විශ්වයේ මෙතෙක් සොයාගෙන ඇති විශාලම මණ්දාකිණි 10 ගැන ඔබ දන්නවද ?

මන්දාකිණියක් කියන්නේ මොකක්ද, ඒක හැදිල තියෙන්නෙ මොන වගේ දේවල් වලින්ද, විශ්වයේ තව කොපමණ මන්දාකිණි තියෙනවද, මන්දාකිණි වර්ග කීයක් තියෙනවද වගේ විස්තර ඇතුලත් තරු අහස මන්දාකිණි පිළිබඳ වීඩෝව ඔයාලා බලන්න ඇති කියල අපි විශ්වාස කරනව. අද අපි කතා කරන්න යන්නේ දැනටමත් සොයාගෙන තියෙන විශාලම චක්‍රාවාට නැත්නම් මංදාකිණි 10 පිළිබඳව.

  1. NGC 224 (Andromeda චක්‍රාවාටය)

දිග: 220,000 ආලෝක වර්ශ  (67,000 pc)
තියෙන්නෙ Andromeda තාරකා මණ්ඩලයෙ
සොයාගත් අවුරුද්ද 1764
පෘථිවියේ සිට දුර:   2.537 million light years

වර්ශ 1764දී ඇන්ඩ්‍රොමීඩා තාරකා මණ්ඩලයේ තිබිල සොයාගත්ත දිගින් ආලෝක වර්ෂ 220,000ක් පමණ වන මෙයට පෘථිවියේ ඉඳලා දුර වෙන්නේ ආලෝක වර්ෂ මිලියන 2.537ක්.

කවුරුත් හොඳට අහල තියෙන මේ ඇන්ඩ්‍රොමීඩ මංදාකිණිය මෙසියර් 31 කියලත් හඳුන්වනවා. ක්ශීර්පථයට ආසන්නම මන්දාකිණය වන මේකත් සර්පිලාකාර මන්දාකිණියක්. තව අවුරුදු බිලියන 4.5කින් විතර ඇන්ඩ්‍රොමීඩාව සහ ක්ශීරපථය එකට ගැටිල වෙනස්ම ආකාරයේ නව විශාල ඉලිප්සාකාර මන්දාකිණියක් නිර්මාණය කරාවි කියල දැනටමත් තාරකා විද්‍යාඥයන් මත පල කරල තියෙනව.  ඇන්ඩ්‍රොමීඩාවෙ තියෙන තරු ගණන ට්‍රිලියන 1ක් විතර වෙනව කියල තමයි තාරකා විද්‍යාඥයන් කියන්නෙ. ක්ශීරපථයට සාපෙක්ශව නම් ඒ තරු ගණන බෙහෙවින්ම අඩු වෙන්නෙ ක්ශීරපථයේ ඇන්ඩ්‍රොමීඩාවෙ තරම් අඳුරු පදාර්ථ නැති නිසා. 

පෘථිවියේ ඉඳලා ආධාරකයක් නොමැතිව බලන්න පුළුවන් එකම චක්‍රාවාටය වෙන්නෙත් මේ andromeda  චක්‍රාවාටය 

  1. Tadpole Galaxy ටැඩ්පෝල් මංදාකිණිය

Scale: 280,000 ආලෝක වර්ශ  (86,000 pc)
තියෙන්නෙ  Draco ඩ්‍රැකෝ තාරකා මණ්ඩලයෙ
සොයාගත් අවුරුද්ද 1781 
පෘථිවියේ සිට දුර:   400 million light years

ආලෝක වර්ෂ 280,000ක දිගින් යුත්, ඩ්‍රැකෝ කියන තාරකා මණ්ඩලයෙන් 1781 වර්ෂයේදී දුරේක්ෂයක් ආධාරයෙන් සොයාගන්න, පෘථිවියට ආලෝක වර්ෂ මිලියන 400ක් විතර දුරින් තියෙන ටැඩ්පෝල් මන්දාකිණිය.

