Tiangong නිරීක්ෂණය කරමු

අද තරු අහසින් අරන් ආයෙ පොඩ්ඩක් විතර වෙනස් වීඩියෝවක්. මේ වීඩියෝව ගෙන එන්නෙ ඔබව යම් දෙයක් ගැන දැනුවත් කිරීම සඳහා. අද ඒ කියන්නේ 2022 වර්ෂය වර්ෂයේ සැප්තැම්බර් මාසේ පස්වෙනිදා සවස 6:52 ඉඳලා විනාඩි හතරක පමණ කාලයක් තුළ අහසේ දකුණු පසට වන්නට 2021දී චීනය විසින් දියත් කරපු ටියන්ගොන් අභ්‍යවකාශ මධ්‍යස්ථානය දිස්වෙනවා.

2021 වර්ෂයේ අප්‍රේල් මාසය 29 වැනි දා අභ්‍යවකාශ ගත කරපු මේ  චීන ටියන්ගොන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයට පසුකලකදී තවත් මොඩියුල කිහිපයක් එකතු වුණා. කිලෝග්‍රෑම් 100,000කට ආසන්න ස්කන්ධක් සහිත මීටර 20 ක පළලකින් යුත් මීටර 4.2 ක පමණ විෂ්කම්භයකින් යුතු මේ චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානය අභ්‍යවකාශ මධ්‍යස්ථානය පෘථිවියේ පෘෂ්ඨයේ ඉදලා කිලෝමීටර් 340ත් 450 ත් අතර දුරකින් තමයි කක්ෂ ගත වෙලා තියෙන්නෙ. විනාඩි 92.2 කින් පෘථිවිය වටා එක් වටයක් සම්පූර්ණ කරන මේ අභ්‍යවකාශ මධ්‍යස්ථානය ඒ ගමන යන්නේ තත්පරයට කිලෝමීටර් 7.68 ක පමණ වේගයකින්.

නමුත් අද දවසෙ තියෙන කාලගුණයත් එක්ක මේ අවස්ථාව ඔබට දැක ගැනීමට හැකි වේ ද කියන්න නම් සැක සහිතයි. කොහොම වුණත් අපි විශ්වාස කරනවා සවස් වෙද්දි ලංකාව පවතින මේ කාලගුණ තත්ත්වය වෙනස් වේවි කියලා. එහෙම වුනොත් යම්කිසි විදිහකින් ඔබ මේ අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් නිරීක්ෂණය කළොත් අපිට කියන්න අමතක කරන්න එපා.

Music : Lights – Patrick Patrikios

spot_imgspot_img

Subscribe

Related articles

අභ්‍යවකාශ ඡායාරූප: උතුරු ඇමරිකාවේ ලැව්ගිනි දුමාරය ගිනිකඳු වසා ගනී! 🌋

අභ්‍යවකාශ ඡායාරූප මගින් උතුරු ඇමරිකාවේ ලැව්ගිනි දුමාරය පැසිෆික් වයඹ දිග ගිනිකඳු වසා ගන්නා ආකාරය නිරීක්ෂණය කෙරේ. අභ්‍යවකාශයේ සිට පෘථිවියේ දසුන් මෙන්න.

Will the new moon race turn Earth’s nearest neighbor into a dumping ground?

🚀 සඳ මතට යෑම තරඟයක් වෙද්දී... අපේ අසල්වැසියා 'කුණු...

නොවැම්බර් තරු අහස: 2025 දී අනිවාර්යයෙන්ම බලන්න ඕන සිදුවීම්!

2025 නොවැම්බර් මාසය අභ්‍යවකාශයට ආදරය කරන ඔබට නම් මඟහරින්න...

අඟහරුට මාස ගණන් නෑ! දවස් 30න් යන්න රුසියාවෙන් ප්ලාස්මා රොකට් එන්ජිමක්

අභ්‍යවකාශ ගමන් ගැන අලුතෙන්ම කතාබහට ලක්වෙලා තියෙන්නේ රුසියාවෙන් එන ආන්දෝලනාත්මක පුවතක්. ඒ තමයි, ඔවුන් විසින් නිපදවූ ප්ලාස්මා රොකට් එන්ජින් (Plasma Rocket Engine) මඟින්, අඟහරු ග්‍රහයා වෙතට යන ගමන මාස 7-9ක කාලයකින් දවස් 30ක් වැනි කෙටි කාලයකට අඩු කරන්න පුළුවන් කියන එක.

අභ්‍යවකාශයේ අමුත්තා: C/2025 A6 (Lemmon) ධූමකේතුව

තාරකා විද්‍යා ලෝලීන්ට මේ ඔක්තෝබර් මාසයේ අහස දෙස බලා සිටීමට අපූරු හේතුවක් ලැබී තිබේ. ඒ, දීප්තිමත් ලෙස බැබළෙන C/2025 A6 (Lemmon) ධූමකේතුව යි. මුලින් අපේක්ෂා කළාට වඩා බොහෝ සෙයින් දීප්තිමත් වී ඇති මෙම වල්ගා තරුව, වසර දහසකටත් අධික කාලයකට පසු අපේ සෞරග්‍රහ මණ්ඩලයට පැමිණෙන "එක ජීවිත කාලයකට වරක්" පමණක් දැකිය හැකි අසිරිමත් දසුනක් වනු ඇත.
spot_imgspot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here