Travel with බෙනූ

වර්ෂ 2018දී පෘථිවියට ආසන්න ග්‍රහකයක් වන benu වෙත, නාසාහි ඔසිරිස් රෙක්ස් අභ්‍යවකාශ යානය, වසර 2කුත් දින 101, සහ සැතපුම් බිලියන එකකට වඩා වැඩි දුරක් ගමන් කිරීමෙන් පසු, ළඟා වුණා. OSIRIS-REx කියන්නෙ, සෞරග්‍රහ මණ්ඩලයේ මූලාරම්භයෙන් ඇතිවුනු, මෙම ප්‍රාථමික අවශේෂ ගවේෂණය කිරීමේ පළමු මෙහෙයුම වන අතර, එය නිර්මාණය කර ඇත්තේ, ග්‍රහකය අධ්‍යයනය කර, නියැදියක් නැවත පෘථිවියට ගෙන ඒම සඳහා. 

බෙනුගේ භ්‍රමණය පෙන්වන 1999 ගෝල්ඩ්ස්ටෝන් රේඩාර් ඡායාරූප මාලාව (wikipedia.org)

බෙනූ

බෙනූ කියන්නෙ අඳුරු ග්‍රහකයක්. බෙනූගේ විශ්කම්භය මීටර් 500ක් විතර වගේ වෙන්නේ. එදා මෙදා තුර අභ්‍යවකාශ යානයක් කක්ෂගත වෙච්ච කුඩාම වස්තුව තමයි බෙනූ කියන්නෙ. බෙනූට යන්න කලින් ඉදල විද්‍යාඥයා දැනගෙන හිටියා එය වැලි වගේ සියුම් ද්‍රව්‍ය වලින් සමන්විත ග්‍රහකයක් කියලා. OSIRIS-REx යානය සතු අදොරක්ත වර්ණාවලීක්ෂය මගින් මෙම දත්ත සනාථ කළ අතර, විද්‍යාඥයින් මෙම ග්‍රහ වස්තුවේ සුමට මතුපිටක් අපේක්ෂා කළා. එහෙත් බෙනූගේ පළමු සමීප දසුන් විද්‍යාඥයන් තුළ ජනිත කළේ විශාල පුදුමයක්. සුමට මතුපිටක් බලාපොරොත්තු වූ විද්‍යාඥයින්ට ඒ වෙනුවට ලැබී තිබුණේ, ගල් පර්වත ආධිපත්‍ය දරන විශාල ගල්තලාවක්. OSIRIS-REx වෙතින් ලබාගත් මෙම ඡායාරූප එහි ලේසර් ඇල්ටිමෙට්‍රි දත්ත සමග ඒකාබද්ධ කිරීමෙන් විද්‍යාඥයින්ට බෙනූගේ භූමි ප්‍රදේශය සජීවීව  දැකගන්නට හැකියාව ලැබුනා. දැන් ඔබ බලන්න යන්නෙ ඒ භූමි ප්‍රදේශය.

සළකුණු

බෙනූ තුල පළමු නැවතුම වෙන්නෙ සිමර්ග් සැක්සම් කියන ගල් කන්ද. මෙම ගල් කන්ද තමයිකන්ද තමයි බෙනූගේ මධ්‍ය රේඛාව විදිහට ක්‍රියා කරන්නේ. ඒ හරහා තමයි මේ බෙනූ ග්‍රහකයේ ඛණ්ඩාංක පද්ධතියෙ පදනම වැටිල තියෙන්නෙ. සිමර්ග් කියලා කියන්නේ පර්සියානු පුරාවෘත්ත වල ඉන්න විශාල සහ කරුණාවන්ත වගේම මහා දැනුම් සම්භාරයක් තියෙන කුරුල්ලෙක්. සැක්සම් කියලා කියන්නේ ලතින් බසින් ගල් කියන එක. 

2018 දෙසැම්බරයේ OSIRIS-REx විසින් නිරූපණය කරන ලද Bennu. (wikipedia.org)

මේ විදියට නම හැදුනු සිමර්ග් සැක්සම් ගල් කන්දට ඊසාන දෙසින් තමයි බෙනූගෙ විශාලතම ගල් පර්වතය “රොක් සැක්සම්” පිහිටලා තියෙන්නෙ. මේ රොක් සැක්සම් කියන්නේ අඩි තුන්සියයකට වඩා දිගින් යුතු පාපන්දු පිටියක් තරම් ගල් පර්වතයක්. අතීතයේ නාවිකයන් විසින් චුම්භක මාලිමා සඳහා භාවිත කල මැග්නෙටයිට් කියලා යකඩ ඔක්සයිඩ් වර්ගයකින් මේ ගල්පර්වතය සමන්විත වෙනවා. පුරාණ අරාබි ජනප්‍රවාද වලට අනුව රොක් කියන්නෙ නියපොතුවලින් අලියන් වගේ සද්දන්ත සතුන්ව අල්ලගන්න පුළුවන්, ඒ වගේම අතරමං වෙච්ච සින්බෑඩ් වගේ නාවිකයන් වත් අල්ලගත්තු විශාල පක්ෂියෙක්. 

