Table of Contents
2024 PT 5 කියන්නෙ මොකක්ද?
අභ්‍යවකාශයේ විශාලත්වය නිසාම, ගණන් කළ නොහැකි වස්තූන් ප්‍රමාණයක් අපගේ සෞරග්‍රහ මණ්ඩලය හරහා ගමන් කරනවා, ඇතැම් ඒවා අනෙක් ඒවාට වඩා පෘථිවියට සමීප වනවා. පෘථිවි ආසන්න ග්‍රහක (Near Earth Asteroids – NEAs) ලෙස හඳුන්වන මෙම වස්තූන් අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ මුල් ඉතිහාසය මෙන්ම අපගේ ග්‍රහලෝකයට ඇති විය හැකි තර්ජන පිළිබඳ වටිනා අවබෝධයක් විද්‍යාඥයින්ට ලබා දෙනවා. මෙම කාණ්ඩයේ වඩාත් මෑත සොයාගැනීම් වලින් එකක් වන්නේ තාරකා විද්‍යා ප්‍රජාවගේ අවධානයට ලක් වූ පෘථිවි ආසන්න ග්‍රහකයක් වන 2024 PT 5.

තාරකා විද්‍යාඥයින් මෙම ග්‍රහකය සමීපව නිරීක්ෂණය කර අධ්‍යයනය කරන විට, එය පෘථිවියට සමීප වන බවත්, එහි ප්‍රමාණය සහ එහි ගමන් පථය අනුව තීරණාත්මක සංසිද්ධියක් සිදුවන බවත් තේරුම් ගියා.
2024 PT 5 යනු කුමක්ද සහ එය අධ්‍යයනය කිරීම වැදගත් වන්නේ ඇයි? මෙම සිත් ඇදගන්නාසුළු අභ්යවකාශ වස්තුව ගැන ඔබ දැනගත යුතු සියල්ල ගැන තමයි අද වීඩියෝව වෙන් වෙනේ.
පෘථිවි ආසන්න ග්‍රහක පිළිබඳ පසුබිම (NEAs)
NEAs යනු කුමක්ද?
පෘථිවි ආසන්න ග්‍රහක (NEAs) යනු පෘථිවියට සමීප වන කක්ෂ ඇති ග්‍රහකවල එක කොටසක්. සූර්යයා සහ පෘථිවියේ සිට ඇති දුර මත පදනම්ව වර්ගීකරණය කර ඇති මෙම වස්තූන් සමහර අවස්ථාවල පෘථිවියට තර්ජන එල්ල කරනවා. NEAs අධ්‍යයනය විවිධ හේතු නිසා වැදගත් වනවා. පළමුව, සෞරග්‍රහ මණ්ඩලයේ ආරම්භක කොටස් පිළිබඳ සෘජු සාක්ෂි විද්‍යාඥයින්ට සපයනවා. දෙවනුව, ඔවුන් ඉඳහිට පෘථිවි කක්ෂය හරහා ගමන් කරන බැවින්, ඕනෑම ගැටීමේ අවදානමක් තක්සේරු කිරීමට නම් ඒවා සමීපව නිරීක්ෂණය කළ යුතු වනවා.

ග්‍රහක සොයාගැනීම් වල ඉතිහාසය
ග්‍රහක ප්‍රථම වරට සොයාගනු ලැබුවේ 19 වැනි සියවසේ මුල් භාගයේදී, දැන් වාමන ග්‍රහලෝකයක් ලෙස වර්ගීකරණය කර ඇති සෙරෙස් හඳුනාගැනීමත් සමඟ. වසර ගණනාවක් පුරා, තාරකා විද්‍යාඥයින් මෙම පාෂාණමය වස්තූන් සිය දහස් ගණනක් සොයාගෙන ඇති අතර, ඒවායේ ප්‍රමාණය, කක්ෂ සහ අනෙකුත් ලක්ෂණ ලැයිස්තුගත කරල තියෙනවා. NEAs නම වූ විශේෂිත කාණ්ඩය, 20 වැනි සියවසේ මුල් භාගයේදී ප්‍රථම වරට හඳුනා ගන්නා ලද අතර, අදවන විට NASA සහ ESA වැනි අභ්‍යවකාශ ඒජන්සි මගින් NEAs දහස් ගණනක් නිරන්තරයෙන් නිරීක්ෂණය කරනු ලැබෙනවා.
වත්මනදී විද්‍යාඥයින් NEAs පිළිබඳව විශාල උනන්දුවක් දක්වන්නේ ඒවා අභ්‍යවකාශ යානා මගින් ළඟා වීමට සාපේක්ෂව පහසු වන නිසා ගවේෂණ මෙහෙයුම් සඳහා ආකර්ෂණීය ඉලක්ක බවට පත් කරන බැවිනි.
2024 PT 5 සොයා ගැනීම
2024 PT 5 සොයා ගැනීම ග්‍රහක ලුහුබැඳීමේ ලෝකයේ සාපේක්ෂව මෑතකාලීන සිදුවීමකි. එය ප්‍රථමයෙන් නිරීක්ෂණය කරන ලද්දේ 2024, 7 August වෙනිදා දකුණු අප්‍රිකාවෙ සදර්ලන්ඩ් හි පිහිටි ATLAS නිරීක්ශනාගාරය භාවිතා කරමිනි. මුලින්ම මෙම සොයා ගැනීම මෑත වසරවලදී සොයා ගන්නා ලද NEAs ලැයිස්තුවට එකතු කරන ලද අතර, පෘථිවියට සමීපව ගමන් කළ හැකි වස්තූන් හඳුනා ගැනීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කරවන්නට මෙම සිදුවීම සමත් වුනා.
තාරකා විද්‍යාඥයින් සාමාන්‍යයෙන් වේගයෙන් චලනය වන වස්තූන් සඳහා අහසේ කොටස් පරිලෝකනය කිරීමට විශේෂිත මෘදුකාංග වලින් සමන්විත උසස් දුරේක්ෂ භාවිතා කරනවා. හඳුනාගැනීමෙන් පසු, ග්‍රහකයක කක්ෂය ගණනය කරනු ලබන්නේ එය පෘථිවියට කෙතරම් සමීප විය හැකිද යන්න සහ එය යම් බලපෑමක් ඇති කරයිද යන්න තීරණය කිරීම සඳහා. 2024 PT 5 සොයාගැනීම එහි ගමන් පථය තක්සේරු කිරීම සඳහා ක්ෂණික ගණනය කිරීම් සඳහා තාරකා විද්‍යාඥයින්ව පොළඹවනු ලැබුවා.
2024 PT 5 හි කක්ෂය සහ ලක්ෂණ

