An asteroid or a comet? ග්‍රහකයක්ද වල්ගා තරුවක්ද?

අහසේ රාත්‍රියට දිලිසෙන බොහොම ලස්සන වස්තුවක් තමයි වල්ගාතරු කියන්නෙ. එදාමෙදාතුර අහසෙ පායලා රාත්‍රියට දිලිසුන මේ වගේ වල්ගාතරු ගැන තරු අහස අපි, මීට කලිනුත් කතා කරලා තියෙනවා. කොච්චර කතා කලත්, ඉවර කරන්න බැරි තරම් ප්‍රමාණයක් සහ ලස්සනක් තියෙන thawath වල්ගතරුවක් ගැනයි අදත් අපේ වීඩියෝව වෙන් වෙන්නේ.

311P/PanSTARRS එහෙමත් නැත්නම් P/2013 P5 (PanSTARRS) කියල හඳුන්වන්නේ 2013 අගෝස්තු 27 වැනිදා Pan-STARRS දුරේක්ෂය භාවිතයෙන් බ්‍රයිස් ටී. බොලින් කියන තාරකා විද්‍යාඥයා විසින් සොයා ගන්නා ලද ක්‍රියාකාරී ග්‍රහකයක්. ඇත්තටම මේක ග්‍රාහකයක් කියල කිව්වට ග්‍රහක සහ වල්ගාතරු දෙකෙහිම ගුණ සහිත වස්තුවක් කිව්වොත් තවයි වඩාත්ම නිවැරදි . හබල් අභ්‍යවකාශ දුරේක්ෂය මගින් කරන ලද නිරීක්ෂණවලින් හෙළි වුනේ එහි වල්ගාතරුවක් වැනි වලිග හයක් තියෙනව කියලා.

P/2013 P5 (PanSTARRS) හබල් අභ්‍යවකාශ දුරේක්ෂය මගින් ලබාගත් ඡායාරූපය.

සුන්බුන් විශාල ප්‍රමාණයක් සහිත ග්‍රහකයක් එහි ඇති ද්‍රව්‍ය ඉවත් කිරීමට තරම් වේගයෙන් භ්‍රමණය වීමේ ප්‍රතිඵලයකින් ඇතිවන, ග්‍රහකයෙන් පිට කරන ලද ද්‍රව්‍ය ධාරාවන් ලෙස මෙම වලිග 6 ඇතිවෙලා තියෙනව කියල තාරකා විද්‍යඥයින් සැක කරනව. මේ වල්ගාතරුවේ නැත්නම් ග්‍රාහකයේ ලක්ශණ 2012 වර්ශයේ මාර්තු 22 වෙනිදා ඇමෙරිකානු ආධුනික තාරකා විද්‍යාඥ ඇලෙක්ස් ගිබ්බ්ස් විසින් සොයාගත් 331P/Gibbs කියන වල්ගතරුවට සමාන වෙනවා. 2016 වර්ෂය වන විට මේ ආකාරයේ ප්‍රධාන ග්‍රාහක පටියෙන් සොයාගත්ත වල්ගතරු ප්‍රමාණය 15 ක් ලෙස තමයි වාර්ථා වෙන්නේ.

Prof. Dr. ජෙසිකා අගර්වාල් (Credit: Max Fuhrmann/TU Braunschweig)

මධ්‍යන්‍ය විශ්කම්භය මීටර 480ක් විතර වෙන මේ ග්‍රාහකයකත් වල්ගාතරුවකත් ලක්ශන පෙන්වන වස්තුව මීලඟට හිරුට ආසන්නම අවස්ථාව උදාවෙන්නෙ 2024 ජනවාරි පළවෙනිදා.

මේ අතර ජර්මනියේ ලින්ඩෝ හි සූර්ය පද්ධති පර්යේෂණ සඳහා වූ මැක්ස් ප්ලාන්ක් ආයතනයේ ජෙසිකා අගර්වාල් විසින් ඉදිකරන ලද ත්‍රිමාණ ආකෘති මගින් පෙන්නුම් කළේ වරින් වර ආවේගශීලීව විමෝචනය වන දූවිලි සහ ද්‍රව්‍ය මාලාවකින් මෙම වලිගය සෑදිය හැකි බවයි.

