Comet, ධූමකේතු, වල්ගා තරු: රාත්‍රී අහසේ ඔබට දකින්න පුළුවන් වඩාත්ම අලංකාරම වස්තුව

පෘථිවියේ ගොඩක් නිර්මාණ බිහිවෙලා තියෙන්නෙ ලස්සන ගැන අනිත් අයට කියලා දෙන්න. ඒ වගේම තමයි පෘථිවියේ මිනිස්සු ගොඩක් ආසයි ලස්සන දේවල් දැකලා ඇහැ පිනවන්න. ඒ විතරක් නෙමෙයි ඒ වගේ ලස්සන සහ ස්වබාවික දේවල් වලින් ලැබෙන ආධ්‍යාත්මික සුවය ගැන කියලා නිම කරන්න බැහැ. ඒ වගේ අවස්ථාවල ස්වභාදහමට ආදරය කරන මිනිසුන් බිහි වෙනවා. ඔබත් ස්වභාදහමට ආදරය කරන්න.     

NEOWISE වල්ගාතරුව (pinterest.com)

අද අපේ වීඩියෝ වෙන්වන්නේ රාත්‍රී අහසේ ඔබට දකින්න පුළුවන් වඩාත්ම අලංකාරම වස්තුව වන වල්ගා තරු පිළිබඳව. මෙ වීඩියෝවෙ දී අපි උත්සාහ කරනවා ඔබට මේ වල්ගා තරු කියන්නේ මොනවද, මේවාපැමිණෙන්නේ කොහෙ ඉඳලද, මේ වල්ගතරු ගවේෂණය කරන්නෙ කොහොමද, සහ මේ වල්ගා තරු වලට ඔවුන්ගෙන්නම් ලැබෙන්නේ කොහොමද කියන කාරණා පිළිබඳව කතා කරන්න.

ඈත අතීතයේ දී, මිනිසුන් වල්ගා තරු ගැන බියෙන් හා තැතිගැනීම් වලට ලක් වූ අතරම, ඒවා අත්භූත සහ අනපේක්ෂිත ලෙස අහසේ දිස් වූ දිගු වල්ගයක් ඇති තරු ලෙස වටහා ගත්තා. චීන තාරකා විද්‍යාඥයින් ශතවර්ෂ ගණනාවක් පුරා ධූමකේතු වල්ග වල ලාක්ෂණික වර්ණ, වල්ගාතරු දර්ශනය වූ සහ නොපෙනී ගිය අවස්ථා, සහ ආකාශ පිහිටීම් ඇතුළුව විශේශ අවස්ථා සහ ලක්ෂණයන් පිළිබඳ වාර්තා තබා ගත්තා. මෙම ඓතිහාසික වල්ගා තරු වංශ කතාව පසුකාලීන තාරකා විද්‍යාඥයින්ට වටිනා සම්පතක් බව ඔප්පු වී තිබෙනවා.

වල්ගා තරු කියන්නේ මොනවද

වල්ගාතරු යනු, වසර බිලියන 6 කට පමණ පෙර අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ ආරම්භයේ සිට ඉතිරි වූ ඒවා බවත්, ඒවා බොහෝ දුරට අඳුරු කාබනික ද්‍රව්‍යවලින් ආවරණය වූ අයිස්වලින් සමන්විත බවත් මේ වන විට තාරකා විද්‍යාඥයින් සොයාගෙන තිබෙනවා. ඒවා “අපිරිසිදු හිමබෝල” ලෙසද ඇතැමුන් හඳුන්වනවා. ඒවායින් අපේ සෞරග්‍රහ මණ්ඩලයේ නිර්මාණය පිළිබඳ වැදගත් ඉඟි ලබා ගන්නට හැකියාව තිබෙනවා. වල්ගා තරු, මූලික පෘථිවියට සහ සෞරග්‍රහ මණ්ඩලයේ අනෙකුත් කොටස්වලට ජලය සහ කාබනික සංයෝග වැනි ජීවයේ මූලික පදාර්ථ කොටස් ගෙන එන්නට ඇති බවටත් තාරකා විද්‍යාඥයින් උපකල්පනය කරනවා.

වල්ගාතරුවක කොටස් (
NASA Space Place
)

වල්ගතරුක් කියලා කියන්නේ අයිස් සහිත කුඩා අභ්‍යාවකාශ වස්තුවක්. එනිසා එය සූර්යයාට සමීපව ගමන් කරනකොට උණුසුම් වෙලා වායු මුදා හැරීමට පටන් ගන්නා අතර මේ ක්‍රියාවලියේදී පිටවන වායු සමග දුහුවිලි මුහුවෙලා ඉතා විශාල දුරකට විසිරී යනවා. මේ ක්‍රියාවලිය පෘතුවියේ ඉන්න අපට පෙනෙන්නේ මේ වස්තුවට වලිගයක් තියෙනවා වගේ. වල්ගා තරුවේ න්‍යෂ්ටිය මත ක්‍රියා කරන සූර්ය විකිරණ සහ සූර්ය සුළඟේ බලපෑම නිසා මෙම සංසිද්ධි ඇති වනවා. වල්ගාතරු න්‍යෂ්ටිය මීටර් සිය ගණනක සිට කිලෝමීටර දස දහස් ගණනක් දක්වා විහිදෙන අතර අයිස් දූවිලි හා කුඩා පාෂාණමය අංශු ලිහිල් එකතුවකින් සමන්විත වනවා.

වල්ගා තරුවක් ප්‍රධාන වශයෙන් කොටස් කිහිපයකට බෙදන්න පුළුවන්. මූලිකම කොටස න්‍යෂ්ඨිය වන අත තවත් වැදගත් ස්ථානයක් කෝමාව ලෙස හඳුන්වන කොටසට ලැබෙනවා. වායු වල්ගය සහ දුහුවිලි වල්ගය ලෙස වල්ග කොටසත් ප්‍රධාන කොටස් දෙකකට වෙන් වෙනවා. 

වල්ගාතරුවේ න්‍යශ්ඨිය කියලා කියන්නේ ඇත්ත වශයෙන්ම වල්ගා තරුවේ අඩංගු අභ්‍යවකාශ වස්තුව. එතකොට මේ කෝමාව කියලා කියන්නේ වල්ගා තරුවේ න්‍යෂ්ටිය වටා පිහිටි කවරය වගේ කොටස. සාමාන්‍යයෙන් මේ කෝමා එක පෘථිවි විශ්කම්භ වගේ ආසන්න වශයෙන් පහලොස් ගුණයක් තරම් විය හැකි අතරම වල්ග කොටස බොහෝදුරට තාරකා විද්‍යාත්මක ඒකක එකක් දක්වා විහිදෙනවා. ඇතැම් විශේෂ වල්ගා තරුවල වර්ග කොටස නම් මීට වඩා බොහෝ සෙයින් දිගු වනවා.

