පාර්සෙක් ඒකකය

තරු අහස එක්ක එකතු වෙලා ඉන්න ඔයාලට මතක ඇති මීට කලින් දවසක අපි ගෙනාවා තාරකා විද්‍යාවත් එක්ක සම්බන්ධ ඔබට නුහුරු නුපුරුදු වචන ගැන අපි කරන ලිපි පෙළක පළමුවැන්න. ඒ ලිපියෙන් අපි උත්සාහ කළා තාරකා විද්‍යාත්මක ඒකකයක් නැතිනම් astronomical unit එකක්  කියන්නේ මොකක්ද කියලා ඔබට පැහැදිලි කරලා දෙන්න. අද අපි ඔබ හමුවට ගෙන එන්නේ මේ ලිපි මාලාවේ දෙවෙනි ලිපිය, තාරකා  විද්‍යාවේ දී දුර මැනීම සඳහා භාවිතා වන තවත් ඒකකයක් පිළිබඳව විස්තර සහිත වීඩියෝවක්.

ඔබට ඇතැම් අවස්ථාවලදී අවස්ථාවලදී  තරකා විද්‍යාවේ දුර සම්බන්ධ තොරතුරු වල දී ඇහිලා ඇති parsec unit නැත්නම් parsec ඒකක කියලා වචනයක්. අද මාතෘකාව මොකක්ද මේ  පාසෙක්  ඒකක කියලා කියන්නේ???

පාසෙක් ඒකකය

දුර තියෙන වස්තුන් ඉතා සෙමෙන් චලනය වන බව

පාසෙක් ඒකකය කියලා කියන්නෙත් කලින් කිව්වා වගේම තාරකා විද්‍යාව හා සම්බන්ධ දුර මනින ඒකකයක්. අපි මීට කළින් තාරකා විද්‍යාත්මක ඒකකය පිළිබඳ වීඩියෝවෙදි කතා කරා වගේ ග්‍රහ වස්තූන්, nebula  හෝ මන්දාකිණි අතර ඇති දුර ක්‍රම ක්‍රමයෙන් වැඩි වෙනකොට ටිකක් දුර අඩු ඒකක වලින් ගණනය කිරීම අමාරු වෙනවා.  මෙන්න මේ ප්‍රශ්නයට පිළිතුරක් විදියට තමයි පස්සේ එකක කියන දුර මැනීමේ ඒකකය තරකා විද්‍යාවේ දී භාවිතා වෙන්නේ. 

පාසෙක් ඒකකයක් කියලා කියන්නේ දළ වශයෙන් ආලෝක වර්ෂ 3.26 ක දුරක්. parsec එකක බොහෝ වෙලාවට භාවිතා වෙන්නේ සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටත තියෙන අභ්‍යාවකා වස්තූන් වෙත ඇති විශාල දුර දුර ගණනය කිරීම සඳහා. ආලෝක වර්ෂයක් කියන්නේ දළ වශයෙන් තාරකා විද්‍යා ඒකක 63 දහසක්. ඒ අනුව බලන කොට parsec එකක එකක් කියලා කියන්නේ ආසන්න වශයෙන් තාරකා විද්‍යා ඒකක නැතිනම් Astronomical unit දෙලක්ෂ හය දහසකට මදක් වැඩි අගයක්.

ළඟ තියෙන වස්තු ඉක්මනට චලනය වෙන බව

ඔබ කවදා හරි දවසක වෘත්තීය තාරකා විද්‍යාඥයින් ඔවුනොවුන් අතර කතා කරනවා අසා ඇත්නම්, ආලෝක වර්ෂ පිළිබඳ වැඩි කතා ඔබට නො ඇසෙන්නට පුළුවනි . ආලෝක වර්ෂයක් පිළිබඳ සංකල්පය, එක් පෘථිවි වසරක් තුළ ආලෝකය ගමන් කරන දුර කියන එකනේ. එහෙමත් නැත්නම් මේ දුර ගන්න පුළුවන් සැතපුම් ට්‍රිලියන 6 ක්  කියලා. නැත්නම් කිලෝමීටර් ට්‍රිලියන 10 කට ආසන්න අගයක් කියලා.

