මිනිසාගේ ආරම්භයේ සිටම විශ්වය, අපගේ පරිණාමයට සහ ඇතැම් අවස්ථාවල සිදු වූ විවිධ සිදුවීම් නිසා ආකර්ෂණීය මාතෘකාවක් බවට පත්වුණා. ඇතැම් අවස්ථාවල මේ ආකර්ෂණීය සිදුවීම් අපේ පැරැන්නෝ වටහා ගත්තේ අද්භූත සිද්ධින් විදියට. ඒකට හොඳම උදාහරණය තමයි රාත්‍රී අහසේ ඇතැම් අවස්ථාවල ඉඳලා හිටලා ඉතාමත් දීප්තියක් සහිතව පායා දිලිසෙන වල්ගා තරු පිළිබඳව ඇතැම් කාලවල පෘථිවි වැසියෝ හිතුවේ බොහොම නරක සිද්ධීන් සමුදායක් ඉදිරියේදී ඇතිවීමේ අවදානමක් මේ වල්ගා තරු වලින් පෙන්නුම් කෙරෙනවා කියලා. කොහොම වුණත් කාලෙන් කාලෙට මේ පිළිබඳ අදහස් වෙනස් වෙලා, රාත්‍රී අහසේ දිදුලන තරු සහ අභ්‍යවකාශ වස්තූන් පිළිබඳව ආදී වැසියන් උනන්දුවක් දක්වන්නට සහ ඒ පිළිබඳව අධ්‍යයන කරන්නට, ක්‍රිස්තු පූර්ව 4000 ඉඳල වගේ උත්සාහ ගත්තා. අවසානයේදී 20 වැනි ශතවර්ෂයේ මැද භාගයේදී මෙය උනන්දුව රටවල් අතර තරගයක් බවට පත්වෙනවා.

මේ තරගය ප්‍රතිඵලයක් විදිහට, ස්පුට්නික් 1 කියන පළවෙනි චන්ද්‍රිකාව වර්ෂ 1957 සැප්තැම්බර් 4 වැනිදා සෝවියට් සමූහාණ්ඩුව විසින් අභ්‍යවකාශ ගත කරන්නට සමත් වනවා උනත්, මුලින්ම සඳ මත පය තබන්නට සමත් වන්නේ ඇමරිකානුවන්. ඒ වර්ෂ 1969 ජූලි 21 වෙනිදා. ඒ වන විටත් රුසියාව අවස්ථා කිහිපයකදීම අඟහරු වෙත අභ්‍යවකා යානා යැවීමට ගත් අසාර්ථක උත්සාහයන් කිහිපයක් අතර යළිත් ඇමරිකාව, මැරීනර් 4 අභ්‍යවකාශ යානාව අගහරු අසලින් ඉතාමත් සාර්ථක ලෙස ගමන් කරවනවා. වර්ෂ 1965 ජුලි 14 සහ 15 අතර එලෙස ගමන් කරපු මැරීනර් 4 අභ්‍යවකාශ යානාවට අමතරව 1969 පෙබරවාරි 25 වනදා දියත් කල මැරීනර් 6 අභ්‍යවකාශ යානාවත්, යළිත් 1969 වසරේ මාර්තු 27 වැනිදා දියත් කල මැරීනර් 7 අභ්‍යවකාශ යානාවත් අඟහරු අසලින් පියාසර කරවන්නට ඇමරිකාව සමත් වෙනවා.
නමුත් අඟහරු වටා පළමුවෙන්ම අභ්‍යාකාශ යානාවක් කක්ෂගත කරවන්නට සමත් වන සෝවියට් සමූහාණ්ඩුව, වර්ෂ 1971 මැයි 19 වැනි දා දියත් කළ Mars 2 සහ ඊට දින නමයකට පස්සේ, ඒ කියන්නේ 1971 මැයි 28 වෙනිදා අභ්‍යාවකාශ ගතකල Mars 3 කියන අභ්‍යවකාශ යානා දෙකම අඟහරු වටා සාර්ථකව කක්ෂගත කරවන්නට සමත් වෙනවා. මේ Mars 2 සහ Mars 3 කියන අභ්‍යාකාශ යානා දෙකම සමන්විත උනේ අඟහරු වටා යන ඕබිටර් එකක්, අඟහරු මතට පතිත කරවන lander එකක් සහ අඟහරු මත ඔබමොබ යාමට හැකි ආකාරයෙන් නිර්මාණය කරන ලද roverයක් කියන කොටස් තුනෙන්.
