Trappist 1: ආලෝක වර්ෂ 40ක් පෘථිවියෙන් එපිට ජීවයක් පවතින බවට සක්ශි ?

අපි මීට කලින් ඔබ වෙත ගෙනාවා සෞරග්‍රහ මණ්ඩලය මණ්ඩලයට පිටින් වෙනත් ග්‍රහ මණ්ඩල වල ජීවය සොයන කෙප්ලර් අභ්‍යවකාශ දුරේක්ෂය පිළිබඳව සහ ඉදිරියේදී පෘථිවියේ කක්ෂගත කිරීමට බලාපොරොත්තු වන ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය පිලිබඳව විස්තර. මේ කියපු අභ්‍යවකාශ දුරේක්ෂ දෙකෙන්ම කරන්නේ පෘථිවියට කක්ෂගත වෙලා, සෞරග්‍රහ මණ්ඩලයට බාහිරෙන් පිහිටි  පෘථිවියට සමාන වෙනත් ග්‍රහලෝක සොයන එක. නමුත් බෙල්ජියමේ ලීජ් විශ්වවිද්‍යාලයේ  ස්ටාර් කියන ආයතනය සම්බන්ධ වෙලා පෘථිවියේ ස්ථාපිත කරල තියෙන දුරේක්ෂ හතරකින් පෘථිවියට සමාන ග්‍රහලෝක, වල්ගා තරු ඇතුළු වෙනත් අභ්‍යවකාශ වස්තුන් පිළිබඳව හොයන ව්‍යාපෘතිය තමයි ට්‍රැපිස්ට් කියලා කියන්නේ. අපි අද කතා කරන්නේ මේ ට්‍රැපිස්ට් ව්‍යාපෘතිය පිළිබඳව සහ trappist-1 කියන ග්‍රහ පද්ධතිය ගැන.

සක්වල ජීවිත සොයා

සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටත පිටසක්වල ජීවීන් ඉන්න පුළුවන් කියල සැක කරන ආසන්නම ස්ථානය තියෙන්නෙ සෞරග්‍රහමණ්ඩලයේ ඉඳලා ආලෝක වර්ෂ 40 ක් විතර ඈතින්. ආලෝක වර්ෂ 40ක් තරණය කරලා මේ තාරකා මණ්ඩලය වෙත යන්නට අපට තවත් වසර සිය ගණනක් බලා සිටින්නට සිදු වේවි. නමුත් ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය කක්ෂගත කළාට පස්සෙ මේ කියපු තාරකා මණ්ඩලයේ හෝ වෙනත් තාරකා මණ්ඩලයක යම්කිසි ජීවීන් විශේෂයක් ඉන්නවද කියන එක බලාගන්න පුලුවන් වෙයි. එතෙක් අපි බලමු මේ trappist 1 කියන තාරකා මණ්ඩලය කොහොමද අපිට විශේෂ වෙන්නේ කියලා.

ට්‍රාන්සිටින් ප්ලැනට්ස් ඇන්ඩ් ප්ලැනටිසිමල්ස් ස්මෝල් ටෙලෙස්කෝප්, නැත්නම් trappist කියන නමින් හඳුන්වන මේ ව්‍යාපෘතියෙන්, වර්ෂ 2015 දී හඳුනාගන්නවා කුඩා තාරකාවක් වටා භ්‍රමණය වෙමින් පවතින පෘථිවිය තරම් විශාලත්වයක් ඇති ග්‍රහලෝක තුනක්. ඔවුන් මේ පද්ධතිය නම් කරනවා trappist-1 කියලා. වර්ෂ 2017 පෙබරවාරි 22 නිදා මේ trappist ව්‍යාපෘතියට සම්බන්ධ විද්‍යාඥයො නිවේදනය කරනවා ඔවුන් එම ග්‍රහ පද්ධතියේ ම තවත් ග්‍රහලෝක හතරක් සොයාගත්තා කියලා. මේ සොයාගැනීමත් එක්ක trappist-1 කියන පද්ධතියේ සමස්ත ග්‍රහලෝක ප්‍රමාණය 7 දක්වා ඉහළ යනවා. මේ trappist 1 කියන පද්ධතිය මුල ඉදලා අපි පටන් ගමු. බ්‍රහස්පතිට වඩා මදක් විශාල අතිශය සිසිල් වූ රතු වාමන තරුවකින් තමයි මේ පද්ධතිය හැදිලා තියෙන්නේ. ක්ෂීරපථයේ වැඩිපුරම දක්නට ලැබෙන්නේත් රතු වාමන තාරකා. අපගේ වඩාත්ම ආසන්නම අසල්වැසියා වන ප්‍රොක්සිමා සෙන්ටෝරි පවා රතු වාමන තරුවක්. ඒ වගේම තමයි ප්‍රොක්සිමා සෙන්ටෝරි ඊට අමතරව සෞරග්‍රහ මණ්ඩලයට ආසන්නයෙන්ම තියෙන තාරකා 60න් 50ක් විතර රතු වාමන තාරකා. 

