පසුගිය ශතවර්ෂය අවසාන භාගයේ දී සෞරග්‍රහමණ්ඩලයේ ග්‍රහ ලෝකයක් වටා එහි කක්ෂයට හසුවූ වල්ගා තරුවක් ඉතා සමීපව ගමන් කළ අතර එහි ගුරුත්වාකර්ෂණ බලය හේතුවෙන් මේ වල්ගා තරුව කිලෝමීටරයක් වගේ තරම් කෑලි වලට කැඩිලා ගිහිල්ලා එම කොටස් ග්‍රහලෝකයේ වායුගෝලයට ඇද වැටුණා.
අද කියන්න යන්නේ යන්නෙ එක්දහස් නවසිය යන්නේ යන්නෙ එක්දහසේ 1994 අවුරුද්දෙ ජුලි මාසයේදී බ්‍රහස්පති මතට කඩා හැලුණු ශූ මේකර් ලෙවි 9 වල්ගතරුව ගැන.
සොයාගැනීම


ශූ මේකර් ලෙවි 9, වල්ගාතරුවක සොයාගන්නේ 1993 මාර්තු මාසේ 24 වෙනිදා එව්ජින් ශූ මේකර් සහ ඩේවිඩ් ලෙවි කියන තාරකා විද්‍යාඥයන් දෙන්නා. මේ වල්ගතරුවෙ කක්ශීය කාලය අනුව වසර දෙසීයකට අඩු කාලයක් ගත වන නවවැනි වල්ගතරුව මෙය වුනා. මේ අනුව මෙය වල්ගතරුව සොයා ගත්තු පුද්ගලයන් දෙදෙනාගේ නම් දෙකත්, කක්ශීය කාලය වසර දෙසීයකට අඩු නමවෙනි වල්ගා තරුවත් කියන කාරණා 3ම එකතු කරල තමයි මේ වල්ගාතරුට නම හැදෙන්නේ “ශූ මේකර් ලෙවි 9” කියලා .
සාමාන්‍යයෙන් වල්ගාතරුවක කක්ෂය මධ්‍යගත වෙන්නේ හිරු හරහා වුණත් මෙය වල්ගා තරුවේ කක්ෂය වැටිලා තිබුණෙ බ්‍රහස්පති හරහා. මේ ගැන තව දුරටත් තවදුරටත් පරීක්ෂණ කරපු තාරකා විද්‍යාඥයො සොයා ගන්නවා මේ වල්ගා තරුවෙ මූලික කක්ෂය වැටිලා තිබුණෙ හිරු හරහා 1960 සහ 1970 අතර කාලයකදී මේ විදිහට හිරු හරහා යන කක්ෂයෙන් වෙන්වෙලා බ්‍රහස්පති වටා ගමන් කළා කියල. මේ විදියට බ්‍රහස්පති වටා කක්ෂගත වෙලා තිබුණු වල්ගතරුව 1992 ජුනි 7වැනිදා හෝ ආසන්න දවසක බ්‍රහස්පතිගේ පෘෂ්ඨයට කිලෝමීටර් 40,000ක් තරම් ආසන්නයට පැමිණෙනවා. එම අගය බ්‍රහස්පතිගේ අරය වන කිලෝමීටර් 70,000ටත් වඩා අඩු අගයකක්. මේ විදියට වසර ගණනාවක් බ්‍රහස්පති වටා කැරකෙමින් තිබුන වල්ගා තරුව බ්‍රහස්පතිගේ ගුරුත්වාකර්ෂණ නිසා 1992 ජූලි මාසේ හෝ ආසන්න කාලෙක කැබලි වලට කැඩිලා වෙන්වෙනවා. ඒ වල්ගතරුව සොයාගන්න අවුරුද්දකට විතර කලින්. මේ විදිහට කැඩුණු වල්ගතරුව කොටස් වලින් අඩි 1000ක විතර වගේ කොටස් වල ඉඳලා ඉඳලා කිලෝමීටර් දෙකක් වගේ විශාල කොටසුත් පේන්න තිබුණ.

කොහොම වුණත් ශ්හු මේකර් ලෙවි 9, බ්‍රහස්පති සමග ගැටිලා තිබුණේ පෘථිවියට නොපෙනෙන පැත්තෙන්. මේ වෙනකොට නාසා ආයතනයෙන් බ්‍රහස්පතිගේ තොරතුරු සොයන්න අභ්‍යවකාශගත කරලා තිබුණු ගැලීලියෝ අභ්‍යවකාශ යානය තිබුණේ බ්‍රහස්පතිගේ ඉඳලා කිලෝමීටර මිලියන දෙසීයක් විතර ඈතින් උනත් මේ ඝට්ඨණය ගැලීලියෝගේ කැමරා කාචයේ සටහන් වුණා. මේ කාලේ වෙනකොට නෙප්චූන් වත් පසුකරගෙන ගිහිල්ලා තිබුන වොයෙජර් 2 යානය කිලෝමීටර බිලියන 6.6 ක් විත දුර ඉඳලා මේ සිදුවීම ඡායාරූප ගත කරලා තිබුණා.
ගැටීම