සොයාගත් පසු, 2024 PT 5 කක්ෂීය මාර්ගය ඉහළ නිරවද්‍යතාවයකින් ගණනය කිරීමට විද්‍යාඥයින්ට හැකි වුනා. ග්‍රහකය සූර්යයා වටා ඉලිප්සාකාර කක්ෂයක පිහිටා ඇති අතර, එහි කක්ෂයේ නිශ්චිත ස්ථාන වලදී එය පෘථිවිය සමීපයට ගෙන එන බව ඔවුන්ට පෙනී ගියා.
ප්‍රමාණය සහ සංයුතිය
මූලික නිරීක්ෂණවලින් පෙනී ගියේ 2024 PT 5 දළ වශයෙන් මීටර 11ක පමණ විශ්කම්භයක් ඇති බවත්, එය මෙතෙක් හඳුනාගත් කුඩා NEA වලින් එකක් වන නමුත් අවධානය යොමු කිරීමට තරම් වැදගත් වනව කියල. එහි පරාවර්තකත්වය මත පදනම්ව, විද්‍යාඥයන් උපකල්පනය කර ඇත්තේ එය මූලික වශයෙන් සිලිකේට් පාෂාණවලින් සමන්විත වනව කියල උනත් මෙය තහවුරු කිරීම සඳහා වැඩිදුර නිරීක්ෂණ අවශ්‍ය වනව.
භ්‍රමණය සහ පරිභ්‍රමණය
2024 PT 5 2024 සැප්තැම්බර් 29 වනදා සිට 2024 නොවැම්බර් 25 වැනිදා දක්වා මාස 1 යි දින 27 ක කාලයක් දළ වශයෙන් කි.මී. මිලියන 1.5 පෘථිවි ගෝලයෙන් පිටත පෘථිවිය වටා කක්ශගත වනු ඇති. පැයට සැතපුම් 4.5 සිට පැයට සැතපුම් 980 තරම් වූ අඩු සාපේක්ෂ ප්‍රවේගයකින් ගමන් කරන මෙය පෘථිවි ගුරුත්වාකර්ෂණය මගින් තාවකාලිකව ග්‍රහණය කරගනු ලබනවා. පෘථිවියට ආසන්නතම ප්‍රවේශය 2024 අගෝස්තු 8 වන දින දළ වශයෙන් කිලෝමීටර 567,000 (සැතපුම් 352,000) පමණ වූ අතර එහිදී සාපේක්ෂ වේගය 1.37 km/s (3,100 පැයට සැතපුම්) පමණ වුනා. මේ නිසාම 2024 අගෝස්තු 18 වන දින CNEOS විසින් ඔවුන්ගේ Sentry අවදානම් වගුවෙන් 2024 PT5 ඉවත් කරන ලද අතර, එමගින් විභව පෘථිවි බලපෑමක අවදානමක් නොමැති බව තීරණය කළා.
නමුත් මෙ සතුව තිබෙන්නෙ මැග්නිටියුඩ් ඒකක 27.6ක් තරම් වූ අඩු දීප්තියක් නිසාම මේය පෘථිවියේ සිට බලන්නෙකුට පියවි ඇසින් නම් දැකගන්නට වරම් ලැබෙන්නේ නැහැ.