සෞරග්‍රහ මණ්ඩලය ගැන කෙටියෙන් නමුත් වැදගත් කරුණු ටිකක්

ඔබ කෙදිනක හෝ රාත්‍රී අහස දෙස බලා සිටියාද. කුරුල්ලන් පියාඹන දුරටහ් එහා, පෝ දිනෙක පායා ඇති පුන්සඳටත් එහා, වළාකුලු අතරින් පෙනෙන ගනන් කළ නොහැකි තරමක් වූ තරු හා ආකර්ශණීය දිදුලන වස්තු දෙස බලා සිටියාද. මොහොතකට අපි සිතමු අප මේ පෘථිවිය අතහැර සෞරග්‍රහමණ්ඩලයෙන් එළියට යනව කියල. අපි මේකට සෞරග්‍රහමණ්ඩලය කියල කියන්නෙ, හැම ග්‍රහලෝකයක්ම සූර්‍යා වටේ පරිභ්‍රමණය වන නිසා. ඉර නැත්නම් සූර්‍යා කියන්නෙ අපි රාත්‍රී අහසෙ දකින ගොඩක් තරුවගේම තරුවක්. අපට ලඟින්ම තියෙන තරුව වෙන්නෙ සූර්‍යා. ලඟම කිව්වට, කිලෝමීටර මිලියන 93ක් විතර දුරින්. ඒ නිසා තමයි කොච්චර ලොකු උනත් ඉර පොඩියට පේන්නෙ . සුරග්‍රහමණ්ඩලයේ ග්‍රහ වස්තූන්ගෙ සමස්ථ ස්ක න්ධයෙන් 99% ක් විතර අයත්වෙන්නෙ මේ ඉරේ ස්කන්ධයට. ක්ශීරපතයේ ලොකුම ග්‍රහලෝක දෙක වන බ්‍රහස්පති හා සෙනසුරුත්, ඉර එක්ක ගත්තම කොච්චර පොඩිද කියල ඒකෙන්ම තේරෙනවනෙ. කොටින්ම කියනවනම්, ඉර කියන්නෙ ලොකු භාජනයක් නම් අපි ඉන්න පෘථිය වගේ ග්‍රහලෝක මිලියන ගානක් ඊ භාජනයට දාන්න පුළුවන්.

සූර්‍යාගෙ මේ තියෙන විශාලත්වය නිසා හටගන්න ගුරුත්වාකර්ශන බලය තමයි, මේ මුලු සෞරග්‍රහමණ්ඩලයම වෙන් වෙන්නෙ නැතිව එකට තියාගන්නෙ. ඉරේ තියෙන මේ විශේශත්වයම තමයි ප්ෘතිවියේ ජීවය පවතින්න බලපාන සාධකය. ඉර නැතිනම් මේ තියෙන උණුසුම සහ ආලෝකය නැති වෙනව. ගස් වලින් ප්‍ර්භාසංස්ලේශනය වෙන එකක් නැහැ. වතුර සීතල නිසා අයිස් බවට පත් වේවි. ඉර මේ විදියට ආලෝකය සහ උණුසුම දෙන්නෙ, එය නිතරම දැවෙමින් නැතිනම් ගිණිගනිමින් තියෙන නිසා. ඒකට හේතුව වෙන්නෙ සූර්‍යාගෙ පවතින හයිඩ්‍රජන් සහ හීලියම් වායූන්. ඒ නිසා ඉරෙ ගිණිගෙන දැවෙන උශ්ණත්වය සෙල්සියස් අංශක මිලියන ගණනක් වෙනව. අපි දැන් ඉරෙන් ඔබ්බට ඇති ග්‍රහලෝක ගැන විපරම් කරමු.