ප්‍රමාණවත් තරම් දීප්තික් තියෙනවා නම් මේ වල්ගතරු දුරේක්ෂයක් ආධාරයෙන් තොරව පියවි ඇසෙන් පෘථිවියේ සිට නිරීක්ෂණය කරන්නට පුළුවන්. ඈත ඉතිහාසයේ ඉඳලම මේ විදිහට වල්ගාතරු පියවි ඇසින් නිරීක්ෂණය කිරීමේ වාර්තා ඉතිහාසය පුරාවටම තියෙනවා

මේ වල්ගා තරු පැමිණෙන්නේ කොහෙන්ද?

ඕර්ට් වළාකුළු සහ කුයිපර් පටිය (Australian Space Academy)

වල්ගා තරුවලට සාමාන්‍යයෙන් තියෙන්නෙ විකේන්ද්‍රික ඉලිප්සාකාර කක්ෂයක්. ඒවාට වසර කිහිපයක ඉඳලා දශක හෝ ශත වර්ෂ ගණනාවක් දක්වා පුළුල් පරාසයක කක්ශීය කාල පරිච්ඡේදයන් තියෙන්නටත් පුළුවන්. වල්ගා තරුවක කක්ෂීය කාලය අනුව මේ වල්ගාතරු දිගුකාලීන වල්ගතරු සහ කෙටිකාලීන වල්ගා තරු කියලා කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්. 

උදාහරණ සහිතව වල්ගාතරු වල ගමන් කාළ පිළිබඳ අදහසක් (European Space Agency)

දිගුකාලීන වල්ගතරු  කියලා කියන්නේ කක්ශය කාලය වසර දෙසීයකට වැඩි වල්ගා තරු. බොහෝ විට මේවායේ කක්ශය ඕර්ට් වලාකුළ ප්‍රදේශයේ ඉඳලා ආසන්නතම තාරකාව දක්වා විහිදෙන්නට පුළුවන්. කෙටිකාලීන වල්ගතරු කියලා හඳුන්වන්නේ නෙප්චූන්ගේ කක්ෂයෙන් ඔබ්බට ගිය, කුයිපර් පටිය හෝ ඊට සම්බන්ධ විසුරුණු තැටිය තුල ඇති වල්ගතරු. 1951 දී තාරකා විද්‍යාඥ ජෙරාඩ් කුයිපර් විසින් න්‍යායාත්මක කරන ලද පරීක්ෂණ වලට අනුව, ප්ලූටෝගේ ක්ෂේත්‍රයේ අඳුරු වල්ගා තරු සමූහයක් සූර්යයා වටා කක්ෂගත වන අතරම, නෙප්චූන්ට ඔබ්බෙන් අයිස් සහිත වස්තූන් ගහන පටියක් පවතිනවා. මෙම අයිස් සහිත වස්තූන්, ගුරුත්වාකර්ෂණ බලය මගින් සූර්යයා වෙත සමීප කරවන කක්ෂවලට තල්ලු කරනු ලැබෙනවා. මේ ආකාරයේ වල්ගා තරු වලට තියෙන්නේ බොහෝදුරට වසර දෙසීයකට අඩු කක්ශීය කාලයක්. 

මේ කෙටිකාලීන වල්ගාතරු යළිත් කොටස් 2කට වෙන් කරලා දක්වනවා. පළමුවැන්න වෙන්නේ වසර විස්සකට අඩු කක්ශීය කාලයක් සහිත වල්ගා තරු. බොහෝ දුරට මේවා පැමිණෙන්නෙ බ්‍රහස්පති හෝ ඒ ආසන්න කක්ෂයක ඉඳලා. මේ නිසා මේවා හඳුන්වන්නේ බ්‍රහස්පති පවුලේ වල්ගාතරු කියලා. බොහෝ දුරට මේවා ඈත අතීතයේදී වසර බිලියන ගණනකට පෙර නෙප්චූන්ට ඔබ්බෙන් වූ කුයිපර් පටියෙන් ආරම්භ වූ වල්ගතරු වන්නට ඇති.

නමුත් පසු කාලීනව බ්‍රහස්පතිගේ අතිවිශාල ගුරුත්වාකර්ෂණයට හසු ව කක්ෂය වෙනස් වූ වල්ගා තරු වන්නට ඇති. බ්‍රහස්පති පවුලෙ වල්ගා තරු මේ වන විට 400කට අධික සංඛ්‍යාවක් සොයා ගෙන තියෙනවා. නමුත් මේවායේ දීප්තිය මදක් අඩුයි. ඒකට හේතුව වෙන්නේ, කක්ෂය කාලයක් adu වීමත් සමග සූර්යයා වටා ගමන්කිරීම ඉක්මණ් වෙනවත් එක්කම ඔවුන්ගේ වර්ගය සහ දීප්ති නිර්මාණය වෙන අයිස් සහ විවිධ වායූන් වර්ග ක්ෂය වීම කියලා හිතන්න පුළුවන්.

බ්‍රහස්පති පවුලේ වල්ගා තරු වලට උදාහරණ විදිහට ටෙම්පෙල් 1, temple 2, එන්කෙ, 19පී බොරෙලි වගේ වල්ගා තරු හඳුන්වන්න පුළුවන්. 

වසර 20ට වැඩි, එහෙත් වසර දෙසීයට අඩු කක්ෂය කාලයක් සහිත වල්ගා තරු හඳුන්වන්න හැලීගේ ධූම කේතුව ආකාරයේ වල්ගතරු කියලා. හැලීගේ වල්ගා තරුව මෙයාකාරයේ වල්ගා තරු වලට ප්‍රධානතම උදාහරණයද වෙනවා. 

දිගුකාලීන වල්ගතරු ඒ කියන්නේ කක්ෂය කාලය වසර දෙසීයකට වැඩි වල්ගා තරු අතර ආසන්නතම උදාහරණය විදියට ගන්න පුළුවන් 2007 වර්ෂයේ ජනවාරි මාසයේ දී පෘථිවියට දිස්වූ මැක්නෝට් කියන වල්ගතරුව. මේ වල්ගා තරුවේ කක්ෂිය කාලය විදියට ගණනය කරලා තියෙන්නෙ වසර 92,600ක්. ඡායාරූප වලින් ඔබට පෙනෙන ආකාරයට මේ වල්ගතරුවෙ දීප්තිය ඉතාමත්ම වැඩියි.