කඩාකප්පල්කාරී සර්පිලාකාර මන්දාකිනියක් ලෙස වර්ගීකරණය කර ඇති ටැඩ්පෝල් මන්දාකිණියට එහි නම හැදිලා තියෙන්නේ අපූරු ඉස්‌ගෙඩියෙක් වැනි හැඩය නිස. ටැඩ්පෝල් මන්දාකිණියට එහි අද්විතීය හැඩය ලැබුනේ කුඩා මන්දාකිනියක් සමඟ කළකට පෙරදී සිදුවූ ගැටීමකින් බවට විද්‍යාඥයන් විශ්වාස කරනවා. දුර්වල මන්දාකිනියක ද්‍රව්‍ය ටැඩ්පෝල් මන්දාකිණියට අවශෝෂණය කරගෙන වලිග කොටස එමගින් ලැබිලා තියෙනව කියලා තමයි විද්‍යාඥයෝ සැක පහළ කරන්නේ.

විද්‍යාඥයන්ට අනුව මේ tadpole මන්දාකිණිය කාලයත් එක්ක වලිගය නැති වෙලා ගිහිල්ලා සර්පිලාකාර මන්දාකිණියක් බවට පත්වෙනව.  

  1. ESO 444-46

Scale: 402,200 ආලෝක වර්ශ  (123.32 kpc)
තියෙන්නෙ  Centaurus තාරකා මණ්ඩලයෙ
සොයාගත් අවුරුද්ද 1834
පෘථිවියේ සිට දුර:   640 million light years

ආලෝක වර්ෂ 402,200ක් පුරා පැතිරිලා තියෙන Centaurus තාරකා මණ්ඩලයෙ ස්ථානගත වෙලාතියෙන 1864දි සොයාගෙන තියෙන පෘතුවියේ සිට ආලෝක වර්ශ මිලියන 640ක් දුරින් පිහිටි ESO 444-46 කියන මණ්දාකිනිය. 

ශැප්ලි supercluster එකේ පිහිටලා තියෙන ඇබෙල් 3558 කියන මන්දාකිණි 27,000ක් විතර තියෙන මන්දාකිණි පොකුර දීප්තිමත් ම සාමාජිකයා වෙන්නේ මේ ESO 444-46 කියන මණ්දාකිනිය. මේ මන්දාකිණි ආසන්න වශයෙන් ශීර පථය වගේ දස දහස් ගුණයක් තරම් තාරකා සාන්ද්‍රනය වෙලා තියෙනවා 

  1. NGC 6872 (Condor Galaxy)

Scale: 522,000 ly(160 kpc)
තියෙන්නෙ  Pavo තාරකා මණ්ඩලයෙ
සොයාගත් අවුරුද්ද 1835
පෘථිවියේ සිට දුර:   212 million light years

ආලෝක වර්ෂ 522,000ක් පුරා පැතිරිලා තියෙන pawo කියන තාරකා මණ්ඩලයේ තියෙන 1835 වර්ෂයේදී හොයාගත්ත පෘථිවියේ ඳළ ආලෝක වර්ෂ මිලියන දෙසිය දොළහක් විතර දුරින් තියෙන කkoන්ඩෝර් මණ්දාකිනිය.

මේක තමයි විශ්වයේ තියෙන විශාලතම නිරීක්ෂණය කරන්න පුළුවන් සර්පිලාකාර මණ්දාකිණිය. මේ මන්දාකිණියේ තියෙනවා අසාමාන්‍ය බොකුටු හැඩයක් ඒකට හේතුව විදිහට විද්‍යාඥයන් කියන්නේ IC 4970 කියන කුඩා මන්දාකිණියක් එක්ක ඇති වෙන්නට නියමිත ඝට්ටනයේ ප්‍රතිඵලයක් විදිහට මේ අසාමාන්‍ය හැඩය ආවා කියලා.

  1. Comet Galaxy

Scale: 600,000 ly (180,000 pc)
තියෙන්නෙ  Sculptor තාරකා මණ්ඩලයෙ
සොයාගත් අවුරුද්ද 2007
පෘථිවියේ සිට දුර:   3.2 billion light years

වර්ෂ 2007 දී Sculptor තාරකා මණ්ඩලයෙන් සොයාගන්න, පෘථිවියෙ ඉඳල ආලෝක වර්ෂ බිලියන 3.2ක් විතර දුරින් තියෙන ආලෝක වර්ෂ 600,000ක විතර ප්‍රදේශයක පැතිරිලා තියෙන මෙය ආකර්ෂණීය සර්පිලාකාර මණ්දාකිණිය අසල්වැසි මන්දාකිණි වලින් වෙනස් වෙලා තියෙන්නෙ ඒකෙ තියෙන සුවිශේෂී නිල් පාට ගැටිති නිසා. මේ අසාමාන්‍ය ලක්ෂණය ඇතැම් විට තවත් මන්දාකිණි පොකුරක ගුරුත්වාකර්ෂණ බලය නිසා ඇති වෙන්න පුළුවන් කියලා විද්‍යාඥයෝ සැක කරනවා.

