Table of Contents
විශ්වය පුරා මේ දක්වා සොයාගත් ග්‍රහලෝක, උපග්‍රහයන් ග්‍රාහක සහ තාරකා බොහෝ දුරට ස්වභාවයෙන් ගෝලාකාර ස්වරූපයක් ගන්නවා. මන්දාකිණි සහ ග්‍රහ මණ්ඩල බොහෝදුරට වළලු හැඩැති සහ පැතලි නමුත් ඒවාට අමතරව මෙම අනුපිළිවෙලට නොගැලපෙන ආකාර සහිත ග්‍රහලෝක, උපග්‍රහයන්, තාරකා, ග්‍රහ පද්ධති සහ මන්දාකිණි පවා දැකගන්නටත් පුලුවන්. අඟහරහරුගේ ෆෝබේස් උපග්‍රහයා නැත්තං චන්ද්‍රයා සහ සෙනසුරුගේ ප්‍රොමිතියස් කියන චන්ද්‍රයා තියෙන්නේ ගෝගෝලාකාර ස්වභාවයකට නම් නෙමෙයි. ඊට අමතරව අඟහරු සහ බ්‍රහස්පති අතර පවතින ග්‍රාහක පටියේ තියෙන සෙරස් කියන වාමන ග්‍රහලෝකය ගෝගෝලාකාර ස්වරූපයක් ගන්නා අතර ම එම තීරයෙ ම පවතින වෙස්ටා කියන ග්‍රාහකයත් හැඩයෙන් අක්‍රමවත් වනවා.

අපේ අද මාතෘකාව,
ඇයි මේ ග්‍රහලෝක බොහෝමයක් ගෝගෝලාකාර ?
සරලවම කියනවා නම් ග්‍රහලෝකයක් ගෝලාකාර ස්වරූපයක් ගන්න ප්‍රධානතම හේතුව තමයි ග්‍රහලෝකයේ පවතින ගුරුත්වාකර්ෂණ බලය. ග්‍රහලෝකයක පවතින ගුරුත්වාකර්ෂණ බලය නිසා එහි පෘෂ්ඨය සෑම දිශාවකින්ම එකම ආකාරයේ ආතතියකට ලක් වෙනවා. හරියටම කියනවා නම් බයිසිකලයක spoke වලින් බයිසිකලයේ රිම් එක hub එකට ඇදලා තියාගන්නවා වගේ. මේ සංසිද්ධියේ අවසාන ප්‍රතිඵලය වෙන්නේ කොයි පැත්තකින් මේ වස්තුව දිහා බැලුවත් ගෝලයක් වගේ පේන එක.

ග්‍රහලෝක උපත ලබන්නේ තාරකාවක් වටා කක්ෂ ගත වන වායු සහ දුහුවිලි වල විසුරුණු අංශු එකට එකතුවෙලා. ගුරුත්වාකර්ෂණ බලය හේතුවෙන් අංශු එකිනෙක ආකර්ෂණය වෙලා සියළුම අංශු නැත්නම් ද්‍රව්‍ය ඔවුන්ගේ මාර්ගයට එකතු වෙලා ඉතා විශාල පොකුරු සෑදෙනවා. අංශු ගැටෙන විට ඒවා රත්වී ද්‍රව සාදන අතර ගුරුත්වාකර්ෂණ බලය විසින් එය ග්‍රහලෝකයේ මධ්‍යයට ඇද දමනවා. ගුරුත්වාකර්ෂණය සෑම දිශාවකින්ම පදාර්ථය වෙත එක හා සමානව ඇද ගන්නා බැවින් උණු වූ ද්‍රව, ඝනකයක් හෝ වෙනත් ආකාරයක හැඩයකක් ගන්නෙ නැතුව ගෝලයක් සෑදෙනවා. ග්‍රහලෝක ගෝලාකාර වෙන්නේ මේ නිසා.