ඒ විතරක් නෙමේ මෙකෙ වල්ග කොටසත් ඉතාමත් පැහැදිලි දීප්තියකින්, පෘථිවි වැසියන්ට දැක ගන්නට පුළුවන්කම ලැබුණා. මේකට හේතුව අපි කලින් කියපු විදිහට මේ ආකාරයේ වල්ගා තරු සූර්යයා ආසන්නයට පැමිණෙන්නේ සෑහෙන කාලයකට පසුව වීම. මෙලෙස දිස්වන දිගුකාලීන වල්ගාතරු යළි කිසි දිනක අපේ ජීවිත කාලයේ දී දැක ගැනීමට හැකියාවක් නම් ලැබෙන්නේ නැහැ. 

වල්ගා තරු ගවේෂණය

1986දී දිස්වූ හැලීගේ ධූමකේතුවේ න්‍යෂ්ටියේ ඡායාරූප නිසාවෙන් වල්ගාතරු ගැන විස්තරාත්මකව අධ්‍යයනය කිරීමට විද්‍යාඥයන්ට තිබූ අවශ්‍යතාවය තවතවදුරටත් වර්ධනය වුනා. ඉන් පසුව NASA හි deep space 1 අභ්‍යවකාශ යානය 2001 දී, සැතපුම් 5ක් නැත්නම් කිලෝමීටර අටක් පමණ දිගු වූ Borrelly වල්ගා තරුව හරහා පියාසර කර, එහි න්‍යෂ්ටිය ඡායාරූප ගත කලා.

2004 ජනවාරි 2 වැනිදා Stardust දුටු Wild 2 වල්ගාතරු න්‍යෂ්ඨිය (wikipedia.org)

NASA හි Stardust මෙහෙයුම 2004 ජනවාරි මාසයේදී Wild 2 වල්ගතරුවෙහි න්‍යෂ්ටියෙන් කිලෝමීටර් 236ක් (සැතපුම් 147ක්) ආසන්නයෙන් සාර්ථකව පියාසර කර, 2006 වසරේ ධූමකේතු අංශු සහ අන්තර් තාරකා දූවිලි නියැඳි පෘථිවියට රැගෙන ආවා. Stardust සාම්පල විශ්ලේෂණයෙන් පසු, වල්ගා තරු මුලින් සිතුවාට වඩා සංකීර්ණ විය හැකි බව තාරකා විද්‍යාඥයින් තේරුම් ගත්තා. සූර්යයා අසල හෝ වෙනත් තරු අසල ඇතිවන ඛනිජ, සාම්පලවල දක්නට ලැබුණා. එමගින් වල්ගාතරු, සෞරග්‍රහ මණ්ඩලයේ අභ්‍යන්තර ප්‍රදේශ සහ පිටත ප්‍රදේශ කරා ගමන් කළ බවට තාරකා විද්‍යාඥයින් තේරුම් ගත්තා.

තවත් නාසා මෙහෙයුමක් වන Deep Impact, 2005 ජූලි මාසයේදී, Tempel 1 වල්ගා තරුවේ න්‍යෂ්ටියේ මාර්ගය සමග සැලසුම්ගත ඝට්ටනයක් සිදු කරන ලද අතර, ගැටුමෙන් අභ්‍යවකාශ යානයේ ඝට්ටනය වූ කොටස වාෂ්ප වී වල්ගා තරුවේ මතුපිටට යටින් සියුම් කුඩු ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් පිට කළ බවට නාසා ආයතනය නිරීක්ෂණය කර තිබුණා. ඝට්ටනය වීමට මත්තෙන්, ‍යානයේ කැමරාව වල්ගා තරුව වැඩි විස්තර සහිතව ඡායාරූපගත කළා.

වල්ගා තරු වලට ඔවුන්ගේ නම් ලැබෙන්නේ කෙසේද?

වල්ගා තරු නම් කිරීම තරමක් සංකීර්ණ ක්‍රියාවලියක් වනවා. වල්ගාතරු සාමාන්‍යයෙන් නම් කර ඇත්තේ ඔවුන්ව සොයාගත් තැනැත්තා ගේ හෝ සොයාගත් අභ්‍යවකාශය දුරේකශයේ නමිනි.  උදාහරණයක් ලෙස, Shoemaker-Levy 9 වල්ගා තරුව නම් කරන ලද්දේ එය Eugene සහ Carolyn Shoemaker  දෙදෙනා සහ David Levy විසින් සොයා ගන්නා ලද නවවන කෙටි කාලාන්තර වල්ගා තරුව නිසාය. මේ සඳහා අපි අපගේ කලින් වීඩියෝවක කොටසක් උපුටා ගන්න කැමතියි.

Gennadiy Vladimirovich Borisov[

ඇත්ත වශයෙන්ම සෑම වසරකදීම නවතම වල්ගාතරු විශාල ප්‍රමාණයක් සොයා ගන්නා අතර ඒවායින් බොහොමයක් සියුම් දුරේක්ෂ හෝ පියවි ඇසෙන් පවා නොපෙනෙන ඒවා. සෝලාර් ඇන්ඩ් හීලියෝස්ෆෙරික් ඔබ්සවේටරි එහෙමත් නැත්නම් සූර්ය ගෝලීය නිරීක්ෂණාගාරය පමණක් වසරකට නව වල්ගා තරු දෙසීයකට වැඩි ප්‍රමාණයක් සොයා ගන්නවා. පෑන්ස්ටාර්ස්, ස්විකී ට්‍රාන්සෙයින්ට් ෆැසිලිටි (ZTF) සහ ඇට්ලස්  වගේ ව්‍යාපෘති වලින් වසරකට 40 සිට 50 දක්වා වල්ගතරු සංඛ්‍යාවක් සොයා ගන්නවා.

