සෞරග්‍රහමණ්ඩලයේ දුරින්ම පිහිටි ග්‍රහලෝකය අයිස් යෝධයා : යුරේනස්

පුරාණ කාලයේ මිනිසුන් රාත්‍රී අහස අධ්‍යයනය කර බුධ සිකුරු අඟහරු බ්‍රහස්පති සහ සෙනසුරු යන ග්‍රහලෝක සොයා ගත්තා. නමුත් සෞරග්‍රහ මණ්ඩලයට අයත් තවත් ග්‍රහලෝක කිහිපයක් මෙම දැනුම් ක්ෂේත්රයෙන් ඔබ්බට පිහිටා තිබුණා. 

අද ලිපිය එවන් ග්‍රහලෝකයක් වන යුරේනස් පිළිබඳව.

යුරෙනස් කියන්නේ සූර්යයාගේ ඉඳලා තාරකා විද්‍යාත්මක ඒකක 20ක් පමණ දුරින් පිහිටන, සෞරග්‍රහ මණ්ඩලයේ 7වැනි ග්‍රහලෝකය වනවා. සෑම පෘථිවි වර්ෂ 84 අසූ හතරකටම වරක් සූර්යයා වටා පරිභ්‍රමණය වන මේ ග්‍රහ ලෝකය, සෞරග්‍රහ මණ්ඩලයේ ඇති සීතලම ග්‍රහලෝකය ද වනවා. බොහෝ දුරට ග්‍රහලෝකයේ සංයුතියට පවා බලපාන මෙම උෂ්ණත්වය පැරන්හයිට් අංශක – 370 ක් තරම් පහළ අගයක් ගන්නවා.

යුරේනස් (lovethenightsky.com)

පෘථිවියේ පළල වගේ හතර ගුණයක විතර පළලක් තියෙන යුරේනස් සතුව, පෘථිවියේ ප්‍රමාණයටම සමාන යකඩ සහ මැග්නීසියම් සිලිකේට් වලින් සෑදුන හරයක් තියෙනවා. ආසන්න වශයෙන් යුරේනස් ගෙන් සියයට අසූවක් පමණ, ග්‍රහලෝකයේ සිසිල් නිල් පැහැයට හේතුව වන, ජල ඇමෝනියා සහ මීතේන් වලින් සෑදුනු අයිස් සාගරයකුත් පවතිනවා. මෙම නිල් ග්‍රහලෝකය, සෞරග්‍රහ මණ්ඩලයේ ශීතලම ග්‍රහලෝකය බවට පත්කරන පත් කරන මෙම අයිස් සංයුතිය, අනෙකුත් ග්‍රහලෝක හා සසඳන විට යුරේනස්ගේ විශාල තාප ප්‍රමාණයක් විමෝචනය වීම වළක්වනවා. 

යුරේනස්ගේ මෙම වෙනස්ම ආකාරයක් ගන්නා උෂ්ණත්වය සහ කක්ෂයට අමතරව යුරේනස් ට අනෙකුත් ග්‍රහලෝක සියල්ලෙන් ම වෙනස් වූ දිශානතියක් ද පිහිටනවා. අනෙකුත් ග්‍රහලෝක හතම ධ්‍රැව අතර ඇති න්‍යායික අක්ශයට මද ආනතියක් සහිතව එම අක්ෂය වටා භ්‍රමණය වන අතර, යුරේනස් භ්‍රමණය වන්නේ එහි සමකය දිගේ ඇති අක්ෂයක් වටා යි. අවම වශයෙන් එක් ආකාශ වස්තුවක් සමඟවත් ගැටීමේ ප්‍රතිඵලයක් ලෙස සැලකෙන යුරේනස්ගේ මෙම ඇලවීම, යුරේනස්ගේ වළලු 13 සහ දන්නා චන්ද්‍රයන් 27 හි දිශානතියට ද බලපා තිබෙනවා. යුරේනස්, තිරස් අතට පරිභ්‍රමණය වන වෙනත් ග්‍රහලෝක මෙන් නොව ෆෙරිස් රෝදයක් මෙන්, ග්‍රහලෝකයේ ඇල වූ සමකය දිගේ, සිරස් දිශානතියක ගමන් කරනවා. 

