ථානය ඇතුළු සාධක කිහිපයක් මත බලපෑමේ බරපතලකම රඳා පවතිනවා. වත්මන් ඇස්තමේන්තු මත පදනම්ව නරකම අවස්ථාව ගවේෂණය කළොත්...
spot_imgspot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here