02:57 Mars 2 and Mars 3 අභ්‍යවකාශ යානා
වර්ෂ 1971 නොවැම්බර් මාසේ 27 වෙනිදා අඟහරු වටා කක්ෂ ගත වගත වුණු mars 2 අභ්‍යවකාශ යානාවේ landerය නොවැම්බර් මස 27 වැනිදා දියත් කර සුළු මොහොතකින් අඟහරු මතට කඩා වැටුණා. ඉන් අනතුරුව සෝවියට් තාරකා විද්‍යාඥයින්ගේ දෙවන උත්සාහය වූ 1971 දෙසැම්බර් දෙවැනි දා Mars 3 අභ්‍යවකාශ යානයේ landerය අඟහරු පෘෂ්ඨය මතට ගොඩ බට පළමු අභ්‍යවකාශ යන බවට පත්වුණා. නමුත් අවාසනාවන්ත විදිහට ගොඩ බෑමෙන් තත්පර 110කට පස්සේ අළු පැහැති එක් එක් ඡායාරූපයක් පමණක් සන්නිවේදනය කරමින් රෝවරය ද නිහඬ වුණා. Mars 2 සහ Mars 3 ඉන් අනතුරුව මාස අටක් පුරා අඟහරු වටා කක්ෂ ගත වෙමින් සියලු තොරතුරු පෘථිවියට සම්ප්‍රේෂණය කළා.
මේ orbiter වල මූලික අරමුණ වූනේ අඟහරු මතුපිට භූ විෂමතාව අධ්‍යයනය කිරීම, එහි පාංශු සංයුතිය විශ්ලේෂණය කිරීම, වායුගෝලයේ විවිධ ගුණාංග මිනුම් කිරීම සහ “සූර්ය විකිරණ, සූර්ය සුළඟ සහ අන්තර් ග්‍රහලෝක සහ අඟහරු චුම්බක ක්ෂේත්‍ර” නිරීක්ෂණය කිරීම කියන කාරණා.
අහඹු ලෙස අඟහරු මත විශාල දූවිලි කුණාටුවක් මෙහෙයුමට අහිතකර ලෙස බලපෑ බවට සෝවියට් තාරකා විද්‍යාඥයින් පසුව සොයාගත්තා. Mars 2 සහ Mars 3 අඟහරු වටා කක්ෂ ගත වීමට සති දෙකකට පෙර 1971 නොවැම්බර් 14 වන දින Mariner 9 පැමිණ සාර්ථකව අඟහරු අසලින් පියාසර කරන විට, අඟහරුගේ වායුගෝලය පුරා ඇති ඝන දූවිලි ප්‍රවාහයක් දැක පෘථිවි විද්‍යාඥයන් පුදුමයට පත් වූයේ, මෙතෙක් නිරීක්ෂණය වූ විශාලතම කුණාටුව ඔවුන් නිරීක්ෂණය කර තිබිම නිසා”. මේ නිසා අඟහරුමතුපිට සම්පූර්ණයෙන්ම අඳුරු වුනා. මේ අතර mars 2 සහ mars 3 අභ්‍යවකාශ යානා වල රොකට්ටු වල ඉන්ධන අවසන් වෙමින් යන නිසා මෙහෙයුම ප්‍රතිනිර්මාණය කිරීමට නොහැකි වුනා. ඒ නිසාවෙන්ම Mars 2 සහ Mars 3 යන දෙකේම lander කොටස ඔවුන්ගේ ගොඩබෑම් වහාම පිටත් කර හරින ලද අතර, orbiter ඔවුන්ගේ පවතින සම්පත්වලින් සැලකිය යුතු කොටසක් දූවිලි වලාකුළුවල ඡායාරූප දත්ත ලබා ගැනීමට යොදා ගත්තා.