මේ තාරකා වල අතිශය සිසිලක් තියෙනවා කියලා කියන්නේ මේ තාරකා දිගු කාලයක් ජිවත් වෙලා තියෙනවා කියලා කියන එක. ඇතැම් විට මේවා රතු වාමන තරු වල ආරම්භය වසර ට්‍රිලියන ගණනක් පුරා ඈතට දිව යනවා. එය වර්තමාන විශ්වයේ ආරම්භයටත් වඩා වැඩි අතීතයක්. සෞරග්‍රහ මණ්ඩලයට ආසන්නයෙන් ප්‍රසිද්ධ රතු වාමන තාරකා පද්ධති කොතෙකුත් තිබුණත්, මේ බොහෝ ඒවායේ ජීවයක් පැවතීම සැක සහිතයි. ඒකට හේතුව වෙන්නෙ බොහෝවිට goldilocks සෝන් එක, නැත්නම් ගහ පද්ධතියේ ස්වර්ණමය කලාපය, එහෙමත් නැත්නම් න්‍යායාත්මකව ග්‍රහලෝක මතුපිට ජලය එකතු වෙන්න පුළුවන් තාරකාවේ ඉඳලා ඇති දුර, ඉතා අඩු අගයක් ගන්න එක. එයින් අදහස් කරන්නේ මේ කලාපය තුළ කක්ෂගත වන ඕනම ග්‍රහලෝකයක එක් පැත්තක්  සෑම විටම තාරකාවට මුහුණලා සිටින අතර අනෙක් පැත්ත කිසිවිටෙක කවට නිරාවරණය නොවන බව. ඒ වගේම තමයි රතු වාමන තාරකාවක් බොහෝ විට සාමාන්‍ය තාරකාවකට වඩා දීප්තියෙන් වැඩියි. මේ විදිහට අධික දීප්තියක් තියෙන තාරකාවේ උෂ්ණත්වය සහ විකිරණ වල බලපෑම නිසා ඊට ආසන්නයෙන් තියෙන ග්‍රහලෝකවල ජීවීන් ගේ වර්ධනයට ධනාත්මක නොවන ලොකු බලපෑමක් එල්ල වනවා.

hubblesite.org

කොහොම වුණත් මේ trappist-1  කියන තාරකා පද්ධතියේ ප්‍රධාන තාරකාව රතු වාමන තාරකාවක් වුණත් එය අනිත් රතු වාමන තාරකා වගේ අධික දීප්තියකින් දැල්වෙන්නේ නැහ. අනෙකුත් රතු වාමන තාරකා වල දීප්තියෙන් තිස් ගුණයක ට අඩු දීප්තියක් තමයි මේ තාරකාවේ තියෙන්නේ. මේ හේතුව නිසා ම තාරකා වටා තියෙන ග්‍රහලෝක වල වායුගෝලයක් පැවතීමට ඇති ඉඩකඩ බොහෝ සෙයින් වැඩියි. සුබවාදීව කතා කළොත් මේ වෙනකොට සොයාගෙන තියෙන ග්‍රහලෝක හතෙන් හයක්ම පිහිටන්නේ මේ ස්වර්ණමය කලාපය නැත්නම් goldilocks zone එක ඇතුලෙ. මෙය හොයාගත්ත ග්‍රහලෝක හතම පෘථිවියේ ප්‍රමාණයට ආසන්න වශයෙන් සමානයි. මේ ග්‍රහලෝක තාරකාවට ඉතා සමීපව පිහිටනවා. ග්‍රහලෝක සියල්ලෙන් 7වැනි නැත්නම් අවසාන ග්‍රහ ලෝකය තවමත් පරිභ්‍රමණ වෙන්නේ රතු වාමන තාරකාවෙ ඉඳල කිලෝමීටර මිලියන නවයක් වගේ දුරකින්. සෞරග්‍රහමන්ඩලයේ පළවෙනි ග්‍රහලෝකය වෙන බුධ  ග්‍රහයාත් අපේ සූර්යයා වටා පරිභ්‍රමණය වෙන්නෙ කිලෝමීටර මිලියන 58ක් ඈතින්. ඇතැම් විට මේ දුර ප්‍රමාණය ට හේතුව වෙන්න පුළුවන් වෙන්නේ අපේ සෞරග්‍රහ මණ්ඩලයේ තියෙන සූර්යයාගේ විශාලත්වය සහ අපි මේ කතා කරන trappist-1 පද්ධතියේ තියෙන තාරකාවෙ තියෙන විශාලත්ව වෙනස. 

