Betelgeuse පුපුරා යාවිද?

රාත්‍රී අහසෙ තරු රටා අතර, ප්‍රබල දඩයක්කාරයා වන ඔරායන්ගේ උරහිස සලකුණු කරන, දීප්තිමත් රතු පැහැති තාරකාව ගැන තමයි අද අපි කතා කරන්න යන්නේ. ඔබ සිටින ප්‍රදේශයේ රාත්‍රී අහස පැහැදිලි දවසක් නම්, අද රාත්‍රියේදී පවා මේ තාරකාව නිරීක්ෂණය කිරීමේ හැකියාව තියෙනවා.

මීට වසර මිලියන ගණනකට පෙර සුපිරි දැවැන්ත තාරකාවක් ලෙස උපත ලද Betelgeuse, මේ වන විට සිය ජීවිතයේ අවසානයට ආසන්න වෙමින් පවතින අතර මේ වන විට එය රතු සුපිරි යෝධ තාරකාවක් බවට පත් වී තිබෙනවා. මෙය පෘථිවියට සමීපතම රතු සුපිරි යෝධයන්ගෙන් එකක් වන අතර මේ වන විට ඔබ දකින්නේ ජීවියේ අවසාන කාලය තුළ පවතින, දුර්වලම betelgeuse තාරකාව කිව්වොත් වඩාත් නිවැරදි වනවා.

දීප්තිය සහ හැඩයේ වෙනස්කම් පෙන්නුම් කරමින් 2019 ජනවාරි සහ 2019 දෙසැම්බර් මාසවලදී ගන්නා ලද Betelgeuse හි SPHERE ඡායාරූප සංසන්දනය කිරීම (wikipedia.org)

දින කිහිපයකට පෙර, තාරකාව අඳුරු වීම ආරම්භ වූ දා සිට අභ්‍යවකාශ අධ්‍යයන ආයතන විසින් තාරකාවේ හැඩයේ ඡායාරූප නිකුත් කරන ලද අතර, එහි හැඩය, දීප්තිය සහ එහි දීප්තිමත් ප්‍රමාණයේ, අවසන් වරට නිරීක්ෂණය කළ දා සිට සැලකිය යුතු වෙනස්කම් පෙන්වනවා. අවසානයේ සුපර්නෝවාවකින් අවසන් වනු ඇතැයි අපේක්ෂා කරන Betelgeuse ගේ ආසන්න කාලීන ඉරණම පිළිබඳ විවාදයක් පැතිරෙමින් තිබෙන අතර, එය පුපුරා යන්නේ දැයි සහ කවදාද යන්න දැන ගැනීමට සෑම දෙනාටම අවශ්‍ය වනවා නිසැකයි. නමුත් දිය හැකි සරලම පිළිතුර වෙන්නේ මේ පිළිබඳව නිශ්චිත උත්තරයක් දෙන්න බැහැ කියන එක. ඒ කියන්නේ මේ තාරකාව හරියටම පිපිරෙන්නේ කවදද කොයි විදිහටද කොයි වෙලාවෙද කියන එක හරියටම පෘථිවියේ පවතින තාක්ෂණයත් එක්ක අනාවරණය කරන්නට හැකියාවක් නැහැ.

රතු සුපිරි යෝධ තාරකාවක් වුවත් Betelgeuse අපගේම සූර්යයා හා සමාන බොහෝ දේ තිබෙනවා. ඔවුන් දෙදෙනාටම න්‍යෂ්ටික විලයනය සිදුවන මූලික කලාපයක් පවතිනවා. මේ තාරකා දෙකටම විශාල විකිරණ කලාප තිබෙනවා, එහිදී හරයේ විලයන ප්‍රතික්‍රියා වලින් ජනනය වන ආලෝකය සහ ශක්තිය පිටතට ප්‍රචාරණය වන අතර, එම ප්‍රචාරණ මාර්ගය එකිනෙකින් ස්වායත්ත අහඹු මාර්ගයක් ගන්නවා. ඔවුන් දෙදෙනාටම විසරණය වූ ප්‍රභාගෝල ඇති අතර එහිදී ආලෝකය තාරකාවේ පිටත ස්ථර වෙත ප්‍රචාරණය වී අවසානයේ විශ්වයට මුදා හැරෙනවා.