Mars 3 orbiterය 1971 දෙසැම්බර් සිට 1972 මාර්තු දක්වා කාලය ආවරණය වන පරිදි පෘථිවිය වෙත දත්ත ආපසු එවා තිබුණත්, සම්ප්‍රේෂණය අගෝස්තු දක්වා පැවතනා. Mars 2 සමඟ ඒකාබද්ධව මෙම ගවේෂණය අඟහරු ආවරණය වන පරිදි මුළු පින්තූර 60 ක් ආපසු එවා තිබුණා. ඡායාරූප සහ දත්ත මගින් හෙළි වූ කරුණු අතර
- කිලෝමීටර් 22ක් තරම් උස කන්දක් ඇති බවත්
- ඉහළ වායුගෝලයේ පරමාණුක හයිඩ්‍රජන් සහ ඔක්සිජන් පවතින බවත්
- මතුපිට උෂ්ණත්වය -110 °C සිට +13 °C දක්වා වෙනස් වන බත්
- මතුපිට පීඩනය මිලිබාර් 5.5 සිට 6 දක්වා දක්වා වෙනස් වන බවත්
- ජල වාෂ්ප සාන්ද්‍රණය පෘථිවි වායුගෝලයට වඩා 5000 ගුණයකින් අඩු බවත්
- වායුගෝලයේ කිලෝමීටර 7 ක් තරම් ඉහළ පවා දූවිලි කුණාටු වලින් ආවරණය වන බවද සොයා ගැනුනා.
මෙකී ඡායාරූ සහ දත්ත මගින් මතුපිට සිතියම් නිර්මාණය කිරීමට හැකි වුන අතර අඟහරුගේ ගුරුත්වාකර්ෂණය පිළිබඳ තොරතුරු සහ චුම්බක ක්ෂේත්ර පිළිබඳව තොරතුරුද මෙම අභ්‍යවකාශ යානා මගින් ලබා දුන් තොරතුරු ගොන්නට ඇතුලත් වනවා.
ලෑන්ඩර් පද්ධතිය
මාර්ස් 3 අවරෝහණ මොඩියුලය ඒ කියන්නෙ ලෑන්ඩරය
සම්පූර්ණ ගොඩ බැසීමේ මොඩියුලයේ ඉන්ධන සහිත බර කිලෝග්‍රෑම් 1210 ක් වූ අතර ගෝලාකාර ගොඩබෑමේ කැප්සියුලය කිලෝග්‍රෑම් 358 ක් වුනා. ගෑස් ක්ෂුද්‍ර එන්ජින් සහ පීඩන නයිට්‍රජන් බහාලුම් වලින් සමන්විත ස්වයංක්‍රීය පාලන පද්ධතියක් මගින් උන්නතාශ පාලනය සපයනු ලැබුවා.
ලෑන්ඩරය මතුපිට අංශක 360ක දර්ශනයක් සහිත කැමරා දෙකකින් මෙන්ම වායුගෝලීය සංයුතිය අධ්‍යයනය කිරීම සඳහා ස්කන්ධ වර්ණාවලීක්ෂයකින්ද සමන්විත වුනා. උෂ්ණත්වය, පීඩනය සහ සුළං සංවේදකද කාබනික ද්‍රව්‍ය සහ ජීවයේ සලකුණු සෙවීමට යාන්ත්‍රික රොබෝ අතක්ද අඟහරුගේ මතුපිට යාන්ත්‍රික හා රසායනික ගුණ මැනීමට අදාල උපාංග වලට අමතරව එහි සෝවියට් ලාංඡනය සවි කොට තිබුණා.
