විශ්වයේ ජීවයක් පවතින බවට දන්නා එකම ග්‍රහලෝකය වන පෘථිවිය. පෘථිවිය නිර්මාණය වෙන්නේ සෞරග්‍රහමණ්ඩලයේ, සූර්යයා නිර්මාණය වීමෙන් පසුව ඉතිරි වෙච්ච අංශු ගුරුත්වාකර්ෂණය නිසා එකට එකතු වෙලා වසර බිලියන 4.5 ක් තිස්සේ සිද්ධ වුණු වෙනස්වීම් නිසා. පෘථිවියේ ඝන අභ්‍යන්තර හරය, අභ්‍යන්තර ද්‍රවයකින් ආවරණය වෙලා තියෙනවා. මෙයට ඉහලින් ගලාබසින සිලිකේට් පාෂාණ වලින් සෑදුනු ආවරණයක් සහිත පාෂාණමය කබොලක් පිහිටලා තියෙනවා. මේ සිලිකේට් ස්කන්ධය දරාගෙන සිටින පාෂාණ සහිත පෘථිවිය සූර්යයාගේ ඉඳලා සැතපුම් මිලියන අනු තුනක් විතර දුරින් තමයි තියෙන්නේ. gas යෝධයා කියලා හඳුන්වන බ්‍රහස්පති වගේ නෙමෙයි පෘථිවිය සූර්යයාට ආසන්නයෙන් තියෙන නිසා ජීවයක් පවතින්න අවශ්‍ය කරන නිවැරදිම උෂ්ණත්ව පවතිනවා.

නමුත් බුධ ග්‍රහයා තරම් සූර්යයට සමීප නැති නිසා එහි මතුපිට අධික තාපයක් හා සූර්ය විකිරණ වලට නිරාවරණය වීමක් සිද්ධ වෙන්නෙ නෑ. සෞරග්‍රහ මණ්ඩලය තුල පෘථිවියේ මේ අද්විතීය පිහිටීම නිසා විශ්වයේ වෙනත් තැනක සොයා ගැනීමට නොහැකි තරම් සංසිද්ධීන් ප්‍රමාණයක් පෘථිවියේදී සිදුවෙනවා. පෘතුවියේ පිළිබඳ එක් මතයකට අනුව, පෘථිවියේ ජලය ඇතිවීම එහි පාෂාණ ඇති වූ මුල් අවධිය තරම් ඈතකට දිවෙනවා. පෘථිවියට සූර්යයාගේ සිට ඇති දුර හේතුවෙන් පෘථිවිය සතු ජලය ඝන ද්‍රව වායු ලෙස ස්ර කිහිපයකට වෙන් කරලා පවත්වා ගැනීමේ සුවිශේෂී හැකියාව පෘථිවිය සතු වෙනවා.
මෙලෙස පවතින ද්‍රව ජලය, පෘථිවියේ පස ජීවයට සරිලන ආකාරයෙන් පෝශ්‍යපදාර්ථ සහිතව පවත්වාගෙන යන්න මහඟු මෙහෙවරක් ඉටු කරනවා. එපමණකින් ද නොනැවතී ද්‍රව ජලය එක් රැස් වී සාගර සහ මිරිදිය පද්ධති සෑදීම සිදු කරනවා. මීට වසර බිලියන 3.8 කට විතර කලින් තමයි පෘථිවියේ පළමු ජීවීන් ඇති වුණා කියලා සලකන්නේ. පෘථිවියේ පැවති ද්‍රව්‍ය සාගර වල ආරම්භ වෙච්ච ප්‍රාථමික ජීවීන් පැවතුනේ ක්ෂුද්‍රජීවී ස්වරූපයෙන්. එම ක්ශුද්‍ර ජීවීන් ඊළඟ අවුරුදු බිලියන ගණන පුරා මුහුදේ, ගොඩබිම සහ අහසේ නොනැසී පවතිමින්මින් වඩාත් දියුණු ජීවන රටා පරාසයක් බිහිකළා.
පෘථවියේ සංඛ්‍යාත්මක දත්ත වලට පොඩ්ඩක් යොමු වුනොත්, පෘථිවිය සූර්යයා වටා ගමන් කරන්න දින 365.25ක් ගන්න බවත් පෘතිවිය තමන්ගේ අක්ෂය වටා භ්‍රමණය වෙන්න පැය 24ක කාලයක් ගන්න බවත් අප හැමෝම දන්න කාරණයක්. පෘථිවිය සූර්යයා වටා පරිභ්‍රමණය වෙන මේ ගමන යන්නේ තප්පරේට කිලෝමීටර 29.78ක නැත්නම් පැයට කිලෝමීටර 107,200ක විතර වේගයකින්. පෘථිවියේ ඉඳල සූර්යාට තියෙන දුර සැතපුම් මිලියන 93ක් කියලා ගත්තත් මේකේ තියෙනවා පෘථිවියේ කක්ෂය සූර්යයාට ආසන්නම වන අවස්ථාව හෙවත් පිරිහීලියන් සහ සූර්යයාගෙන් දුරස්ම වන අවස්ථාව ඇෆීලියන් කියල අගයන් දෙකක්. පෘථිවිය සූර්යයාට ආසන්නම අවස්ථාවේ දී අගය වෙන්නේ ඒ කියන්නෙ පිරිහීලියන් අගය වෙන්නේ සැතපුම් මිලියන 91ක් එහෙම නැත්නම් කිලෝමීටර මිලියන 147ක්. පෘථිවිය සූර්යයාට දුරම අවස්ථාව නැත්නම් ඇෆීලියන් අගය වෙන්නේ සැතපුම් මිලියන 94ක් එහෙම නැත්නම් කිලෝමීටර මිලියන 152ක්. 2021 වර්ෂය වර්ෂයේ ජනවාරි දෙවැනි දා ජාත්‍යන්තර වේලාවෙන් 1යි 59 ට පෘථිවිය සූර්යයා ට ආසන්නම අවස්ථා නැත්නම් පිරිහීලියන් අගයට පැමිණුනා.

