සෞරග්‍රහමණ්ඩලයේ යෝධ වායු ග්‍රහලෝකය බ්‍රහස්පති ගැන කෙටියෙන්

සෞරග්‍රහ මණ්ඩලයේ උපත සිදු වෙච්ච වසර බිලියන 4.5 කට කලින් කාල වකවානුවේම ප්‍රාථමික තාරකාවලින් උපත ලැබූ බ්‍රහස්පති ග්‍රහලෝකය තමයි සෞරග්‍රහ මණ්ඩලයේ ප්‍රථම ග්‍රහලෝකය.බ්‍රහස්පති නම් කරලා තියෙන්නේ පුරාණ රෝම දෙවිවරුන්ගේ නායකයා නැත්නම් රජතුමාගේ නමින්. එකේ තේරුම වෙන්නේ ශ්‍රේෂ්ඨත්වය කියන එක. බ්‍රහස්පති කියන්නේ සෞරග්‍රහ මණ්ඩලයේ සූර්යාගේ ඉඳලා පස්වැනි ග්‍රහලෝකය වන අතරම මේක තමයි සෞරග්‍රහ සෞරග්‍රහමණ්ඩලයේ තියෙන විශාල ම ග්‍රහලෝකය. රාත්‍රී අහසේ, චන්ද්‍රයා සහ සිකුරුගෙන් පස්සෙ දකින්න පුළුවන් තුන්වෙනි දීප්තිමත්ම වස්තුව වෙන්නේ බ්‍රහස්පති. පෘථිවියේ අර වගේ 11 ගුණයක විතර අරයක් තියන බ්‍රහස්පතිට අනෙක් ග්‍රහලෝක සියල්ලම එකතු කරත් ඊට වඩා දෙගුණයක් විතර ස්කන්ධයක් තියෙනවා.බ්‍රහස්පතිge  මේ ස්කන්ධය හිරුගේ ස්කන්ධයෙන් 1/1047ක් විදියට තමයි සඳහන් වෙන්න. 

බ්‍රහස්පති ග්‍රහයාගේ වලාකුළු පද්ධතිය මාසයක් පුරා ගමන් කළ අයුරු
(1979 දී Voyager 1 flyby අතරතුර ඡායාරූපගත කරන ලදී)

කොහොම වුණත් මේ බ්‍රහස්පතිට, පෘථිවිය සහ අනෙකුත් මුල් ග්‍රහලෝක 3 වගේ නෙමෙයි ඝන මතුපිටක් පිහිටලා නෑ. එයට සාම්ප්‍රදායිකව පිහිටන ඝන හරයක් වත් තියෙන පුළුවන් කමක් නෑ. ඒ වෙනුවට මේ යෝධ ග්‍රහලෝකya පුරාම තියෙන්නෙ හයිඩ්‍රජන් සහ හීලියම් වායුවෙන් පිරුණු ඝන දියර ප්‍රවාහයක් නැත්නම් සාගරයක්. බ්‍රහස්පතිගේ ගෑස් වල සංයුතිය එහි වායුගෝලයෙන් නිරීක්ෂණය කරන්න පුළුවන්. සැතපුම් හතළිස් හතරක් පමණ ඝනකමින් යුත් මේ වායුගෝලය මේ යෝධ ග්‍රහලෝකya හරහා කරකැවෙමින් පවතින කුණාටු වලින් පිරිච්ච එකක්. ඒවායේ වර්ණයන් සුදු කහ දුඹුරු සහ රතු වලින් යුක්ත වන අතර, ඒ හැම එකක්ම එකෙක් ප්‍රදේශයේ විවිධ රසායනික සැකසුම් නිසා ඇතිවෙනව. බ්‍රහස්පතිගේ වඩාත්ම කැපී පෙනෙන ලක්ෂණය වෙන්නේ වන්නේ මීට වසර තුන්සියයකට 300කට පමන කලින් හඳුන ගත්ත අද වෙනකන් නොනැසී පවතින තද රතු දුඹුරු පැහැයෙන් යුත් මහා සුළි කුණාටුව. පෘථවියේ හමන පස් වන කාණ්ඩය සුළි කුණාටුවකටත් වඩා දෙතුන් ගුණයකින් ප්‍රබල මේ කුණාටුවේ සුළඟේ වේගය පැයට සැතපුම්  400 කට වඩා වැඩියි. මෙය සුළි කුණාටුව පිළිබඳ විස්තර අපගේ බ්‍රහස්පතිගේ රතු සලකුණ පිළිබඳ වූ වීඩියෝවෙන් ලබාගන්න පුළුවන්.