රේඩියෝ පද්ධතියක් හරහා කක්ෂය සමඟ සන්නිවේදනය සැපයීම සඳහා ඇන්ටෙනා හතරක් මෙම ගොඩබෑම් කැප්සූලයේ මුදුනේ සවිකොට තිබුණා. උපකරණ වෙන්වීමට පෙර ඕබිටරය මගින් ආරෝපණය කරන ලද බැටරි මගින් මෙම රේඩියෝව බලගන්වා තිබුණා. තාප පරිවාරකයක් සහ රේඩියේටර් පද්ධතියක් හරහා උෂ්ණත්ව පාලනය පවත්වා ගෙන ගිය අතර අඟහරු පරිසරය දූෂණය වීම වැළැක්වීම සඳහා ගොඩබෑමේ කැප්සියුලය දියත් කිරීමට පෙර විෂබීජහරණය කරනු ලැබුවා.
PrOP-M රෝවරය
මාර්ස් 3 ලෑන්ඩරයේ අන්තර්ගත වූ කිලෝග්‍රෑම් 4.5 ක කුඩා රෝවරය මීටර් 15 ක කේබලයකින් ලෑන්ඩරයට සම්බන්ධ කර තිබූ අතර, රෝද නොමැති මෙම රෝවරයට හිම මත ලිස්ස යන ස්කී තල දෙකකින් අඟහරු මතුපිට හරහා ගමන් කරවීමට සූදානම් කොට තිබුණා. පෘතුවියෙන් ලැබෙන රේඩියෝ සංඥා මගින්, දුරස්ථ පාලකය භාවිතයෙන් රෝවරය ධාවනය කිරීමට වැඩි කාලයක් ගතවන බැවින් ස්වයංක්‍රීයව බාධක මගහැරීම සඳහා කුඩා ලෝහ දඬු දෙකක් භාවිතා කරන විදියට තමයි මේ රෝවරය සකස් කරල තිබුණේ.
ලෑන්ඩරය ගොඩබෑමෙන් පසු, රෝවරය මැනිපියුලේටර් හස්තයකින් අඟහරු මතුපිට තැබීමට සැලසුම් කර තිබූ අතර කැමරාවල දර්ශන අනුව, ගමන් කරන සෑම මීටර් 1.5 කට වරක් අඟරුගේ පසේ සංයුතිය මිනුම් කිරීමට නතර කිරීමට සැළසුම් සකස් කොට තිබුණා.
කෙසේ වෙතත් සන්නිවේදන දෝෂයක් හේතුවෙන් රෝවරයට සිදුවූයේ කුමක්ද යන්න අදටත් සොයා නොගත්, කුතුහලය දනවන කරුණක් වනවා.

අඟහරුගේ වායුගෝලයට ඇතුල්වීම, ගොඩබෑම, සම්ප්‍රේෂණය සහ අසාර්ථක වීම
අඟහරු 3 යානයේ ලෑන්ඩරය අඟහරු වෙත ළඟා වීමට පැය 4 විනාඩි 35 කට පෙර, 1971 දෙසැම්බර් 2 වන දින සම්මත වේලාවෙන් 09:14 ට ඕබිටරයෙන් වෙන් වී තිබුණා. ගොඩබැසීමේ මොඩියුලය දළ වශයෙන් 5.7 km/s වේගයකින් අඟහරුගේ වායුගෝලයට ඇතුළු වී තිබුණා.
ගොඩබෑමෙන් තත්පර 90 කට පසු ලෑන්ඩරය අඟහරු 3 කක්ෂයට සම්ප්‍රේෂණය වීමට පටන් ගත් අතර, ඊලඟ තත්පර 20ට පසු, නොදන්නා හේතූන් මත සම්ප්‍රේෂණය නතර වුනා. දෝෂය හටගත්තේ ගොඩබෑමේ සිටද නැතහොත් කක්ෂයේ ඇති සන්නිවේදන රිලේ එකෙන්ද යන්න නිසියාකාරව සොයා නොගත්තත, අසාර්ථක වීමට හේතුව එම අවස්ථාවේ ඇති වූ අතිශය ප්‍රබල අඟහරු දූවිලි කුණාටුව හා සම්බන්ධ විය හැකි බවත් එමගින් කිරීටක විසර්ජනයක් ඇති කර සන්නිවේදන පද්ධතියට හානි කරන්නට ඇති බවටත් සෝවියට් තාරකා විද්‍යාඥයින් අනුමාන කලා.
