පෘථිවිය තියෙන අපේ මේ ක්ෂීරපථය සහිත විශ්වය ඉතාමත් දැවැන්ත වගේම අතිශයින්ම සිත් ඇදගන්නා සුළු බව ඔබත් මමත් මේ වන විට දන්නවා. අපි විශ්වය දිහා බලන හැම මොහොතකම ඒ කියන්නේ අහසේ දිලිසෙන තරු දිහා බලන ඕනෑම අවස්ථාවක පෘථිවිය නැත්නම් ක්ෂීරපථය කෙතරම් කුඩා ද කියලා ඔබට සිතෙනව නොඅනුමානයි.
තාරකා විද්‍යාත්මක සංඛ්‍යා පවසන විදිහට අවම වශයෙන් විශ්වයේ මන්දාකිණි බිලියන සීයක්වත් පවතිනවා. අපගේ ක්ෂීර පථය කියන්නේ එයින් එකක් පමණයි. නමුත් සමහර වාර්තාවල මේ අගය ට්‍රිලියන දෙකක් දක්වා අගයක් වෙන්න පුළුවන් කියලා කියල සදහන් කරනවා. ඒ කියන්නේ මේ විශ්වය පුරා මන්දාකිණි ට්‍රිලියන දෙකක් වගේ ප්‍රමාණයක් පැතිරිලා තියෙන්න පුළුවන්.
ඒ වගේ ඉලක්කමක් තියනකොට, ඔය අතරින්-පතර අමුතු හැඩ තියෙන මන්දාකිණිත් පෘථිවි විද්‍යාඥයන්ට නිරීක්ෂණය වෙලා තියෙනවා.
අද වීඩියෝව ටිකක් විතර වෙනස් එකක්. අද අපි කතා කරනවා බොහොම අමුතු මන්දාකිණි 25ක් ගැන.
මෙම ලැයිස්තුවේ ඇති අමුතු හැඩැති මන්දාකිණි බොහොමයක් තාරකා විද්‍යාඥයින් වර්ගීකරණයන් දෙකකින් හඳුන්වනවා. ඒ වර්ගීකරණයන් දෙක වෙන්නේ මෙසියර් නාමාවලිය හා නව සාමාන්‍ය නාමාවලිය NGC කියන කොටස් දෙක.
මෙසියර්ගේ නාමාවලිය 1771 දී ප්‍රංශ තාරකා විද්‍යාඥ චාල්ස් මෙසියර් විසින් සම්පාදනය කරන ලද්දේ එකල සිදුවෙමින් පැවතුනු කොස්මික් සොයාගැනීම් ප්‍රමාණය සංවිධානය කිරීමේ ක්‍රමයක් විදියට. වල්ගා තරු වල විශේෂ රසිකයෙකු වන මෙසියර් ඔහුගේ සහයකයා වන “පියරේ මෙචේන්” සමඟ වල්ගා තරු නොවන වස්තූන් වෙන්කොට හඳුනාගැනීමට සාදන ලද ලැයිස්තුවක් තමයි මේකට මුල් වුනේ.
Nebulae and Clusters of Star’s New General Catalog (NGC) ඒ කියන්නේ තරු ඇතිවන කලාප හෙවත් නිහාරිකා සහ තරු පොකුරු පිළිබඳ නව නාමාවලිය යනු වර්ෂ 1888දී, John Louis Emil Dreyer විසින් සම්පාදනය කරන ලද විවිධ වර්ගයේ ගැඹුරු ආකාශ වස්තූන්ගේ එකතුවක්. මේ ලයිස්තුව, බොහෝ සංශෝධන මගින් ලැයිස්තුගත කිරීම අවම කරල තිබෙන අතර, අද වන විට මණ්දාකිණි, නිහාරිකා ඇතුළු ගැඹුරු අභ්‍යවකාශ වස්තු 7,840ක් පමණ ඇති වඩාත්ම විස්තීර්ණ නාමාවලියක් වනවා.
වීඩියෝව තරමක් දිග වැඩි වෙන නිසා අපි හිතුව ඔයාලගෙත් පහසුව උදෙසා මේ වීඩියෝව කොටස් දෙකඉන් කරන්න ඕන කියල.