අපේ සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක 8 විවිධ ආකාර වලින් වෙනස් වෙනවා. ඒවා ප්‍රමාණවලින් වෙනස් වනවා. සුර්යයාගේ සිට තියෙන දුර අනුව වෙනස් වනවා. සමහර ඒවා කුඩා, පාෂාණමය මතුපිටක් තියෙන අතර සමහර ඒවා විශාල හා වායුමය මතුපිටක් තිබෙනවා. නමුත් ඒවා සියල්ලම ඉතා අලංකාර සහ ගෝලාකාර වනවා. පොදුවේ ගත්තොත් ඒවා සියල්ලම රවුම්, නැත්නම් ගෝලාකාරයි. ඒවායේ සංයුතිය වායු හෝ පාෂාණයකින් සෑදී තිබුනත් තිබුණත් ඒවායේ හැඩය රවුම් හෝ වෘත්තාකාර හෝ ගෝලාකාර ස්වභාවයක් ගන්නවා. මේ වන විට පෘථිවියේ තාරකා විද්‍යාඥයන් සොයාගෙන තියෙන ග්‍රහලෝක හාරදාහක් පමණ තිබෙන අතරම, ඒ සියල්ලටම මේ සංසිද්ධිය පොදු වනවා.
ඇයි මේ ග්‍රහලෝක එක්කෝ කියුබ් එකක් වගේ එහෙම නැත්නම් පිරමිඩයක් වගේ අක්‍රමවත් හැඩයක් වෙන්නේ නැත්තේ ????
ජාත්‍යන්තර තාරකා විද්‍යා සංගමය විසින් මෑතකදී ග්‍රහලෝකයක් යන්න නිර්වචන කළා. ඒකට අනුව පහත කාරණා තුන මේ ග්‍රහලෝකයක් විසින් සපුරාලිය යුතු යි.
- මේ වස්තුව සූර්යයා, ඒ කියන්නේ ස්වකීය තාරකාව වටා කක්ෂයක පවතින්න ඕනේ.
- මෙමගින් ඇතිවන ගුරුත්වාකර්ෂණ බලය මැඩපවත්වා ගැනීම සඳහා ප්‍රමාණවත් ස්කන්ධයක් තිබිය යුතුයි. මෙමඟින් ග්‍රහලෝකය ද්‍රවස්ථිතික සමතුලිතතාවක් ඇතිකර ගන්නවා.
- තමන්ගෙ කක්ෂය වෙනත් ග්‍රහක හෝ ග්‍රහලෝක සමග බෙදා නොගත යුතුය.
- ඉහත කියපු 1 සහ 2 කියන කාරණා සම්පූර්ණ කරන, එහෙත් 3වන කාරණාව සම්පූර්ණ නොකරන ග්‍රහලෝක හඳුන්වන්නේ, වාමන ග්‍රහලෝක විදිහට. මේ ගැන අපේ වාමන ග්‍රහලෝක පිළිබඳ වීඩියෝවේදී අපි කතා කරලා තියෙනවා.

අපි කලින් කිව්වා වගේම ග්‍රහලෝක සෑදෙන්නේ අභ්‍යවකාශයේ ඇති ද්‍රව්‍ය එකට ගැසීමට පටන් ගන්නා විට. ඒ කියන්නේ පෘථිවියත් එක්ක බලනකොට, අපි ජීවත්වෙන සෞරග්‍රහ මණ්ඩලයේ ආරම්භය කියලා දැනට සොයාගෙන තියෙන මීට අවුරුදු බිලියන 6 කට හමාරකට විතර කලින් තමයි මේ ග්‍රහලෝක නිර්මාණය වෙන්නට පටන් ගන්නේ. මේ විදියට කාලයත් එක්ක සෑදෙන ග්‍රහලෝකය ප්‍රමාණවත් තරම් විශාල වූ විට එය කක්ෂගතව තාරකා වටා ගමන් කරන මාර්ගය පැහැදිලි කර ගැනීමට පටන් ගන්නවා. ඒ කියන්නේ ඒ ග්‍රහලෝකය ගමන් ගන්න මාර්ගයේ තියෙන අනෙකුත් බාධක ඉවත් කිරීමට පටන් ගන්නවා.
