විශ්වයේ විසිරී ඇති බොහෝ අමුතු මන්දාකිණි 2 කොටස

ඔබට මතක ඇති විශ්වයේ අමුතු හැඩැති මණ්දාකිනි ගැන අපි ගෙන ආව පළමු වීඩියෝව. අපි කිව්ව වගෙම, දෙවනි කොටස ඉක්මනින්ම අරගෙන ආවා.

වැඩි කතා පැත්තක තියල අපි යමු අපේ ඇස් ඉදිරිපිට දිග හැරෙන විශ්වයේ බොහොම මනස්කාන්ත මන්දාකිණි වල සිට නිශ්චල ඡයාරූපවල ඉතා සාමකාමී යැයි පෙනෙන මුත්, ප්‍රචණ්ඩකාරී මන්දාකිණි ඝට්ටන දක්වා ඇති, විශ්වයේ ඇති අමුතුම මන්දාකිණි 25 ගැන පළ වන වීඩියෝවේ දෙවන කොටස බලන්න.

  1. Messier 81  

Messier 81 / NGC 3031 හෝ Bode’s Galaxy ලෙසද හැඳින්වෙන මේ මණ්දාකිණිය Ursa Major   තාරකා මණ්ඩලයේ ආලෝක වර්ෂ මිලියන 12ක් පමණ ඈතින් පිහිටි මහා නිර්මාණ සර්පිලාකාර මන්දාකිණියක් . එහි විෂ්කම්භය කිලෝපාර්සෙක් 29.44 ක් නැත්නම් ආලෝක වර්ෂ 96,000 පමණ වෙනවා. ක්ෂීරපථ මන්දාකිණියට එහි සාපේක්ෂ සමීපබව, විශාල ප්‍රමාණය සහ ක්‍රියාකාරී මන්දාකිණි න්‍යෂ්ටිය නිසා මෙසියර් 81, වෘත්තීය තාරකා විද්‍යාඥයින් විසින් පුළුල් ලෙස අධ්‍යයනය කරනවා. මන්දාකිනියේ විශාල ප්‍රමාණය සහ සාපේක්ෂ ඉහළ දීප්තිය ද එය ආධුනික තාරකා විද්‍යාඥයින් සඳහා ජනප්‍රිය ඉලක්කයක් බවට පත් කරනවා. 

Messier 81 ප්‍රථම වරට 1774 දෙසැම්බර් 31 වන දින Johann Elert Bode විසින් සොයා ගන්නා ලද නිසා එය ඇතැම් විට “Bode’s Galaxy” ලෙසද හැඳින්වෙනවා. 1779 දී Pierre Méchain සහ Charles Messier විසින් Bode ගේ වස්තුව නැවත හඳුනා ගත් අතර, අනතුරුව එය Messier නාමාවලියෙහි ලැයිස්තුගත කළා . 

මෙසියර් 81 හි මේ දක්වා එක් සුපර්නෝවාවක් පමණක් අනාවරණය කර ගෙන තිබෙනවා. SN 1993J නම් වූ සුපර්නෝවාwa 1993 මාර්තු 28 දින ස්පාඤ්ඤයේ F. García විසින් සොයා ගත්තා . එය, එකල 20 වන සියවසේ නිරීක්ෂණය කරන ලද දෙවන දීප්තිමත්ම සුපර්නෝවා වූ අතර, දීප්තියේ විශාලත්වය magnitude ඒකක 10.7 තරම් ඉහළ ගිය බවත් සඳහන්. 

  1. Antennae Galaxies  

Antennae Galaxies නෝසේනම් NGC 4038 / NGC 4039 යුගලය හෝ Caldwell 60 / Caldwell 61 ලෙස හැඳින්වෙන මන්දාකිණි යුගලය යනු Corvus තාරකා මණ්ඩලයේ අන්තර් ක්‍රියාකාරී මන්දාකිණි යුගලයක්. ඔවුන් දැනට explosive phase එකක් නැත්නම් තරු පිපිරුම් අවධියක් හරහා ගමන් කරමින් සිටින අතර, ඔබමොබ යන චුම්බක ක්ෂේත්‍ර සමඟ වායු හා දූවිලි වළාකුළු ගැටීම තරු සෑදීම වේගවත් වීමට හේතු වනවා. 