බ්‍රහස්පති මත ඇතිවන මේ සුලිකුණාටු වලට සැතපුම් සිය ගණනක්, ඈතින් බ්‍රහස්පති වටේට හඳුනාගත්ත චන්ද්‍රයන් 79 දෙනෙක් සිටිනවා. සෞරග්‍රහ මණ්ඩලයේ තියෙන ග්‍රහලෝක අටෙන් වැඩිම චන්ද්‍රයන් ප්‍රමාණයක් ඉන්නේ බ්‍රහස්පතිට. මේ චන්ද්‍රයන් 79 දෙනාගෙන් වඩාත් විශාල ම චන්ද්‍රයන් හතරදෙනා සොයාගත්තේ වර්ෂ 1610 දී ගැලීලියෝ විසින්. ඒ නිසා ඒ හතර දෙනා හඳුනන්නේ හඳුන්වන්නේ ගැලීලියන් උපග්‍රහයන් විදිහට. මේ හතර දෙනා නම් වශයෙන් කිව්වොත් ගැනිමීඩ්, ආයෝ, කැලිස්ටෝ සහ යුරෝපා. මේ අතරින් අයෝ කියන්නේ වඩාත්ම ගිනි කඳු සක්‍රිය  උපග්‍රහයා. සෞරග්‍රහ මණ්ඩලයේ  චන්ද්‍රයන් ගෙන් විශාලම චන්ද්‍රයා වෙන්නෙත් ගැනිමීඩ්. මේ ගැනිමීඩ් බුධ ග්‍රහයා ටත් වඩා තරමක් විශාලයි. ගැනිමීඩ්, කැලිස්ටෝ සහ යුරෝපා කියන චන්ද්‍රයන්ගේ පෘෂ්ඨයට යටින්, දියර-ජල සාගර අඩංගු වෙන්න පුළුවන් කියලා තාරකා විද්‍යාඥයෝ අතර මතයක් තියෙනව.

බ්‍රහස්පති ග්‍රහයාගේ භ්‍රමණය සහ චන්ද්‍රයන්ගේ කක්ෂ චලිතය පෙන්වන, පැය 3 ක ඡායාරූප එක්කොට තැනුනු වීඩියෝව

බ්‍රහස්පතිගේ සංඛ්‍යාත්මක දත්ත පිළිබඳව අපි අවධානය යොමු කළොත්, බ්‍රහස්පතිගේ aphelion අගය එහෙමත් නැත්නම් හිරුට තියෙන දුරම අගය වෙන්නේ කිලෝමීටර මිලියන 817ක්. හිරුට බ්‍රහස්පති ආසනම වන අවස්ථාවේදී නැත්නම් perihelion අගය වෙන්නේ කිලෝමීටර මිලියන 740ක්. බ්‍රහස්පතිගේ මීලඟ perihelion අවස්ථාව ඒ කියන්නෙ හිරුට ආසන්නම වන අවස්ථාව එළැඹෙන්නේ වර්ෂ 2023 ජනවාරි මාසේ 21 වෙනිදා. කිලෝමීටර 69,900කට වැඩි අරයක් තියෙන බ්‍රහස්පතිගේ මතුපිට පෘෂ්ඨ ප්‍රමාණය සඳහන් වෙන්නේ වර්ග කිලෝමීටර බිලියන 61කට වැඩි අගයක් විදියට. එම අගය පෘථිවියේ පෘශ්ඨ ප්‍රමාණය වගේ 120 ගුණයක් පමණ වනවා. සෑම පැය 9.9 ක ට වරක්  තමන් වටා භ්‍රමණය වන බ්‍රහස්පති සෑම වසර 11.86 කදීම හිරු වටා එක් පරිබ්‍රමණයක් සම්පූර්ණ කරනවා. බ්‍රහස්පතිගේ පරිභ්‍රමණ වේගය වෙන්නේ තත්පරයට කිලෝමීටර 12.6ක් නැත්නම් පැයට කිලෝමීටර 45,000ක්. බ්‍රහස්පතිගේ වායුගෝලයේ සංයුතිය අනුව 89%ක්  තියෙන්නෙ හයිඩ්‍රජන්, 10%ක් තියෙන්නෙ  හීලියම්. ඊට අමතරව මෙතේන්, ඇමෝනියා සහ ඊතේන් වගේ වායූන් තියනවා. බ්‍රහස්පතිට මේ වෙනකොට හඳුනාගත්ත චන්ද්‍රයන් නැත්නම් උප ග්රහයන් 79 දෙනෙක් සිටිනවා.