යුරේනස් සහ එහි බොහෝ අසාමාන්‍ය ලක්ෂණ පැරැන්නන්ට අභිරහසක් වූ අතරම ඒ නිසාම ග්‍රහලෝකය සැබවින්ම තාරකාවක් ලෙස සැලකුවා. නමුත් 18 වන සියවසේ අගභාගයේදී තාරකා විද්‍යාඥ විලියම් හර්ෂල් විසින් මෙම ආකාශ වස්තුව සැබවින්ම නව ලෝකයක් බව සොයා ගත්තා. අනතුරුව, මෙම ග්‍රහලෝකය හැඳින්විය යුත්තේ කුමන නමකින්ද යන්න පිළිබඳව විද්‍යාත්මක ප්‍රජාව වාද විවාද කළ අතර අවසානයේ තාරකා විද්‍යාඥ ජොහාන් එලර්ට් බෝඩ් විසින් යෝජනා කරන ලද නමක් තෝරා ගත්තා. 

යුරෙනස් වෙත මේ දක්වා පියාසර කරලා තියෙන්නේ, එක් අභ්‍යවකාශ යානයක් පමණයි.  වර්ශ 1986දී යුරේනස් ග්‍රහලෝකය පසුකර ගිය වොයේජර්2 තමයි මේ විදිහට යුරේනස් වෙත ලඟාවුන එකම අභ්‍යවකාශ යානය වෙන්නේ. කිලෝමීටර් 81,500 එහෙමත් නැත්නම් සැතපුම් 50,600ක් තරම් යුරේනස්ගේ සමීපයට පැමිණි මේ වොයෙජර් 2, යුරේනස් වටා කක්ෂගත නව චන්ද්‍රයන් දස දෙනෙක්,  නව වළලු දෙකක් සහ සෙනසුරුට වඩා බලවත් වන චුම්බක ක්ෂේත්‍රයකකුත් මේ යුරේනස් සතුව පවතින බවට සොයා ගත්තා.

යළිත් 2011 වර්ෂයේ මාර්තු 18 වනදා, නිව් හොරයිසන් යානය ප්ලූටෝ බලා යන ස්වකීය ගමනේදී යුරේනස්ගේ කක්ෂය පසු කලා. කොහොම වුණත් 1986 දී වොයේජර්2 අභ්‍යවකාශ යානය, යුරේනස් පසුකර යන විට යුරේනස්ගේ උතුරු අර්ධ ගෝලය ශීත සෘතුවේ පැවති අතර එබැවින් වොයේජර්2  යානය විසින් පටිගත කරන ලද පින්තූර සියල්ල නිල් පැහැයෙන් යුක්ත වුණා.

එතැන් සිට වසර කිහිපයක් තුළ රිතු වෙනස් වී ඇති අතර යුරේනස්ගේ වඩාත් පැහැදිලි කාලගුණ රටා හෙලි කර ගන්නට තාරකා විද්‍යාඥයින් සමත් වුණා. යුරෙනස් ග්‍රහලෝකයක් ලෙස, පැහැදිලි අහසක් ඇති දිනෙක පියවි ඇසින් වුවද දැකිය හැකි වුණත් ඉතා අඳුරු සහ ඉතා සෙමින් ගමන් කරන නිසාම යුරේනස් කිසිවිටෙකත් අතීතයේ දී ග්‍රහලෝකයක් ලෙස හඳුනා ගෙන තිබුණේ නැහැ.

1781 දී එය තාරකාවක් නොවන බවට මුලින්ම හඳුනා ගත්තේ ශ්‍රීමත් විලියම් හර්ෂල් කියන තාරකා විද්‍යාඥයා. ඒ සමගම දුරේක්ෂයකින් සොයාගත් පළමු ග්‍රහලෝකය බවට යුරේනස් පත්වුණා. තුන්වැනි ජෝර්ජ් රජුට ගෞරවයක් වශයෙන් harshal විසින්‍ යුරේනස්ව මුලින්ම “ජෝර්ජියම් සිඩස්”  හෝ “ජෝර්ජ් රජුගේ තරුව” ලෙස නම් කළ නමුත් අනෙකුත් තාරකා විද්‍යාඥයන්ට අනුව ග්‍රහලෝකයෙන් නම අනෙකුත් ග්‍රහලෝකවල මෙන්ම ග්‍රීක මිත්‍යා මුලාරම්භ වලට අනුකූල විය යුතු වූ නිසා පසුව යුරෙනස් ලෙස, නම වෙනස් කෙරුණා. පසුව 1787 සහ 1851 අතර කාලයේ දී යුරේනස්ගේ ප්‍රධාන චන්ද්‍රයන් හතර දෙනෙක් සොයාගනු ලැබූ අතර ඒවා ටයිටේනියා, ඔබෙරොන්, ඒරියල් සහ උම්බ්‍රියෙල් ලෙස නම් කෙරුනා.