රෝවරයෙන් එක් අර්ධ රූපයක් (රේඛා 70) සම්ප්රේෂණය වූ අතර, අඟහරු ගවේෂණයේ මුල් දිනවල Lavochkin (ලවොච්කින්) නිර්මාණ කාර්යාංශයේ අඟහරු සහ සිකුරු අභ්‍යවකාශ යානා සඳහා ප්‍රධාන නිර්මාණකරු VG Perminov (වී ජී පාර්මිනොව්) ට අනුව, මෙම ඡායාරූපය “කිසිදු විස්තරයක් නොමැති අළු පසුබිමක්” වුනා.
Mars 3 යලි සොයාගැනීම
සිඩුවීමෙන් 2013 අප්‍රේල් 11 වන දින, NASA ආයතනය නිවේදනය කළේ Mars Reconnaissance Orbiter (MRO)ය විසින් අඟහරු ග්‍රහයා මතුපිට ඇති Mars 3 ලෑන්ඩරය බවට සැක කරන වස්තුවක ඡායාරූප ගත කර ඇති බවයි. MRO නැත්නම් අඟහරු ගවේෂණය ඕබිටර් යානයේ HiRISE (හයිරයිස්) කැමරාව පැරෂුටය , රෙට්‍රොකට් , තාප පලිහ සහ ලෑන්ඩරය විය හැකි දේවල ඡායාරූප ලබා ගෙන තිබුණා. මෙම සොයා ගැනීම සිදු කර ඇත්තේ ප්‍රසිද්ධියේ පවතින සංරක්ෂිත ඡායාරූප හරහා, රුසියානු ආධුනික අභ්‍යවකාශ ලෝලීන් විසින් බව මෙහිදී නොකියාම බැරි කාරණයක්.
1971 සෝවියට් මාර්ස් 3 ලෑන්ඩරය සඳහා අපේක්ෂක දෘඩාංග. පුරෝකථනය කරන ලද ගොඩබෑමේ ස්ථානය අක්ෂාංශ 45 දකුණින්, දේශාංශ 202 නැගෙනහිර, ටොලමියස් ආවාටයේ (රූප: HiRISE , MRO – නොවැම්බර් 2007/වම සහ 2013 මාර්තු 10/දකුණ) විය.
Mars 3 ගොඩ බැස තිබුණේ අක්ෂාංශ 45 ක් දකුණින්, දේශාංශ 202 නැගෙනහිරින් ටොලමියස් ආවාටයේ ස්ථානයකටයි. 2007 වර්ෂයේ නොවැම්බර් මාසයේදී මේ ස්ථානය හරහා පියාසර කල නාසා ආයතනයේ “අඟහරු ගවේෂණ ඕබිටර් යානය” මෙම ස්ථනයේ ඡායාරූපයක් ලබාගෙන තිබුණා. පික්සල බිලියන 1.5 ක් පමණ අඩංගු වන මෙම සම්පූර්ණ ඡායාරූපයේ mars 3 බවට සැක කරන උපකරණ සොයා ගනු ලැබුවේ 2012 වර්ෂයේ දෙසැම්බර් මාසයේ 21 වෙනිදා. වසර 41 ක කාලයක් අඟහරු මත කාලයේ වැලිතලාවෙන් වැසී තිබූ mars 3 ලෑන්ඩරය එලෙස සොයා ගන්නා විටත්, Mars 3 අභ්‍යවකාශ යානය අඟහරු වටා කක්ෂ 20 කින් පසු 1972 අගෝස්තු 22 වන විට ඔවුන්ගේ මෙහෙයුම අවසන් කළ බව නිවේදනය කොට වසර 40ක් ගතව ගොස් තිබුණා.
Source:
Planetary.org
Wikipedia.org