මිනිසා අවසාන වතාවට සඳට පය තබා වසර පනහකට පමණ පසුව, මෙම වසරේ ඒ කියන්නේ 2022 යළිත් වරක් සඳ තරණය කරන්නට මූලික අඩිතාලම දමනු ලැබුවා. 2017 වසරේදී ආරම්භ කරපු මේ artemis ව්‍යාපෘතියේ මීළඟ මෙහෙයුම කිරීමට නියමිත වෙලා තියෙන්නේ 2024 වර්ෂයේ. කරුණු කාරණා එයාකාරයෙන් සිදුවුනොත් වර්ශ 2030 පමණ වන විට බොහෝ දුරට පෘථිවි වැසියන්ට සඳෙහි ඇති කරනු ලැබූ ජනාවාස පිළිබඳව තොරතුරු ඇසෙන්නට පටන් ගනීවි.
මේ ආකාරයේ අභ්‍යවකාශ තරණ මෙහෙයුම් සඳහා වසරකට අවම වශයෙන් ඩොලර් බිලියන සිය ගණනක් නාසා ඇතුළු ලොවපුරා ප්‍රධාන තාරකා විද්‍යා ආයතන විසින් යොදවනු ලබනවා. අපි අද වීඩියෝවෙන් අපි කතා කරන්නේ නාසා, යුරෝපානු අභ්‍යවකාශ ඒජන්සිය, spacex ඇතුළු ප්‍රධාන අභ්‍යවකාශ ආයතන විසින් ඉදිරි වසර කිහිපය තුළ සිදු සිදුකිරීමට සැලසුම් කරලා තියෙන ප්‍රධාන මෙහෙයුම් කිහිපයක් පිළිබඳව.

මේ ලැයිස්තුවේ මුලින්ම අපි කතා කරන්නේ නාසා ආයතනය ගැන. ඒකට හේතු කීපයක් තියෙනවා ප්‍රධානම කාරණාව වෙන්නෙ නාසා ආයතනය තමයි දැනට පෘතුවියේ පවතින වඩාත් අත්දැකීම් බහුල සහ වැඩිම මෙහෙයුම් ගණනක් සිදු කරපු, වැඩිම මෙහෙයුම් ගණනක් කරමින් සිටින තාරකා විද්‍යාව සම්බන්ධ ආයතනය විදියට සැලකෙන්නේ.

නාසා ආයතනයෙන් මේ වෙනකොට කරමින් තියෙන ප්‍රධාන මෙහෙයුම වන artemis මෙහෙයුමේ ඊළඟ පියවරයන් වන artemis 2 මෙහෙයුම තවත් අජටාකාශගාමීන් හතර දෙනෙක් සමග යලිත් සඳ වටා ගමනකට එක්වෙන්නේ 2024 වර්ෂයේදී. අනතුරුව 2025 වර්ෂයේදී ගගනගාමීන් හතර දෙනෙකු රැගෙන සඳ වටා යන මෙහෙයුමේදි ගගනගාමීන් දෙදෙනෙකු සඳ මත ගොඩබැසීමට සූදානම් වනවා. ඉන් අනතුරුව artemis 4, ආර්ටෙමිස් 5 සහ ආර්ටෙමිස් 6 පිළිවෙලින් 2027, 2028 සහ 2029 වසර වලදී සඳ වෙත දින 30 බැගින් වන මෙහෙයුම් සඳහා සැලසුම් සකස් කොට අවසන්.
අනතුරුව යළි 2030 වර්ෂයේ දී ආටෙමිස් 7, දින 30ක මෙහෙයුමක් සඳහාද, ආටෙමිස් 8 සහ 9 වර්ෂ 2031 ස 2032 වර්ෂවලදී දින 60ක මෙහෙයුමක් සඳහා ද, වර්ෂ 2033 දී ආර්ටෙමිස් 10, දින 180 ක ට වඩා වැඩි මෙහෙයුමක් සඳහා ද, artemis 11 2034 වර්ෂයේදී දින 365 ක එනම් ආසන්න වශයෙන් පෘථිවි වර්ෂයක මෙහෙයුමක් සඳහා ද යෝජනා සකස් වී තිබෙනවා.
ispace නම් වන ජපාන පෞද්ගලික අභ්‍යාවකාශ යානා පිළිබඳ ආයතනයේ පළමු සඳ මත ගොඩබෑමේ මෙහෙයුම, 2023 ජනවාරි 2 වන විට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රෂීඩ් රෝවරය ඇතුළු ජාත්‍යන්තර උපකරණ කිහිපයක් රැගෙන දියත් කෙරෙනවා.