2016 සැප්තැම්බර් සහ 2023 අගෝස්තු අතර Betelgeuse හි AAVSO V-band විශාලත්වය (wikipedia.org)

සියලුම තරු මෙන්ම, සූර්යයා සහ Betelgeuse යන දෙකම, මහා පරිමාණ විද්‍යුත් ධාරා, චුම්භක ක්ෂේත්‍ර, චලනය වන අංශු සහ තාපයෙන් ධාවනය වන සංවහනය මගින් මෙහෙයවනු ලබන සංකීර්ණ ආකාරයෙන් ශක්තීන් ප්‍රවාහනය කරනවා. 

සාමාන්‍යයෙන් අහසේ 10 වැනි දීප්තිමත්ම තාරකාව වන පෘථවියේ ඉඳලා ආලෝක වර්ෂ 650ක් පමණ ඈතින් තියෙන Betelgeuse සතුව වඩාත් ආකර්ෂණීය පෙනුමක් තිබුණා.  එහි පෙනුමේ විශාල වෙනස්කම් හේතුවෙන් පසුගිය මාසය තුළ දීප්තිමත්ම තරු ලැයිස්තුවේ 7 වැනි ස්ථානය දක්වා ඉහළ ගොස් තිබුණා. මෑත සතිවලදී, තාරකාව සමහර විට සාමාන්‍ය ප්‍රමාණයට වඩා සියයට 50කට වඩා දීප්තිමත් වී ඇති අතර, තාරකාව මේ සංසිද්ධිය නිසාම ආධුනික අභ්‍යවකාශ නිරීක්ෂකයින් සහ වෘත්තීය තාරකා විද්‍යාඥයින්ගේ අවධානය බොහෝ සෙයින් දිනා ගත්තා . 

සුපර්නෝවාවකදී, නැත්නම් මේ වගේ තාරකා පිපිරීමකදී විමෝචනය වන නියුට්‍රිනෝ නිසා අනාවරක ආලෝකමත් වනවා. ඉන් ටික කලකට පසු, ප්‍රසාරණය වන තාරකා අපද්‍රව්‍ය වලාකුළෙන් අධි ශක්ති ෆෝටෝන පිටතට ගලා යන විට, මෙම ප්‍රදේශය තවත් දීප්තිමත් වෙනවා. මෙවිට සත්‍ය වශයෙන්ම සිදුවන්නේ Betelgeuse තාරකාවේ දීප්තිය සාමාන්‍යය අගයට වඩා 10,000, සිට 100,000 ගුණයකින්  ඉතා කෙටි කලක් තුළ වැඩිවීමයි. 

Betelgeuse ගේ ප්‍රභාගෝලයේ (කවයේ) විශාලත්වය සහ තාරකාවේ වායුගෝලය මත සංවහන බලවල බලපෑම පෙන්නුම් කරන 1998 රේඩියෝ රූපය
(wikipedia.org)

පිපිරුම කෙතරම් බලවත්ද යන්න මත පදනම්ව, සුපර්නෝවා අවශේෂය සමහර විට පූර්ණ චන්ද්‍රයා මෙන් හතරෙන් එකක් හෝ අඩක් පමණ දීප්තිමත් වෙන්න පුළුවන් කියලා තමයි අධ්‍යයන වාර්තා වල සඳහන් වෙන්නෙ. එවිට මෙම තාරකාව තනි ආලෝක ලක්ෂ්‍යයකට කේන්ද්‍ර වී දිවා කාලයේ දී පවා දෘශ්‍යමාන වීමට සහ රාත්‍රියේදී අඳුරු සෙවනැලි ඇති කිරීමට ප්‍රමාණවත් තරම් දීප්තිමත් බවක් ඇති වෙන්න පුළුවන්. තවද මෙම දර්ශනය සෑම කෙනෙකුටම දැකගත හැකි තරම් දිගු කාලයක් පවතිනවා ඇති. 

මේ පිපිරීම පිළිබඳ අනියත බියක් ඇති කර ගැනීමට අවශ්‍යතාවයක් නැහැ. මොකද මිනිසුන් වන අපට මේ පිපිරීමෙන් කිසිදු හානිකර ප්‍රතිවිපාක අත්විඳීමට නොහැකි වන පරිදි Betelgeuse බොහෝ දුරින් තමයි පිහිටලා තියෙන්නේ. 