මෙසේ, අපේ ඇස් ඉදිරිපිට දිග හැරෙන විශ්වයේ බොහොම මනස්කාන්ත මන්දාකිණි වල සිට නිශ්චල ඡයාරූපවල ඉතා සාමකාමී යැයි පෙනෙන මුත්, ප්‍රචණ්ඩකාරී මන්දාකිණි ඝට්ටන දක්වා ඇති, විශ්වයේ ඇති අමුතුම මන්දාකිණි 25 ගැන පළවන වීඩියෝවේ පළවන කොටස තමයි මේ.
- Messier 82
මෙසියර් 82 එහෙම නැත්නම් NGC 3034 කියලා හඳුන්වන මේ මන්දාකිණිය තියෙන්නෙ අර්සා මජොර් කියල හඳුන්වන තාරකා මණ්ඩලයේ ආලෝක වර්ෂ මිලියන 12ක් පමණ ඈතින්. මේ මන්දාකිණිය ක්ෂීරපථයට වඩා පස් ගුණයකින් පමණ දීප්තිමත් වන අතර එහි මධ්‍යම කලාපය ක්ෂීරපථයට වඩා සිය ගුණයකින් පමණ දීප්තිමත් වෙනවා. පෘථිවියට ආසන්නතම starburst නැත්නම් තරු පිපුරුම් මන්දාකිණි වලින් එකක් වන මෙම මන්දාකිණිය සොයාගෙන තියෙන්නෙ 1774 ජොහාන් ඇලට් බෝඩ් කියන තාරකා විද්‍යාඥයා. මෙම මන්දාකිණිය, සොයාගත් මුල් කාලයේ අක්‍රමවත් මන්දාකිණියක් බවට විශ්වාස කෙරුණත් 2005 දී සිදු කරන ලද අධෝරක්ත නිරීක්ෂණවලදී මේ මන්දාකිණිය සර්පිලාකාර මන්දාකිණියක් බවට පෙනී ගියා.
2010 අප්‍රේල් මාසයේදී, එක්සත් රාජධානියේ මැන්චෙස්ටර් විශ්ව විද්‍යාලයේ ජෝඩ්‍රෙල් නිරීක්ෂණාගාරයේ සේවය කරන ගුවන්විදුලි තාරකා විද්‍යාඥයින් විසින් M82 හි රේඩියෝ තරංග නිකුත් කිරීම ආරම්භ කළ වස්තුවක් පිළිබඳව වාර්තා කරන ලද අතර, එහි විමෝචනය මීට පෙර විශ්වයේ කොතැනකවත් දක්නට නොලැබුණු ආකාරයේ එකක් කියලා තමයි වාර්තාවල සඳහන් වෙන්නේ.
ස්ටාර් බස්ට් ගැලැක්සි, එහෙම නැත්තං තරු පිපිරුම් මන්දාකිණියක් ලෙස හැඳින්වෙන්නෙ, මෙ මන්දාකිණිය නිතර නිතර සුපර්නෝවා වලට ගොදුරු වෙන නිසා. මෙම මන්දාකිණියේ වාර්තා වූ පළමු තහවුරු කරන ලද සුපර්නෝවාව 2004 මාර්තු මාසෙදි, SN 2004am ලික් නිරීක්ෂණාගාරයේ සුපර්නෝවා නිරීක්ෂකයන් විසින් සොයා ගත්තේ ඊට මාස කීපයකට කලින් ඒ කියන්නේ 2003 වර්ෂයේ නොවැම්බර් මාසයේ ලබාගන්නා ලද ඡායාරූප අධ්‍යයනය කළාට පස්සෙ.
- Sunflower Galaxy
මෙසියර් 63 එහෙම නැත්නම් NGC 5055 කියලා හඳුන්වන sunflower ගැලැක්සි එහෙමත් නැත්නම් සූර්යකාන්ත මන්දාකිණියෙ ආසන්න වශයෙන් තාරකා බිලියන 400ක් පමණ තියෙනවා කියලා තමයි තාරකා විද්‍යාඥයින් ඇස්තමේන්තු ගත කරලා තියෙන්නේ.
ප්‍රථමවරට ප්‍රංශ තාරකා විද්‍යාඥයන් පියරෙ මෙචේන් කියන තාරකා විද්‍යාඥය තමයි මේ මන්දාකිණිය සොයාගෙන තියෙන්නේ. 19 වන ශතවර්ෂයේ මැද භාගයේදී, ඇන්ග්ලෝ-අයර්ලන්ත තාරකා විද්‍යාඥ ලෝඩ් රෝස් විසින් මන්දාකිණිය තුළ සර්පිලාකාර ව්‍යුහයන් හඳුනා ගත් අතර, මෙය එවැනි ව්‍යුහයක් හඳුනාගත් පළමු මන්දාකිණිවලින් එකක් ලෙස වාර්තා පොත් අතර සඳහන් වෙනවා.
