ග්‍රාහක පටියේ තොරතුරු සොයන ලුසී සොයාගත්ග්‍රහකයක් වටා කක්ෂගත කුඩා උපග්‍රහය

තාරකා විද්‍යාව කියන්නේ කියන්නෙ හැමදාම අලුත් අලුත් දේවල් සොයා ගන්න පුළුවන් ක්ෂේත්‍රයක්. විද්‍යාව හා තාක්ෂණය කොච්චර දියුණු වුණත් උනත් අපි තාම දන්නේ සෞරග්‍රහ මන්ඩලය ගැන විතරයි. සෞරග්‍රහ මණ්ඩලයේ කුයිපර් පටියෙන් එහා පැත්තට එහාපැත්තට මොන වගේ දෙයක් තියේවිද කියලා කියලා තවම හරියට නිගමනයක් නැහැ. ඊටත් අමතරව මේ විශ්වය පුරා විසිරී පවතින ගණන් කළ නොහැකි තරම් මන්දාකිණිවල සහ එම මන්දාකිණිවල පවතින තාරකා සහ ග්‍රහ පද්ධතීන් ගැන අප තවමත් බොහෝ දේවල් දන්නේ නෑ. කොටින්ම කියනව නං කියනවනං සෞරග්‍රහ මන්ඩලය ගැනත් අපි දන්නේ ඉතාම සීමිත තොරතුරු ප්‍රමාණයක් විතරයි.

අද වීඩියෝව වෙන්වන්නේ අපේ සෞරග්‍රහ මණ්ඩලයේ අපි දන්න මෙකී සීමිත තොරතුරු වලට, මෑතකදී එකතු වෙච්ච අලුත්ම තොරතුර ගැන කියන්න.

මීට කලින් අවස්ථා කිහිපයක දී, අපි ඔබ වෙතට ගෙන ආවා, යම් යම් ග්‍රාහක වටා පිහිටලා තියෙන උප ග්රහයන් ගැන කියවෙන වීඩියෝ සහිත ලිපි. අදත් අපි ඔබට ගෙන එන්නේ ඒ වගේ විස්තර සහිත වීඩියෝවක්. 

ග්‍රාහක පටියේ තොරතුරු සොයන ලුසී

පසුගිය දිනක තාරකා විද්‍යාඥයන් සෞරග්‍රහමණ්ඩලයේ කලින් සොයා නොගත් කුඩා චන්ද්‍රයකු හඳුනාගත්තා. මේ පාෂාණමය වස්තුව පිහිටලා තියෙන්නේ බ්‍රහස්පති ග්‍රහයා අසල කුඩා ග්‍රහකයක් වටා කක්ෂ ගත වෙමින්. සෞරග්‍රහමණ්ඩලයේ විශාලතම ග්‍රහලෝකය, බ්‍රහස්පතිගේ දෙපස පිහිටලා තියෙන අති දැවැන්ත ග්‍රාහක වන ට්‍රෝජන් ග්‍රාහක කිහිපයක් අධ්‍යයනය කිරීම සඳහා සිදුකරන ලද ගවේශනයක් වන lucy මෙහෙයුම අතරතුරදී තමයි තාරකා විද්‍යාඥයන් මේ අපූරු සොයා ගැනීම කරලා තියෙන්නේ.

ලුසී probe එක නාසා ආයතනය විසින් 2021 ඔක්තෝම්බර් 16 වැනි දා දියත් කරන ලද අතර, වර්ෂ 2027 අග භාගයේ දී බ්‍රහස්පති ග්‍රහයාගේ කක්ෂය දෙපස පවතින trojan ග්‍රාහක වෙත පැමිණෙනු ඇති. 2022 වර්ෂයේ මාර්තු 27 වැනිදා lucy  මෙහෙයුමේ එකේ ඉතා කුඩාම ඉලක්කයක් වුනු පොලිමෙල් කියලා හඳුන්වන ට්‍රෝජන් ග්‍රාහකය පසු කර ගිය අතර ඒ අවස්ථාවේදී තාරකා විද්‍යාඥයන්ට මේ ග්‍රහක පිළිබඳව අපූරු තොරතුරු ප්‍රමාණයක් ග්‍රහනය කරගැනීමට හැකියාව ලැබුණා. දත්ත සමාලෝචනය කිරීමේදී තාරකා විද්‍යාඥයන්ට මේ ග්‍රාහකයට ඉතා ආසන්නව තවත් ඉතා කුඩා ග්‍රාහකයක් නිරීක්ෂණය කිරීමට හැකි වූ අතර, එය පෙර කී පොලිමෙල් ග්‍රහකය වටා කක්ෂගත වන බව ද පෙනී ගියා. 