සමහරවිට ජලය තියෙන්න පුළුවන්

අපි ඊළඟට ට්‍රැපිස්ට්1 පද්ධතියේ එක් එක් ග්‍රහලෝක ගැන විස්තර කතා කරමු. නමුත් ඊට කලින් දෙයක් මතක තියාගන්න ඕන අපි මේ කතා කරන්නේ වර්තමාන නිරීක්ෂණයන් තුලින් කරන ලද අධ්‍යනයන් වලින් ලැබුණු දත්ත. ඇතැම් විට මේ දත්ත අනාගතයේ තාක්ෂණ දියුණුවත් එක්ක වෙනස් වෙන්නට පුළුවන්.

Trappist-1b කියන්නෙ තාරකාවට සමීපතම ග්‍රහලෝකය. මෙය පෘථිවියට වඩා තරමක් විශාල වුනත් ස්කන්ධයෙන් පෘථිවියට සමානයි නමුත් ගුරුත්වාකර්ෂණය පෘථිවියේ ගුරුත්වාකර්ෂණයෙන් 80% පමණ තියෙන මේ ග්‍රහලෝකය එමනිසා සිකුරුට සමාන වෙනවා. වායුගෝලයේ සංසංයුතිය අනුවත් මේ ග්‍රහලෝකය  සිකුරුට සමාන වනවා. කාබන් ඩයොක්සයිඩ් වලින් පිරුණු ඝනකම වායෝගෝලයක් තිබීම සහ මේ ග්‍රහලෝකය ස්වකීය තාරකාවට ඇති දුර කිලෝමීටර් මිලියන එකයි 1.7 ක් විතර අගයක් ගැනීමත් නිසා මෙම ග්‍රහලෝකය බෙහෙවින් උණුසුම් එකක් වනු ඇති. ගණනය කිරීම් වලට අනුව trappist-1b තමන්ගෙ තාරකාව වටා පරිභ්‍රමණය වෙන්න ගන්නේ පැය 36ක් වගේ කාලයක්. මේ ග්‍රහලෝකයේ වායුගෝලයේ ජලයෙන් පොහොසත් වෙන්නට පුළුවන් කමක් තියෙන නිසා මතුපිට පීඩනය පෘථිවියට වඩා 10,000 ගුණයකින් පමණ වැඩි වෙන්න පුළුවන්. තාරකාවට ආසන්න ආසන්නව පිහිටා තිබීමත් කාබන්ඩයොක්සයිඩ් වලින් සමන්විත ඝන වායුගෝලයක් තිබීමත් නිසා මේ ග්‍රහලෝකයේ මතුපිට උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශ 500-700ත් අතර අගයක් ඇති බවට තාරකා විද්‍යාඥයෝ අනුමාන කරනවා.