බ්‍රහස්පතිට මෙතරම් විශාල චන්ද්‍රයන් ප්‍රමාණයක් සිටින්නේ බ්‍රහස්පති ඉතාම විශාල නිසා සහ බ්‍රහස්පති මතින් එම චන්ද්‍රයන් මත යෙදෙන ගුරුත්වාකර්ෂණ බලය නිසා. මේ ඇදහිය නොහැකි ගුරුත්වාකර්ෂණය අනෙකුත් ග්‍රහලෝක හතේ ප්‍රමාණයටත් බලපානවා. සෞරග්‍රහ මණ්ඩලයේ මුල් අවධියේ දී බ්‍රහස්පති ග්‍රහයා නිර්මාණය වූයේ සෞරග්‍රහ මණ්ඩලයේ මුල්ම ග්‍රහලෝකය විදිහට උනත් අනෙකුත් ග්‍රහලෝක ප්‍රමාණයෙන් වැඩි වීමට උපකාරී වන අභ්‍යවකාශ අපද්‍රව්‍ය නැත්නම් නෙබියුලාවෙ ශේෂ වෙච්ච දූවිලි වගේ දේවල් ආකර්ෂණය කරලා බ්‍රහස්පති මුල් කාලෙදි විනාශ කරලා දාලා තියෙනවා. 

තාරකා විද්‍යාඥයන්ගේ අධ්‍යනයන් වලින් ඔවුන් තේරුම් අරන් තියෙනවා බ්‍රහස්පති කියලා කියන්නේ සූර්යයා වගේ තරුවක් වෙන්න පුළුවන් වස්තුවක් වුණත්, අවශ්‍ය කරන ශක්තිය පිහිටා නොතිබීම නිසා ග්‍රහලෝකයක් වූ  වස්තුවක් කියලා. බ්‍රහස්පති තුළ පිහිටා ඇති මෙම අතිවිශාල ගුරුත්වාකර්ෂණ බලය නිසා පෘථිවිය වගේ අනෙකුත් ග්‍රහලෝක මතට කඩාගෙන වැටෙන්න පුළුවන් ඇතැම් වල්ගාතරු, ග්‍රාහක වගේ දේවල් බ්‍රහස්පති තමන් වෙත නිරන්තරයෙන් ඇදගන්න නිසා අද වන විට සෞරග්‍රහ මණ්ඩලයේ අනෙකුත් ග්‍රහලෝක ආරක්ෂා කරගන්නා පලිහක් වගේ මේ බ්‍රහස්පති කටයුතු කරනවා.

Source :
National Geographic : Jupiter 101 | National Geographic

spot_imgspot_img

Subscribe

Related articles

නොවැම්බර් තරු අහස: 2025 දී අනිවාර්යයෙන්ම බලන්න ඕන සිදුවීම්!

2025 නොවැම්බර් මාසය අභ්‍යවකාශයට ආදරය කරන ඔබට නම් මඟහරින්න...