සෞරග්‍රහ මණ්ඩලයෙ, ඉරෙන් පසු හමුවන මුල්ම ග්‍රහලෝකය වන්නෙ බුධ. ප්ෘතිවියටත් වඩා කුඩා වන බුධ ග්‍රහයා තමයි ක්ශීරපතයේ කුඩාම ග්‍රහලෝකය. ඒ වගෙම, ප්ෘතිවියේ සිට අධාරකයක් නොමැතිව පියවි ඇසින් නිරීක්ශණය කරන්න පුලුවන් ග්‍රහලෝක 5න් එකක් තමයි මේ බුධ කියන්නෙ. බුධ, බොහෝ දිනවල රාත්‍රිය උදාවත්ම ක්ශිතිජයට ආසන්නයෙන්ම දැකියහැකිය.  ප්ෘතිවියේ හඳට සමාන ප්ෘශ්ඨයක් ඇති බුධගේද කඳු සහ ආවාට ඇට්ගි අතර බුධට වායුගෝලයක් නොමැති අතර චන්ද්‍රයන්ද නොමැත. බුධගේ හිරුට විවුර්තව ඇති පැත්තේ අධික උශ්ණත්වයක් ඇති අතර, අනෙක් පස හිම මිදෙන සීතලක්ද ඇත. සූර්‍යා වටා යන ගමනේ ඉක්මනින්ම තම පරිභ්‍රමණය සම්පූර්ණ කරගන්න බුධට ඒ සඳහා ගතවන්නෙ දින 88ක් පමණි. 

බුධගෙන් පසු, අපි සිකුරු ග්‍රහයා වෙත යොමු වෙමු. මෙය බොx හෝදුරට ප්ෘතිවියේ ස්කන්ධයට හා ගුරුත්වාකර්ශණ බලයට ආසන්න වශයෙන් සමාන වන අතර මතුපිට ස්වභ්හාවයෙන් බෝහෝලෙස වෙනස් වෙනව. බුධ තරම් හිරුට සමීප නොවූවත්, සිකුරු මතුපිට ඇති ඝන වායොගෝලය සහ කාර්බන් ඩයොක්සයිඩ් වායුව නිසා, පවතින අධික උෂ්ණත්වය අන් සියලු ග්‍රහලෝක අභිබවා යනව.  සිකුරු ග්‍රහයාගෙ වළාකුළු නිර්මාණය වෙලා තියෙන්නෙ සල්ෆියුරික් අම්ලයෙන්. මේ නිසා වායුගූලයක් තිබුනත්, සිකුරු කියන්නෙ ජීවත් වෙන්න හොඳ ග්‍රහලෝකයක් න්ම් නෙවෙයි.රාත්‍රී අහසෙ හඳෙන් පසුව දීප්තිය වැඩිම ආකාශ වස්තුව වෙන්නෙ සිකුරු.

ඊලඟට අපි ජීවත් වෙන පෘථිවිය. සෞරග්‍රහ මණ්ඩලයේ තුන්වෙනි ග්‍රහයා. ජීවයක් පැවැත්මට අවශ්‍ය සාධක අවශ්‍ය ආකාරයටම ඇති, ජීවය පවතින බව දැනට දන්නා එකම ග්‍රහලෝකය පෘථිවියයි.

අපි ඊලඟට යමු සෞරග්‍රහ මණ්ඩලයේ හතරවෙනි ග්‍රහයා අඟහරු වෙත. මෙය බොහෝ අය හඳුන්වන්නේ රතු ග්‍රහයා කියලා. අයන් ඔක්සයිඩ්, මළකඩ වගේ ද්‍රව්‍යක් නිසා අඟහරුගේ පසට ලැබුන වර්ණය තමයි ඒකට හේතුව. පෘථිවියටත්, සිකුරුටත් වඩා ප්‍රමාණයෙන් කුඩා අඟහරු බුධට වඩා නම් විශාලයි. අඟහරු මතුපිට ගල් වලින් නිර්මාණය වෙච්ච කඳු බොහෝමයක් තියෙනව. කාබන් ඩයොක්සයිඩ් හා ඔක්සිජන් එකතු වෙලා නිර්මාණය වුන තුනී වායුගෝලය නිසා මතුපිට තරමක් සීතලයි .ඔබ දැනටමත් දන්නවනේ අඟහරුගේ මිදුන අයිස් තියෙනව කියල. මේ නිසාම විද්‍යඥයන් සිතනව විශීෂිත උපකරණ වල උදව්වෙන් අඟහරු මත මිනිස්සුන්ට ජීවත් වෙන්න පුලුවන් කියලා. මේ ගැන වැඩිදුර විමර්ශණය කරන්න රොකට් සහ යම් යම් යානා දැනටමත් අඟහරු වෙත යවල තියෙනව. මේ මොහොත වන විටත් එවන් රොබූ යානා දෙකක් අඟහරුගේ මතුපිට ගැන පරීක්ෂණ කරමින් ඒවායේ තොරතුරු පෘථිවියට එවමින් සිටිනවා. තවත් විශේශ කරුණක් තම්යි අඟහරුට උපග්‍රහයන් දෙදෙනෙකු සිටීම. 