මෙය ඇත්තටම විශ්වයේ දුර පරිමාණයන් ගැන සිතීමට හොඳ ක්‍රමයක් උනත් සෞරග්‍රහ මණ්ඩලයෙන් බාහිර අභ්‍යවකාශ වස්තූන් අතර දුර මැනීමේදී ආලෝක වර්ෂ, පාර්සෙක් තරම් ප්‍රයෝජනවත් වෙන්නේ නැහැ. පාර්සෙක් ඒකකයක් කියන්නේ සැතපුම් ට්‍රිලියන 19කට සමාන දුර, නැතිනම් කිලෝමීටර් ට්‍රිලියන 30කට වඩා මදක් වැඩි දුරකින් යුත්  ඒකකයක්. 

චාප කෝණය

‘parsec’ යන වචනයේ ‘sec’ යනු arcsecond නැත්නම චාප තත්පරය යන වචනයේ කෙටි යෙදුමක්.  චාප තත්පරයක් කියන්නේ කෝණ මැනීමට භාවිතා කරන ඉතා කුඩා ඒකකයක්. ඔබේ ගණිත පන්තියේදී, ඔබ  කෝණයක ප්‍රමාණය මැනීමට කෝණමානයක් ​​භාවිතා කරල තියෙනව නේද. කෝණමානයකින් සාමාන්‍යයෙන් කෝණයක් මනින්නේ අංශක වලින්. මෙයට අංශක 180 ක් ඇතුළත්. නමුත් චාප තත්පරයක් කියන්නේ අංශක 1/3600 ක්. 

මේ චාප කෝණය කියන එක තේරුම් ගන්න මෙන්න මේ විදිහට උත්සහ කරලා බලමු.

ඔබ කවද හරි දවසක පාරේ ගමනක් යනකොට දැකලා තියෙනවද, ළඟ තියෙන වස්තු ඉක්මනට චලනය වෙන බවත් දුර තියෙන වස්තුන් ඉතා සෙමෙන් චලනය වන බවත්. ඔබ වාහනයක ගමන් කරන කොට කොයි වෙලාවකවත් වාහනයේ චලනය අපට දැනෙන්නෙ නැහැ නේ. එතකොට වාහනයේ වේගයට සාපේක්ෂව තමයි මේ වස්තූන් වල චලනය ඔබට පෙනෙන්නේ. ළඟ තියෙන ගස් වලට වඩා දුර තියන කඳු ආදිය සෙමින් ගමන් කරනවා කියලා පෙනෙන්නේ ඒ නිසා.

වාහනයක ඉඳල කඳුවලට තියෙන දුර වැඩි වෙනකොට ඔබට කඳු ඇත්තටම  චලනය වෙන්නේ නෑ වගේ පේනවා. පෘථිවිය සහ තරු අතර තියෙන්නෙත් මේ වගේ සම්බන්ධතාවයක්. පෘථිවිය අවුරුද්දක කාලයක් පුරා සූර්යයා වටා ගමන් කරනවා නමුත් නමුත් ඇත්තටම අපට අහස දිහා බැලුවම සමහර තාරකා චලනය වෙන්නේ නෑ වගේ පේන්නේ. 

මේ කතාව අපේ මාතෘකාවට සම්බන්ධ වෙන්නෙ මෙන්න මේ විදිහට. පෘථිවිය  සූර්යයා වටාඑක් වටයක් ගමන් කරනකොට තරුවක චලනය සිදු වෙන ආකාරය පෘථිවියේ ඉඳල නිරීක්ෂණය කරන්න පුළුවන්. පෘථිවියේ ඉඳලා මේ විදිහට ආකාශ වස්තුවක් නිරීක්ෂණය කරන කොට මේ වස්තුවේ සහ සූර්යයාගේ ඉඳලා පෘථිවියට තියන උපරිම කෝණය තමයි මේ parallax කෝණය කියලා කියන්නෙ. මේ කෝණයේ අගය සොයා ගත්තට පස්සේ පෘථිවියේ සිට සූර්යාට තියෙන්නෙ දුර  තාරකා විද්‍යාත්මක ඒකක එකක් නිසා සූර්යයාගේ සිට අදාළ වස්තුවට තියෙන දුර හෝ පෘථිවියේ සිට අදාළ වස්තුවට තියෙන දුර අපට ත්‍රිකෝණමිතිය ඇසුරෙන් ගණනය කරගන්න පුළුවන්. 