Prof. Dr. ජෙසිකා අගර්වාල්ගේ ත්‍රිමාණ ආකෘති ( ResearchGate)

ලක්ෂණ

ග්‍රහකයේ අරය මීටර් 240 (අඩි 790) පමණ වනවා. Pan-STARRS දුරේක්ශය විසින් ලබාගන්නා ලද ප්‍රථම ඡායාරූප වලින් අනාවරණය වුනේ වස්තුව අසාමාන්‍ය පෙනුමක් තියෙනව කියලා. ග්‍රහක සාමාන්‍යයෙන් කුඩා ආලෝක ලක්ෂ්‍යයක් ලෙස දිස්වන නමුත් P/2013 P5 නිරීක්ෂණය කළ තාරකා විද්‍යාඥයින් විසින් අපැහැදිලි පෙනුමක් ඇති වස්තුවක් ලෙස මෙය හඳුනා ගත්තා. 2013 සැප්තැම්බර් 10 වන දින හබල් අභ්‍යවකාශ දුරේක්ෂය මගින් බහු වලිග ඒ කියන්නෙ අර කලින් කියපු වලිග 6 නිරීක්ෂණය කලා. පසුව හබල් අභ්‍යවකාශ දුරේක්ෂය යලි සැප්තැම්බර් 23 වන දින ග්‍රහකය නිරීක්ෂණය කල අතර, එහි පෙනුම සම්පූර්ණයෙන්ම වෙනස් බව එහිදී පෙනී ගියා.

ඒ වන විට තිබුණේ මුලින් නිරීක්ෂණය කලාට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් හැඩයක් බවට ඔවුන්ට පෙනී ගියා. හබල් අභ්‍යවකාශ දුරේක්ෂය 2014 පෙබරවාරි 11 දක්වා වස්තුව මෙම ග්‍රාහකය නැත්නම් වල්ගතරුව නිරීක්ෂණය කිරීම දිගටම කරගෙන ගිය අතර එහිදී තොරතුරු රැසක් එක්‍ රැස් කරගැනීමට සමත් වුනා . මෙම වස්තුට අඩු කක්ෂීය ආනතියක් සහ සෑම විටම අඟහරුගේ කක්ෂයෙන් පිටත පවතින බවටද මෙහිදී ඔවුන් නිරීක්ෂණය කලා. 

Tianwen-2 මෙහෙයුම පිළිබඳ wikipedia.org තොරතුරු

චීන මෙහෙයුම

2018 අප්‍රේල් 19 වැනි දින ආලෝක වක්‍ර මත පදනම් වූ නිරීක්ෂණ වලින්, තාරකා  විද්‍යාඥයින් යෝජනා කළේ 311P/PANSTARRS වෙත චන්ද්‍රිකාවක් ආසන්න වශයෙන් මීටර් 200ක් දක්වා ළඟා වෙන්න පුළුවන් කියලා. එසේ සිදු වුව හොත් මෙම වස්තුව, ඉතා නුදුරේදිම චන්ද්‍රිකාවක් රඳවා තබා ගත් වල්ගා තරුවක් ලෙස නම් කර ඇති කුඩා ග්‍රහක කිහිපයෙන් එකක් වනු ඇති.

මේ අතර Tianwen-2 2025 දී පමණ Long March 3B රොකට්ටුවක් මගින් දියත් කිරීමට සැලසුම් කර තිබෙන බවට චීන අභ්‍යවකාශ ඒජන්සිය පසුගියදා වාර්තා කලා. එය සූර්ය විද්‍යුත් ප්‍රචාලනය භාවිතා කර පෘථිවියට ආසන්න ග්‍රහකයක් වන 469219 Kamoʻoalewa (කැමොʻඔලේවා) සහ 311P/PANSTARRS නම් වන ප්‍රධාන ග්‍රාහක පටියේ පවතින මෙම වල්ගා තරුවද ගවේෂණය කරන බවටත් ඔවුන් ප්‍රකාශ කලා.