මීට අමතරව ආධුනිකයින් විසින්නුත් වසරකට සැලකිය යුතු ප්‍රමාණයක් මේ නව වල්ගා තරු සොයා ගන්නවා. මේ ආකාරයෙන් වසරකට කිහිප වතාවක් ආධුනික තාරකා විද්‍යාඥයන් විසින් පෙරකී ලොව ප්‍රධාන වල්ගා තරු සොයන ව්‍යාපෘති පරාජයට පත් කරමින් ඔවුන්ගේ නම් දරන නව වල්ගා තරු අනාවරණය කර ගන්නවා. උදාහරණ ලෙස ජපානයේ හයිඩෝ නිශිමුරා විසින් වර්ෂ 2021 ජූලි මාසයේ දී ඔහුගේ කැනොන් ඩිජිටල් කැමරාවෙන් කල සොයා ගැනීමකින් සී 2021 O1 වල්ගතරුව සොයාගත්තා. වර්ෂ 2019 දී ක්‍රිමියානු ආධුනික ජෙනඩි බෙරිසොව් විසින් පළමු අන්තර් තාරකා වල්ගා තරුව 21/බෙරිසොව් සොයා ගන්නට සමත් වුනා.

නමුත් වල්ගාතරු හඳුනාගැනීමට අභ්‍යවකාශ යානා ඉතා ඵලදායි බැවින් එලෙස සොයාගත් බොහෝ වල්ගාතරු වල නම්වලට LINEAR, SOHO හෝ WISE ලෙස හඳුනාගැනීමක් යොදාගන්නවා.

වල්ගා තරු වල බලපෑම්

ඉතිහාසය, වර්තමානය සහ අනාගතය සලකන කොට මේ වල්ගතරු වලින් පෘථිවියට ඇති වන බලපෑම කොටස් තුනකින් විස්තර ගන්න පුළුවන්.

2016 අගෝස්තු 12 වැනි දින එක්සත් රාජධානියේ Dorsetහි Corfe Castleට ඉහළින් රාත්‍රී අහසේ දිස් වූ පර්සීඩ් උල්කාපාතයක්. Credit: Dan Kitwood/Getty Images.
  1. පළපළමුවැන්න උල්කාපාත වර්ෂා
    • වල්ගා තරුවක් සූර්යයා වෙත සමීපව ගමන් කරනකොට, ඇති වන උෂ්ණත්ව විපර්යාසය නිසා එහි අයිස් සහිත සංරචක පිටකිරීමෙන් විශාල ඝන අපද්‍රව්‍ය ප්‍රමාණයක් මුදා හැරෙනවා. මේ ශේෂ වෙච්ච ඉතා කුඩා ඝන වස්තූන් හරහා පෘථිවි කක්ෂය ගමන් කරනවා නම්, එවන් අවස්ථාවක උල්කාපාත වර්ෂාවක් ඇති වීමේ හැකියාවක් තියෙනවා.
    • අපි නිතරම කතා කරන පර්සයිඩ් උල්කාපාත වර්ෂාව මෙන්න මේ වගේ සංසිද්ධියක් නිසා ඇති වෙච්ච එකක්. මේ පර්සයිඩ් උල්කාපාත වර්ෂාව හැම අවුරුද්දකම අගෝස්තු මාසේ 9වෙනිද  ඉඳලා දහතුන් වැනිදා වෙනකන් කාලය අතරතුර ඔබට දැකගන්නට පුළුවන් වෙනවා. මේ ආකාරයටම හැලීගේ වල්ගාතරුවේ කක්ෂය හරහා පෘථවිය ගමන් ගන්නා ඔක්තෝම්බර් මාසයේදී ඔරියොනිඩ් උල්කාපාත වර්ෂාව දැක දැක ගන්නට පුළුවන්.
  2. වල්ගා තරු සමග ඇතිවන ගැටීම
    • බොහෝ වල්ගා තරු සහ ග්‍රාහක ප්‍රමාණයක්  පෘථිවිය සමග මුල් අවධියේ දී ගැටිලා තියෙනවා. බොහෝ තාරකා විද්‍යාඥයින්ට අනුව මීට වසර බිලියන 4කට විතර කලින් කාලයේ, තරුණ පෘථිවිය සමග මේ විදිහට ඝට්ටනය වුන වල්ගා තරුව කින් දැනට සාගර ලෙස පවතින ජල ප්‍රමාණය හා සමාන ජල සංඝඨක ප්‍රමාණයක් රැගෙන ආ බවටත් මතයක් තියෙනවා.
    • මේ විදිහටම පෘතුවියේ චන්ද්‍රයාටත් සැලකිය යුතු තරම් ජල ප්‍රමාණයක් මේ වල්ගා තරු වල බලපෑමෙන් ලැබිලා තියෙන බවටත් තාරකා විද්‍යාඥයන් විශ්වාස කරනවා. 
  3. වල්ගා තරු වලට ඈත අතීතයේ දී බිය වීම
    • වල්ගා තරු කියන්නේ දෙවියන්ගෙ ක්‍රියාවක් සහ, ඉදිරියේදී සිදුවන විනාශයක පිළිබිඹුවක් ලෙසටත් ඇතිවූ බිය ක්‍රිස්තු වර්ශ 1200 සහ 1650 දක්වා කාළයේදී යුරෝපයේදී ඉහලම අගයක් ගත්තා. පසුගිය කාල වකවානුවේදී මේ වල්ගා තරු වලට බියෙන් මිනිසුන් ධුමකේතු විරෝධී බෙහෙත් පෙති සහ ධුමකේතු විරෝධී වැහි කුඩ මිලදී ගත්තා කිව්වොත් ඔබ පුදුම වනු නොඅනුමානයි.

වල්ගා තරු වල ඉරණම

වල්ගා තරුවක ඉරණම ආකාර කිහිපයකින් විසඳන්නට පුළුවන්.