  1. UGC 2885

Scale: 832 kly (255 kpc)
තියෙන්නෙ  Perseus තාරකා මණ්ඩලයෙ
සොයාගත් අවුරුද්ද 2002
පෘථිවියේ සිට දුර:   313 million light years

වර්ෂ 2002 දි Perseus තාරකා මණ්ඩලයෙන් සොයාගත්ත ආලෝක වර්ෂ 832,000 ක විතර පැතිරිලා තියෙන පෘථිවියේ ඳළ ආලෝක වර්ෂ මිලියන තුන්සිය දහතුනක් විතර ඈතින් තියෙන Ugc 2885 කියන මන්දාකිණිය. ප්‍රමාණයෙන් ආකර්ෂණීය වුණත් මේ සර්පිලාකාර මණ්දාකිණිය සාපේක්ෂව අඩු මතුපිට දීපයක් පෙන්නුම් කරනවා 

  1. ESO 306-17

Scale: 1,000,000 ly (310,000 pc)
තියෙන්නෙ  Columba තාරකා මණ්ඩලයෙ
සොයාගත් අවුරුද්ද 1826
පෘථිවියේ සිට දුර:   0.5 billion light years

පෘථිවි ඉඳලා ආලෝක වර්ෂ බිලියන භාගයක් දුරින් ඒ කියන්නේ මිලියන 500ක් දුරින්,  Columba තාරකා මණ්ඩලයෙ ස්ථානගත වුනු, ආලෝක වර්ෂ මිලියන එක විතර පළලක් තියෙන වර්ෂ 1826 දී හොයාගත්ත  ESO 306-17 කියන මණ්දාකිනිය.

යෝධ ඉලිප්සාකාර මන්දාකිණියක් ලෙස වර්ගීකරණය කරලා තියෙන මේ මණ්දාකිනිය සැලකිය යුතු සැලකිය යුතු හිස් අවකාශයක් පුරා පැතිරිලා තියෙනවා. මේකට හේතුව විදිහට තර්ක විද්‍යාඥයන් අනුමාන කරන්නේ අසල්වැසි මන්දාකිණි සියල්ලම අවශෝෂණය කරගැනීම නිසා මේ විදිහට අවකාශය පුරා විසිරෙන ඇති කියලා.

  1. A2261-BCG

Scale: 1,000,000 ly (310,000 pc)
තියෙන්නෙ  Hercules තාරකා මණ්ඩලයෙ
සොයාගත් අවුරුද්ද 2011
පෘථිවියේ සිට දුර:   3 billion light years

Hercules තාරකා මණ්ඩලයෙ තියෙන වර්ශ 2011දි සොයාගත්ත පෘථිවියේ ඉඳලා ආලෝක වර්ෂ බිලියන තුනක් විතර දුරින් තියෙන ආලෝක වර්ෂ මිලියන මිලියනයක් පුරා පැතිරිලා තියෙන A2261-BCG කියna මණ්දාකිනිය. abell 2261 මන්දාකිණි පොකුර තුළ තියෙන සියලුම මන්දාකිණි වලින් විශාලතම හා දීප්තිමත්ම මන්දාකිණිය තමයි මේක. 

  1. 3C 348 (Hercules A)

Scale: 1,500,000 ly (460,000 pc)
තියෙන්නෙ  Hercules තාරකා මණ්ඩලයෙ
සොයාගත් අවුරුද්ද 1714
පෘථිවියේ සිට දුර:   2.1 billion light years

Hercules තාරකා මණ්ඩලයෙම තියෙන 1714 වසරෙදි හොයාගත්ත පෘථිවියේ ඉඳලා ආලෝක වර්ෂ බිලියන 2.1 ක් දුරින් තියෙන ආලෝක වර්ෂ මිලියන 1.5 ක් විතර පුරා පැතිරිලා තියෙන හර්කියුලිස් ඒ කියන මන්දාකිණිය. මේක තමයි හරක් හකියුලිස් තාරකා මණ්ඩලයේ තියෙන දීප්තිමත්ම මණ්දාකිනිය. මේක ඉලිප්සාකාර  මන්දාකිණියක් 