2023
- ප්‍රමාදවීම් කිහිපයකට පස්සේ 2023 වර්ෂයේ අප්‍රේල් මාසයේදී මාසයේ දී ජපාන අභ්‍යවකාශ ගවේෂණ ඒජන්සියේ සඳ ගවේෂණ ලෑන්ඩර ය අභ්‍යවකාශ ගත කිරීමට ද නියමිතයි.
- 2023 ජුනි මාසයේදී අසල්වැසි ඉන්දියාව, චන්ද්‍රයා බලා යන චන්ද්‍රයාන් 3 යානාව අභ්‍යවකාශ ගත කිරීමට සූදානම් කර තිබෙනවා.
- 2023 වර්ෂයේ ජුනි 20 වැනිදා යුරෝපානු අභ්‍යවකාශ ඒජන්සියේ “බෙපි කොලොම්බො” අභයවකාශ යානය තුන්වැනි වරටත් බුද ග්‍රහයා අසලින් පියාසර කිරීමට නියමිතයි.
- 2023 වර්ෂයේ ජුලි මාසයේදී “ලූනා-25” නම් වන රුසියානු සඳ ගවේෂණ යානයද සඳ මතට ගොඩ බැසීමට නියමිතයි.
- 2023 අවුරුද්දේ අගෝස්තු 21 වෙනිදා නාසාහි parker සූර්ය නිරීක්ෂණාගාරය 6 වන වරටත් සිකුරු අසලින් පියාසර කරනු ඇති.
- පෘථිවි තාරකා විද්‍යා ඉතිහාසයේ අද්විතීය ස්ථානයක් සනිටුහන් කරමින් 2023 වර්ෂයේ සැප්තැම්බර් 24 වැනි දා බනූ ග්‍රාහකයේ නියැදි රැගත් ඔසිරිස් රෙක්ස් යානය යළි පෘතුවියට පැපැමිණීමට නියමිතයි.
- නාසා ආයතනය සහ spacex ආයතනය එක්ව, 16 psyche ග්‍රාහකය වෙත සිදු කරනු ලබන psyche අභ්‍යවකාශ මෙහෙයුම සඳහා දින නියම වී ඇත්තේ 2023 වර්ෂයේ ඔක්තෝම්බර් මාසයේදී.
- නාසා ආයතනය විසින් සඳෙහි ජල අන්තර්ගතය පිළිබඳව සොයා බැලීමට 2023 වර්ෂයේදී ලූනා (ටෙයිල්බ්ලේසර්) tailblazer අභ්‍යවකාශ ය පිටත්කර හරිනු ඇති.
- Jupiter icy moon explorer නැත්නම් JUICE ජූස් ලෙස හඳුන්වන අභ්‍යවකාශ යානය බ්‍රහස්පති සහ චන්ද්‍රයන් බලා 2023 වර්ෂයේ දී පිටත් වනු ඇති.
- spacex ආයතනය විසින් සංවිධානය කරනු ලබන dearmoon මෙහෙයුම මගින් කොරියානු සහ ඉන්දියානු ජාතිකයින් දෙදෙනෙකු ඇතුළු තෝරාගත් 9 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් 2023 වර්ෂයේදී සඳ වටා දින හයක ගමනකට එක්වනු ඇති.
- සූර්යය කොරෝනාව අධ්‍යයනය කිරීම සඳහා ඉන්දියාවේ Aditya-L1 සහ ESA හි Proba-3 සූර්ය නිරීක්ෂණාගාර 2023 වර්ෂයේදී දියත් දියත්කිරීමටද නියමිතයි.