හැබැයි ඒවා නම් පෘථිවියේ හඳ වගේ ක්‍රමවත් හැඩයකට නෙවෙයි පිහිටලා තියෙන්නේ. මේ නිසාම විද්‍යඥයින් උපකල්පනය කරනව අඟහරුගේ ගුරුත්වයට අහු වූ උල්කා දෙකක් මේ විදියට අඟහරුගේ උපග්‍රහයන් බවට පත් වුනා කියලා. ඇතැම් විට මේ ග්‍රාහක අඟහරු හා බ්‍රහස්පති අතර ඇති ග්‍රාහක වලල්ලෙන් ඉවතට ඇදීගිය ඒවා වෙන්නත් පුලුවන්.

මේ ග්‍රාහක වලල්ල අඟහරුත්, බ්‍රහස්පතිත් අතර ප්‍රදෙශයේ පවතින අතර, ප්‍රමාණය අනුව විශාල කඳු තරමේ උල්කා ඉඳල පොඩි උල්කාපාත දක්වා විසිරෙමින් ඉර වටේ භ්‍රමණය වෙමින් පවතිනවා.

බ්‍රහස්පති, සෞරග්‍රහ මණ්ඩලයේ පස් වන සහ විශාලම ග්‍රහයා. එවගෙම ගෑස් යෝධයා කියලත් හඳුන්වනවා..බ්‍රහස්පතිට තමා වටේ භ්‍රමණය වන උපග්‍රහයන් 67ක් පමණ තියෙනව. නමුත් ඉන් 55ක් පමණ ඉතා කුඩා ඒවා.   ඒවා බොහෝ දුරට විශාල ගල් පර්වත තරමේ හෝ පාපන්දු පිටියක් තරම් වෙනවා. අනෙකුත් උපග්‍රහයන් 12 දෙනා ඊට වඩා බොහෝ විශාලයි. මින් උපග්‍රහයන් දෙදෙනෙක් බුධ ග්‍රහයා තරම්ම විශාල වන අතර, එයිනුත් එක් උපග්‍රහයෙකු සෞරග්‍රහමණ්ඩලයේ විශාලම උපග්‍රහයාද වනවා.  දුරේක්ශයකින් බැලුවහොත්, ඔබට මෙම උප්ග්‍රහයන් අතරින් හතරදෙනෙකු පමණ දැකගන්න පුළුවන්. 

බ්‍රහස්පති මතුපිට විශාල වශයෙන් වායූන් අන්තර්ගථ වන නිසා සහ, වලගොඩැලි සහිත මතුපිටක් ඇති නිසා මිනිසුන්ට බ්‍රහස්පති වෙත ගොඩබැසීමට නම් අපහසු වේවි. 

එළෙස ගොඩබසින්නට පහසු බිමක් සොයා ගත්තත් බ්‍රහස්පතිගේ සුළි කුණාටු වලින් නම්  බේරෙන්නට නොහැකි වේවි. බ්‍රහස්පති මතුපිට පවතින භයානක කුණාටු පෘථීවියේ පවතින සුළි කුණාටු වලටත් වඩා ප්‍රභලයි. බ්‍රහස්පතිගේ “Great Red Spot” ගැන ඔබ අහල ඇති.