තව දුරටත් ඊසාන දෙසින්, බෙනූගේ සමකයට ඉහලින් තමයි ගාර්ගොයිල් සැක්සම් කියන කන්ද තියෙන්න. මිනිසකුගේ ප්‍රමාණය ඇති මෙම ගල් පර්වතය බෙනූගේ අඳුරුම ස්ථාන වලින් එකක්. මධ්‍ය කාලීන පුරාවෘත්තයන්ට අනුව ගාර්ගොයිල් කියන්නේ මකරෙක් වගේ ගිණි පිඹින්න පුළුවන්, පිහාටු තියෙන, දෙව්මැදුරු නපුරු ආත්මයන්ගෙන් ආරක්ෂා කළ සතෙක්.

බෙනූ තුල ඊලඟ ගමනාන්තයට නැගෙනහිරට යන්න වෙනවා.එතන කුඩා ආවටයක උතුරු කෙළවරේ අඩි 33ක් පමණ විශ්කම්භය තියෙන සාපේක්ෂව දීප්තිමත් ගල් තලාවක් වන ඕසිපිටි සැක්සම් පිහිටලා තියෙනවා. මේ ඕසිපිටි සැක්සන් පිහිටලා තිබෙන්නේ 2019 වර්ෂයේ මුල් භාගයේ දී බෙනූ ග්‍රහකය විසින් කුඩා අංශු අභ්‍යාවකාශයට මුදා හරිනවා කියලා හඳුනාගත්ත ස්ථාන තුනෙන් එකක් අසල. මෙම සිද්ධිය බෙනූගේ ගතික හා පරිණාමය පිළිබඳව ස්වභාවය විදහා දක්වනවා. ඕසිපිටි කියන්නේ ග්‍රීක පුරාවෘත්ත වල එන ප්‍රධාන  විණා වයන්නන් තුන් දෙනාගෙන් එක් අයෙක්. ඔවුන් ප්‍රසිද්ධ වෙන්නේ දුෂ්ට පුද්ගලයන් පෘථිවියෙන් ඉවතට ගෙන යෑම සඳහා.

පුරාණ ඊජිප්තුවේ මැවීමේ කතාවලදී විශ්වය ආරම්භ වුණේ නිමක් නැති, හැඩයක් නැති ජල විස්ථාරණයක් විදියට. මේ ප්‍රාථමික මුහුදෙන් මතුවෙනව පස් කන්දක් පස් කන්දක්. ඒ තමයි බෙන් බෙන් කියන කන්ද. ඒටම් කියන දෙවියන් බෙනූ කියන කුරුල්ලගේ ස්වරූපයෙන් ඇවිල්ලා එහි සියලු මැවීම් කලා. මේ ඊජිප්තු කථාව, අපේ කථා නායක බෙනූ ග්‍රහයාගෙ උසම ගල් පර්වථයට නමක් සපයනවා. අඩි 70 කට හැත්තෑවකට වඩා දිගට විහිදෙන බෙන්බෙන් සැක්සම් කොතරම උසද කියනවා නම් බෙනූගේ පෘථිවියෙ ඉඳල සොයාගත්ත ප්‍රථම කඳුගැටය මෙය තමයි. 

IAU-නම් කරන ලද මතුපිට ලක්ෂණ ඇති ස්ථාන පෙන්වන Bennu හි සිතියම (wikipedia.org)

ගල් පර්වතය

අවසාන වශයෙන් බෙනූගේ දකුණු අර්ධගෝලය පුරා විසිරී ඇති සුවිශේෂී දීප්තිමත් ගල් පර්වතයක් වෙත යොමු වෙමු. මේ පාෂාණයේ තියෙනවා කියලා දැනට සොයාගෙන තියෙනවා pyroxene කියන ඛණිජය. නමුත් මෙය ඛනිජය දෙනු තුළ ඇති වීමට හැකියාවක් නැහැ. මෙම පාෂාණ බොහෝදුරට ආරම්භ වෙන්නට ඇති කියලා තාරකා විද්‍යාඥයන් සිතන්නේ වෙස්ටා කියන ග්‍රහකය මත වන අතරම, ඒවා උල්කාපාතා බලපෑම් මගින් මේවා බෙනූගේ පෘෂ්ඨයට ලැබෙන්නට ඇතැයි කියලා ඔවුන් හිතනවා.