- ග්‍රහක පිළිබඳ තොරතුරු සොයාබැලීම සඳහා NASA හි NEA Scout, 2023 දී දියත් කරනු ලබනවා.
2024
- 2024 මැයි මාසයේදී නාසා ආයතනයේ Blue ghost 1 ලෑන්ඩරය සද මත ගවේෂණයන්හි නිරත වීමට නියමිතයි.
- යුරෝපා අභ්‍යාවකාශ ඒජන්සියේ Bepicolombo අභ්‍යවකාශ යානයයේ හතරවෙනි බුධ ආසන්නයෙන් පියාසර කිරීම 2024 සැප්තැම්බර් 5 වැනිදාට යෙදී තිබෙනවා.
- ජපාන අභ්‍යවකාශ ගවේෂණ ඒජන්සියෙ Martian Moons eXploration mission අභ්‍යවකාශ යානය අගහරුගේ ෆෝබෝස් චන්ද්‍රයාගේ පස් සාම්පල රැගෙන ඒම සඳහා පිටත් වීමට සූදානම් කර තිබෙන්නේ 2024 සැප්තැම්බර් මාසයේදී.
- නාසා ආයතනය විසින් බ්‍රහස්පතිගේ ප්‍රධාන චන්ද්‍රයකු වන යුරෝපා චන්ද්‍රයා අධ්‍යයනය කිරීම සඳහා යුරෝපා Clipper අභ්‍යවකාශ යානය 2024 ඔක්තෝබර් මාසයේදී අභ්‍යවකාශ ගත කරනු ඇති.
- යුරෝපානු අභ්‍යවකාශ ඒජන්සිය විසින් ඩිඩිමෝස් සහ ඩිමෝපෝස් ග්‍රහකයන් වෙත යවනු ලබන HERA හේරා අභ්‍යවකාශය 2024 ඔක්තෝම්බර් මාසයේදී අභ්‍යවකාශ ගත වනු ඇති.
- 2024 වර්ෂයේ දෙසැම්බර් දෙවැනි දා බෙපි කොලොම්බො අභයවකාශ යානය බුධ ග්‍රහයා අසලින් පස්වන වරටත් පියාසර කරනු ඇති.
- 2024 අවුරුද්දේ චීන අභ්‍යවකාශ ඒජන්සිය සඳෙහි පස් සාම්පල රැගෙන ඒමට චෑන්ග් ඊ 6 යානය අභ්‍යවකාශ ගත කරනු ලබනවා.
- රතු ග්‍රහලෝකයේ වායුගෝලය සහ අතීතය අධ්‍යයනය කිරීම සඳහා නාසා ආයතනයේ අරමුදල් සහිත එස්කපේඩ් ESCAPADE twin orbiters 2024 දී දියත් කරනු ලබනවා.
- 2024 අවුරුද්දේ අසල්වැසි ඉන්දියාව විසින්, මංගල්යාන් 2 එහෙම නැත්නම් mars orbiter mission 2 අඟහරු බලා පිටත් කරනු ඇති.
- නාසා හි VIPER රෝවරය ජල අයිස් අධ්‍යයනය කිරීම සඳහා 2024 දී සඳෙහි දක්ෂිණ ධ්‍රැවයට දියත් කිරීමට නියමිතයි.
- සිකුරුගේ මතුපිට සිතියම්ගත කිරීම සඳහා තමන්ගේම සහ ජාත්‍යන්තර උපකරණවලින් සමන්විත Shukrayaan නම් orbiterයක් 2024 දෙසැම්බර් මාසයේදී සිකුරු බලා දියත් කිරීමට ඉන්දියාව අපේක්ෂා කරනවා.
2025
- බෙපි කොලොම්බො යානය නැවතත් 2025 ජනවාරි නව වැනිදා බුධ ග්‍රහයා අසලින් පියාසර කිරීමට නියමිතයි
- 2025 වර්ෂයේ අප්‍රේල් මස 20 වැනිදා නාසාහි luzy අභ්‍යවකාශ යානය ඩොනල්ඩ් ජැන්සන් නම් ග්‍රාහකය අසලින් පියාසර කිරීමට නියමිතයි
- 2025 දෙසැම්බර් 5වැනිදා බෙපි කොලොම්බො යානය නැවතත් අසලින් පියාසර කරනවා ඇති.