මෙය ගණනය කරන අවස්ථාවේදී අර අපි කලින් කියපු parallax ඈන්ගල් එකට නැත්නම් parallax කෝණය අංශක එකක් වෙද්දි තියෙන දුර තමයි පර්සෙක් ඒකක එකක් කියලා කියන්නෙ. මේ දුර ගණනය කළාට පස්සේ එනවා තාරකා විද්‍යාත්මක ඒකක 206,265කියලා අගයක්. ආලෝක වර්ශයක් කියලා කියන්නේ තාරකා විද්‍යාත්මක 63,115ක් ක් විතර වෙන නිසා මේ parsec එකකට ආලෝක වර්ෂ 3.27 ක ආසන්න අගයක් තියෙනවා කියලා ගණනයන් වලින් අපට තේරුම් ගන්න පුළුවන්.

පාසෙක් ඒකකයේ ඉතිහාසය ගැනත් අපි පොඩ්ඩක් කතා කලොත්, නිතර නිතර අභ්‍යවකාශයේ දකින සහ සොයා ගන්නා වස්තුව වලට තියෙන කළාට ආලෝක වර් ඇසුරෙන් ගණනය කිරීම අපහසු නිසා තමයි සූර්යයා සහ  අදාළ වස්තුවට තියෙන තියෙන parallax කෝණය භාවිතා කරලා දුර ගණනය කරන්න පුළුවන් කියලා තාරකා  විද්‍යාඥයන්ට හිතුනෙ. වර්ෂ 1913 දී තමයි  හර්බට් Herbert hall turner කියන තාරකා විද්‍යාඥයා මේ parsec ඒකකය හොයාගන්නෙ.

ගොඩක් දුරට ජනප්‍රිය විද්‍යා ග්‍රන්ථ වල සහ සිනමා නිර්මාණවල ආලෝක වර්ෂ කියන එකක ග්‍රහ වස්තූන් අතර දුර මනින්න භාවිත කළත්,  තාරකා විද්‍යාව සහ තාරකා භෞතික විද්‍යාවේ දී parsec කියන ඒකකය තමයි මේ ග්‍රහ වස්තූන් අතර දුර මනින්න බහුලවම භාවිතා වෙන්නේ. පසු කාලෙක  මේ පාසෙක් ඒකක භාවිතයේ පහසුව සඳහා කිලෝ පාසෙක්, මෙගා පාසෙක්, giga පාසෙක් වගේ ගුණාකාර වලින් භාවිතා කරන්න තාරකා විද්‍යාඥයෝ උත්සුක වුණා.

වර්ෂ 2015 අගෝස්තු මාසයේදී ජාත්‍යන්තර තාරකා විද්‍යා සංගමය මගින් පාසෙක් ඒකක සඳහා වන අර්ථ දැක්වීම පිළිගනු ලැබුවා.

Source:

Earthsky.org
Study.com
Khan Academy Youtube Channel

spot_imgspot_img

Subscribe

Related articles

2024 YR4 උල්කාපාතය පෘථිවිය මත බලපෑමෙන් වෙන්න පුළුවන් නරකම දේවල්

2024 YR4 ග්‍රහකය 2032 දෙසැම්බර් 22 වන දින පෘථිවිය හා ගැටෙන්නේ නම්, එහි ප්‍රමාණය, වේගය, ඇතුල් වීමේ කෝණය සහ බලපෑමේ ස්ථානය ඇතුළු සාධක කිහිපයක් මත බලපෑමේ බරපතලකම රඳා පවතිනවා. වත්මන් ඇස්තමේන්තු මත පදනම්ව නරකම අවස්ථාව ගවේෂණය කළොත්...

ජේම්ස් වෙබ් දුරේක්ෂය පෘථිවියට ආසන්න වල්ගා තරුවකින් සොයාගත්තෙ මොනවද ?

මේ පෘතුවියේ විද්‍යාව කියලා කියන්නේ හරිම පුදුම දෙයක්. හැමදාම...

Travel with බෙනූ

බෙනූ සළකුණුගල් පර්වතයFAQ වර්ෂ 2018දී පෘථිවියට ආසන්න ග්‍රහකයක් වන benu...

2M1207 extrasolar planetary System

විද්‍යාවේ දියුණුවත් එක්ක මානව ශිෂ්ටාචාරයේ විවිධ කඩඉම් පසු කරන්නට...

Betelgeuse පුපුරා යාවිද?

රාත්‍රී අහසෙ තරු රටා අතර, ප්‍රබල දඩයක්කාරයා වන ඔරායන්ගේ...
spot_imgspot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here