මේ සඳහා මේ ග්‍රහලෝකය භාවිතා කරනවා තමන්ගේ තියෙන ගුරුත්වාකර්ෂණ බලය. ඒ හරහා මේ ග්‍රහලෝකයට ආසන්නයෙන් ගමන් කරන කුඩා කුඩා ග්‍රාහක වගේ දේවල් තමන් වෙතට ඇද ගෙන මාර්ගය එළිපෙහෙළි කර ගන්නවා. මෙකී ගුරුත්වාකර්ෂණ බලය නිසා ග්‍රහලෝකය සමස්ත හැඩය ත්‍රිමාණ ගෝලයක් බවට පත් කරනවා. මේ ආකාරයට අපේ සෞරග්‍රහ මණ්ඩලයේ තියෙන සියලුම ග්‍රහලෝක ගෝලාකාර වන අතරම සමහර ඒවා අනෙක් ඒවාට වඩා පරිපූර්ණ ගෝලාකාර වනවා. උදාහරණයක් විදියට ගත්තොත් සෞරග්‍රහ මන්ඩලයේ සූර්යයාට ආසන්නයෙන්ම තියෙන බුද සහ සිකුරු කියන්නේ අනිත්ග්‍රහලෝක 6 ට ම වඩා පරිපූර්ණ ගෝලාකාර ස්වභාවයක් තියෙන ග්‍රහලෝක දෙකක්.
ග්‍රහලෝක ගෝලාකාර වුනත් බොහෝ ග්‍රහක ගෝලාකාර නොවන්නේ ඇයි?
අභ්‍යවකාශ වස්තුවක හැඩය එහි ස්කන්ධය මත රඳා පවතිනවා. එය විශාල වන තරමට එහි ගුරුත්වාකර්ෂණය විසින් එය වඩාත් ගෝලාකාර ස්වරූපයකට ඇද දමනවා. ග්‍රහක ග්‍රහලෝකවලට වඩා කුඩා වන අතර ඒවායේ ගුරුත්වාකර්ෂණ බලය ඒවා සුමට කිරීමට නොහැකි තරම් දුර්වල තත්ත්වයක පවතිනවා. කොහොම උනත්, ඔබට ග්‍රහක වලින් වාමන ග්‍රහලෝක වෙන්කොට හඳුනාගත හැක්කේ මේ ආකාරයටය.

සඳ ගෝලාකාර වන්නේ ඇයි?

අපගේ ස්වාභාවික චන්ද්‍රිකාව නැත්නම් චන්ද්‍රයා ගෝලාකාර වන්නේ එය විශාල වන අතම ගෝලාකාරව සිටීමට ප්‍රමාණවත් ගුරුත්වාකර්ෂණයක් ඇති බැවිනි. ගැලීලියානු චන්ද්‍රයන් වන Io, Europa, Ganymede සහ Callisto ද එම හේතුව නිසා ගෝලාකාර ය. කෙසේ වෙතත්, චන්ද්‍රයන්ට අක්‍රමවත් හැඩයන් තිබෙන්නට පුළුවන්. උදාහරණයක් ලෙස, අඟහරු චන්ද්‍රයන් වන Phobos සහ Deimos කුඩා බැවින් ග්‍රහක වලට සමාන වන අතර ඒවායේ ගුරුත්වාකර්ෂණය ඒවා ගෝලාකාර කිරීමට ප්‍රමාණවත් වෙන්නෙ නැහැ.