- NASA හි Solar Cruiser 2025 දී දියත් කරන අතර පෘථිවිය සහ සූර්යයා අතර කෘතිම කක්ෂයක් නිර්මාණය කිරීම සඳහා විශාල සූර්ය රුවල් භාවිතා කරනු ඇති.
- ඊශ්‍රායලයේ බෙරෙශීට් Beresheet 2 මෙහෙයුම Beresheet 1 චන්ද්‍ර යානය මත ගොඩ නැගෙන අතර, එහි කක්ෂය සහ සඳ මතුපිට වෙත කුඩා ගොඩබෑම් යානා දෙකක් ඇතුළත් වනවා.
- චීනය සිය පළමු ග්‍රහක අපගමන පරීක්ෂණ මෙහෙයුම 2025 හෝ 2026 දී දියත් කිරීමටද නියමිතයි.
2026
- නාසා ආයතනයේ ප්‍රධාන මෙහෙයුමක් වන dragonfly, 2026 වර්ෂයේ දී බ්‍රහස්පතිගේ titan චන්ද්‍රයා වෙත ගමන් අරඹනවා ඇති
- 2026 වර්ෂයේ දී චීන අභ්‍යවකාශ ඒජන්සියේ chang E 7 මිනුම් කටයුතු සඳහා සඳ බලා පිටත් වෙනවා.
- 2026 වර්ෂයේ දී යුරෝපා අභ්‍යාවකාශ ඒජන්සිය විසින් සංවර්ධනය කරන ලද නව අභ්‍යවකාශ දුරේක්ෂය අභ්‍යවකාශ ගත කිරීමට සැරසෙනවා. එය නමින් ප්ලේටෝ.
- නගරයක් විනාශ කිරීමට තරම් සමත් වන විශාල ග්‍රහකවලින් 90% ක් පමණ සොයා ගැනීමේ අධිඨනින්, නාසා හි NEO Surveyor 2026දී දියත් කරනවා ඇති.
2027
- 2027 අගෝස්තු දොළොස් වැනි දා නාසා ආයතනයේ ලූසී මෙහෙයුම ට්‍රෝජන් ග්‍රාහකයක් වන යුරිබේට්ස් අසලින් පියාසර කරනවා
- නැවතත් ලූසි මෙහෙයුම 2027 සැප්තැම්බර් 15 වැනිදා ට්‍රෝජන් ග්‍රාහකයක් වන පොළී මැලි අසලින් පියාසර කරනවා.
- නාසා හි Roman Space Telescope, 2027 දී දියත් කරනු ඇති අතර පෘථිවි ප්‍රමාණයේ බාහිර ග්‍රහලෝක ඡායාරූප ගත කිරීම එහි මූලික අපේක්ශාව වනවා.
2028
- යුරෝපානු අභ්‍යවකාශ ඒජන්සිය විසින් අඟහරු වෙත යවන පළමු රෝවරය වන exomars rover, 2028 වර්ෂයේදී අභ්‍යවකාශ ගත වනු ඇති
- වර්ෂ 2028 අප්‍රේල් 18 වැනිදා නාසාහි ලූසී මෙහෙයුම ට්‍රෝජන් ග්‍රහකයක් වන ලූකස් අසලින් පියාසර කරනවා
- නැවතත් 2028 නොවැම්බර් 11 වැනිදා නාසාහි ලූසී අභ්‍යවකාශ යානය ට්‍රෝජන් ග්‍රහකයක් වන aurus හරහා අසලින් පියාසර කරනවා ඇති
2029
- 2029 අප්‍රේල් 13 වෙනිදා පෘථිවියට ආසන්නයෙන් ඇපොෆිස් ග්‍රාහකය ගමන් කරන අතර, මේ වන තෙක් කිසිඳු අභ්‍යවකාශ මෙහෙයුමක් මේ වෙත සකස් කර නැති නමුත් බොහෝ විට ඉදිරි වසර කිහිපය තුළ ඇපොෆිස් ග්‍රාහක නිරික්ෂණය කිරීමේ මෙහෙයුමක් සකස් වනු ඇති.
