
1989 වර්ශයේදී සෞරග්‍රහ මන්ඩලයේ අවසන් ග්‍රහලෝකය වන නෙප්චූන් අසලින් Voyager 2 යානය ගමන් කරන විට එය පෘථිවියෙන් පිටත් වී වසර 12ක් ගත වී තිබුණා. ඒ වන විට neptune ගැන අප දැන සිටියේ ය අල්ප වූ තොරතුරු ප්‍රමාණයක් පමණයි. වොයෙජර් 2 යානය විසින් නෙප්චූන්ගේ පැහැදිලි ඡායාරූප සහ දත්ත පෘථිවිය වෙත එවනු ලැබුවා. එලෙස එවනු ලැබූ ඡායාරූප වල අඳුරු තද නිල් පැහැති ලපයක් පෙනෙන්නට තිබුණු අතර විද්‍යාඥයන් විසින් එය එය බ්‍රහස්පතිගේ දක්නට ලැබෙන ආකාරයේ අතිවිශාල කුණාටුවක් බවට මත පළ කළා.
වසර පහකට පසුව නැවතත් හබල් දුරේක්ෂය මගින් 1994 නොවැම්බර් 2 වෙනි දින නෙප්චූන් ගවේෂණය කළා. විද්‍යාඥයන් පුදුමයට පත් කරමින් නෙප්චූන්හි කලින් අඳුරු සළකුණ තිබූ ස්ථානයේ තවදුරටත් එය පෙනෙන්නට තිබුණේ නැහැ. ඒ වෙනුවට වෙනත් ස්ථානයක තවත් අඳුරු කළු ලපයක් ඇති වී තිබුණා. ඒ අනුව විද්‍යාඥයන් නැප්චූන් මත ඇති වන මෙම අතිවිශාල කුනාටු තත්වයන් බ්‍රහස්පතිගේ ඇතිවන විශාල කුණාටු තත්ත්වයට සමාන බවට උපකල්පනය කළා.
මේ විඩියෝවෙන් අපි බලමු ඒ වගේ අති විශාල කුණාටු තත්වයන් ඇති වෙන්නේ කොහොමද කියන එකත් බ්‍රහස්පති මත තිබෙන වසර තුන්සිය ගණනක් පැරණි එවන් අති විශාල කුණාටුව තව වසර 20කින් පමණ බ්‍රහස්පතිගේ මතුපිටින් නොපෙනී යාවි කියලා විද්‍යාඥයින් කියන්නේ ඇයි කියන කාරණය ගැනත්.
පෘථිවිය තුල වැඩිම කාලයක් එක දිගට පැවතුණු කුණාටුව කියලා හඳුන්වන්නේ 1994දී පෘථිවියට බලපෑ ජෝන් කියන කුණාටුව. දින 31ක් තුල ගොඩබිම සහ සයුර හරහා කිලෝමීටර් 13000 ජෝන් ගමන් කොට තිබුණා. පෘථිවිය තුළ තුල මෙම කුණාටුව ඉතිහාසගත වුනත බ්‍රහස්පතිගේ හෝ නැප්චුන්ගේ දින,සති, මාස නොව අවුරුදු හෝ ශතවර්ශ ගණනක් පුරාවට පවතින කුණාටු සමඟ සංසන්දනය කිරීමට වත් බැහැ.

(NASA/JPL-CALTECH/SPACE SCIENCE INSTITUTE; CASSINI IMAGING TEAM/CICLOPS)
පෘථිවියේදී නම් සුළි කුණාටුවක් ඇති වෙන්නේ මුහුදෙන් නිකුත් වන උණුසුම් ජල වාෂ්ප නිසා. මේ ජල වාෂ්ප ඉහළ අහසේදී තාපය මුදා හරින හරින වළාකුළු හදනවා. එලෙස රත් වූ වලාකුළු වලින් තාපය පිට වන විට මුහුදට ආසන්නයෙන් මේ ව්ළාකුළු වෙත සිසිල් සුළං ධාරා ඇද ගැනීමත් සමඟ අඩු පීඩන කලාප ඇති වෙනවා. පෘථිවියේ භ්‍රමණ හේතුවෙන් සමකය ආසන්නයේ ඇති වන සුළං දහරා අඩු පීඩන තත්ව නිසා දෙපසට දෙ පසට තල්ලු වෙනව. මේ නිසා සුළි කුණාටු කැරකෙමින් ගමන් කරනවා. මෙම කැරකෙමින් ගමන් කරන සුලිකුනාටුව ගොඩබිමකට ආවහම එයට අවශ්‍ය කරන රත් වූ ජල වාෂ්ප නිසි පරිදි නොලැබීම නිසා සෙමෙන් සෙමෙන් සුළි කුණාටු තත්වය පහව යනවා.
