ටයිටන් මත ඇති කඳු පන්තිය Mountain range on Titan

මේ විශ්වයේ රහස් කොතෙක් නම් ප්‍රමාණයක් සැඟවිලා තියෙනවද ? සෞරග්‍රහමණ්ඩලයේ අපි මෙතෙක් ගවේශනය කරල තියෙන්නෙ කෙතරම් අඩු ප්‍රමාණයක්ද ?? සෙනසුරුගේ ප්‍රධානම චන්ද්‍රයා වන ටයිටන්ගේ තරමක් උසින් යුත් කඳුවැටි සොයාගැනීමත් එලෙස කෙරුනු ඉතා සීමිත නමුත් විශ්මිත සොයාගැනීම් වලින් එකක් වනවා. අද වීඩියෝව ඒ ගැන.

මීට ටික කලකට පෙර ඇමරිකානු භූමි භෞතික සංගමයේ රැස්වීමෙන් සෙනසුරුගේ ටයිටන් චන්ද්‍රයාගේ මතුපිට පිහිටි දැවැන්ත කඳු වැටියක් සොයා ගැනීම පිළිබඳව මාධ්‍ය නිවේදන නිකුත් වුනා

බැලූ බැල්මට මෙය එතරම් උද්යෝගිමත් නිවේදනයක් නොවන්නෙ සෞරග්‍රහ මණ්ඩලයේ අනෙකුත් සියලුම ග්‍රහලෝක, උපග්‍රහ සහ ග්‍රාහක වල ඝන පෘෂ්ඨයන් මත ඇති අඟහරුගේ ගිනිකඳු, සිකුරුගේ ලාවා ගලා ගිය බවට සාක්ශි ඇති ටෙසරා (Venus’ tesserae) සහ විවිධ වර්ගයේ කඳු වැටි සහ කඳු ඕනෑතරම් තියෙන නිසා.

නමුත් ටයිටන් කඳුකරය, ඇත්තෙන්ම දැකීමට අපහසුය. 2006 ඔක්තොම්බර් 25 වෙනිදා කැසිනි යානයේ ආසන්න පියාසැරිය අතරතුර Visual and Infrared Mapping Spectrometer (VIMS) මගින් ලබාගත් ඡායාරූපය යම් විශේශත්වයක් දැක්වූවා. ඒ අනුව 2006 ඔක්තෝම්බර් 25 දින කැසිනි හි VIMS උපකරණය මගින් ලබා ගත් එම කඳුවැටිය, ටයිටන්ගේ සමකයට දකුණින් පිහිටි එකක්.

කඳු වැටිය ඡායාරූපය හරහා වයඹ සිට ගිනිකොන දෙසට දිවෙන අතර මෙම වළාකුළු පිරි ග්‍රහලෝකයට භූගෝලීය විශමතාවයේ බලපෑම මෙමගින් දෘශ්‍යමාන වනවා.

සූර්යයාලෝකය සාමාන්‍යයෙන් කන්දක එක් පැත්තක් ආලෝකවත් කරන අතර ප්‍රතිවිරුද්ධ පැත්තේ සෙවනැලි වැටෙන බැවින්, කඳු සහ අනෙකුත් භූ ලක්ෂණ වෙන් කර හඳුනා ගැනීම පහසු වනවා.

ඔබ බොහෝ ග්‍රහලෝකවල ඡායාරූපයක් දෙස බලන විට, ඔබට දැකිය හැකි දීප්තිය සහ අන්ධකාරයේ බොහෝ පරාස, ඇත්ත වශයෙන්ම භූගෝලීය වෙනසේ ප්‍රතිඵලය වනවා. උදාහරණයක් ලෙස, Enceladusහි මෙම ඡායාරූපය සැළකූවොත් ආලෝකයේ සහ සෙවනැල්ලේ රටා නිසා ඔබට කඳු වැටි පෙනෙන සහ පැහැදිළිව හඳුනාගත හැකි බව ඔබ දන්නවා..

කෙසේ වෙතත්, ටයිටන්ගේ එම ඡායාරූපයේ, වඩාත්ම කැපී පෙනෙන දීප්තියේ සහ අන්ධකාරයේ වෙනස්කම් භූ විෂමතාවයට සම්බන්ධ නැහැ. කඳුවැටි සොයා ගැනීම සඳහා, ඔබ වයඹ සහ ගිනිකොන දෙසින් වඩාත් සියුම් ඉරි සොයා ගත යුතුයි. භූලක්ෂණ වල වෙනස්කම් පෙනවන එම ඉරි, ඇත්ත වශයෙන්ම දෘශ්‍යමාන වන්නේ මයික්‍රෝන 2 සහ 5 සාපේක්ෂ දිගු අධෝරක්ත තරංග ආයාමවලදී පමණක් වනවා. මෙම ඉතා කුඩා භූ විශමතා දැකීමට VIMS සමත් වීම සැබවින්ම පෘථිවි තාරකා විදඥ්ඥයන්ගේ ජයග්‍රහණයක් වනවා. ඒ වගේම ඒක පෘථිවි තාක්ශණයේද ජයග්‍රහණයක්. 