ප්‍රමාණයෙන් කුඩා වුණත් වුණත් වෙන්වූ ග්‍රහකය බොහෝ සිත් ඇදගන්නා සුළු ග්‍රහකයක් බවට ඔප්පු වෙලා තියෙනවා විතරක් නෙමෙයි තාරකා විද්‍යාඥයන් තුල බෙනූගේ භූගෝලීය ලක්ශණ පිළිබඳව තිබුනු අදහස් වෙනස් කරන්නටත් බෙනූගේ සංයුතිය, පරිණාමය සහ සෞරග්‍රහ සෞරග්‍රහමණ්ඩලයේ මූලාරම්භයේ සිට එහි ඉපැරණි මතකයන් අනාවරණය කර ගැනීමටත් මේ ඔසිරිස් රෙක්ස් මෙහෙයුම නිසා පුලුවන් වෙලා තියෙනව. 

FAQ

බෙනූගේ විශාලත්වය කොහොමද

විශ්කම්භය මීටර් 500ක් විතර වගේ වෙනවා

මේක සොයාගත්තේ කවදද

1999 සැප්තැම්බර් 11

Source :

NASA Goddard : Tour of Asteroid Bennu
NASA Goddard : OSIRIS-REx Touches Asteroid Bennu
Nasa.gov
https://www.asteroidmission.org

spot_imgspot_img

Subscribe

Related articles

අභ්‍යවකාශ ඡායාරූප: උතුරු ඇමරිකාවේ ලැව්ගිනි දුමාරය ගිනිකඳු වසා ගනී! 🌋

අභ්‍යවකාශ ඡායාරූප මගින් උතුරු ඇමරිකාවේ ලැව්ගිනි දුමාරය පැසිෆික් වයඹ දිග ගිනිකඳු වසා ගන්නා ආකාරය නිරීක්ෂණය කෙරේ. අභ්‍යවකාශයේ සිට පෘථිවියේ දසුන් මෙන්න.

Will the new moon race turn Earth’s nearest neighbor into a dumping ground?

🚀 සඳ මතට යෑම තරඟයක් වෙද්දී... අපේ අසල්වැසියා 'කුණු...

නොවැම්බර් තරු අහස: 2025 දී අනිවාර්යයෙන්ම බලන්න ඕන සිදුවීම්!

2025 නොවැම්බර් මාසය අභ්‍යවකාශයට ආදරය කරන ඔබට නම් මඟහරින්න...

අඟහරුට මාස ගණන් නෑ! දවස් 30න් යන්න රුසියාවෙන් ප්ලාස්මා රොකට් එන්ජිමක්

අභ්‍යවකාශ ගමන් ගැන අලුතෙන්ම කතාබහට ලක්වෙලා තියෙන්නේ රුසියාවෙන් එන ආන්දෝලනාත්මක පුවතක්. ඒ තමයි, ඔවුන් විසින් නිපදවූ ප්ලාස්මා රොකට් එන්ජින් (Plasma Rocket Engine) මඟින්, අඟහරු ග්‍රහයා වෙතට යන ගමන මාස 7-9ක කාලයකින් දවස් 30ක් වැනි කෙටි කාලයකට අඩු කරන්න පුළුවන් කියන එක.

අභ්‍යවකාශයේ අමුත්තා: C/2025 A6 (Lemmon) ධූමකේතුව

තාරකා විද්‍යා ලෝලීන්ට මේ ඔක්තෝබර් මාසයේ අහස දෙස බලා සිටීමට අපූරු හේතුවක් ලැබී තිබේ. ඒ, දීප්තිමත් ලෙස බැබළෙන C/2025 A6 (Lemmon) ධූමකේතුව යි. මුලින් අපේක්ෂා කළාට වඩා බොහෝ සෙයින් දීප්තිමත් වී ඇති මෙම වල්ගා තරුව, වසර දහසකටත් අධික කාලයකට පසු අපේ සෞරග්‍රහ මණ්ඩලයට පැමිණෙන "එක ජීවිත කාලයකට වරක්" පමණක් දැකිය හැකි අසිරිමත් දසුනක් වනු ඇත.
spot_imgspot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here