ඒවා 1785 දී විලියම් හර්ෂල් විසින් සොයා ගන්නා ලද අතර NGC 4038 කාණ්ඩයේ තවත් මන්දාකිණි පහක් සමඟින් පිහිටා ඇති මෙම මන්දාකිණි දෙක Antennae Galaxies ලෙස හඳුන්වනු ලබන්නේ ගැටීමේ ප්‍රතිඵලයක් ලෙස මන්දාකිණිවලින් පිටවන වායු සහ දූවිලි වල දිගු වලිග දෙක කෘමියෙකුගේ හිසෙහි ඇන්ටෙනාවලට සමාන බැවිනි.

ගැටුමෙන් පසුව මන්දාකිණි දෙකේ න්යෂ්ටි එක් යෝධ මන්දාකිණියක් බවට පත් වනවා. විශ්වයේ පවතින බොහෝ මන්දාකිණි ඔවුන්ගේ ජීවිත කාලය තුළ අවම වශයෙන් එක් සැලකිය යුතු ඝට්ටනයකට ලක් වනවා. ඔබ මේ වන විටත් දන්නවා ඇති අපේ ක්ෂීරපථය ඇන්ඩ්‍රොමීඩා මන්දාකිණිය හා අනාගතයේදී ගැටීමට නියමිත බව.

NGC 4038 හි මේ දක්වා සුපර්නෝවා පහක් සොයාගෙන තිබෙන අතර ඒවා නම් කර තිබෙන්නේ SN 1921A , SN 1974E , SN 2004GT , SN 2007sr සහ SN 2013dk යනුවෙන්.

මෑතදී සිදුකළ අධ්‍යයනයකින් හෙළි වුනේ මෙම අන්තර් ක්‍රියාකාරී මන්දාකිණි කලින් සිතුවාට වඩා ක්ෂීරපථයෙන් අඩු දුරකින් තිබෙනව කියලා. හරියටම කිව්වොත්, ආලෝක වර්ෂ මිලියන 65ක් දුරින් තියෙනව කියල මෙතෙක් කල් හිතාගෙන හිටියට ඇත්තටම දුර වෙන්නෙ ආලෝක වර්ෂ මිලියන 45ක් කියල තමයි නවතම ගණනය කිරීම් වලින් පෙනී ගිහිල්ල තියෙන්නේ. 

වසර බිලියන 1.2 කට පමණ පෙර මෙම මණ්දාකිණි යුගලය වෙනම මන්දාකිණි දෙකක් විදියට තමයි තිබිල තියෙන්නේ. NGC 4038 එක් සර්පිලාකාර මන්දාකිණියක් වූ අතර NGC 4039 යනු තවත් සර්පිලාකාර මන්දාකිණියක් වුනා. වසර මිලියන 900 කට පමණ පෙර, මෙම මණ්දාකිණි යුගලය NGC 2207 සහ IC 2163 ට සමාන ලෙස පෙනෙන පරිදි එකිනෙකට සමීප වීමට පටන් ගත්තා . මීට වසර මිලියන 600 කට පමණ පෙර, මෙම මණ්දාකිණි යුගලය එකිනෙක ලx වෙන්නට පටන් ගත්තා . වසර මිලියන 300 කට පමණ පෙර, මන්දාකිණි දෙක අපි කලින් කිව්ව වගේ අන්තර් ක්‍රියා කරන්නට පටන් ගත්තා. 

  1. Sombrero Galaxy  

Sombrero Galaxy හඳුන්වන නම් කීපයක්ම තියෙනවා. Messier 104 , M104 හෝ NGC 4594 ලෙසද හැඳින්වෙන මේ මණ්දාකිණිය කන්‍යා සහ කොර්වුස් රාශියේ මායිම්වල සිට ආලෝක වර්ෂ මිලියන 9.55 පමණ දුරින් පිහිටි සුවිශේෂී මන්දාකිණියක් . එය Virgo Supercluster එකේ නැත්නම් Virgo තරු පොකුරේ දකුණු කෙළවරේ සිට විහිදුනු මන්දාකිණි පොකුරු මාලාවක් වන Virgo II කණ්ඩායම් වල සාමාජිකයෙක්. එහි විෂ්කම්භය ආසන්න වශයෙන් කිලෝපාර්සෙක් 15 නැත්නම් ආසන්න වශයෙන් ආලෝක වර්ෂ 49,000 පමණ වන අතර එම ප්‍රමානය ක්ෂීරපථයේ ප්‍රමාණයෙන් දහයෙන් තුනක් පමණ වනවා.