එක් ස්වභාවික චන්ද්‍රයෙක් තියෙන පෘථිවිය වටේට මේ වෙද්දි මිනිසා විසින් නිර්මාණය කරන ලද චන්ද්‍රිකා 3300ක් පමණ කක්ශගතවෙලා තියෙනව. වඩාත්ම සැළකිලිමත් වෙන්න ඕනෙ කාරණය තමයි, පෘතුවිය වටේට අභ්‍යවකාශ සුන්බුන් 18,000ක් පමණ විසිරිලා තියෙනව කියන කාරණය. මේ අභ්‍යවකාශ සුන්බුන් වල ප්‍රධාන වශයෙන් පවතින්නේ භාවිතයෙන් ඉවත් කරන ලද අභ්‍යවකාශ යානා, අභ්‍යවකාශයේ දී මඟ හැරුණු නැත්නම් නැති වූ යම් යම් උපකරණ හා රොකට් බූස්ටර වගේ දේවල්. මේ අභ්‍යවකාශ සුන්බුන් නිසා ගොඩබිම වගේම අභ්‍යවකාශ යානා වලටත් නොමද බලපෑම් එල්ල වෙලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා මේ අභ්‍යවකාශ සුන්බුන් පිළිබඳව වෙනත් වීඩියෝවකින් වැඩිදුර විස්තර කතා කරන්න.
අපි ආයේ අපේ මාතෘකාව දෙස හැරුණොත් එක් පෘථිවියෙ විශ්කම්භය කිලෝමීටර 6371ක් විදියය තමයි සඳහන් වෙන්නේ. පෘථිවිය වටප්‍රමාණය කිලෝමීටර් 40,075ක් ලෙස සඳහන් වෙනවා. වර්ග කිලෝමීටර 510,000 ක මතුපිටක් තියෙන පෘථිවියේ වර්ග කිලෝමීටර 361,000ක්ම පවතින්නේ වතුර. මිනිසාට හිතකර ජීවත්වෙන්න විදිහට පුළුවන් විදිහේ බිම් ප්‍රමාණය වෙන්නේ කිලෝමීටර 149,000 ක් විතර. පෘථිවියේ වායුගෝලයේ වැඩි වශයෙන්ම පවතින්නෙ නයිට්‍රජන්. ඒ සියයට 78.08ක්. ඔක්සිජන් පවතින්නේ 20.95%ක් පමණ.

ඔබ දැනටමත් දන්නා කාරණයක් මෙතනදි මතක් කරන්න කැමතියි. අපගේ පෘථිවිය කියලා කියන්නේ මේ සෞරග්‍රහ සෞරග්‍රහමණ්ඩලයේ තියෙන එක ග්‍රහලෝකයක් විතරයි. අපගේ සෞරග්‍රහ මණ්ඩලය කියලා කියන්නේ ක්ෂීරපථ මණ්දාකිණිය තියෙන තාරකා මණ්ඩල නැත්නම් ග්‍රහලෝක පද්ධති බිලියන ගණනින් එකක්. දැනට අප දන්නා විශ්වයේ සොයාගෙන සොයා ගෙන තියෙනවා ක්ෂීරපථය වගේ මන්දාකිණි බිලියන ගණනක්. නමුත් මේ කිසිම තැනක විශ්වයේ ජීවයක් පවතිනවා කියලා කිසිම විදියක සාධකයක්, අඩුම තරමේ හෝඩුවාවක්වත් නම් සොයාගෙන නැහැ. විශ්වයේ ජීවය පවතින එකම ග්‍රහලෝකය නැත්නම් මිනිස් ජීවිතයට සුදුසුම ග්‍රහලෝකය වෙන්නේ පෘථිවිය කියලා කියන්නේ ඒකයි. ඒ වුණත් පෘථිවිය පාලනය කරන ජීව කොට්ඨාශය වන මනුෂ්‍යයන්ගේ ඇතැම් ක්‍රියාකලාප නිසා මේ පරිසරයට සිදුවන හානිය නම් සුළුපටු නැහැ. මෑතක දී ශ්‍රී ලංකාවේ මීගමුව මුහුදු වෙරළ ආශ්‍රිතව සිදුවූ සාගර දූෂණයත් එවන් ක්‍රියාවක්. සිතා හෝ නොසිතා, දැන හෝ නොදැන සිදුකරන මෙවන් ක්‍රියාවලින් සිදුවන්නේ, විශ්වයේ ජීවය පැවැත්මට තිබෙන එකම අවස්ථාවත් අහිමිකර ගැනීම නොවේද ??
ඔබට සිතන්නට යමක් ඉතිරි කරමින් අපි අදට සමුගන්නම්.
යළිත් හමුවෙමු අපි සෞරග්‍රහමණ්ඩලයේ ඔබ දත් නොදත් විස්තර සහිත අලුත්ම වීඩියෝවකින්.
Source :
National Geographic : Earth 101 | National Geographic
SolarSystemVideos