- MACS J0717
MACS J0717 හෝ MACS 0717 කියන්නෙ ඔරිගා / ඕරයිගා තාරකා මණ්ඩලයේ ආලෝක වර්ෂ බිලියන 5.4 ක් දුරින් පිහිටි විශාල මන්දාකිණි පොකුරක්.
ඝට්ටනයකට සම්බන්ධ වූ වෙනම මන්දාකිණි පොකුරු හතරකින් මෙම පොකුර හැදිල තියෙනව කියල තමයි තාරකා විද්‍යාඥයින් කියන්නෙ.
- Messier 74
Messier 74, NGC 628 නැත්නම් Phantom Galaxy කියල කියන්නෙ මීන රාශියේ සමක තාරකා මණ්ඩලයේ විශාල සර්පිලාකාර මන්දාකිණියක්. මේක පෘථිවියේ ඉඳලා ආලෝක වර්ෂ මිලියන 32 ක් පමණ දුරින් තමයි පිහිටල තියෙන්නෙ. මන්දාකිනියේ අඩු මතුපිට දීප්තිය, ආධුනික තාරකා විද්‍යාඥයින්ට නිරීක්ෂණය කිරීමට අපහසුම මෙසියර් වස්තුව බවට මෙම මණ්දාකිණය පත් කරනවා.
M74 මණ්දාකිණයේ තාරකා බිලියන 100ක් පමණ තියෙනව කියල තමයි තාරකා විද්‍යාඥයින්ගෙ අධ්‍යයනයන් වලින් පෙනී ගිහිල්ලා තියෙන්නෙ. මෙම මණ්දාකිණය සොයාගත්තේ 1780 දී පියරෙ මෙචේන් විසින්. 2022 ජූලි මාසයේදී, එය ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය මගින් නිරීක්ෂණය කරන ලද අතර, එය තුළ SN 2002ap , SN 2003gd, සහ SN 2013e යන නම් වලින් හැඳින්වෙන සුපර්නෝවා තුනක් සිදුවී ඇති බව ප්‍රකට කරුණක්.
- Baby Boom Galaxy
Baby Boom Galaxy යනු ආලෝක වර්ෂ බිලියන 12.477 ක් ඈතින් පිහිටි තරු පිපිරුම් මන්දාකිණියk. කැලිෆෝනියා තාක්ෂණ ආයතනයේ NASA හි ස්පිට්සර් විද්‍යා මධ්‍යස්ථානය විසින් සොයා ගන්නා ලද මම මන්දාකිණිය ඉතා දුරින් පිහිටි විශ්වයේ දීප්තිමත්ම තරු පිපිරුම් මන්දාකිණිය වන අතර, දීප්තිය යනු එහි ආන්තික තරු සෑදීමේ වේගයේ මිනුමක් වනවා. Baby Boom Galaxyයට එම නම ලැබී ඇත්තේ එය ඉතා ඉක්මනින් තාරකා නිපදවන බව නිරීක්ෂණය වන නිසා. සාමාන්‍යයෙන් වසරකට තරු 4,000 දක්වා අනුපාතයකින් ඒ කියන්නෙ දිනකට තරු 11ක් පමණ මෙම මණ්දාකිණියෙන් නිපදවෙනවා. එම වේගය අනුව, මෙතෙක් නිරීක්ෂණය කර ඇති දැවැන්තම මන්දාකිණිය තරම් තාරකා ප්‍රමාණයක් නිර්මාණය කිරීමට මන්දාකිණියට අවශ්‍ය වන්නේ වසර මිලියන 50ක් පමණයි. පෘථිවිය වාසය කරන ක්ෂීරපථ මන්දාකිණිය තුල වසරකට සාමාන්‍යයෙන් තරු 10 ක් පමණ නිපදවෙනවා.