වල්ගා තරුවේ පළමු කොටස කඩාගෙන වැටෙන 1992 ජූලි මාසේ 10 වැනිදා සම්මත වේලාවෙන් 20:13 ට පමණ. තත්පරයට කිලෝමීටර් 60ක විතර වේගය්‍ර්න් බ්‍රහස්පතිගෙ දක්ශින අර්ධගෝලයට කඩාගෙන වැටුණු මේ කොටස නිසා ඇති ඇතිවූ පිපිරීම ගැලීලියෝ යානය විසින් දකින්නෙ අති විශාල ගිනි ජාලාවක් ලෙස. ඉතාමත් ඉක්මනින් මේ ගිණි ජාලාව ප්ෘශ්ඨයෙන් කිලෝමීටර 3,000ක් තරම් ඉහළ අහසට නැගුනා. ඝට්ටනය නිසා ඇතිවුණු උපරිම උෂ්ණත්වය කෙල්වින් අංශක 27,000ක් පමණ වෙනවා. ඝට්ටනයන් තත්පර 40කට විතර පස්සේ මේ උෂ්ණත්වය කෙල්වින් අංශක 1500ක් පමණ වුණ. ඝට්ටනයන් පස්සේ පස්සෙ ටික වෙලාවක් යනකොට ඝට්ටනය සිදුවුණ බ්‍රහස්පතිගේ පෘෂ්ඨය මතුපිට කළු පාට සලකුණු දකින්න පුළුවන් වුනා. ඉන් විශාල ම සළකුන, පෘථිවියේ අරය තරම් වූ , කිලෝමීටර 6000ක පමණ පළලක් තිබුණා.
ඊලඟ දින හය ඇතුළත තවත් ඝට්ටන විසිඑකක් පමණ සිදු වුණා. වල්ගතරුව විශාලම කොටස කඩාගෙන වැටුණේ ජූලි 18 වෙනිදා සම්මත වේලාවෙන් 7.33 ට පමණ. මෙම ඝට්ටනය නිසා බ්‍රහස්පතිගේ පෘෂ්ඨය තුළ ඉතා විශාල කළු පැල්ලමක් ඇති වී තිබුණා. මෙය අති විශාල කළු සළකුණේ අරය කිලෝමීටර 12,000ක් පමණ වන බවත, එය පෘථිවියේ විෂ්කම්භය සමාන අගයක් බවත් ගණනය කලා. මේ පිපිරීමෙන් නිදහස් වූ ශක්තිය මෙගාටොන් මිලියන හයක් පමණ වන බවට තාරකා විද්‍යාඥයන් අනුමාන කළා. එම අගය එකල පෘථිවිය සතුව පැවති නෂ්ටික ආයුධ සියල්ලේම ශක්තිය වගේ 600 ගුණයක් විතර වෙනව. ජුනි 19 වැනිදා නැවතත් එවැනිම ඝට්ටන 2කින් යළිත් විෂ්කම්භ කිලෝමීටර 12,000ක පමණ සලකුණු දැක බ්‍රහස්පති මත ඇති වුණා. වල්ගතරුවෙ අවසාන කැබැල්ල බ්‍රහස්පති හා සමග ගැටෙන්නෙ ජුලි මාසෙ 22 දා. මෙම ඝට්ටන ඇතිවීමේදී තත්පරයට මීටර් 450ක තරම් වේගයෙන් බ්‍රහස්පතිගේ පෘෂ්ඨ මත වායු තරංග ඇති වුණා.

ඝට්ටනයන් පසු ඇති වූ කැලැල් මාස ගණනක් යනතුරුම බ්‍රහස්පති මත දිදිස්වුන. ඇතැම් අවස්ථාවල එම කැළැල් බ්‍රහස්පතිගේ රතු සලකුණට වඩා පැහැදිලිව දර්ශනය වුණා. ඝට්ටන වූ ප්‍රදේශවල සිට කිලෝමීටර 15,000ක් පමණ ප්‍රදේශයක් දක්වා උෂ්ණත්වය ක්ශනිකව වර්ධනය වුණත් සතියක් පමණ යන විට යළි සාමාන්‍ය උෂ්ණත්වය ට පැමිණුනා. වොයේජර් යානය මගින් සිදුකරන ලද පරීක්ෂණ වලදී, මීට පෙර අවස්ථා වලදීත් බ්‍රහස්පති සහ උපග්රහයන් වෙත වල්ගතරු හෝ විවිධ වස්තූන් කඩා වැටුණු බවට පිළිගත හැකි සාක්ෂි හමු වුණා. බ්‍රහස්පතිගේ චන්ද්‍රයකු වන කැලිස්ටෝ මත එවැනි ආවට 11 කුත් ගැනිමිඩ් මත එවැනි ආවට 3කුත් නිරීක්ෂණය වුණා.
Source:
ScienceAtNASA : NASA ScienceCasts: The Lasting Impacts of Comet Shoemaker-Levy 9
wikipedia.org