ශූමේකර් ලෙවී 9 වල්ගා තරුවේ ඉරණම (ALMA Observatory)
  1. පළමු වන ආකාරය වෙන සෞරග්‍රහ මඬලින් පිටවීම. මේක හඳුන්වන්නේ ඉජෙක්ෂන් එකක් විදිහට. වල්ගා තරුවකට ප්‍රමාණවත් තරම් වේගයක් තියෙනවා නම් තියෙනවනම් ඒකට සෞරග්‍රහ මණ්ඩලයෙන් ඉවත් වීමට හැකියාවක් තියෙනවා. එවැනි වර්ග තරු හඳුන්වන්නේ hyperbolic වල්ගතරු විදියට.
  2. දෙවන ක්‍රමය විනාශ වීම. වල්ගා තරුවක න්‍යෂ්ටියේ අඩංගු වාෂ්පශීලී ද්‍රව්‍ය සහ අයිස් බොහොමයක් වාෂ්ප වී ගිය පසු වල්ගතරුව කුඩා අඳුරු නිෂ්ක්‍රිය වූ පාෂාණයක් හෝ සුන්බුන් කැබැල්ලක් බවට පත්වන අතර එය බොහෝ දුරට ග්‍රාහක ට සමාන වෙනවා. ඉලිප්සාකාර කක්ෂවල ඇති සමහර ග්‍රාහක මේ වන විට මිය ගිය වල්ගා තරු ලෙස හඳුනාගෙන තියෙනවා. පෘථිවියට ආසන්න ග්‍රහක වලින් දළ වශයෙන් 5% ක් පමණ මෙසේ මියගිය, නැත්නම් විනාශ වූ වල්ගා තරුවල න්‍යශ්ඨින් බවට බවට සැක කරනවා.
  3. තවත් ක්‍රමයක් තමයි කොටස් වලට කැඩී යාම් හෝ ගැටීම. ඔබට මතක ඇති අපි ඉදිරිපත් කරපු බ්‍රහස්පති මතට කඩා වැටුණු ශූමේකර් ලෙවී 9 කියන වල්ගා තරුව පිළිබඳව වීඩියෝව. බ්‍රහස්පති මතට කඩා වැටුණු මේ  ශූමේකර් ලෙවී 9 කියන වල්ගා තරුව, කඩා වැටෙන්නට මත්තෙන් කොටස් කිහිපයකට කැඩිලා තිබුණා. වර්ෂ 1992 ජූලි මාසය පමණ වන විට සිදු සිදු වූ සංසිද්ධියකින් කැබලි වලට වෙන් වී ගිය මෙම ෂූමේකර් ලෙවි 9 වල්ගතරුව වර්ෂ 1994 ජූලි මාසයේ දින හයක් පුරා බ්‍රහස්පතිගේ වායු ගෝලයට කඩා වැටුණා. 

බොහෝ විට මෙම වල්ගා තරු මෙසේ කැඩී බිඳී යන්නේ තාප පීඩනය හෝ අභ්‍යන්තර වායු පීඩනයේ බලපෑම් නිසා වෙන්නට පුළුවන්. වර්ෂ 1846 දී බීලා’ගේ වල්ගාතරුව සූර්යයාට ආසන්නම අවස්ථාවෙන් ගමන්කිරීමේදී කැබලි දෙකට කැඩී ගිය අතර වර්ෂ 1852 දී වෙන වෙනම දැකගත හැකි වුණා. ඉන්පසු කිසිම දිනක නැවතත් එම වල්ගා තරු වල දකින්නට නොලැබුණු අතර ඒ වෙනුවට

ඉතිහාසය

පුරාණ මූලාශ්‍රවලට අනුව චීන ජාතිකයින් වසර සිය දහස් ගණනක් තිස්සේ වල්ගාතරු නිරීක්ෂණය කර ඇති බවට සාක්ෂි තිබෙනවා. 16 සියවස වන විට වල්ගාතරු සාමාන්‍යයෙන් රජෙකුගේ හෝ වංශවත් මිනිසුන් ගේ මරණයෙ නරක පෙරනිමිත්තක් ලෙස සලකනු ලැබුවා. එසේත් නොමැතිනම් ඉදිරියේ දී ඇතිවිය හැකි ව්‍යසනයක සලකුණක් ලෙස ද අර්ථකථනය කළා. 

වල්ගාතරු පිළිබඳ ස්ථාවර, ව්‍යුහගත විශ්ව විද්‍යාත්මක න්‍යායක් භාවිතා කිරීම සඳහා විවිධ න්‍යායන් සහ නිරීක්ෂණ කරුණු උපයෝගී කරගත් පළමු විද්‍යාඥයා වුනේ ක්‍රි.පූ. 384-322 කාළයේ විසූ ඇරිස්ටෝටල්. වල්ගාතරු පිළිබඳ ස්ථාවර, ව්‍යුහගත විශ්ව විද්‍යාත්මක න්‍යායක් භාවිතා කිරීම සඳහා විවිධ න්‍යායන් සහ නිරීක්ෂණ කරුණු උපයෝගී කරගත් බවට ඔහුගේ වාර්තාවල සඳහන් වෙනවා

1577 මහා වල්ගා තරුවේ බ්‍රාහේගේ නිරීක්ෂණ (wikipedia.org)

ඉන්දියාවේ, 6 වන සියවස වන විට තාරකා විද්‍යාඥයින් විශ්වාස කළේ වල්ගාතරු යනු ආකාශ වස්තූන් වන අතර එය වරින් වර නැවත දිස්වන බවයි. මෙය 6 වැනි සියවසේ තාරකා විද්‍යාඥයින් වන වරාහාමිහිර සහ භද්‍රබාහු විසින් ප්‍රකාශ කරන ලද අතර, 10 වැනි සියවසේ තාරකා විද්‍යාඥ භාත්තෝපාල විසින් ඇතැම් වල්ගාතරුවල නම් සහ ඇස්තමේන්තුගත කාලපරිච්ඡේද පවා ලැයිස්තුගත කර තිබුණා. 

Tycho Brahe (wikipedia.org)

16 වන ශතවර්ෂයේදී ටයිකෝ බ්‍රාහේ සහ මයිකල් මැස්ට්ලින් 1577 මහා වල්ගා තරුවේ parallax මැනීම මගින් පෘථිවි වායුගෝලයෙන් පිටත වල්ගා තරු පැවතිය පැවතිය යුතු බවට පෙන්නුම් කළා. වඩා නිවැරදිව වූ මේ minum වලට අනුව වල්ගා තරුවක් පෘථිවියේ සිට සඳට වඩා ඇති දුර වගේ අවම වශයෙන් හතර ගුණයක් වත් දුරෙන් තිබිය යුතු වුනා.

වර්ෂ 1664 නිරීක්ෂණ මත පදනම් ව ජියෝවානි අල්ෆොන්සො බොරෙලි, විසින් ඔහු නිරීක්ෂණය කළ වල්ගා තරුවල දේශාංශ සහ අක්ෂාංශ වාර්තා කළත් අර මේ ධූමකේතු වල කක්ෂය පාරාවලීය විය හැකි බවට යෝජනා කළා. ගැලිලියෝ ගැලිලි සහ ජොහැනස් කෙප්ලර් පවා මේ පිළිබඳව තම වාර්තාවල සහ කෘතියෙන් වල විවිධ අදහස් දක්වලා තියෙනවා.