යුරේනස්  සතුව අඳුරු වළලු 13ක පද්ධතියක් ඇති අය අතර එය වටා චන්ද්‍රයන් විසි හතක් භ්‍රමණය වන බවට මේ වන විට හඳුනාගෙන තියෙනවා. විලියම් හර්ෂෙල් එල් 1789දී යුරේනස් වටා වළල්ලක් දුටු බවට ප්‍රථමවරට ප්‍රකාශ කළ නමුත් වසර දෙසීයකට පමණ පස්සේ 1977 දි තමයි මේ වළලු සැබැවින්ම පවතින බවට තහවුරු කරගත්තේ. විලියම් හර්ෂෙල් යුරේනස් සතු ප්‍රධාන විශාල චන්ද්‍රයන් පස්දෙනාගෙන් දෙදෙනෙකුත් හොයාගෙන තිබුණා. පසුව 1948 දී තවත් චන්ද්‍රයෙකු වන මිරැන්ඩා සොයාගත්තා.

1977 මාර්තු 10 වෙනිදා තමයි මේ යුරේනස්ගේ වළලු පිළිබඳව අපූරු සොයා ගැනීම සිදු කරන්නේ. SAO 158687 ලෙස හඳුන්වනඉතා ඈත පිහිටි තරුවකට ඉදිරියෙන්  යුරේනස් ගමන් කරද්දී ඕස්ට්‍රේලියාවේ පිහිටි “kuiper airborne නිරීක්ෂණාගාරයේ” තාරකා විද්‍යාඥයන්ට පෙනී යනවා මේ යුරෙනස් වටා වළලු පද්ධතියක් පිහිටලා තියෙනවා කියලා.

Kuiper airborne නිරීක්ශනාගාරය (wikimedia.org)

යළිත්, වර්ෂ 2005 දෙසැම්බර් මස 22 දා නාසා ආයතනය යුරෙනස් වටා පවතින තවත් වළලු දෙකක් සොයා ගත් බවට නිවේදනය කරනවා. ඒ වගේම යුරේනස් වටා කක්ෂගත වෙලා තියෙන Mab සහ Cupid ලෙස හඳුන්වන තවත් කුඩා චන්ද්‍රයන් දෙදෙනෙකුත් මේ සමග සොයා ගත්තා කියලා නාසා ආයතනය පවසනවා. මේ නිරීක්ෂණයන් සහ සොයාගැනීම් සිදු කරලා තිබුනේ, හබල් අභ්‍යවකාශ දුරේක්ෂය මගින්. ඒත් එක්කම මේ හබල් අභ්යාවකාශ දුරේක්ෂය මගින් සොයා ගත්ත වළලු වල විශ්කම්භය ඊට කලින් යුරේනස් ගේ තිබුණු වළලු වල විශ්කම්භය වගේ දෙගුණයක් වුණාකියලා තමයි වාර්තාවල සඳහන් වෙන්නේ.

2006දී, කෙක් නිරීක්ෂණාගාරයේ සහ හබල් අභ්‍යවකාශ දුරේක්ෂය මගින් කරන ලද නිරීක්ෂණවලින් පෙනී යන්නේ, යුරේනස්ගේ පිටත වළල්ල නිල් පැහැයෙන් යුක්ත වන බවත් නව අභ්‍යන්තර වළල්ල රතු පැහැයෙන් යුක්ත වනව කියලා. සූර්යයා වටා පරිභ්‍රමණය වන හත්වැනි ග්‍රහලෝකය වන යුරෙනස් පිහිටන්නේ සූර්යයාගෙ ඉඳලා ආසන්න වශයෙන් සැතපුම් බිලියන 1.8 ක් එහෙමත් නැත්නම් කිලෝමීටර බිලියන 2.9 ක් විතර දුරින්. 

මේ යුරේනස්ගේ සංඛ්‍යා දත්ත පිළිබඳව අපි දැන් කතා කරමු.

ජේම්ස් වෙබ් දුරේක්ශයෙන් ලබා ගත් යුරේනස්ගෙ වළලු සහ චන්ද්‍රයන් පෙන්වන ඡායාරූපය

පෘථිවි පැය දාහතකින් ස්වකීය අක්ෂය වටා භ්‍රමණය වන යුරේනස්, සූර්යයා වටා පරිභ්‍රමණය වෙන්න පෘථිවි වර්ෂ අසූ හතරක් ගන්නවා. හරියටම කිව්වොත් පෘථිවි දින 30,687ක්. දන්නා චන්ද්‍රයන් සංඛ්‍යාව විසිහතක් වුණත් යුරේනස් ට මීට වඩා චන්ද්‍රයන් තියෙන්නට පුළුවන් කියලා තමයි තර්ක විද්‍යාඥයෝ කියන්නේ. මෑතකදී සොයා ගත්ත වළලු දෙකක් එක්ක යුරේනස් වටා වළලු දහතුනක් මේ වන විට වන විට සොයාගෙන තියෙනවා. මින් යුරේනස් සමීපතම වළලු ඉතා අඳුරු පැහැයක් ගන්නා අතරම යුරේනස් ට බෙහෙවින් දුරින් තියෙන වළලු බොහෝ දීප්තිමත් වෙනවා. සූර්යයාගෙන් ආලෝකය පිටවුනාට පස්සේ යුරේනස් ට එma ආලෝකය වැටෙන්න  විනාඩි 163කට මදක් වැඩි කාලයක් ගන්නවා.