arstechnica.com

රතු වාමන තාරකාවට කිලෝමීටර් මිලියන 2.4ක් විතර දුරින් ඊළඟ ග්‍රහලෝකය නැත්නම් trappist-1c  පිහිටලා  තියෙනවා. එතරම් ළඟින් පිහිටා තිබීම නිසා සූර්යයාගෙන් පෘථිවියට ලැබෙන හිරු එලිය වගේ දෙගුණයක විතර ආලෝකයක් රතු වාමන තාරකා වෙන් මේ ග්‍රහලෝකයට ලැබෙනවා. එහි විශාලත්වය සහ ස්කන්ධය පෘථිවියට වඩා සියයට දහයක් පමණ වැඩියි. එයින් අපට සිතාගන්නට පුළුවන් එයට ආසන්න වශයෙන් පෘථිවියට සමාන ගුරුත්වාකර්ෂණ බලයක්තියෙන බව. මේ ග්‍රහලෝකය trappist-1b ට බොහෝ දුරට සමාන වන අතරම විද්‍යාඥයන් විශ්වාස කරනවා ඝන ජලවාෂ්ප වායුගෝලයක් තියෙන බවට. නමුත් trappist-1cට පිහිටල තියෙන්නෙ අඩු trappist-1b තරම්ම නොවන ඝනකමින් අඩු වායුගෝලයක්. ඒ නිසා අපට අදහස් කරන්න පුළුවන් trappist-1b තරම් නොවුනත්,  trappist-1c මතුපිට උෂ්ණත්වයත්  බොහෝසෙයින් වැඩි වෙන්න පුළුවන් කියලා. 

ඊළඟට trappist-1d ග්‍රහලෝකය පිහිටලා තියෙන්නේ trappist-1c ඉඳලා කිලෝමීටර මිලියනයක් විතර ඈතින් එහෙමත් නැත්නම් රතු වාමන තාරකාවෙ ඉඳල කිලෝමීටර මිලියන 3.4 ක් විතර ඇතින්. මේ ග්‍රහලෝකය මතදී වසරක් කියලා කියන්න පෘථිවි පැය හැමෝම 97 පමණයි. ඒ කියන්නේ ස්වකීය තාරකාව වටා ගමන් කිරීමට මේ ග්‍රහලෝකයට යන්නේ පැය 96ක් වගේ කෙටි කාලයක්.  trappist-1d කියන්නේ පෘථිවියෙන් අඟහරුගෙත් සම්මිශ්‍රණයකින් නිර්මාණය වූ වස්තුවක් වගේ ග්‍රහලෝකයක්. මෙය පෘථිවියට වඩා සියයට 30කින් කුඩා වන අතරම පෘථිවියේ ගුරුත්වාකර්ෂණයෙන් 30%ක වගේ ප්‍රමාණයක් තියෙන ග්‍රහලෝකයක්. ග්‍රහ පද්ධතියේ goldilocks zone එකේ තියෙන අන්තිම ග්‍රහලෝකය වෙන්නේ මේක. ඒ කියන්නේ  trappist-1d ග්‍රහ ලෝකයන් පස්සේ තියෙන ග්‍රහලෝක වල මතුපිට උෂ්ණත්වය යම් තරමකට සිසිල් වන කලාපය තියෙන්නෙ මේ ග්‍රහ ලෝකයෙන් පස්සේ කියන එක. trappist-1d මතුපිට පෘෂ්ඨයේ වාෂ්පශීලී ස්ථරයක් තියෙන බවත් ඇතැම් විට මෙය සාගරයක් හෝ ඝන වායුගෝලයක් වෙන්න පුළුවන් කියලා කියලත් අධ්‍යනයන් වලින් තාරකා විද්‍යාඥයෝ සොයාගෙන තියෙනව. මේ ග්‍රහලෝකයේ පෘථිවිය වගේ දෙසිය පනස් ගුණයක් විතර සාගර ජලය අඩංගු වෙන්න පුළුවන් වුණත් ඇතැම් අධ්‍යයනයන්ට අනුව පෙනී ගොස් ඇත්තේ වායුගෝලය සිකුරුට සමාන වෙන්න පුළුවන් කියල.