1687 දී දී අයිසැක් නිව්ටන් විසින්, වර්ෂ 1680 වල්ගා තරුව උදාහරණයක් ලෙස භාවිතා කරමින්, වල්ගාතරුවක් පරාවලයික කක්ෂයක අහස හරහා ගමන් කරන ආකාරය නිරූපණය කළා. වර්ෂ 1905 දී edmund halley විසින් වර්ෂ 1337 සහ 1698 අතර සිදුවූ වලවල්ගාතරු දෙසුවේ ම් විසි තුනකට නිව්ටන්ගේ ක්‍රමය යොදා ගනිමින් ඊට පෙර වර්ෂ 1531දි 1607 දි සහ 1682 දී දිස්වූ වල්ගා තරු තුනම එක් වල්ගාතරුවක් බවත් එය යළිත් 1758-59 අතර කාලයේ දී සිදුවනු ඇතැයි පුරොකතනය කළා. 1759 වර්ෂයේ යළිත් දිස්වුණ වල්ගතරුව ඉන් අනතුරුව හැලීගේ වල්ගා තරුව ලෙස ප්‍රකට වුණා.

අභ්‍යවකාශ යානා මෙහෙයුම්

වර්ෂ 1986 දී චැලෙන්ජර් අභ්‍යවකාශ ශටලය හැලීගේ වල්ගා තරුව පිළිබඳව සමීප අධ්‍යයනය කිරීමට අදහස් කරගෙන සිටි නමුත් අවාසනාවන්ත ලෙස ශටලය දියත් කර ටික වේලාවකින් පුපුරා ගියා.

1986 ජනවාරි 28, ගිනි බෝලයක් සේ පුපුරා ගිය චැලෙන්ජර් අභ්‍යවකාශ ෂටලය. (Bruce Weaver/AP)

අවාසනාවන්ත විදිහට අසාර්ථක වනු ඒ මෙහෙයුමෙන් පස්සේ, යළිත් 2001 වර්ෂයේදී deep space 1 අභ්‍යවකාශ යානය 19/පී බොරෙලි වල්ගා තරුව අසලින් පියාසර කර මෙන් මතුපිට අධි-විභේදන ඡායාරූප ලබා ගත්තා.

යළිත් 2005 වර්ෂයේ ජුලි මාසයේදී deep impact පරීක්ෂණ යානාවේ ප්‍රෝබ් එක tempel 1 වල්ගා තරුව සමග ඝට්ඨනය කරමින් වල්ගාතරු ගැන තවත් විශාල තොරතුරු ප්‍රමාණයක් සොයා ගත්තා. පසුකාලය නව epoxy ලෙස නම වෙනස් කරන ලද මෙය අභ්‍යවකාශ යානය 2010 නොවැම්බර් 4 වැනිදා heartly 2 වල්ගතරුව ආසන්නයෙන් පියාසර කළා. 

වර්ෂ 1990 දී දියත් කරන ලද යුලිසීස් අභ්‍යවකාශ යානය 2006 වර්ෂයේදී අනපේක්ෂිත ලෙස සොයා ගන්නා ලද mac not වල්ගා තරුවේ වලිගය හරහා, 2007 වර්ෂයේ දී ගමන් කළා.

තවත් මෙහෙයුමක් වන stardust, වයිල්ඩ් 2 වල්ගා තරුවේ වලිගයෙන් සාම්පල ලබා ගත්තා.

2015 සැප්තැම්බර් 12 වන දින 67P/Churyumov-Gerasimenko වල්ගා තරුවේ ද්‍රව්‍ය පිට වීම දුටු Rosetta (wikipedia.org)

වඩාත් සාර්ථකම වූ වල්ගාතරු මෙහෙයුම වූ රොසෙටා ගවේෂණ යානය, 2014 වර්ෂයේ නොවැම්බර් 12 වැනිදා “චරියුමොව් ගෙරසිමෙන්කො” වල්ගා තරුවේ පෘෂ්ඨය වෙත ෆිලී නම් වූ පරීක්ෂණය යානය සාර්ථකව ගොඩ බැස්සුවා. තාරකා විද්‍යා ඉතිහාසයේ එවැනි වස්තුවක් මතට අභ්‍යවකාශ යානයක් ගොඩබැස්සවූ පළමු අවස්ථාව මෙය ලෙස වාර්තා ගත වුණා.

වර්ගීකරණය

වල්ගා තරු වල විශාලත්වය සහ හැසිරීම අනුව මේ වල්ගා තරු වල්ගතරු ප්‍රධාන කොටස් කිහිපයකට වෙන් කොට දක්වන්නට පුළුවන්.

මහා වල්ගා තරු

ආසන්න වශයෙන් දශකයකට පමණ වරක් වල්ගා තරුවක් පළපුරුදු නොවන නිරීක්ෂණය නිරීක්ෂකයෙකු විසින් දැක ගන්නට තරම් දීප්තිමත් වන අතර එවැනි වල්ගා තරු මහා වල්ගා තරු ලෙස නම් කරනවා. යම් වල්ගා තරුවක් මහා වල්ගා තරුවක් බවට පත්වේ දැයි පුරෝකතනය කිරීම තරමක් අපහසුය. බොහෝ සාධක නිසා වල්ගතරුව වල්ගා තරුවක දීප්තිය පුරෝකථනයන් ගෙන් බොහෝ සෙයින් වෙනස් වෙනවා. 

වල්ගාතරුවකට විශාල සහ ක්‍රියාකාරී න්‍යෂ්ටියක් තියෙනවා නම්, එය සූර්යයාට සමීපව ගණන් ගමන් කරනවා නම් පෘථිවියේ සිට පෙනෙන පරිදි සුර්යාගෙන් එහි දර්ශනයට හානියක් වෙන්නේ නැත්නම් එම වල්ගා තරුව වල්ගතරුව මහා වල්ගා තරුවක් බවට පත්වීමේ අවස්ථාවක් තිබෙනවා. නමුත් 1973 වර්ෂයේ දර්ශනය වූ කොහෞටෙක් වල්ගා තරුව මේකී සියළුම නිර්නායක සපුරා තිබුණ නමුත් එය දීප්තිමත්ව දර්ශනය වනු ඇතැයි කළ අපේක්ෂා සියල්ලම අසමත් වුනා. ඉන් වසර තුනකට පමණ පසුව දර්ශනය වූ බටහිර වල්ගතරුව බොහෝ අඩු බලාපොරොත්තු තබා ගෙන තිබූ වල්ගා තරුවක් උනත්, එය අතිශය ආකර්ෂණීය වල්ගා තරුවක් බවට පත්වුණා.  වර්ෂ 1996 වර්ෂයේදී දර්ශනය වූ හයිකුටුකේ වල්ගතරුවත් 1997 වර්ෂයේ දී උපරිම දීප්තියට පත්වූ හෙල්බොප් වල්ගා තරුවත් 2007 වර්ෂයේදී දිස්වූ මැක් නෝට් වල්ගා තරුවත්, මේ මහා වල්ගා තරු ගොන්නට අයත් වෙනවා.