ඒවගෙම තමයි, සමහර ග්‍රහලෝක එතරම් පරිපූර්ණ සහ ගෝලාකාර ආකාරයක් වෙන්නේ නැහැ. අපි දන්නවා සෙනසුරුගෙ සහ බ්‍රහස්පති මධ්‍යයේ තරමක් ඝන ස්වභාවයක් තිබුණත් ඔවුන් වායු ග්‍රහලෝක. ඔවුන් සූර්යයා වටා භ්‍රමණය වෙනකොට ඔවුන්ගේ සමකය දිගේ යම්කිසි පිටතට නෙරීමක් දිස්වනවා. එනිසාම මෙය ග්‍රහලෝක පරිපූර්ණ ගෝලාකාර ස්වභාවයක් උසුලන්නේ නැහැ. එහෙම වෙන්නෙ ඇයි?
අපේ ග්‍රහලෝක හැඩයෙන් පරිපූර්ණ නැහැ. හේතුව නම්, ඔවුන් අභ්‍යවකාශයේ නිශ්චලව නොසිට ඔවුන්ගේ අක්ෂය වටා භ්‍රමණය වීමයි. කේන්ද්‍රාපසාරී බලය ක්‍රියාත්මක වන්නේ මෙහිදීය . ගුරුත්වාකර්ෂණය මගින් සියල්ල අභ්‍යන්තරයට ඇද ගන්නා අතර එය පිටතම ස්කන්ධයයන් ඉවතට තල්ලු කරනවා.
ග්‍රහලෝකයක් භ්‍රමණය වෙනකොට එය පිටත කෙළවරේ ඇති දේවල් පවත්වා ගැනීමට නම් අභ්‍යන්තරයේ ඇති දේට වඩා වේගයෙන් පිටත කෙළවර ගමන් කළ යුතු වෙනවා. මේකට සරලම උදාහරණය විදිහට රෝදයක් එහෙමත් නැත්නම් විදුලි පංකාවක් අපිට ගන්න පුළුවන්. රෝදයක් කරකැවෙන කොට රෝදයේ මායිම, රෝදයේ hub එකට වඩා වේගයකින් කරකැවෙනවා. ග්‍රහලෝකයක සමකය දිගේ, එනම් උතුරු සහ දක්ෂිණ ධ්‍රැව අතර අඩක දුර අරය වන රවුමක පිටත දාරය, ආකර්ෂණය කර ගෙන ඉන්න නමුත් ග්‍රහලෝකය කරකැවෙන කොට යම් යම් ද්‍රව්‍ය එළියට විසි කරනවා.

බයිසිකලයක රෝදයක් කරකැවෙනකොට රෝදයේ ගෑවිලා තියෙන සමහර දේවල් එළියට එලියට විසි වෙනවා ඔබ දැකල ඇති. ග්‍රහලෝකයක වෙන්නෙත් වෙන්නේත් මේකම තමයි ගුරුත්වාකර්ෂණය මගින් අල්ලා ගෙන සිටින්න බැරි දේවල් මේ විදියට එළියට විසි වෙන්න උත්සාහ කරනවා. සෙනසුරු සහ බ්‍රහස්පති සැබවින්ම විශාල වන අතර ඉතා වේගයෙන් භ්‍රමණය වන නමුත් ගුරුත්වාකර්ෂණය මගින් තවමත් ඒවා එකිනෙක ඇද තබා ගැනීමට උත්සාහ කරන නිසා ඒවා මැදින්, එනම් සමකය ආසන්නයෙන් ඉදිරියට නෙරලා වගේ තියෙනවා. මේ සංසිද්ධිය හඳුන්වන්නේ equatorial bulge (ඉක්වටෝරියල් බල්ජ්) එක කියලා.