බ්‍රහස්පති මත ඇතිවන සුළු කුණාටු පෘථිවියේ දී ඇතිවන ඒවා මෙන් නොවෙයි. බ්‍රහස්පති මත කුණාටු ඇති වන්නේ අධි පීඩන කලාප වලයි. බ්‍රහස්පතිගේ කුණාටුවට බලය දෙන්නේ කුණාටුවට දෙපසින් තිබෙන අධිවේගී සුළං ප්‍රවාහ දෙකෙන්. මෙමගින් කුණාටුව දෙපසට කරකවමින්, එහෙත් ග්‍රහ ලෝකය පුරාම යන්නේ නැති විදියට මේ වායු ප්‍රවාහ දෙක මැදින් කුනාටුව සිටින සේ තබා ගන්නවා. පෘථිවියේ දී සුළි කුණාටුවක් ඇති වෙන්නේ සූර්යයාගේ තාපය නිසා වුණත් බ්‍රහස්පති මත දී තාපය ලැබෙන්නේ පැරන්හයිට් අංශක 50,000ක පමණ උෂ්ණත්වයක තියෙන බ්‍රහස්පතිගේ යකඩ හරයෙන්.
අධික උෂ්ණත්වය සහ අධික වේගයෙන් ගමන් කරන වළාකුළු සංයෝගය නිසා බ්‍රහස්පතිගේ රතු සළකුණ කියන සුලි කුණාටුවට ලැබෙනවා පැයට කිලෝමීටර 400ක විතර වේගයක්. බ්‍රහස්පති කියන්නේ ගෑස් යෝධයෙක් නිසා මෙම කුණාටුව නවත්වන්නට අවශ්‍ය ය ආකාරයේ ගොඩබිම හෝ මුහුදු වෙනසක් බ්‍රහස්පතිගේ භූමියේ නැහැ.

(NASA/ESA/STScI/Amy Simon via CNN Newsource)
නෙප්චූන්ගේ ඇතිවෙලා තියෙන කුණාටුත් මේ ආකාරයෙන්ම වායුගෝලයේ ගැඹුරේ අධි පීඩන තත්ව තත්ත්ව යටතේ ඇති වෙන ඒවා. නෙප්චූන්ගේ කුණාටුවක් ඇති වෙන්න කලින් අධි පීඩන කලාප වල සුදු පාට මෙතේන් වළාකුළු දැකගන්න පුළුවන්. නෙප්චූන්ගේ මෙයාකාර කුණාටුවක් ඇති උනහම ඒකෙ වේගය පැයට කිලෝ මීටර 2100ක් පමණ වෙනව. සෞරග්‍රහ මණ්ඩලයේ කුණාටුවක තියෙන වැඩිම වේගය තමයි මේ.
බ්‍රහස්පතිගේ වගේ නෙමෙයි නෙප්චූන්ගේ කුණාටු ඇති උනාම ග්‍රහලෝකය පුරාම යනවා. මේ විදියට ඔබ මොබ යන කුණාටු ඒ හරහා යන වෙනත් සුළං තත්ත්වයන් නිසා වේගය අඩාල වෙනවා. මේ හේතුව නිසා නෙප්චුන් තුළ ඇතිවන කුණාටු මාස ගණනක සිට අවුරුදු ගණනක් දක්වා නොනැසී තිබෙන්නට පුළුවන් වුණත් බ්‍රහස්පතිගේ තරම් නම් ශතවර්ශ ගණනාවක් පුරා තිබෙන එකක් නැති වෙයි..