Baby Boom Galaxy විවිධ තරංග ආයාම වලින් ක්‍රියාත්මක වන දුරේක්ෂ කට්ටලයක් භාවිතා කරමින් 2008 දී සොයා ගත්තා. මෙම මණ්දාකිණිය වසර බිලියන 1.4 ක් පැරණි , එනම් මෙම මන්දාකිණිය විශ්වය ළදරු අවධියේ සිටියදී මෙම අමුතු හැසිරීම ප්‍රදර්ශනය කරමින් සිටි බවට ඇතැම් තාරකා විද්‍යාඥයින් මතයක් ගෙන ආවා. මන්දාකිනියේ ඇති රතු පැහැය නව තාරකාවල උපත පෙන්නුම් කරන අතර කොළ පැහැයෙන් දැක්වෙන්නේ වායුවක් කියල තමයි සඳහන් වෙන්නේ.
- Milky Way Galaxy
ක්ෂීරපථය යනු අපගේ සෞරග්‍රහ මණ්ඩලය ඇතුළත් මන්දාකිණිය වන අතර එහි නම පෘථිවියේ සිට මන්දාකිනියේ පෙනුම විස්තර කරනවා: පියවි ඇසට තනි තනිව වෙන්කර හඳුනාගත නොහැකි තරු වලින් සෑදී ඇති රාත්‍රී අහසේ පෙනෙන අඳුරු ආලෝක කලාපයක් ඇති බව ඔබටත් පෙනෙන්නට පුළුවන්. ගැලීලියෝ ගැලීලි 1610 දී ඔහුගේ දුරේක්ෂය මගින් ආලෝක කලාපය තනි තනි තරු බවට පත් කර ගත්තා. 1920 ගණන්වල මුල් භාගය වන තෙක් බොහෝ තාරකා විද්‍යාඥයින් සිතුවේ ක්ෂීරපථයේ විශ්වයේ ඇති සියලුම තරු අඩංගු වෙනවා කියලා. තාරකා විද්‍යාඥයින් වන Harlow Shapley සහ Heber Curtis අතර 1920 මහා විවාදයෙන් පසුව , Edwin Hubble විසින් කරන ලද නිරීක්ෂණ වලින් පෙන්නුම් කළේ ක්ෂීරපථය බොහෝ මන්දාකිණි වලින් එකක් පමණක් බවයි. එහි තරු බිලියන 100-400 ක් සහ අවම වශයෙන් ග්‍රහලෝක බිලියන 100ක් අඩංගු වේ යැයි ගණනය කරල තියෙනවා. සමස්ථයක් ලෙස ක්ෂීරපථය, පිටස්තර සමුද්දේශ රාමු වලට සාපේක්ෂව තත්පරයට කිලෝමීටර 600 ක පමණ වේගයකින් ගමන් කරනවා.
- IDCS 1426
කෙටියෙන් IDCS 1426 යනු අතිශය දැවැන්ත තරුණ මන්දාකිණි පොකුරක් . එය එතරම් කුඩා අවධියේදී අනාවරණය වූ දැවැන්තම මන්දාකිණි පොකුර වනවා. පෘථිවියේ සිට ආලෝක ගමන් දුර වසර බිලියන 10 ක් දුරින් පිහිටා ඇති මෙම දුර්ලභ මන්දාකිණි පොකුරේ බර සූර්යයන් ට්‍රිලියන 500කට ආසන්නයි කියල තමයි ගණනය කරල තියෙන්නේ. 2012 දී Spitzer අභ්‍යවකාශ දුරේක්ෂය මගින් ප්‍රථම වරට සොයා ගන්නා ලද IDCS 1426 පසුව එහි දුර තීරණය කිරීම සඳහා හබල් අභ්‍යවකාශ දුරේක්ෂය සහ කෙක් නිරීක්ෂණාගාරය භාවිතයෙන් නිරීක්ෂණය කළා.
- I Zwicky 18
I Zwicky 18 යනු Ursa Major අර්සා මේජොර් තාරකා මණ්ඩලයේ ආලෝක වර්ෂ මිලියන 59 ක් පමණ දුරින් පිහිටා ඇති නිල් සංයුක්ත වාමන මන්දාකිණියක් . මන්දාකිණිය ප්‍රථම වරට හඳුනාගනු ලැබුවේ ස්විට්සර්ලන්ත තාරකා විද්‍යාඥ ෆ්‍රිට්ස් ස්විකී විසින් 1930 ගණන්වල මන්දාකිණි පිළිබඳ ඡායාරූප සමීක්ෂණයකින්.