තාරකාවේ දීප්තිය, වර්ණය, ප්‍රමාණය සහ ඇස්තමේන්තුගත වයස මත පදනම්ව, විද්‍යාඥයන් විශ්වාස කරන්නේ Betelgeuse තවමත් හීලියම් කාබන් බවට විලයනය කිරීමේ ක්‍රියාවලියේ මුල් අවධියේ සිටිනව කියලා. පළමුව එය ඔක්සිජන් බවටත්, පසුව සිලිකන් සහ අවසානයේ යකඩ බවටත් විලයනය කළ යුතුය. මෙම අවස්ථාවෙහිදී, Betelgeuse ගේ හරයට තවදුරටත් විලයන ප්‍රතික්‍රියා වලින් ශක්තිය ලබා ගැනීමට නොහැකි වනු ඇත, එනිසාවෙන්ම තරුව එහි බර යටතේම කඩා වැටීමට සහ විනාශයට පත් වනවා.

කෙසේ වෙතත්, හරය තුළ සිදුවන දේ ප්‍රභාගෝලය වෙත යාමට ඉතා දිගු කාලයක් ගතවනවා. සැහැල්ලු මූලද්‍රව්‍ය අඩංගු තරුවක හරය තුළ, විලයන සංසිද්ධිය සිදුවන විට ශක්තිය නිපදවෙනවා. එම ශක්තිජනක ක්වොන්ටා තාරකාවේ අභ්‍යන්තරයේ ඇති අනෙකුත් අංශු සමඟ ගැටී, ශක්තිය හුවමාරු කරගනිමින් ඕනෑම ෆෝටෝනයක් අහඹු දිශානතියකට තල්ලු කරලීම සිදු කරනවා. 

මෙම ද්‍රව්‍යය ප්‍රභාගෝලයෙන් ඔබ්බට ගිය පසු, එය ප්‍රසාරණය වී සිසිල් වන අතර එහිදී එය, තරු ආලෝකයේ කොටස් අවශෝෂණය කර අඳුරු කිරීමට පටන් ගන්නවා. Betelgeuse හි එක් කොටසක් ඉතිරි කොටසට වඩා අදුරු වී දිස්වීම, මෙම පිටකිරීමේ සිදුවීම සිදුවී ඇත්තේ කොතැනද යන්න පිළිබඳ, ඉඟියක් ලබා දෙනවා. සත්‍ය වශයෙන්ම සිදුවන්නේ මෙය නම්, ඉදිරි මාස කිහිපය තුළ දීප්තිය ස්ථායීව පවතිනු ඇති අතර, ක්‍රමයෙන් එහි මුල් තත්ත්වයට නැවත දීප්තිය ලබා දෙනු ඇතැයි අපට සම්පූර්ණයෙන් අපේක්ෂා කරන්නට පුළුවන්. 

අපේම සූර්යයා තුළ, එම කාල පරාසය වසර 100,000 ත් 200,000 ත් අතර වන බවට ගණනය කරලා තියෙනවා. අපේ සූර්යයාගෙන් අපට පෙනෙන ආලෝකය ප්‍රභාගෝලයෙන් පිටවන මොහොතේ සිට අපේ ඇස්වලට ළඟා වීමට මිනිත්තු 8කට වඩා ටිකක් වැඩි කාලයක් ගත විය හැකි නමුත් හරය තුළ නිපදවන ආලෝකය ප්‍රථමයෙන් ප්‍රභාගෝලයට පවා ළඟා වීමට වසර 100,000කට වඩා ගත වෙනවා කියලා තමයි තාරකා විද්‍යාඥයෝ කියන්නේ.

ESO හි VLT හි ඇති මෙම අධෝරක්ත රූපය Betelgeuse අවට වායු සහ දූවිලි වල චනලනය පෙන්වයි. (wikipedia.org)

තාරකා විද්‍යාඥයින් බොහෝ කලක සිට, Betelgeuse කාලානුරූපව දීප්තිමත් වන අතර ඉතා ඉක්මනින් වියැකී යන බව දැන සිටියා. ඇත්ත වශයෙන්ම, ආදිවාසී ඕස්ට්‍රේලියානුවන් සහ පුරාණ ග්‍රීකයන්ගේ වාර්තා අනුව, මෙම චක්‍රය ශතවර්ෂ ගණනාවකට පෙර පෘථිවිය පුරා විවිධ සංස්කෘතීන් දැනගෙන හිටියා කියලා අපට හිතාගන්නට සාක්ෂි තියෙනවා. පුරාතන කාලයේ එම චක්‍රය දින 400ක් පමණ පැවතුනත්, මේ වන විට දින 130ක පමණ චක්‍රයකට තාරකාවේ දීප්තිය ඉතා වේගයෙන් උච්චාවචනය වෙමින් පවතින බව තාරකා භෞතික විද්‍යාව පිළිබඳ හාවඩ් ස්මිත්සෝනියන් මධ්‍යස්ථානයේ තාරකා භෞතික විද්‍යාඥ ඇන්ඩ්‍රියා ඩුප්‍රි පවසනවා

තවද Betelgeuse හි වත්මන් තත්ත්වය 2019 අගභාගයේ සහ 2020 මුල් භාගයේදී එහි ඊනියා මහා අඳුරු වීම හා සම්බන්ධ වී ඇති බව පෙනෙන්නට තියෙනවා.