එහි දීප්තිමත් න්‍යෂ්ටියක්, අසාමාන්‍ය ලෙස විශාල මධ්‍යම න්‍යෂ්ඨියක් සහ එහි පිටත තැටියේ ප්‍රමුඛ දූවිලි මංතීරුවක් දකින්න පුළුවන්. අඳුරු දූවිලි මංතීරුව සහ පිටතට නෙරා ඇති කොටස නිසා එයට සෝම්බ්‍රෙරෝ තොප්පියක පෙනුමක් ලබා දෙනවා. තාරකා විද්‍යාඥයන් මුලින් සිතුවේ මණ්දාකිණිය කුඩා සහ සැහැල්ලු බවත්, එය සර්පිලාකාර මන්දාකිණියක් පෙන්නුම් කරනවා ඇති කියලා. නමුත් ස්පිට්සර් අභ්‍යවකාශ දුරේක්ෂය මගින් යෝධ ඉලිප්සාකාර මන්දාකිණිය පෙන්නුම් කරන දූවිලි වළල්ල කලින් සිතුවාට වඩා විශාල සහ විශාල බව සොයා ගත්තා . 

Sombrero Galaxy 1781 මැයි 11 වන දින Pierre Méchain විසින් සොයා ගන්නා ලද අතර, ඔහු 1783 මැයි මාසයේදී J. Bernoulli වෙත ලිපියක් මගින් වස්තුව විස්තර කළ අතර එය පසුව “වාර්ෂික බර්ලින් තාරකා විද්‍යා පොතෙහි” ප්‍රකාශයට පත් කළා .

ඉහත සඳහන් කළ පරිදි, මෙම මන්දාකිනියේ වඩාත්ම කැපී පෙනෙන ලක්ෂණය වන්නේ මන්දාකිනියේ පිටතට නෙරා ඇති කොටස ඉදිරිපිටින් ගමන් කරන දූවිලි මංතීරුවයි. මෙම දූවිලි මංතීරුව ඇත්ත වශයෙන්ම මන්දාකිනියේ පිටතට නෙරා ඇති කොටස වට කර ඇති සමමිතික වළල්ලක්. බොහෝ සීතල පරමාණුක හයිඩ්‍රජන් වායුව සහ දූවිලි මෙම වළල්ල තුළ පවතිනවා. Sombrero මන්දාකිනියේ මෙම වළල්ලේ බොහෝ ශීත අණුක වායුව අඩංගු විය හැකි බවට, අඩු විභේදන සහ දුර්වල හඳුනාගැනීම් සහිත නිරීක්ෂණ මත පදනම් වූ අනුමානයකින් තාරකා විද්‍යාඥ්ඥයින් විසින් සැක පළ කරනවා. 

  1. 2MASX  

2MASX යන මෙම චක්‍රාවාටය NASA සහ ESA සතු Hubble අභ්‍යාවකාශ දුරේක්ශය මගින් ග්‍රහණය කරගනු ලැබු මන්දාකිණි. මෙය NGC 253 , Sculptor Galaxy අවට ඇති අතිච්ඡාදනය වන සර්පිලාකාර මන්දාකිණි යුගලයකි . මන්දාකිණි දෙකම NGC 253 ට වඩා දුරින් පිහිටා ඇත.

  1. NGC 5793 

NGC 5793 යනු ලිබ්‍රා තාරකා මණ්ඩලයේ ආලෝක වර්ෂ මිලියන 150 ක් පමණ දුරින් පිහිටි ක්‍රියාකාරී සර්පිලාකාර මන්දාකිණියක්. එය දෙවන කාණ්ඩයේ Seyfert මන්දාකිණියක්  ලෙස වර්ගීකරණය කර ඇති අතර 1886 දී Francis Leavenworth විසින් තමයි සොයාගෙන තියෙන්නේ. NGC 5793 වැනි Seyfert මන්දාකිණි මෙගාමසර් සඳහා ප්‍රසිද්ධය . මෙගාමසර් වලට සූර්යයාට වඩා දහස් ගුණයක දීප්තියක් තිබෙන්න පුළුවන්. 