I Zwicky 18ගේ තරුණ පෙනුමට සමාන මන්දාකිණි සාමාන්‍යයෙන් හමු වන්නේ මුල් විශ්වයේ පමණි. හබල් අභ්‍යවකාශ දුරේක්ෂය සමඟ කළ මුල් නිරීක්ෂණ I Zwicky 18 සඳහා වයස අවුරුදු මිලියන 500ක් තරම් පැරණි වන බව බව යෝජනා වුනා. පසුව හබල් අභ්‍යවකාශ දුරේක්ෂය සමඟ කරන ලද නිරීක්ෂණ මගින් මන්දාකිණිය තුළ අඳුරු සහ පැරණි තාරකා ඇති බව සොයා ගන්නා ලද අතර, එහි තරු නිර්මාණය වීම අවම වශයෙන් වසර බිලියනයකට පෙර සහ සමහර විට වසර බිලියන දහයකට පෙර ආරම්භ වූ බවට මතයක් ගොඩනැගිල තියෙනවා.
I Zwicky 18 මහා පිපිරුමේ දී නිර්මාණය වූ ප්‍රධාන අමුද්‍රව්‍ය වන හයිඩ්‍රජන් සහ හීලියම් වලින් තනිකරම පාහේ සමන්විත වී ඇති බව භූගත දුරේක්ෂ සමඟ වර්ණාවලීක්ෂ නිරීක්ෂණ මගින් පෙන්වා දී තිබෙනවා. මන්දාකිනියේ ප්‍රාථමික වර්ණ වලින් ඇඟවෙන්නේ එහි තරු සෑදීමේ වේගය සමාන වයසේ අනෙකුත් මන්දාකිණිවලට වඩා බෙහෙවින් අඩු බව.
- NGC 6744
NGC 6744 ( Caldwell 101 ලෙසද හැඳින්වේ ) කියන්නේ Pavo (Peacock) තාරකා මණ්ඩලයේ ආලෝක වර්ෂ මිලියන 30ක් පමණ දුරින් අතරමැදි සර්පිලාකාර මන්දාකිණියක්. එය ක්ෂීරපථය අනුකරණයක් ලෙසda සැලකෙනවා . එය 1826 ජූනි 30 දින ස්කොට්ලන්ත තාරකා විද්‍යාඥ ජේම්ස් ඩන්ලොප් විසින් ඕස්ට්‍රේලියාවේ පැරමට්ටා ප්‍රදේශයේදී සොයා ගත්තා.
- NGC 6872
NGC 6872 , Condor Galaxy ලෙසද හැඳින්වෙනවා , මෙයද Pavo තාරකා මණ්ඩලයේ විශාල බාධක සර්පිලාකාර මන්දාකිණියකි . එය පෘථිවියේ සිට ආලෝක වර්ෂ මිලියන 212 ක් පමණ දුරින් පිහිටා ඇති අතර එය ආසන්න වශයෙන් වසර බිලියන පහක් පැරණි වනවා.NGC 6872 මණ්දාකිණිය එයින් 10%ක් තරම් විශාල වූ IC 4970 මන්දාකිණිය සමඟ අන්තර්ක්‍රියා කරනවා. ආලෝක වර්ෂ 52,000 ට වැඩි තාරකා විෂ්කම්භයක් සහිත එය දන්නා විශාලතම සර්පිලාකාර මන්දාකිණිය බවට පත් කරනවා. එය 1835 ජුනි 27 වන දින ඉංග්‍රීසි තාරකා විද්‍යාඥ ජෝන් හර්ෂල් විසින් සොයා ගත්තා .
තාරකා විද්‍යාඥයින් සිතන්නේ විශාල මන්දාකිණි, කුඩා පද්ධති ගණනාවක් අවශෝෂණය කර ගනිමින් වසර බිලියන ගණනක් පුරා එකලස් කිරීම, ඒකාබද්ධ කිරීම් සහ අත්පත් කර ගැනීම් හරහා වර්ධනය වූ බවයි. කුතුහලය දනවන කරුණක් නම්, NGC 6872 සහ IC 4970 හි ගුරුත්වාකර්ෂණ අන්තර්ක්‍රියා ප්‍රතිවිරුද්ධ දෙසට සිදු කර ඇති අතර, එය නව කුඩා මන්දාකිනියක් දක්වා වර්ධනය විය වෙන්න පුළුවන් කියල තමයි අධ්‍යයන වලින් පෙනී යන්නේ.