සුපර්නෝවාවක් අවසානයේ ඇති වූ ස්ථානය පිළිබඳව මෙතෙක් නිරීක්ෂණය කර ඇති සියලුම තරු අතරින්, මෙවැනි අඳුරු සිදුවීමක් සහ සුපර්නෝවාවක් අතර සහසම්බන්ධයක් පෘථිවි තාරකා විද්‍යාඥයන විසින් මෙතෙක් අනාවරණය කරගෙන නැහැ. 

undefined
american association of variables ස්ටාර් observers එහෙමත් නැත්නම් AAVSO හි මෙම ප්‍රස්ථාරය 2019 අගෝස්තුවේ ආරම්භ වී 2020 පෙබරවාරි මාසයේ අවසන් වන මාස හයක කාලයක් තුළ Betelgeuse හි දීප්තිය නිරීක්ෂණය වූ අයුරු පෙන්නුම් කරනවා. Betelgeuse හි දීප්තිය එහි මුල්, සාමාන්‍ය අගයට වඩා විශාල ලෙස අඩු වී ඇති නමුත් පසුගිය සති කිහිපය තුළ යළි ස්ථාවර වෙලා තියෙනවා.

Betelgeuse පුපුරා යාමට ආසන්න බව සිතිය නොහැකි වුනත් , මෙය සිදුවිය හැක්කක් සහ නොවැළැක්විය හැකි දෙයක් බව අප මතක තබා ගත යුතු කාරණාවක් වනවා. අවසානයේ  එය සිදු වූ විට, මානව ඉතිහාසයේ වඩාත්ම පුලුල්ව නරඹන ලද තාරකා විද්‍යාත්මක සිදුවීම බවට පත්වනු ඇති. වෙන කවරදාටත් වඩා පෘථිවි වසරක් හෝ ඊට වැඩි කාලයක් පුරා පෘථිවියේ සිටින සෑම කෙනෙකුටම මෙය දෘශ්‍යමාන වනු ඇත. එය එලෙස සිදු වුණොත් 1604න් පසු, පෘථිවි වැසියන් හා තාරකා විද්‍යාඥයින් ක්ෂීරපථයේ මීලඟ පියවී ඇසින් පෙනෙන දර්ශනීය සුපර්නෝවාවක සාක්ෂිකරුවන් වනු ඇති. 

Source : 

Bigthink.com
Scientificamerican.com
Extremetech.com
Nasa.gov

spot_imgspot_img

Subscribe

Related articles

2024 YR4 උල්කාපාතය පෘථිවිය මත බලපෑමෙන් වෙන්න පුළුවන් නරකම දේවල්

2024 YR4 ග්‍රහකය 2032 දෙසැම්බර් 22 වන දින පෘථිවිය හා ගැටෙන්නේ නම්, එහි ප්‍රමාණය, වේගය, ඇතුල් වීමේ කෝණය සහ බලපෑමේ ස්ථානය ඇතුළු සාධක කිහිපයක් මත බලපෑමේ බරපතලකම රඳා පවතිනවා. වත්මන් ඇස්තමේන්තු මත පදනම්ව නරකම අවස්ථාව ගවේෂණය කළොත්...

ජේම්ස් වෙබ් දුරේක්ෂය පෘථිවියට ආසන්න වල්ගා තරුවකින් සොයාගත්තෙ මොනවද ?

මේ පෘතුවියේ විද්‍යාව කියලා කියන්නේ හරිම පුදුම දෙයක්. හැමදාම...

Travel with බෙනූ

බෙනූ සළකුණුගල් පර්වතයFAQ වර්ෂ 2018දී පෘථිවියට ආසන්න ග්‍රහකයක් වන benu...

පාර්සෙක් ඒකකය

පාසෙක් ඒකකයචාප කෝණය තරු අහස එක්ක එකතු වෙලා ඉන්න ඔයාලට...

2M1207 extrasolar planetary System

විද්‍යාවේ දියුණුවත් එක්ක මානව ශිෂ්ටාචාරයේ විවිධ කඩඉම් පසු කරන්නට...
spot_imgspot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here