  1. Triangulum Galaxy  

Triangulum Galaxy යනු Triangulum තාරකා මණ්ඩලයේ පෘථිවියේ සිට ආලෝක වර්ෂ මිලියන 2.73 දුරින් පිහිටි සර්පිලාකාර මන්දාකිණියක් . එය මෙසියර් 33 හෝ NGC 598 ලෙස ද හඳුන්වනවා. එය පියවි ඇසින් නැරඹිය හැකි දුරස්ථ ස්ථීර වස්තූන්ගෙන් එකක්. Triangulum මන්දාකිණිය, 1654 ට පෙර ඉතාලි තාරකා විද්‍යාඥ Giovanni Battista විසින් සොයා ගන්නා ලද අතර. 1764 අගෝස්තු 25-26 රාත්‍රියේ චාල්ස් මෙසියර් විසින් මෙම මන්දාකිණිය නැවත ස්වාධීනව සොයා ගත්තා . එය ඔහුගේ Nebulae සහ Star Clusters (1771) නාමාවලියෙහි වස්තු අංක 33 ලෙස ප්‍රකාශයට පත් කරන ලද බැවින් M33 යන නම ලැබුණා. 

  1. NGC 2685  

NGC 2685: A Helix in the Sky | NOIRLab

Helix Galaxy හෙලික්ස් ගැලැක්සි ලෙසද හැඳින්වෙන NGC 2685 යනු අර්සා මේජර් තාරකා මණ්ඩලයේ විශ්කම්භය ආලෝක වර්ෂ 50,000 ක් පමණ වන පෘථිවියේ සිට ආලෝක වර්ෂ මිලියන 42 ක් පමණ දුරින් පිහිටා තිබෙන මණ්දාකිණියක්. දැනට ගණනය කොට ඇති පරිදි එය තත්පරයට කිලෝමීටර 883 ක පමණ වේගයකින් පෘථිවියෙන් ඉවත් වෙමින් පවතිනවා.

  1. Messier 94  

NGC 4736 ලෙසද හැඳින්වෙන Messier 94 යනු මධ්‍ය- උතුරු තාරකා මණ්ඩලයේ Canes Venatici හි සර්පිලාකාර මන්දාකිණියක්. එය 1781 දී Pierre Méchain විසින් සොයා ගන්නා ලලද අතර, දින දෙකකට පසුව Charles Messier විසින් ලැයිස්තුගත කළා.

  1. Pandora’s Cluster  

Abell 2744 යනු Pandora’s Cluster යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබන යෝධ මන්දාකිණි පොකුරක් වන අතර එය අවම වශයෙන් වසර මිලියන 350 ක කාලයක් තුළ සිදු වූ කුඩා මන්දාකිණි පොකුරු හතරක් එකවර ඝට්ඨනය වීමේ ප්‍රතිඵලයක් වන අතර පෘථිවියේ සිට ආලෝක වර්ෂ බිලියන 4 ක් පමණ දුරින් පිහිටා ල තියෙනව කියල තමයි ගණනය කිරීම් වලින් පෙනී ගිහිල්ල තියෙන්නේ. 

  1. NGC 5408 

1834 ජුනි මාසයේදී ජෝන් හර්ෂල් විසින් NGC 5408 සොයාගත්තා. මේ අක්‍රමවත් මණ්දාකිණිය පෘථිවියේ සිට ආලෝක වර්ෂ මිලියන 16 ක් පමණ දුරින් Centaurus (The Centaur) තාරකා මණ්ඩලයේ පිහිටල තියෙන්නේ.

  1. Whirlpool Galaxy 

Whirlpool Galaxy , Messier 51a , M51a සහ NGC 5194 යන නම් වලින් හැඳින්වෙන මෙය දෙවන කාණ්ඩයේ Seyfert සක්‍රීය මන්දාකිණි න්‍යෂ්ටියක් සහිත අන්තර් ක්‍රියාකාරී මහා-නිර්මාණ සර්පිලාකාර මන්දාකිණියක්. එය පිහිටා ඇත්තේ Canes Venatici තාරකා මණ්ඩලයේ වන අතර එය සර්පිලාකාර මන්දාකිණියක් ලෙස වර්ගීකරණය කළ පළමු මන්දාකිණිය බවට පිළිගැනීමක් තියෙනවා. පෘථිවියේ සිට ආලෝක වර්ෂ මිලියන 31 ක් ඈතින් පිහිටා තිබෙන මෙය Whirlpool මන්දාකිණිය, 1773 ඔක්තෝබර් 13 වන දින චාල්ස් මෙසියර් විසින් සොයා ගන්නා ලද අතර එය මෙසියර්ගේ නාමාවලියෙහි M51 ලෙස නම් කළා 1845 දී, Rosse හි 3වන අර්ල්වරයා වූ William Parsons, අයර්ලන්තයේ Birr Castle හිදි අඟල් 72 (1.8 m) පරාවර්තක දුරේක්ෂයක් භාවිතා කරමින් , Whirlpool මන්දාකිණිය සතුව සර්පිලාකාර ව්‍යුහයක් ඇති බව සොයා ගත්තා.