- 2029 ජුනි මාසයේ දී අභ්‍යවකාශගත කරන, නාසාහි ඩාවින්සි අභ්‍යවකාශය යානය සිකුරු වටා කක්ෂ ගත වන ඔබිටර් යානයකින් සහ සිකුරු මතට පතිත කර වීමට නියමිත probe එකකින් සමන්විත වෙනවා
- ESA’s Comet Interceptor 2029 දී දියත් කරනු ලබනවා.
වර්ෂ 2031 දී වෙරිටාස් නමින් හැඳින්වෙන නාසාහි සිකුරු වටා කක්ෂගත වීමට නියමිත ඕබිටර් යානය සිකුරු බලා පිටත් වනු ඇති.
වර්ෂ 2032 දී envision නමින් හැඳින්වෙන යුරෝපානු අභ්‍යවකාශ ඒජන්සිය විසින් අභ්‍යවකාශගත කරන යානයද සිකුරු වටා කක්ෂ ගත වනු ඇති.
මේ මෙහෙයුම් වලට අමතරව තවමත් මේ වන විට කාල වකවානු නිර්ණය කොට අවසාන නැති තවත් මෙහෙයුම් ප්‍රමාණයක් පවතිනවා.
මින් ප්‍රධාන මෙහෙයුම වෙන්නේ, සඳහා, මේ වන විටත් අඟහරු මත පරීක්ශන කරන, නාසා ආයතනය සතු යානා වලින් ලබා ගත් සාම්පලයන්, අඟහරු මතුපිට දමා යන දර්ශන නම් ඔබ පසුගිය දින වල දකින්නට ඇති.
සෙනසුරුගේ ප්‍රධාන චන්ද්‍රයෙකු වන එන්සෙලාඩස් අධ්‍යයනය කිරීමට නාසා ආයතනය විසින් යම් යම් යෝජනා පසුගිය කාලයේදී සකස් කරනු ලැබුවත් නමුත් මේවා පිළිබඳ නිශ්චිත විස්තරයක් නම් තවම සොයාගන්නට නැහැ.
spacex ආයතනය දැනටමත් නිකුත් කරලා තියෙන නිවේදන වලට අනුව 2030 වර්ෂය වෙනකොට අඟහරු වෙත මිනිසුන් සහිත අභ්‍යවකාශ යානා යැවීමට ඔවුන් උත්සාහ කරනවා. මේ සඳහා සම්බන්ධ නොයෙකුත් ආකාරයේ පරීක්ෂණ රැසක් මේ වෙනකොට සිදුවෙමින් පවතිනවා. elon musk ට අනුව 2030 කියන අංකය ඇතැම් විට වෙනස් වෙන්නට පුළුවන් වුනත්, අඟහරු මතට මිනිසුන් යවන කාරණාව නම් වෙනස් වෙන්න්නේ නැහැ..
අසල්වැසි ඉන්දියාව 2024 වර්ෂය වන විට ගගන් යාන් කියලා හඳුන්වන ඔවුන්ගේ මිනිසුන් සහිත අභ්‍යවකාශ යානයක් පෘථිවිය වටා පරීක්ෂණ ගමන් වාරයකට සහභාගීවන කියලා නිවේදනය කරලා තියෙනවා. පළමු පරීක්ෂණ ගමන් වාරය 2024 මැදභාගය වන කොටත් අවසාන මාස 3 වන විට දෙවන පරීක්ෂණ ගමන් වාරය සහ වසර අවසානය වන විට, මිනිසුන් රැගත් පළමු ඉන්දියානු අභ්‍යවකාශ යානය, පෘථිවිය වටා කක්ෂ ගත වනු ඇති.
Source :
Cover image: archpaper.com
nasa.gov
Wikipedia.org
Popularmechanics.com