මෙම කඳු කිලෝමීටර් 150 ක් පමණ දිග, කිලෝමීටර් 30 ක් පමණ පළල සහ කිලෝමීටර් 1.5 ක් පමණ උස ඒවාඅ බවට පෙනෙන්නට තිබෙනවා. මේවා පෘථිවියේ බොහෝ කඳුවැටි තරමටම උස නැති නමුත් යුරෝපීය කඳු වැටිවලට වඩා උසින් යුක්ත වනවා. ඒ වගේම මෙම කඳු වැටියේ ඇතැම් කඳු ශිඛරයන් ප්‍රමාණයෙන් තරමක් සැලකිය යුතු තරම් වන අයුරින්, කිලෝමීටර 3කට වඩා උසින් යුක්ත වනවා.

2006 වසරේ ඔක්තොබර් 25 වෙනිදා සෙනසුරුගේ ටයිටන් චන්ද්‍රයා වෙත ආසන්න වශයෙන් කිලෝමීටර 950ක් පමණ ආසන්න වෙමින් අණාවරණය කෙරුනු මෙම දත්ත අදටත් පෘථිවි විද්‍යාඥයින් විසින් අධ්‍යයනය කෙරෙමින් පවතිනවා. පෘථිවියෙන් දියත් කළ මොහොතේ සිට අවසානය තෙක් ගමන් කළ ආසන්න වශයෙන කිලෝමීටර බිලියන 7.5ක් පමණ වන දුරේදී පෘථිවිය වෙත එවා තිබූ 450,000කට වැඩි ඡායාරූප දත්ත වලින් සොයාගත් තවත් අපූරු තොරොතුරකින් අපි යලි හමු වෙමු.

https://www.planetary.org/articles/0808

Music : Mist – Odonis Odonis

spot_imgspot_img

Subscribe

Related articles

අභ්‍යවකාශ ඡායාරූප: උතුරු ඇමරිකාවේ ලැව්ගිනි දුමාරය ගිනිකඳු වසා ගනී! 🌋

අභ්‍යවකාශ ඡායාරූප මගින් උතුරු ඇමරිකාවේ ලැව්ගිනි දුමාරය පැසිෆික් වයඹ දිග ගිනිකඳු වසා ගන්නා ආකාරය නිරීක්ෂණය කෙරේ. අභ්‍යවකාශයේ සිට පෘථිවියේ දසුන් මෙන්න.

Will the new moon race turn Earth’s nearest neighbor into a dumping ground?

🚀 සඳ මතට යෑම තරඟයක් වෙද්දී... අපේ අසල්වැසියා 'කුණු...

නොවැම්බර් තරු අහස: 2025 දී අනිවාර්යයෙන්ම බලන්න ඕන සිදුවීම්!

2025 නොවැම්බර් මාසය අභ්‍යවකාශයට ආදරය කරන ඔබට නම් මඟහරින්න...

අඟහරුට මාස ගණන් නෑ! දවස් 30න් යන්න රුසියාවෙන් ප්ලාස්මා රොකට් එන්ජිමක්

අභ්‍යවකාශ ගමන් ගැන අලුතෙන්ම කතාබහට ලක්වෙලා තියෙන්නේ රුසියාවෙන් එන ආන්දෝලනාත්මක පුවතක්. ඒ තමයි, ඔවුන් විසින් නිපදවූ ප්ලාස්මා රොකට් එන්ජින් (Plasma Rocket Engine) මඟින්, අඟහරු ග්‍රහයා වෙතට යන ගමන මාස 7-9ක කාලයකින් දවස් 30ක් වැනි කෙටි කාලයකට අඩු කරන්න පුළුවන් කියන එක.

අභ්‍යවකාශයේ අමුත්තා: C/2025 A6 (Lemmon) ධූමකේතුව

තාරකා විද්‍යා ලෝලීන්ට මේ ඔක්තෝබර් මාසයේ අහස දෙස බලා සිටීමට අපූරු හේතුවක් ලැබී තිබේ. ඒ, දීප්තිමත් ලෙස බැබළෙන C/2025 A6 (Lemmon) ධූමකේතුව යි. මුලින් අපේක්ෂා කළාට වඩා බොහෝ සෙයින් දීප්තිමත් වී ඇති මෙම වල්ගා තරුව, වසර දහසකටත් අධික කාලයකට පසු අපේ සෞරග්‍රහ මණ්ඩලයට පැමිණෙන "එක ජීවිත කාලයකට වරක්" පමණක් දැකිය හැකි අසිරිමත් දසුනක් වනු ඇත.
spot_imgspot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here