(NASA/ESA/Amy Simon via CNN Newsource)
බ්‍රහස්පති, දුරේක්ෂයක් ආධාරයෙන් පෘථිවියේ ඉඳලා බලන්න පුළුවන් නිසා බ්‍රහස්පතිගේ මෙම රතු සළකුණ පිළිබඳ ගවේෂණය, බ්‍රහස්පති සොයා ගත් ජියෝන් කැසිනි ගේ පළමු බ්‍රහස්පති ගවේෂණය වන 1665 වසර දක්වා ඈත ට දිව යනවා. එදා සිට මේ දක්වා කාලය තුළ නොනැසී මෙම විශාල අතිවිශාල කුණාටුව පැවතුනත් මෑතකදී සිදුකල ගවේෂණයන් වලින් කුණාටුව කෙමෙන් කෙමෙන් අඩාල වන බවක් පෙනෙන්නට තිබෙනවා. 19 වන ශත වර්ෂයේ මුලදී සිදු මුල දී සිදු කරන ලද ගවේෂණයන් වල දී බ්‍රහස්පතිගේ මෙම රතු ලපයේ දිග කිලෝමීටර් හතළිස් දහසක් පමණ බවත් පළල කිලෝමීටර් දසදහසකට වැඩි බවත් සොයාගත්තා. ඒ අවස්ථාවේදී අවම වශයෙන් කුණාටුවේ පළල පෘථිවියේ වගේ තුන් ගුණයක් පමණ වුනා.
70 දශකයේ දී වොයේජර් 1 යානය බ්‍රහස්පති අසලින් ගමන් කරන විට එම කුණාටුවේ පළල අඩක් පමණ වන තෙක් අඩුවී තිබුණා. මෑතකදී හබල් දුරේක්ෂය ආධාරයෙන් කරන ලද ගවේෂණයන් වලින් වසරකට කිලෝ මීටර් 1000 කින් පමණ කුණාටුවේ පළල අඩු වන බව සොයා ගැනුණ. ඒ අනුව බලන කළ තවත් වසර 20 කින් හෝ 30 කින් මෙය සදහටම බ්‍රහස්පති මතින් නැති වී යාවි. විශාලත්වයෙන් අඩුවනවා ලෙස පෙනුනත් සැබැවින්ම සිදුවන්නේ කුඩා කුඩා සුළං ධාරාවන් වලට මෙම කුණාටුව කැඩීයාමක් සහ එලෙස කැඩෙන කුඩා කුණාටු අඳුරු වීමක්.

විද්‍යාඥයන් විශ්වාස කරනවා එම කුණාටුවේ රතු පාටට පෙනෙන කොටසේ මැද කොටස පාරජම්බුල කිරණ වලට වැඩිපුර නිරාවරණය වෙලා, රසායනික ප්‍රතික්‍රියාව කින් එම වර්ණය ආවා කියල. කොහොම වුණත් බ්‍රහස්පතිගේ කුණාටු ගැන තවමත් නොදන්න ප්‍රමාණය වැඩියි. නෙප්චූන්ගේ කුණාටුව හොයාගත්ත වෙලාවේ විද්‍යාඥයා සිතුවේ ඒකත් බ්‍රහස්පති කුණාටුව වගේ කවදාවත් නැති වෙන එකක් නැහැ කියලා. බ්‍රහස්පතිගේ කුණාටුවේ උෂ්ණත්වයත් හිතුවට වඩා වැඩියි. බ්‍රහස්පතිගේ රතු සළකුණ මැද කොටසේ උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 1300ක් පමණ වෙනවා.
තාක්ෂණය කොච්චර දුරට දියුණු වුණත් මේ ප්‍රධාන ග්‍රහලෝක ගැන සැඟවුණු රහස් තවත් තියෙනවා. කොහොම වුණත් නුදුරු අනාගතයේ දී සෞරග්‍රහ මණ්ඩලයේ ප්‍රධාන සංකේතයක් වන බ්‍රහස්පතිගේ රතු සළකුණ සදහටම නැතිවී යාවි. ඒ ගැන කරන ගවේෂණයන් සහ අධ්‍යයනයන් සෞරග්‍රහ මණ්ඩලයේ පැවැත්ම පිළිබඳ පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට මහඟු ලෙස උපකාරී වේවි.
SOURCE :
Primal Space : The Power of Jupiter’s Red Spot
V101 Science : What Is Jupiter’s Great Red Spot?
NASA / JPL
ESA
NASA / Goddard Centre
WIKIPEDIA.COM