මෙලෙස සොයාගත් නව ග්‍රාහකයේ විෂ්කම්භය සැතපුම් 3ක් නැත්නම් කිලෝමීටර් 5ක් පමණ වූ අතරම එය සැතපුම් 17ක් පමණ පළල පොලිමෙල් ග්‍රාහකයේ සිට කිලෝ මීටර 201ක් නැත්නම් සැතපුම් 125ක් පමණ දුරකින් කක්ෂගත වන බවද සොයා ගැනුණා. මේ අවස්ථාවේදී පොපොලිමෙල් ග්‍රහකය පෘථිවියේ සිට කිලෝමීටර මිලියන 772ක් පමණ එහෙමත් නැත්නම් සැතපුම් මිලියන 480ක් පමණ දුරකින් ස්ථානගත වෙලා තිබුණා.

මේ වන විට සෞරග්‍රහ මණ්ඩලයෙන් හඳුනාගෙන ඇති සමස්ත චන්ද්‍රයන් සංඛ්‍යාව දෙසියයකට වැඩියි. නමුත් ඇත්ත වශයෙන්ම එම සංඛ්‍යාව ඊට වඩා බොහෝ සෙයින් වැඩි වීමට පුළුවන්. තාරකා ර්ක විද්‍යාඥයන්ට දැනට සිදුකරන්නට පුළුවන් වෙන්නේ පොලිමෙල්ගේ චන්ද්‍රයා පිළිබදව තාක්ෂණික නිරීක්ෂණ පමණයි. මේ නිසා එහි කක්ෂය මාර්ගය ඉතා අවිනිශ්චිත වෙනවා. මේ සංසිද්ධියේ ප්‍රතිඵලය වෙන්නේ ග්‍රාහකය තවමත් නිල වශයෙන් චන්ද්‍රයෙකු ලෙස නම් කිරීමට නොහැකි වීමයි.  නමුත් ලුසී ප්‍රෝබ් එක යළිත් පොළී පොලිමෙල් වෙත පැමිණෙන විට, එය සත්‍ය වශයෙන්ම උපග්‍රහයකු ද නැත්නම් වෙනත් ග්‍රහකයක් ද යන වග නිශ්චය කර ගැනීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි තාරකා විද්‍යාඥයන් සතු වනු ඇති.

Goddard Space Flight Center – NASA

https://www-livescience-com

Psychic Magic – Unicorn Heads

spot_imgspot_img

Subscribe

Related articles

අභ්‍යවකාශ ඡායාරූප: උතුරු ඇමරිකාවේ ලැව්ගිනි දුමාරය ගිනිකඳු වසා ගනී! 🌋

අභ්‍යවකාශ ඡායාරූප මගින් උතුරු ඇමරිකාවේ ලැව්ගිනි දුමාරය පැසිෆික් වයඹ දිග ගිනිකඳු වසා ගන්නා ආකාරය නිරීක්ෂණය කෙරේ. අභ්‍යවකාශයේ සිට පෘථිවියේ දසුන් මෙන්න.

Will the new moon race turn Earth’s nearest neighbor into a dumping ground?

🚀 සඳ මතට යෑම තරඟයක් වෙද්දී... අපේ අසල්වැසියා 'කුණු...

නොවැම්බර් තරු අහස: 2025 දී අනිවාර්යයෙන්ම බලන්න ඕන සිදුවීම්!

2025 නොවැම්බර් මාසය අභ්‍යවකාශයට ආදරය කරන ඔබට නම් මඟහරින්න...

අඟහරුට මාස ගණන් නෑ! දවස් 30න් යන්න රුසියාවෙන් ප්ලාස්මා රොකට් එන්ජිමක්

අභ්‍යවකාශ ගමන් ගැන අලුතෙන්ම කතාබහට ලක්වෙලා තියෙන්නේ රුසියාවෙන් එන ආන්දෝලනාත්මක පුවතක්. ඒ තමයි, ඔවුන් විසින් නිපදවූ ප්ලාස්මා රොකට් එන්ජින් (Plasma Rocket Engine) මඟින්, අඟහරු ග්‍රහයා වෙතට යන ගමන මාස 7-9ක කාලයකින් දවස් 30ක් වැනි කෙටි කාලයකට අඩු කරන්න පුළුවන් කියන එක.

අභ්‍යවකාශයේ අමුත්තා: C/2025 A6 (Lemmon) ධූමකේතුව

තාරකා විද්‍යා ලෝලීන්ට මේ ඔක්තෝබර් මාසයේ අහස දෙස බලා සිටීමට අපූරු හේතුවක් ලැබී තිබේ. ඒ, දීප්තිමත් ලෙස බැබළෙන C/2025 A6 (Lemmon) ධූමකේතුව යි. මුලින් අපේක්ෂා කළාට වඩා බොහෝ සෙයින් දීප්තිමත් වී ඇති මෙම වල්ගා තරුව, වසර දහසකටත් අධික කාලයකට පසු අපේ සෞරග්‍රහ මණ්ඩලයට පැමිණෙන "එක ජීවිත කාලයකට වරක්" පමණක් දැකිය හැකි අසිරිමත් දසුනක් වනු ඇත.
spot_imgspot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here