මෙි ඉක්වටෝරියල් බල්ජ් එක වැඩිම අගයක් ගන්නේ සෙනසුරු ග්‍රහලෝකයේ. සෙනසුරුගෙ සහ බ්‍රහස්පතිගේ ධ්‍රැව අතර දුර ට වඩා සමකය දිගේ දුර වැඩි වෙනවා. මේ ආකාරයේ ගෝල හඳුන්වන්නේ obelt ගෝල කියල. ඒ අනුව ද්‍රැව අතර දුරට වඩා සමක අතර දුර වැඩි වන ග්‍රහලෝක, ඕබ්ලෙට් ගෝලාකාර හැඩයක් ගන්නවා.
වස්තුවක් විශාල වන තරමට එහි ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර විශාල වන අතර ග්‍රහලෝක සාමාන්‍යයෙන් ඉතාමත් විශාල වෙනවා. ග්‍රහලෝකයක ගුරුත්වාකර්ෂණ බලය විසින්, ග්‍රහලෝකයක් ගෝලාකාර කරන්නේ එහි සියලුම ද්‍රව්‍ය කේන්ද්‍රය දෙසට ඇද ගෙන යාමෙන්. කාලයත් සමග එමගින් ග්‍රහලෝකය සුමට කර වඩාත් ගෝලාකාර ගෝලයක් බවට පත් කරනවා. මෙය සෑම දිශාවකටම ඒකාකාරීව සිදුවන බැවින් ගෝලාකාර හැඩයක් නිර්මාණය වෙනවා. ග්‍රාහකයකට අක්‍රමවත් හැඩයක් එන්නේ ඒවායේ ගුරුත්වාකර්ෂණ බලය ඔවුන්ගේ සිරුරේ හැඩය සුමට කිරීමට තරම් ශක්තිමත් නොවීම නිසාය.
කෙසේ වෙතත් ග්‍රහලෝක කියන්නේ පරිපූර්ණ ගෝලාකාර වස්තූන් නෙවෙයි. පෘථිවියේ සමක විශ්කම්භය ධ්‍රැව විෂ්කම්භයට වඩා කිලෝමීටර් හතළිස් තුනක් පමණ විශාල වනවා. මේ හේතුව නිසා චන්ද්‍රිකාවල කක්ෂවලට දීර්ඝ කාලයක් තිස්සේ බාධා ඇති කරනවා. මේ සඳහා හැඩගැසීමට ඒවායේ කක්ෂ ඉතා සුළු වශයෙන් සකස් කිරීම අත්‍යවශ්‍ය වනවා. අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ equatorial bulge එකේ විශාල ම අගය තියෙන්නෙ සෙනසුරුට ඒ කිලෝ මීටර් 11,808ක්. බ්‍රහස්පතිගේ මෙය අගය කිලෝ මීටර 10,175ක්. ඔබ කවද හරි දවසක දුරේක්ෂයකින් මේ ග්‍රහලෝක දෙක දිහා බැලුවොත් බ්‍රහස්පති සහ සෙනසුරු කියන ග්‍රහලෝක දෙකේම ධ්‍රැවාසන්න විෂ්කම්භයට වඩා සමකාසන්න විශ්කම්භය වැඩි බව ඔබට දැක ගැනීමට පවා හැකිවනවා.
FAQ
සෞරග්‍රහමණ්ඩලයේ ගෝලාකාර ම ග්‍රහලෝකය කුමක්ද?
ග්‍රහලෝක පරිපූර්ණ ගෝලාකාර වෙන්නෙ නැහැ. ඔවුන් තමන්ගෙ අක්ෂ වටා කැරකෙන විට, ඒවා ධ්‍රැව අසලදී හැකිලී, සමකය අසලදී වඩා පුළුල් වෙනවා. ග්‍රහලෝකය වේගයෙන් භ්‍රමණය වන තරමට එය ගෝලාකාර ස්වරූපයෙ සිට ඕබ්ලෙට් ගෝලාකාර ස්වරූපයකට වෙනස් වනවා. නමුත්, සිකුරු සහ බුධ වඩාත් ගෝලාකාර ග්‍රහලෝක වන්නේ ඒවා මන්දගාමීව භ්‍රමණය වන නිසාය.