- MACS J0416
MACS J0416.1-2403 කියන්නේ ඇතුළත සූර්යයාගේ ස්කන්ධය මෙන් ට්‍රිලියන 160 ගුණයක ස්කන්ධයක් සහිත රතු මාරුවකින් යුත් මන්දාකිණි පොකුරක්. හබල් අභ්‍යවකාශ දුරේක්ෂය මගින් ලබාගත් ඡායාරූප වලින් මෙම පද්ධතිය සොයා ගන්නා ලදී.
- M60 & NGC 4647 – The galaxy couple
නාසා හි හබල් අභ්‍යවකාශ දුරේක්ෂයෙන් ලබාගත් මෙම ඡායාරූපයෙහි එකිනෙකට වෙනස් මන්දාකිණි දෙකක් සම්බන්ධ වීමක් පෙන්නුම් කෙරෙනවා. මෙම සුවිශේෂී මන්දාකිණි යුගලය Arp 116 ලෙස හැඳින්වෙනවා.
Arp 116 සමන්විත වන්නේ Messier 60 ලෙස හඳුන්වන යෝධ ඉලිප්සාකාර මන්දාකිණියකින් සහ ඊට වඩා කුඩා සර්පිලාකාර NGC 4647 මන්දාකිනියෙන්.
M60 යනු මන්දාකිණි 1,300 කට වඩා වැඩි ගණනක එකතුවක් වන Virgo මන්දාකිණි පොකුරේ තෙවන දීප්තිමත්ම මන්දාකිණිය. M60 හි විෂ්කම්භය ආලෝක වර්ෂ 120,000 ක් වන අතර සූර්යයාගේ ස්කන්ධය මෙන් ට්‍රිලියනයක ගුණයක් පමණ වෙනවා. සූර්ය ස්කන්ධ බිලියන 4.5 ක විශාල කළු කුහරයක් එහි මධ්‍යයේ පිහිටා ඇති අතර එය මෙතෙක් සොයාගෙන ඇති දැවැන්තම කළු කුහර වලින් එකක්.
දුර්වල නිල් පැහැති සර්පිලාකාර මන්දාකිණිය NGC 4647, M60 මන්දාකිණියේ ප්‍රමාණයෙන් තුනෙන් දෙකක් පමණ වන අතර ස්කන්ධයෙන් බොහෝ සෙයින් අඩු වන අතර දළ වශයෙන් අපගේ මන්දාකිණිය වන ක්ෂීරපථයේ විශාලත්වයට ආසන්න වනවා.
තාරකා විද්‍යාඥයින් මෙම මන්දාකිණි දෙක සැබවින්ම අන්තර්ක්‍රියා කරන්නේද යන්න තීරණය කිරීමට දිගු කලක් තිස්සේ උත්සාහ කර තිබුණා. පෘථිවියේ සිට ඔවුන් දෙස බැලූවත්, ඒවා ඡේදනය වන වන සේ පෙනෙන නමුත්, මෙය මන්දාකිණි දෙක සැබවින්ම අන්තර්ක්‍රියා කරන බවට පැහැදිලි සලකුණු වලින් එකක් වූවත්, නව තරු සෑදීමේ සාක්ෂි මෙතෙක් සොයාගෙන නැහැ. කෙසේ වෙතත්, ඉතා සවිස්තරාත්මක හබල් රූප පිළිබඳ මෑත අධ්යයනයන් වලින්, මෙම මණ්දාකිණි දෙක අතර යම්යම් ප්‍රතික්‍රියා සිදුවන බවට පැහැදිළි වෙලා තියෙනවා
M60 පිහිටල තියෙන්නේ පෘථිවියේ සිට ආලෝක වර්ෂ මිලියන 54ක් පමණ ඈතින් වන අතර NGC 4647 ආලෝක වර්ෂ මිලියන 63 ක් පමණ දුරින් පිහිටල තියෙන්නවා.
ඒ සමගම විශ්වයේ අමුතු හැඩැති මණ්දාකිනි ගැන අපි ගෙන ආව පළමු වීඩියෝව මෙතෙකින් නිමා වෙනවා. ඉතා ඉක්මනින් විශ්වයේ අමුතු හැඩැති මණ්දාකිනි ගැන ගෙන එන දෙවන වීඩියෝවෙන් හමුවෙමු.
Source:
25 Strange Things About The Universe: http://bit.ly/245vNTQ
25 Smallest Things In The World: http://bit.ly/1WsBh50
Alpha Paw