සැතපුම් 15,760 ක එහෙමත් නැත්නම් කිලෝමීටර 25,362  පමණ අරයක් තියෙන යුරේනස් තමන්ගෙ සමකයට අංශක 97 ක ට වැඩි ආනතියක් සහිත එකම ග්‍රහලෝකය ද වෙනවා. මේ හේතුව නිසාම යුරේනස්ගේ සෘතු හතර සෞරග්‍රහ මණ්ඩලයේ වඩාත් ආන්තික ම සෘතු හතර බවට පත් කරනවා. සෑම යුරෙනස් වර්ෂයකින් හත්‍රෙන් පංගුවකට ආසන්න කාලයක් සූර්යයා එකෙක් ධැවයට ඉහළින් සෘජුවම පවතින අතර ග්‍රහලෝකයේ අනෙක් ධ්‍රැවය වසර විසි එකක් දිගු අඳුරු ශීත සෘතුවකට ඇද දමනවා.සමකය වටා සැතපුම් 99,000කට වඩා වැඩි දුරක් ඇති යුරේනස්ගේ මතුපිට ප්‍රමාණය දැක්වෙන්නේ වර්ග සැතපුම් බිලියන 3.12ක් විදියට.

යුරේනස්ගේ ඇතැම් කුඩා චන්ද්‍රයන් සොයා ගත්තේ විසිඑක්වන සියවසේ මුල් භාගයේ දී. ඒ වගේම තමයි 2005 වර්ෂය, ඒ කියන්නේ යුරේනස් සොයාගත්තට වසර දෙසිය තිහකට විතර පස්සෙ තමයි යුරේනස් වටා ඇති විශාලම වළලු දෙක සොයාගන්නේ. කොහොම වුණත් මේ අපූරු ග්‍රහලෝකය වෙතට තවමත් තාරකා විද්‍යාඥයන් යවලා තියෙන්නේ එකම එක අභ්‍යවකාශ යානයක් පමණයි. එහෙම බලනකොට යුරෙනස් තවත් රහස් සමුදායක් සඟවගෙන ඉන්න බවට නම් කිසිම සැකයක් නැහැ. 

Source :
National Geographic : Uranus 101 | National Geographic
Nasa.gov
Free School

Music : The Inner Sound – Jesse Gallagher

spot_imgspot_img

Subscribe

Related articles

2024 YR4 උල්කාපාතය පෘථිවිය මත බලපෑමෙන් වෙන්න පුළුවන් නරකම දේවල්

2024 YR4 ග්‍රහකය 2032 දෙසැම්බර් 22 වන දින පෘථිවිය හා ගැටෙන්නේ නම්, එහි ප්‍රමාණය, වේගය, ඇතුල් වීමේ කෝණය සහ බලපෑමේ ස්ථානය ඇතුළු සාධක කිහිපයක් මත බලපෑමේ බරපතලකම රඳා පවතිනවා. වත්මන් ඇස්තමේන්තු මත පදනම්ව නරකම අවස්ථාව ගවේෂණය කළොත්...

ජේම්ස් වෙබ් දුරේක්ෂය පෘථිවියට ආසන්න වල්ගා තරුවකින් සොයාගත්තෙ මොනවද ?

මේ පෘතුවියේ විද්‍යාව කියලා කියන්නේ හරිම පුදුම දෙයක්. හැමදාම...

Travel with බෙනූ

බෙනූ සළකුණුගල් පර්වතයFAQ වර්ෂ 2018දී පෘථිවියට ආසන්න ග්‍රහකයක් වන benu...

පාර්සෙක් ඒකකය

පාසෙක් ඒකකයචාප කෝණය තරු අහස එක්ක එකතු වෙලා ඉන්න ඔයාලට...

2M1207 extrasolar planetary System

විද්‍යාවේ දියුණුවත් එක්ක මානව ශිෂ්ටාචාරයේ විවිධ කඩඉම් පසු කරන්නට...
spot_imgspot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here