  1. IC 1101

Scale: 4,000,000 ly (1,200,000 pc)
තියෙන්නෙ  Virgo තාරකා මණ්ඩලයෙ
සොයාගත් අවුරුද්ද 1790
පෘථිවියේ සිට දුර:   1.045 billion light years

Virgo තාරකා මණ්ඩලයෙ තියෙන 1790දී සොයාගත් පෘථිවියේ ඉඳලා ආලෝක වර්ෂ බිලියන 1.045ක් දුරින් තියෙන ආලෝක වර්ෂ මිලියන හතරක් පුරා පැතිරිලා තියෙන IC 1101 කියන මන්දාකිණිය.

මේක තමයි දැනට විශ්වයේ නිරීක්ෂණය කරන්න පුළුවන් විශාලතම මන්දාකිණිය. ඉලිප්සාකාර මන්දාකිණියක් වෙන මේක සෞරග්‍රහ මන්ඩලය තියෙන හිර පථ මන්දාකිනිය ට වඩා 2000 ගුණයකින් පමණ විශාලයි. ගණනය කරලා තියෙන ආකාරයට මිනිසා දන්න විශාලතම සුපිරි දැවැන්ත කළු කුහරය තියෙන්නෙත් මේ මන්දාකිණියේ. මෙම දැවැන්ත මන්දාකිණිය ලෝහ වලින් පෝසත් තාරකාවන්ගෙන් පිරී තිබෙන නිසා රත්තරන් පාට වර්ණයක් මේ මන්දාකිණියට ලැබෙනවා.

අවසාන වශයෙන් තව දෙයක් කියන්නට ඕන මේ සියලුම දත්ත පදනම් වෙලා තියෙන්නෙ එදා සිට මේ දක්වා තාරකා විද්‍යාඥයන් සොයා ගන්නා ලද කරුණු කාරණාවලින්. ඇතැම් වෙලාවක තාක්ෂණයේ දියුණුවත් එක්ක නූතන අනාගතයේදී මීට වඩා විශාල මන්දාකිණි  සොයාගන්නට තාරකා විද්‍යාඥයින් සමත් වේවි. ඇතැම්විට මේවා පෘථිවියට ඇති දුර ආලෝක වර්ෂ බිලියන නොව ට්‍රිලියන ගණනක් පමා වීමට ද පුළුවන්. ඒ වගේම මේවා යැ විශාලත්වය ආලෝක වර්ෂ මිලියන නොව බිලියන ගණන් වන්නටද පුළුවන්.

Source : largest.org

spot_imgspot_img

Subscribe

Related articles

2024 YR4 උල්කාපාතය පෘථිවිය මත බලපෑමෙන් වෙන්න පුළුවන් නරකම දේවල්

2024 YR4 ග්‍රහකය 2032 දෙසැම්බර් 22 වන දින පෘථිවිය හා ගැටෙන්නේ නම්, එහි ප්‍රමාණය, වේගය, ඇතුල් වීමේ කෝණය සහ බලපෑමේ ස්ථානය ඇතුළු සාධක කිහිපයක් මත බලපෑමේ බරපතලකම රඳා පවතිනවා. වත්මන් ඇස්තමේන්තු මත පදනම්ව නරකම අවස්ථාව ගවේෂණය කළොත්...

ජේම්ස් වෙබ් දුරේක්ෂය පෘථිවියට ආසන්න වල්ගා තරුවකින් සොයාගත්තෙ මොනවද ?

මේ පෘතුවියේ විද්‍යාව කියලා කියන්නේ හරිම පුදුම දෙයක්. හැමදාම...

Travel with බෙනූ

බෙනූ සළකුණුගල් පර්වතයFAQ වර්ෂ 2018දී පෘථිවියට ආසන්න ග්‍රහකයක් වන benu...

පාර්සෙක් ඒකකය

පාසෙක් ඒකකයචාප කෝණය තරු අහස එක්ක එකතු වෙලා ඉන්න ඔයාලට...

2M1207 extrasolar planetary System

විද්‍යාවේ දියුණුවත් එක්ක මානව ශිෂ්ටාචාරයේ විවිධ කඩඉම් පසු කරන්නට...
spot_imgspot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here