ඊට පස්සේ, Tianwen-2 311P/PanSTARRS වල්ගාතරුවේ නියැදිය අඩංගු කැප්සියුලයක් රැගෙන නැවත පෘථිවියට පැමිණෙනව කියල මේ වන විටත් චීන අභ්‍යාවකාශ ඒජන්සිය නිවේදනය කරල තියෙනව.

කොහොම කොහොම හරි නුදුරු අනාගතයේ දී අභ්‍යවකාශ ගත කරන්නට නියමිත බොහෝ අභ්‍යවකාශ යානාවල ගමනාන්තයන් විදියට සඳහන් වෙන්නේ එක්කෝ වල්ගතරුක් නැත්නම් ග්‍රාහකයක්. මේකට හේතුව විදියට අපට උපකල්පනය කරන්නට පුළුවන් වෙන්නේ මේ අභ්‍යවකාශ වස්තු අතර සැඟවිලා තියෙන විශ්වයේ උපත පිළිබඳව තොරතුරු වගෙම ඛනිජ සහ මූලද්‍රව්‍ය පිළිබඳව අධ්‍යයනය කරීමට එකතු කරන්න තාරකා විද්‍යාඥයන්ගේ තියෙන උනන්දුව. ආරංචිවලට අනුව අසල්වැසි ඉන්දියාවත් ඉතා ඉක්මනින් මේ විදිහට space mining එහෙමත් නැත්තම් අභ්‍යවකාශ කැණීම් වලට එකතු වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

අවසාන වශයෙන් මේ වගේ වීඩියෝ නිර්මාණය කරන එකෙන් අපි බලාපොරොත්තු වෙනවා ශ්‍රී ලංකාවේ පද්ධතිය තුළ සිටින බලධාරීන්ගේ ඇස් මේ දිහා යොමු වීම කෙසේ වෙතත්, මේ වීඩියෝ බලන ඔයාලගෙන් මේ ගැන කැමැත්තක් දක්වන අයවත්… මේ සම්බන්ධ ආයතන එක්ක එකතුවෙලා අපේ පුංචි ලංකාවේ නම බබලවන්න කටයුතු කරාවි කියලා.

Source:

Wikipedia.org

spot_imgspot_img

Subscribe

Related articles

2024 YR4 උල්කාපාතය පෘථිවිය මත බලපෑමෙන් වෙන්න පුළුවන් නරකම දේවල්

2024 YR4 ග්‍රහකය 2032 දෙසැම්බර් 22 වන දින පෘථිවිය හා ගැටෙන්නේ නම්, එහි ප්‍රමාණය, වේගය, ඇතුල් වීමේ කෝණය සහ බලපෑමේ ස්ථානය ඇතුළු සාධක කිහිපයක් මත බලපෑමේ බරපතලකම රඳා පවතිනවා. වත්මන් ඇස්තමේන්තු මත පදනම්ව නරකම අවස්ථාව ගවේෂණය කළොත්...

ජේම්ස් වෙබ් දුරේක්ෂය පෘථිවියට ආසන්න වල්ගා තරුවකින් සොයාගත්තෙ මොනවද ?

මේ පෘතුවියේ විද්‍යාව කියලා කියන්නේ හරිම පුදුම දෙයක්. හැමදාම...

Travel with බෙනූ

බෙනූ සළකුණුගල් පර්වතයFAQ වර්ෂ 2018දී පෘථිවියට ආසන්න ග්‍රහකයක් වන benu...

පාර්සෙක් ඒකකය

පාසෙක් ඒකකයචාප කෝණය තරු අහස එක්ක එකතු වෙලා ඉන්න ඔයාලට...

2M1207 extrasolar planetary System

විද්‍යාවේ දියුණුවත් එක්ක මානව ශිෂ්ටාචාරයේ විවිධ කඩඉම් පසු කරන්නට...
spot_imgspot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here