සංකීර්ණ වායුගෝලය

ස්වකීය තාරකාව වටා පැය 146කින් තම අර භ්‍රමණය සම්පූර්ණ කරන මීළඟ ග්‍රහලෝකය trappist-1e පිහිටලා තියෙන්නේ ප්‍රධාන තාරකාවෙ ඉඳලා කිලෝමීටර මිලියන 4.4ක් නැත්නම් trappist-1d ග්‍රහ ලෝකයේ ඉඳලා කිලෝමීටර මිලියනයක් විතර ඈතින්. trappist-1 පද්ධතියේ ජීවයක් පවතින්න පුළුවන් ග්‍රහලෝක කලාපය ආරම්භ වෙන්නේ trappist-1e ග්‍රහ ලෝකයෙන්. ප්‍රධාන තාරකාවෙ විශාලත්වයත් මේ ග්‍රහලෝකයට තියෙන දුරත් අනුව ගත්තම මේ ග්‍රහලෝකයට ලැබෙන්නේ සූර්යයාගෙන් පෘථිවියට ලැබෙන ආලෝයෙන් 60%ක් විතර ප්‍රමාණයක්. ප්‍රමාණය, ස්කන්ධය සහ ගුරුත්වාකර්ෂණය පෘථිවියට බොහෝ සෙයින් සමාන වන අතර trappist-1 ග්‍රහ පද්ධතිය පද්ධතියේ පෘථිවිය වගේ පාෂාණමය සංයුතියක් තියෙන එකම ග්‍රහලෝකය මෙය වෙන්න පුළුවන් කියලා විද්‍යාඥයන් සැක පළ කරනවා. එහි සංයුතිය අනුව හයිඩ්‍රිජන් සහිත වායුගෝලයක් ආ දෙන අතර හයිට්‍රිජන් මගින් මේ ග්‍රහලෝක යම් තරමක් දුරට ජීවීන්ට සුදුසු ආකාරයට හැඩගස්වනව. පොදුවේ ගත්තම trappist-1e කියන්නේ පෘථිවියට සමාන වූ තවත් එක් ග්‍රහලෝකයක් විදියට සලකන අතරම ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය නුදුරේදීම කක්ෂගත කළාට පස්සෙ මේ ගැන වැඩි විස්තර සොයා ගන්නට පුළුවන් වේවි. 

ග්‍රහ පද්ධතියේ ඊළඟට තියෙන්නෙ trappist-1f කියන ග්‍රහලෝකය. මේ ග්‍රහලෝකයත් trappist-1e ග්‍රහලෝකය වගේම පිහිටලා තියෙන්නේ පද්ධතියේ ජීවයක් පවතින්න පුළුවන් කලාපයේමයි. ස්වකිය තාරකාවට කිලෝමීටර් මිලියන 5.8 ක දුරකින් කක්ෂ ගත වන මෙම ග්‍රහලෝකයේ පරිභ්‍රමණ කාලය පැය 22ක්, නැත්නම් දින නමයකට ආසන්න කාලයක්. ප්‍රමාණයන් පෘථෙන් පෘතුවියට සමාන මේ ග්‍රහලෝකය ඝනත්වය අඩු උනත් ගුරුත්වාකර්ෂණය පෘථිවියේ ගුරුත්වාකර්ෂණය වගේ සියයට අසූවක් පමණ අගයක් ගන්නවා. මෙහි පවතින අඩු ඝනත්වය නිසා විද්‍යාඥයා විද්‍යාඥයෝ සැක කරනවා එම ග්‍රහලෝකයෙන් 20%ක් විතර ජලය තියෙන්න පුළුවන් කියලා. තාරකාවට තියෙන දුර එක්ක ගත්තම අධ්‍යනයන් වලින් තාරකා විද්‍යාඥයන් තවත් අදහසක් පළ කරනවා එම ජලය පවතින්නේ වායුමය ස්වරූපයෙන් කියලා. මේ විදිහට අධික ජල වාෂ්ප ප්‍රමාණයක් තිබීමත් අධික පීඩනය සහ උෂ්ණත්වයත් හේතු කොටගෙන මේ ග්‍රහලෝයේ ජීවයක් පැවතීමට එතරම් සුදුසු වෙන්නේ නැහැ කියලා තාරකා විද්‍යාඥයන්ගේ අධ්‍යනයන් වලින් තේරුම් ගිහිල්ලා තියෙනවා. 

caltech.edu

පද්ධතියේ ඊළඟ ග්‍රහලෝකය, trappist-1g, පෘථිවියට වඩා තරමක් විශාල වන අතර ස්වකීය තාරකාවට කිලෝමීටර මිලියන 7ක විතර දුරින් ඉඳලා පෘථිවි දින 12කින් තමන්ගෙ පරිභ්‍රමණය සම්පූර්ණ කරනවා. මෙම ග්‍රහලෝකය මත ජලය සොයා ගැනීම හැර වෙනත් තොරතුරු කිසිවක් මේ වන තෙක් සොයාගෙන නැහැ. පද්ධතියේ ජීවයක් පවතින පුළුවන් කලාපයේ පිහිටන අවසාන ග්‍රහලෝකය වෙන්නේ මේ ග්‍රහලෝකය. 

