මේ ග්‍රාහක පෘථිවියේ ගැටෙයිද ?

අපි දන්නවා දැනට හොයාගෙන තියෙන පෘථිවි ඉතිහාසයට අනුව මිහිමතින් ඩයිනෝසරයන් වඳ වෙලා තියෙන්නෙ ඉතා විශාල ග්‍රාහකයක් පෘථිවියේ ගැටීමේ ප්‍රතිඵලයක් විදියට. අද තරු අහසෙන්, අවධානය යොමු කරන්නේ පෘථිවියේ ගැටීමට තරම් අවදානමක් ඇති තරමක් විශාල උල්කාපාත කීපයක් පිළිබඳව.

සමස්ත ශිෂ්ටාචාරයම අතුගා දැමිය හැකි තරම් භයානක වස්තූන් වන ග්‍රාහක මිලියන ගණනක් අඟහරු බ්‍රහස්පති අතර ඇති ග්‍රාහක පටියේ දක්නට ලැබෙනවා. ඊට අමතරව තවත් මිලියන ගණනක් මේ වගේ වස්තූන් මේ සෞරග්‍රහ මණ්ඩලය පුරා විසිරිලා තියෙනවා.

නමුත් බිය උපදවන කාරණාව තමයි විද්‍යාව විසින් එකතු කරන ලද විවිධ දත්ත වලට අනුව පෘථිවියට ළං වන ග්‍රහක ගණනාවක් තියෙන අතර ඉන් සමහරක් අපගේ ග්‍රහලෝකයේ ගැටියහැකියැයි සළකන දිනයන් පවා විද්‍යාඥයන් විසින් හදුනාගෙන තියෙනවා කියන කාරණාව.

(671294) 2014 JO25

7. Asteroid 2014 JO25/ 2027

2014 JO25 කියලා හඳුන්වන මේ ග්‍රාහකය ග්‍රාහකය සොයාගෙන තියෙන්නේ 2014 වර්ෂයේ මැයි මාසයේදී කැටලිනා sky සර්වේ කියන කියන තරකා විද්‍යා ආයතනයෙන්. 2014 JO25 අයත් වන්නේ පෘථිවි කක්ෂය හරහා ගමන් කරන ඇපලෝ ග්‍රහක කාණ්ඩයට. Apollo ගෙආහක කාණ්ඩය කියල කියන්නේ, දැනට හඳුනාගෙන ඇති සාමාජිකයින් 10,000 කට ආසන්න සංඛ්‍යාවක් සිටින පෘථිවියට ආසන්න වස්තූන්ගෙන් විශාලතම කණ්ඩායමයි. 

සෑම වසර තුනකට වරක් ම සූර්යයා වටා පරිභ්‍රමණය වන ග්‍රහකය ග්‍රහකය සිකුරු සහ බුද යන ග්‍රහලෝක වලටත් බලපෑමක් එල්ල කරනවා. මේ ග්‍රහකය 2017 වර්ෂයේ අප්‍රේල් 19 වැනිදා පෘථිවිය ආසන්නයෙන් ගමන් කළ අතර එම දිනයේදී ආසන්නතම ප්‍රවේශයේදී  පෘථිවියේ සිට කිලෝ මීටර් මිලියන 1.8 ක ආසන්න ආසන්නයට පැමිණියා. 

ගණනය කිරීම් වලට අනුව මීටර 720ක පමණ විෂ්කම්භයක් තියෙන මේ ග්‍රහකය යළිත් 2027 වර්ෂයේ අගෝස්තු මාසයේදී පෘථිවියට කිලෝමීටර ලක්ෂ හතරක් පමණ ආසන්නයෙන් ගමන් කරනවා.

6. Asteroid (153814) 2001 WN5 / 2028

(153814) 2001 WN5

වර්ෂ 2001 නොවැම්බර් මස විසි වෙනිදා සොයාගෙන තියෙන මේ ග්‍රහකය ආසන්න වශයෙන් කිලෝමීටර් කිලෝ මීටරයක් පමණ විශ්කම්භය සහිත ඉතා විශාල එකක්. දෙන 818 ken සූර්යයා වටා පරිභ්‍රමණයක් සම්පූර්ණ කරන මේ ග්‍රහකය 2028 වර්ෂයේ ජුනි මාසෙ 26 වෙනිද පෘථිවියට කිලෝමීටර් දෙලක්ෂ පනස් දහසක් පමණ ආසන්නයට පැමිණෙනවා. මේ ග්‍රහකයේ තියෙන විශාලත්වය නිසාම පෘථිවියේ සිට දුරදක්නයක් ආධාරයෙන් ඔබට ඒ දෙස බැලීමට හැකියාව ලැබෙන බව තමයි තාරකා විද්‍යාඥයෝ කියන්නේ.