සන්ග්රේසිං වල්ගා තරු 
සන්ග්රේසිං වල්ගා තරු 

සන්ග්රේසිං වල්ගා තරු 

සන්ග්‍රේසින් වල්ගා තරු ගැන අපි මීට කලින් විදියට එකක් කරල තියනවා. සාමාන්‍යයෙන් සූර්යයාට සමීපව අවස්ථාවේදී කිලෝමීටර් miලියන කිහිපයක් තරම් සූර්යයාට ඉතාමත් ආසන්නව තමන් කරන වල්ගතරු තමයි මේ නමින් හැදෙන්නේ. සොහෝ සූර්ය නිරීක්ෂණාගාරය මගින් නිරීක්ෂණය කරන ලද සන්ග්‍රේසින් වල්ගතරු වලින් 90%ක්ම ක්‍රියුට්ස් කාණ්ඩයේ වල්ගා තරු වන අතර, ඒ සියල්ලම ඉතා ඈත අතීතයේ දී එක් මහා වල්ගා තරුකින් කැඩී බිඳී ගිය කොටස් ද වනවා.

අසාමාන්ය වල්ගා තරු

දන්නා දස දහස් ගණන් වල්ගා තරු අතරින් ඇතැම් වල්ගා තරු අසාමාන්‍ය ගුණ පෙන්වනවා. එන්කෙ වල්ගතරුව ග්‍රාහක තිරයෙන් පිටත සිට බුධ ග්‍රහ ලෝකයේ කක්ෂය තුළට මදක් ඇතුළට වන්නට කක්ෂ ගතවා. 29/පී ස්වාස්මන් වොච්මන් වල්ගා තරුව දැනට බ්‍රහස්පති සහ සෙනසුරුගේ කක්ස තර සම්පූර්ණයෙන්ම වෘත්තාකාර කක්ෂයක ගමන් කරනවා. මෑතක් වන තුරු ම ග්‍රහකයක් විදිහට හඳුන්වනු ලැබූ 2060 chiron සෙනසුරු සහ යුරේනස් අතර අස්ථායි කක්ෂයක පිහිටා තිබෙන අතරම අතර ම ඉතා අඳුරු කොමා තත්වයක් නැත්නම් දීප්තියක් දක්නට ලැබෙනවා. 

විශාලතම වල්ගා තරු

මහා වල්ගතරු කියලා කියන්නේ ඉතා විශාල දීප්තියක් ගෙනදෙන වල්ගා තරු. න්‍යෂ්ඨිය විශාල වන වල්ගා තරු හඳුන්වන්නෙ විශාලතම වල්ගා තරු කියලා. දැනට දන්නා විශාලතම වල්ගා තරුව වෙන්නේ විශ්කම්භය කිලෝ මීටර දෙසීයක් පමණ වන 95/p chiron කියන වල්ගා තරුව වන අතරම සෑම වසර පනහකට වරක්ම සූර්යයාට ආසන්නතම අවස්ථාවට පැමිණෙන්නේ සෙනසුරුගේ කක්ෂය ආසන්නයේදී. oort cloud එකේ ඉඳල ආපු විශාලම වල්ගතරුව විදිහට දැනට සැලකෙන්නේ කිලෝමීටර 130 ක පමණ විශ්කම්භයක් තියෙන C/2014 UN271 (Bernardinelli–Bernstein) කියන වල්ගා තරුව. මෙම වල්ගාතරුව 2032 ජනවාරි මාසේ වෙද්දි සෙනසුරුගේ කක්ෂය ආසන්නයට පැමිණෙනවා කියලා තමයි දැනට දුරකථනය කරලා තියෙන්නේ. මීට අමතරව 1729 දිස්වනු වල්ගතරුව ආසන්න වශයෙන් කිලෝමීටර් 100 ක විෂ්කම්භයකින් යුක්ත වූ බවට ඇස්තමේන්තු ගත කරලා තියෙනවා.

සෙනසුරුගේ Mimas චන්ද්‍රයා සමග වල්ගාතරු විශාලත්ව සංසන්දනයක් (nasa.gov)

සෙන්ටෝර් වල්ගා තරු

සෙන්ටෝර් වල්ගාත්රු සාමාන්‍යයෙන් ක්‍රියා කරන්නේ ග්‍රාහක සහ වල්ගාතරු දෙකෙහිම ලක්ෂණ ඇතුව. මේ වල්ගා තරු ඇතැම් අවස්ථාවල කෝමාවක් එන්නම් කරන අතර, ඇතැම් වල්ගා තරු සොයා ගැනීමට පසු කාලයකදී කොමාවක් පෙන්නුම් කිරීමට ගන්නවා. ඔබට මතක ඇති කැසිනි huygens යානය ගැන අපි කරපු විඩියෝව. මේක යන්න මුලින්ම යෝජනා වෙලා තිබුනේ තිබුණේ, බ්‍රහස්පතිට කඩාවැටෙන්නට කලින් 174/පී ඇශෙක්ලස් (174P/Echeclus) වල්ගාතරුව නිරීක්ෂණය කරන්න. නමුත් නාසා ආයතනය අවසානයේ දී එය බ්‍රහස්පතිගේ ගැටීමට සලස්වා විනාශ කිරීමට තීරණය කළා. 