  1. Black Eye Galaxy

මෙය Black Eye Galaxy / Sleeping Beauty Galaxy හෝ Evil Eye Galaxy ලෙසද හඳුන්වනු ලබන අතර Messier 64 , M64 , හෝ NGC 4826 ලෙස නම් කරරල තිබෙන, උතුරු කොමා කොන්ස්‍රේෂන් හි, මධ්‍යම ප්‍රදේශයේ ආලෝක වර්ෂ මිලියන 17 ක් පමණ දුරින් පිහිටි සාපේක්ෂ වශයෙන් හුදකලා වූ සර්පිලාකාර මන්දාකිණියක් . එය 1779 මාර්තු මාසයේදී Edward Pigott විසින් සොයා ගන්නා ලද අතර එම වසරේම අප්‍රේල් මාසයේදී Johann Elert Bode විසින් ස්වාධීනව සොයාගත් අතර නැවතත් ඊළඟ වසරේ Charles Messier විසින්ද සොයා ගත්තා.

  1. NGC3314 

NGC 3314 යනු හයිඩ්‍රා තාරකා මණ්ඩලයේ ආලෝක වර්ෂ මිලියන 117ත් 140ත් අතර අතිච්ඡාදනය වන සර්පිලාකාර මන්දාකිණි යුගලයක්. එය 1999 අප්‍රේල් මාසයේදී සොයා ගත්තා. 2000 මාර්තු මාසයේ මන්දාකිණි නිරීක්‍ෂණයක දී, එක් පසෙකින් කැපී පෙනෙන හරිත තාරකාවක් වැනි වස්තුවක් දක්නට ලැබි ණු අතර තාරකා විද්‍යාඥයින් එය සුපර්නෝවාවක් විය හැකි බවට පුරෝකථනය කළ නමුත්, මන්දාකිනියේ ඇති සුවිශේෂී ආලෝකය නිසා නිශ්චිතව තීරණය කිරීම අපහසු වුනා.

මේ පිළිබඳ අපගේ වීඩියෝව

Source:

25 Strange Things About The Universe: http://bit.ly/245vNTQ 
25 Smallest Things In The World: http://bit.ly/1WsBh50
Alpha Paw

spot_imgspot_img

Subscribe

Related articles

2024 YR4 උල්කාපාතය පෘථිවිය මත බලපෑමෙන් වෙන්න පුළුවන් නරකම දේවල්

2024 YR4 ග්‍රහකය 2032 දෙසැම්බර් 22 වන දින පෘථිවිය හා ගැටෙන්නේ නම්, එහි ප්‍රමාණය, වේගය, ඇතුල් වීමේ කෝණය සහ බලපෑමේ ස්ථානය ඇතුළු සාධක කිහිපයක් මත බලපෑමේ බරපතලකම රඳා පවතිනවා. වත්මන් ඇස්තමේන්තු මත පදනම්ව නරකම අවස්ථාව ගවේෂණය කළොත්...

ජේම්ස් වෙබ් දුරේක්ෂය පෘථිවියට ආසන්න වල්ගා තරුවකින් සොයාගත්තෙ මොනවද ?

මේ පෘතුවියේ විද්‍යාව කියලා කියන්නේ හරිම පුදුම දෙයක්. හැමදාම...

Travel with බෙනූ

බෙනූ සළකුණුගල් පර්වතයFAQ වර්ෂ 2018දී පෘථිවියට ආසන්න ග්‍රහකයක් වන benu...

පාර්සෙක් ඒකකය

පාසෙක් ඒකකයචාප කෝණය තරු අහස එක්ක එකතු වෙලා ඉන්න ඔයාලට...

2M1207 extrasolar planetary System

විද්‍යාවේ දියුණුවත් එක්ක මානව ශිෂ්ටාචාරයේ විවිධ කඩඉම් පසු කරන්නට...
spot_imgspot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here