5. Asteroid  Apophis 2029/2036/2051

2004 වර්ෂයේ ජුනි මාසෙ 19 මාසේ 19 වැනිදා තර්ක විද්‍යාඥයන් තුන්දෙනෙක් එකතු වෙලා සොයා ගත්තු මේ විශ්කම්භය මීටර් හාරසියයක් පමණ වන මේ ග්‍රාහකය හඳුන්වන්නේ  99942 ඇපොෆිස් කියන නමින්.

99942 Apophis හි ආකෘතිය (wikipedia.org)

වසරකට අඩු කාල කාලසීමාවකදී හෙවත් නැත්නම් දින 323 කදී සූර්යයා වටා පරිභ්‍රමණය සම්පූර්ණ කරන මේ ඇපොෆිස් ග්‍රාහකය අවස්ථා කීපයකදීම පෘථිවියට ඉතාමත් ආසන්නයට පැමිණෙනවා.

2004 වර්ෂයේ දෙසැම්බර් මාසේ විසි එක් වෙනිදා පෘථිවියට කිලෝමීටර මිලියන 14ක් පමණ ඈතින් ගමන් කළ මේ ඇපොෆිස්  2013 වර්ෂයේ ජනවාරි 9 වෙනිදා පෘථිවියට කිලෝමීටර මිලියන 14 ක් පමණ දුරින් යළිත් ගමන් කළා. වර්ෂ 2029 දී කිලෝමීටර 38,000ක් තරම් පෘථිවිය ආසන්නයට පැමිණෙන මේ ග්‍රහකය යළිත් 2036 වර්ෂයේ දී කිලෝමීටර මිලියන 46 ආසන්නයට පැමිණෙනවා.

වර්ෂ 2051 කිලෝමීටර මිලියන 6 ක් පමණ ආසන්නයට පැමිණෙන මේ ග්‍රහකය යළිත් වර්ෂ 2116 අප්‍රේල් මාස 12 වැනි දා කිලෝමීටර මිලියන 2.9ක් තරම් අසන්නට පැමිණීමට නියමිතයි.

2023 පෙබරවාරි 4 වන දින රේඩාර් මගින් ලබාගත් භ්‍රමණය වන 2011 AG5 සජීවිකරණය

4. Asteroid 2011 AG5/ 2040

වර්ෂ 2011 ජනවාරි මස 8 වැනිදා සොයා ගත්ත මේ ග්‍රහකයේ විශ්කම්භය මීටර් 140ක් පමණ වෙනවා.

2040 වර්ෂයේ පෙබරවාරි මාසයේදී  පෘථිවියට කෙල මිත්‍ර මිලියනයක් තරම් ආසන්නයට පැමිණීමට නියමිත මේ ග්‍රහකය පෘථිවිය සමග ගැටීමට ඇති සම්භාවිතාවය 500ට එකක් ලෙස ගණනය කරලා තියෙනවා. යම් හෙයකින් මේ ග්‍රාහකය පෘථිවිය සම ගැටුනොත් එමඟින් ඇතිවන බලපෑම  tnt පුපුරණ ද්‍රව්‍ය මෙගාටොන් 100කප්‍රමාණයකට සමාන බවට දැනට ගණනය කරලා තියෙනවා. එමගින් අවම තරමේ සැතපුම් 100 ක පමණ ප්‍රදේශයකට හානි පැමිනෙනු ඇති බවට ගණන කරල තියෙනවා .

(308635) 2005 YU55

3. Asteroid 2005 WY55 2065

වර්ෂ 2005 නොවැම්බර් මස 26 වෙනිදා සොයාගෙන තියෙන මේ ග්‍රාහකය මීටර් 200ක පමණ විශ්කම්භයක් සහිත වනවා. තාරකා විද්‍යාඥයන්ගේ ගණනය කිරීම් වලට අනුව වර්ෂ 2065 මැයි මස 28 වැනිදා පෘථිවියට කිලෝමීටර ලක්ෂ තුනක් පමණ ආසන්නයට මේ ග්‍රාහකය ළඟා වෙනවා. 

මේක මුලින්ම සොයාගනු ලැබුවේ 2005 නොවැම්බර් 26 වැනිදා. එහි විෂ්කම්භය මීටර් 190 සිට 250 දක්වා යැයි ගණන් බලා තිබෙනවා. එය 2006 ජූලි 1 වන දින Sentry අවදානම් වගුවෙන් ඉවත් කළා.

1999 RQ36 Bennu

2. Asteroid 1999 RQ36 Bennu / 2135 / 2182

1999 RQ36 ලෙස හඳුන්වන මේ ග්‍රාහකය ගැන අපි මීට කලින් කතා කරලා තියෙනවා. තරු අහස බලන ඔබ මේ ග්‍රහකයා හඳුනන්නේ බෙනූ කියන නමින්. මීටර 500ක් පමණ විෂ්කම්භයක් තියෙන මේ ග්‍රහකය හොයාගෙන තියෙන්නේ  තියෙන්නේ 1999 සැප්තැම්බර් මාසයේ 11 වැනිදා. පෘථිවිය වටා ගමන් කරන්න දෙන 436 ගන්න මේ ග්‍රාහකය එලෙස ගමන් කරනප්පරේට කිලෝමීටර 27 ක වේගයෙන් 28 ක වේගයෙන්. 