අඟහරුට මාස ගණන් නෑ! දවස් 30න් යන්න රුසියාවෙන් ප්ලාස්මා රොකට් එන්ජිමක්

අභ්‍යවකාශ ගමන් ගැන අලුතෙන්ම කතාබහට ලක්වෙලා තියෙන්නේ රුසියාවෙන් එන ආන්දෝලනාත්මක පුවතක්. ඒ තමයි, ඔවුන් විසින් නිපදවූ ප්ලාස්මා රොකට් එන්ජින් (Plasma Rocket Engine) මඟින්, අඟහරු ග්‍රහයා වෙතට යන ගමන මාස 7-9ක කාලයකින් දවස් 30ක් වැනි කෙටි කාලයකට අඩු කරන්න පුළුවන් කියන එක.

අභ්‍යවකාශයේ අමුත්තා: C/2025 A6 (Lemmon) ධූමකේතුව

තාරකා විද්‍යා ලෝලීන්ට මේ ඔක්තෝබර් මාසයේ අහස දෙස බලා සිටීමට අපූරු හේතුවක් ලැබී තිබේ. ඒ, දීප්තිමත් ලෙස බැබළෙන C/2025 A6 (Lemmon) ධූමකේතුව යි. මුලින් අපේක්ෂා කළාට වඩා බොහෝ සෙයින් දීප්තිමත් වී ඇති මෙම වල්ගා තරුව, වසර දහසකටත් අධික කාලයකට පසු අපේ සෞරග්‍රහ මණ්ඩලයට පැමිණෙන "එක ජීවිත කාලයකට වරක්" පමණක් දැකිය හැකි අසිරිමත් දසුනක් වනු ඇත.

ග්‍රාහක චන්ද්‍රයන්: අභ්‍යවකාශයේ අත්භූත වස්තූ

විශාල ග්‍රහලෝකවලට චන්ද්‍රයන් සිටිනවා වගේම, සමහර ග්‍රාහකවලටත් ඒවාටම අයිති කුඩා චන්ද්‍රයන් සිටිනවා. මේවා ග්‍රාහක චන්ද්‍රයන් (asteroid moons) ලෙස හැඳින්වෙනවා. සාමාන්‍යයෙන් ග්‍රාහකයක් තවත් ග්‍රාහකයක් හා ගැටීමෙන් පසුව ඇතිවන සුන්බුන් කොටස්, මව් ග්‍රාහකයේ ගුරුත්වාකර්ෂණ බලයට හසුවීම නිසා මේ කුඩා චන්ද්‍රයන් නිර්මාණය වෙනවා. සමහර වෙලාවට එක ග්‍රාහකයකට චන්ද්‍රයන් එකකට වඩා වැඩි ගණනක් පවා තිබෙන්න පුළුවන්. මේ චන්ද්‍රයන්, මව් ග්‍රාහකය වටා ගමන් කරන්නේ පුදුම සහගත ආකාරයටයි. ඒවා නියමිත කක්ෂයකට වඩා, එකට එකතු වී අභ්‍යවකාශය හරහා ගමන් කරන අමුතුම යුගල ලෙස හැසිරෙනවා. මෙයට හොඳම උදාහරණයක් තමයි ඉඩා (Ida) සහ එහි කුඩා චන්ද්‍රයා වන ඩැක්ටිල් (Dactyl). නාසා ආයතනයේ ගැලීලියෝ අභ්‍යවකාශ යානය විසින් සොයාගත් මෙම ග්‍රාහක-චන්ද්‍ර යුගලය, මේ ආකාරයේ පද්ධතියක් ගැන විද්‍යාඥයන්ට මුලින්ම අවබෝධයක් ලබා දුන්නා.

2024 YR4 උල්කාපාතය පෘථිවිය මත බලපෑමෙන් වෙන්න පුළුවන් නරකම දේවල්

2024 YR4 ග්‍රහකය 2032 දෙසැම්බර් 22 වන දින පෘථිවිය හා ගැටෙන්නේ නම්, එහි ප්‍රමාණය, වේගය, ඇතුල් වීමේ කෝණය සහ බලපෑමේ ස්ථානය ඇතුළු සාධක කිහිපයක් මත බලපෑමේ බරපතලකම රඳා පවතිනවා. වත්මන් ඇස්තමේන්තු මත පදනම්ව නරකම අවස්ථාව ගවේෂණය කළොත්...
spot_imgspot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here