නිරීක්ෂණ

ඇතැම් වල්ගා තරු පියවි ඇසින් නිරීක්ෂණය කරන්නට පුළුවන් වුනොත් බොහෝ වල්ගතරු එලෙස නිරීක්ෂණය කිරීමේ හැකියාවක් නැහැ. පුළුල් ක්ෂේත්‍ර දුරේක්ෂයක් භාවිතා කරනවා නම් ඔබට අනිවාර්යෙන්ම ඕනෑම අවස්ථාවක වල්ගා තරු කිහිපයක් දැක ගැනීමේ හැකියාව තියෙනවා. එවැනි දුරේක්ෂයක් නොමැති වුණත්, soho වගේ සමහර චන්ද්‍රිකා නිරීක්ෂණගාර විසින් රැස් කරන ලද ඡායාරූප අන්තර්ජාලය හරහා අධ්‍යයනය කිරීමෙන් පවා ආධුනික තාරකා විද්‍යාඥයෙකුට සංඛ් ලෙසින් වල්ගා තරු සොයා ගැනීමට හැකියාව ලැබෙනවා. සොහො’හි 2000 වැනි වල්ගා තරුව 2010 වර්ෂයේ දෙසැම්බර් 26 වෙනිදා පෝලන්ත ආධුනික තාරකා විද්‍යාඥයන් මයිකල් කුසයි ක් විසින් සොයාගන්නා ලද්දේ ඒ විදිහට. ඒ විතරක් නෙමෙයි Hale-Bopp වල්ගා තරුව සොයාගත් දෙදෙනාම ඒ සඳහා භාවිතා කරලා තිබුණේ ආධුනික උපකරණ.

11P/Tempel–Swift–LINEAR වල්ගතරුව

නැතිවූ වල්ගා තරු

19 වැනි සියවසේ දී හෝ ඊට පෙර සියවස්වල සොයාගන්නා ගන්නා ලද ඇතැම් වල්ගා තරු ගණනාවක් දැන් දිස්වන්නට නැහැ. නමුත් සමහර අවස්ථාවලදී අලුතෙන් සොයා ගත් වල්ගා තරු ඒ විදිහට නැතිව තිබූ වල්ගා තරුවක් බවට ගණනය කිරීම් මගින් සහතික වූ අවස්ථාත් නැතුව නෙවේ. 1869 දී සොයා සොයාගත් 11/පී temple වල්ගා තරුව 1908 වර්ෂයෙන් පසුව බහස්පති ගේ කැළඹීම් හේතුවෙන් යළිත් දර්ශනය නො වී තිබුණා. එහෙත් 2001 වර්ෂයේ linear ව්‍යාපෘතිය විසින් අහම්බෙන් නැවත සොයා ගන්නා තෙක් කිසිවකු එය නිරීක්ෂණය කර තිබුණේ නැහැ. මේ වන විට නැතිවූ  වූ වල්ගා තරු අවම වශයෙන් විස්සකට ආසන්න සංඛ්‍යාවක් තියෙනවා

16 වන සියවසේ, වල්ගතරු විනාශය පෙරනිමිත්තක් ලෙස වැරදි ලෙස අර්ථකථනය කලත්, අද වන විට වල්ගා තරු පිළිබඳව මිනිසාගෙ දර්ශනය වෙනස් වී තිබෙනවා. ගමනත් 1910 දී හැලීගේ වල්ගා තරුව ගමන් කරන විට, පෘථිවිය වල්ගා තරුවේ වලිගය හරහා ගමන් කළ අවස්ථාවේදී පුවත්පත් වාර්තාවක පල වූ අසත්‍ය තොරතුරක් නිසා මිලියන ගණනක් මිනිසුන් බියෙන් තැති ගත්තා. මෑත අතීතයේ 1997 හේල් බොප්ප් වල්ගතරුව දිස් වූ කාලයේදී ඇමරිකාවේ අන්තවාදී ආගමික කණ්ඩායමක් විසින් සමූහ සියදිවි නසා ගැනීමක්ද සිදු කල බවට වාර්තා තිබෙනවා. විද්‍යා ප්‍රබන්ධ සම්බන්ධ ටෙලි නිර්මාණ, සිනමා නිර්මාණ සහ පොත්පත්වල මේ වල්ගතරු පිළිබඳව නොයෙකුත් මත අඩංගු වෙනවා.

වල්ගා තරුවක් කියලා කියන්නේ සොබාදහමේ අපූරු නිර්මාණයක්. තාක්ෂණයේ දියුණුවත් සමඟ, ඇතැම් විට, සිනමා නිර්මාණවල පෙන්වනවා වගේ, අනාගතයේ දී මිනිසුන් වල්ගතරු තරණය කරාවි. එහෙම වුනොත් ආතර් සී ක්ලාක් මහතාගේ 2061 ඔඩිසි 3 කියන නවකතාව තියෙනවා වගේ මිනිසුන් සහිත විශාල අභ්‍යාවකාශ යානාවක් හැලීගේ ධූම කේතුව pawaa ගවේෂණය කරාවි.

අපි යලිත් හමුවෙමු, සෞරග්‍රහ මණ්ඩලයෙන් ඈතට විහිදී ගිය විශ්වයේ ආකර්ශනීය තොරතුරු සහිත වීඩියෝවකින්. එතෙක් ඔබට, සුභ දවසක්.

Source:
https://solarsystem.nasa.gov/asteroids-comets-and-meteors/comets/in-depth
https://en.wikipedia.org/wiki/Comet#Orbital_characteristics
Drifting at 432 Hz – Unicorn Heads

spot_imgspot_img

Subscribe

Related articles

2024 YR4 උල්කාපාතය පෘථිවිය මත බලපෑමෙන් වෙන්න පුළුවන් නරකම දේවල්

2024 YR4 ග්‍රහකය 2032 දෙසැම්බර් 22 වන දින පෘථිවිය හා ගැටෙන්නේ නම්, එහි ප්‍රමාණය, වේගය, ඇතුල් වීමේ කෝණය සහ බලපෑමේ ස්ථානය ඇතුළු සාධක කිහිපයක් මත බලපෑමේ බරපතලකම රඳා පවතිනවා. වත්මන් ඇස්තමේන්තු මත පදනම්ව නරකම අවස්ථාව ගවේෂණය කළොත්...

ජේම්ස් වෙබ් දුරේක්ෂය පෘථිවියට ආසන්න වල්ගා තරුවකින් සොයාගත්තෙ මොනවද ?

මේ පෘතුවියේ විද්‍යාව කියලා කියන්නේ හරිම පුදුම දෙයක්. හැමදාම...

Travel with බෙනූ

බෙනූ සළකුණුගල් පර්වතයFAQ වර්ෂ 2018දී පෘථිවියට ආසන්න ග්‍රහකයක් වන benu...

පාර්සෙක් ඒකකය

පාසෙක් ඒකකයචාප කෝණය තරු අහස එක්ක එකතු වෙලා ඉන්න ඔයාලට...

2M1207 extrasolar planetary System

විද්‍යාවේ දියුණුවත් එක්ක මානව ශිෂ්ටාචාරයේ විවිධ කඩඉම් පසු කරන්නට...
spot_imgspot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here