මෙ ග්‍රහකයක් අවස්ථා කීපයකදීම පෘථිවියට ආසන්නයෙන් ගමන් කරනවා. වර්ෂ 2054 සැප්තැම්බර් මාසේ 30 වැනිදා කිලෝමීටර මිලියන 5.8 ක් පමණ ආසන්නයට එන බෙනූ  ග්‍රාහකය වර්ෂ 2060 සැප්තැම්බර් මාසයේ 23 වැනිදා පෘථිවියට කිලෝමීටර් 750,000ක් පමණ ආසන්නයට එනවා. ටෙලි 2080 වර්ෂයේ සැප්තැම්බර් මාසයෙන් විසි දෙවැනි දා පෘථිවියට කිලෝමීටර මිලියන දෙකක් පමණ ඈතින් ගමන් කරන බෙනූ ග්‍රහකය 2135 වර්ෂයේ සැප්තැම්බර් මාසේ 25 වෙනිදා පෘථිවියට කිලෝමීටර් කිලෝමීටර 150,000ක් පමණ ආසන්නයට ලංවෙනවා.

(153201) 2000 WO107

1. Asteroid (153201) 2000 WO107 2140

මීටර 800ක පමණ විශ්කම්භයක් සහිතව වන මේ  ග්‍රාහකය සොයාගෙන තියෙන්නේ දෙදාහ වර්ෂයේ නොවැම්බර් මාසයේ 29වැනිදා. සූර්යයා වටා යන ගමන දෙන දින 318 කින් සම්පූර්ණ කරන මේ ග්‍රහකය 2020 වර්ෂයේ නොවැම්බර් මාසේ 29 වැනිදා පෘථිවියට කිලෝමීටර් මිලියන හතරක්  තරම් ආසන්නයට පැමිණියා. යළිත් 2140 අවුරුද්දේ වර්ෂයේ දෙසැම්බර් 1වෙනිදා මේ ග්‍රහකය පෘථිවියට kilometer 380,000ක් පමණ ආසන්නයෙන් ගමන් කිරීමට නියමිතයයි. 

ඉහත ලැයිස්තුගත කරලා තියන සමහර ග්‍රාහක වලට තාරකා විද්‍යාඥයන්ට අනුව, පෘථිවිය සමග ගැටිය හැකි යැයි සළකන දිනයන් තිබුණත් ඉන් බොහොමයක් උල්කාපාත හෝ ග්‍රාහක වසර ගණනාවක් පුරා තම ගමන් පථය වෙනස් කරලා තියෙන නිසා ඇතැම්විට මේ කාරණා සියයට සීයක් නිවැරදි නොවෙන්න පුළුවන්. 

FAQ

NEOs කියන්නෙ මොනවද ?

පෘතිවියටා ආසන්නව ගමන් කරන ග්‍රාහක හෝ වල්ගාතරු හඳුන්වන්නේ මේ නමින්

Source:

Wikipedia.org
NASA
JPL
ESO

spot_imgspot_img

Subscribe

Related articles

2024 YR4 උල්කාපාතය පෘථිවිය මත බලපෑමෙන් වෙන්න පුළුවන් නරකම දේවල්

2024 YR4 ග්‍රහකය 2032 දෙසැම්බර් 22 වන දින පෘථිවිය හා ගැටෙන්නේ නම්, එහි ප්‍රමාණය, වේගය, ඇතුල් වීමේ කෝණය සහ බලපෑමේ ස්ථානය ඇතුළු සාධක කිහිපයක් මත බලපෑමේ බරපතලකම රඳා පවතිනවා. වත්මන් ඇස්තමේන්තු මත පදනම්ව නරකම අවස්ථාව ගවේෂණය කළොත්...

ජේම්ස් වෙබ් දුරේක්ෂය පෘථිවියට ආසන්න වල්ගා තරුවකින් සොයාගත්තෙ මොනවද ?

මේ පෘතුවියේ විද්‍යාව කියලා කියන්නේ හරිම පුදුම දෙයක්. හැමදාම...

Travel with බෙනූ

බෙනූ සළකුණුගල් පර්වතයFAQ වර්ෂ 2018දී පෘථිවියට ආසන්න ග්‍රහකයක් වන benu...

පාර්සෙක් ඒකකය

පාසෙක් ඒකකයචාප කෝණය තරු අහස එක්ක එකතු වෙලා ඉන්න ඔයාලට...

2M1207 extrasolar planetary System

විද්‍යාවේ දියුණුවත් එක්ක මානව ශිෂ්ටාචාරයේ විවිධ කඩඉම් පසු කරන්නට...
spot_imgspot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here