දැනට සොයාගෙන තියෙන අවසාන ග්‍රහලෝකය වෙන්නේ trappist-1h. තාරකාවේ ඉඳලා කිලෝමීටර මිලියන 9.3 ක දුරින් කක්ෂ ගත වෙලා පෘථිවි දින 19කින් පරිභ්‍රමණය සම්පූර්ණ කරන මේ ග්‍රහලෝකය තමයි මේ පද්ධතිය තියෙන කුඩාම ග්‍රහලෝකය වෙන්නෙත්. අඩු ඝනත්වයක් සහ ගුරුත්වාකර්ෂණ තියෙන මේ ග්‍රහලෝකය තාරකාවට තියෙන දුරක් එක්ක සලකලා බලද්දී ඝන අයිස් තියෙන තියෙන්න පුළුවන් කියලා තාරකා විද්‍යාඥයන් අනුමාන කරනවා. 

මේ ග්‍රහ පද්ධතිය දැනට සොයාගෙන තියෙන ග්‍රහලෝක හතෙන් බොහෝ ග්‍රහලෝක වල ජලය සොයා ගෙන තියෙනවා. ප්‍රධාන තාරකාව රතු වාමන තරුවක් උනත් එය එතරම් ක්‍රියාකාරී එකක් නෙවෙයි. මේ ග්‍රහලෝක වලට ප්‍රමාණවත් තරම් චුම්භක ක්ෂේත්‍රයක් තියෙනවා නම් ඒවාට ප්‍රධාන තරුවෙන් එන  සූර්ය සුළං වලින් බොහෝ ප්‍රමාණයක් වෙනතකට හැරවීම හැකියාව තියෙන්න පුළුවන්. මේ පද්ධතිය සොයා ගැනීම සිදු කරලා තාම ගෙවිලා තියෙන වසර හයක කාලයක් විතරයි. ඒ නිසා මේ ග්‍රහලෝක පද්ධතිය ගැන අපි තවමත් දන්නේ ඉතාම සුළු ප්‍රමාණයක් විතරය. නවතම තොරතුරු වලට අනුව 2021 වර්ෂයේ නොවැම්බර් මාසයේ යෙදිල තිබුනු ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය දියත් කිරීමේ කටයුත්ත යළිත් වතාවක්, දෙසැම්බර් 18 වෙනිදා වෙනකම් කල් ගිහිල්ලා තියෙනව. සියලු කඩයිම් පසුකරගෙන ජේම්ස් අභ්‍යවකාශ දුරේක්ෂය දියත් කළාට පස්සෙ අපට තවත් සිත් ගන්නා සුළු තොරතුරු රාශියක් මේ පද්ධතිය ගැන දැනගන්නට හැකියාව ලැබේවි.

Source:

Astrum : What makes the exoplanets of Trappist-1 so special?
Trappist.uliege.be
spot_imgspot_img

Subscribe

Related articles

2024 YR4 උල්කාපාතය පෘථිවිය මත බලපෑමෙන් වෙන්න පුළුවන් නරකම දේවල්

2024 YR4 ග්‍රහකය 2032 දෙසැම්බර් 22 වන දින පෘථිවිය හා ගැටෙන්නේ නම්, එහි ප්‍රමාණය, වේගය, ඇතුල් වීමේ කෝණය සහ බලපෑමේ ස්ථානය ඇතුළු සාධක කිහිපයක් මත බලපෑමේ බරපතලකම රඳා පවතිනවා. වත්මන් ඇස්තමේන්තු මත පදනම්ව නරකම අවස්ථාව ගවේෂණය කළොත්...

ජේම්ස් වෙබ් දුරේක්ෂය පෘථිවියට ආසන්න වල්ගා තරුවකින් සොයාගත්තෙ මොනවද ?

මේ පෘතුවියේ විද්‍යාව කියලා කියන්නේ හරිම පුදුම දෙයක්. හැමදාම...

Travel with බෙනූ

බෙනූ සළකුණුගල් පර්වතයFAQ වර්ෂ 2018දී පෘථිවියට ආසන්න ග්‍රහකයක් වන benu...

පාර්සෙක් ඒකකය

පාසෙක් ඒකකයචාප කෝණය තරු අහස එක්ක එකතු වෙලා ඉන්න ඔයාලට...

2M1207 extrasolar planetary System

විද්‍යාවේ දියුණුවත් එක්ක මානව ශිෂ්ටාචාරයේ විවිධ කඩඉම් පසු කරන්නට...
spot_imgspot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here