ග්‍රහලෝකවල කක්ෂවල හැඩය කුමක්ද?
විකේන්ද්රික ඉලිප්සවල චලනය වන වල්ගා තරු මෙන් නොව ග්රහලෝකවල ආසන්න වෘත්තාකාර කක්ෂයක් තියෙනවා.
පෘථිවිය ගෝලාකාර බව සොයාගත්තේ කවුද?
ග්‍රීක දාර්ශනික පයිතගරස් (ක්‍රි.පූ. 570-495) විසින් ක්‍රි.පූ. 5 වැනි සියවසේදී පමණ පෘථිවිය ගෝලාකාර බවට අදහසක් හඳුන්වා දුන්නා. නමුත් සත්‍ය සාක්‍ෂි මුලින්ම ඉදිරිපත් කළේ ඇරිස්ටෝටල් (ක්‍රි.පූ. 384-322), ඔහු සඳහන් කළේ පෘථිවිය සඳ මත පතිත වන සෙවනැල්ල මෙන්ම රවුම් බවයි. මෙම න්‍යාය මත පදනම්ව, Eratosthenes ඒරටොස්තීන්ස් (ක්‍රි.පූ. 276-194) කූරු දෙකක් භාවිතයෙන් පෘථිවි වට ප්‍රමාණය ගණනය කළ අතර නවීන විද්‍යාඥයන් පසුකාලීනව නවීන උපකරණ භාවිතයෙන් ලබාගත් සංඛ්‍යාවලට මෙම අගය ඉතා සමීප වුනා.
පෘථිවිය ගෝලාකාර බව ඔප්පු කරන්නේ කෙසේද?
ඔබ ගසකට නැඟීමේදී හෝ අහස උසට නැගුණු ගොඩනැගිල්ලක ඉහළ මාලයට යන විට, ග්‍රහලෝකයේ වක්‍රතාවය නිසා සැඟවී ඇති පෘථිවි පෘශ්ඨය මතැති කොටස් පෙනෙන්නට පටන් ගන්නා නිසා ඔබට දුරින් පිහිටි තවත් වස්තූන් දැකගන්නට පුළුවන්. පෘථිවිය පැතලි නම්, ඔබට ඕනෑම ස්ථානයක සිට පෘතුවියේ කෙළවරට පැහැදිලිව දැකගත හැකි විය යුතු වනවා. පෘථිවිය ගෝලාකාර නිසා අපි ඒ ගැන වැඩිය කතා කරන්න බලාපොරොත්තුවක් නැහැ.
පෘථිවිය පැතලි බව විශ්වාස කරන අය වෙනත් ග්‍රහලෝක ගැන සිතන්නේ කුමක්ද?
ඒක ඉතිං එයාලගෙඅ තමා අහන්න ඕනෙ. 😁
ඔයා එහෙම කෙනෙක් නම්, අපට කියන්න තියෙන්නෙ, “ඇහැරපං මිත්‍රයා” ඔයා අවුරුදු 2000කට කලින් ලෝකෙක ජීවත් වෙන්නෙ කියල තමයි.
සංක්ශිප්තය :
ග්‍රහලෝක ගෝලාකාර වන්නේ ඒවා සෑදෙන විට ගුරුත්වාකර්ෂණය හේතුවෙන් පදාර්ථ කේන්ද්‍රය වටා ඒකාකාරව බෙදී යන බැවිනි. ඒවා පරිපූර්ණ ගෝලාකාර වෙන්නෙ නැහැ. ඒවායින් සමහරක් අනෙක් ඒවාට වඩා ගෝලාකාර ය, නමුත් පොදුවේ ගත් කල, ග්‍රහලෝක වලට ඕබ්ලේට් ගෝලාකාර හැඩයක් ඇත.
Source :
sciBRIGHT
TheSimplySpace
https://spaceplace.nasa.gov/planets-round/en
Starwalk.space