 බ්‍රහස්පතිගේ තියෙන රතුපාට ලපය තමයි මී නමින් හඳුන්වන්නෙ. ඒක බ්‍රහස්පතිව හොයාගත්තු 1665 අවුරුද්දෙ ඉඳල අද වෙනතුරු නොවෙනස්ව පවතින් කුණාටුවක් කියල ඔබ දන්නවද. වරින් වර සුළු සුළු වෙනස්කම් උනත්, මේ කුණාටුවේ වේගය පැයට කිලෝ මීටර 400කට වැඩියි. 

බ්‍රහස්පතිගෙන් පස්සෙ අපි යමු සෙනසුරු ගැන විස්තර පොඩ්ඩක් කතා කරන්න. තවත් ගෑස් වලින් පිරුනු ග්‍රහලෝකයක් වෙන  සෙනසුරු ප්‍රසිධ්ධ වෙන්නෙ එයාගෙ වටේට තියෙන ලස්සන දූවිලි වලල්ල නිසා. පොඩි පොඩි අයිස් කුට්ටි, ගල් සහ දූවිලි වලින් මේ ලස්සන දූවිලි වලල්ල නිර්මාණය වෙලා  තියෙන සෙනසුරුට උපග්‍රහයන් 60කට වැඩි ප්‍රමාණයක් ඉන්නව.  ඇතැම් උපග්‍රහයන් බුධ තරම් විශාල වන අතරම සමහර ඒවා විශාලත්වයෙන් අඩුයි. සෙනසුරුගේ තවත් විශේශත්වයක් තමයි ඝණත්වය අඩු වීම. කවදහරි දවසක සෙනසුරු තරම් ලොකු බේසමක් හදල වතුර දාලා සෙනසුරුව ඒකෙ ගිල්ලවන්න හැදුවොත්, ගිලෙන්නෙ නැතුව ඒක පා වේවි. පියවි ඇසින් බලන්න පුළුවන් සෞරග්‍රහමණ්ඩලයේ දුරම තියෙන ග්‍රහලෝකය තමයි සෙනසුරු.

යුරේනස්, සෞරග්‍රහමණ්ඩලයේ 7 වන ග්‍රහලෝකය. බ්‍රහස්පතිටත් සෙනසුරුටත් වඩා ප්‍රමාණයෙන් කුඩා වන යුරේනස් පෘථිවියට වඩා නම් විශාලයි. ගොඩක් ග්‍රහලෝඅ තම අක්ශයට ඇති ආනතිය සුළු අගයක්. පෘථිවියේදි එම අගය අංශක 23ක් වගේ උනත්, යුරේනස්ගේ එම අගය අංශක 97ක් පමණ වනවා. උ පග්‍රහයන් 27ක් සිටින යුරේනස්ටත් සෙනසුරුග්ගේ තරම් විශාල නොවූ සියුම් දූවිලි වලල්ලක් තියෙනව. මෙතේන් වලින් නිර්මාණය වුන නිල්පාට වළාකුළු නිසා යුරේනස් පේන්නෙ නිල්පාටින්.

යුරේනස්ට හැම ආකාරයකින්ම වගේ සමානකම් කියන තවත් ගෑස් වලින් පිරුනු ග්‍රහලෝකයක් වන නෙප්චූන් තමයි සෞරග්‍රහමණ්ඩලයේ අටවෙනි ග්‍රහලෝකය. උපග්‍රහයන් 14ක් පමණ හඳුනගෙන තියෙන නෙප්චූන් යුරේනස්ට වඩා තද නිල් පැහැයක් ගන්නෙ ඇයිද කියන ප්‍රශ්නෙට න්ම තාම විද්‍යාඥයන් ලඟ පිළිතුරක් නැහැ. සූර්‍යාගෙන් බොහෝඅ දුරින් පිහිටි නිසා, පරිභ්‍රමණය සඳහා වැඩිම කාලයක් ගන්නා අතර එම කාලය අවුරුදු 164ක් පමණ වනවා. නෙප්චූන් දැන් සිටින ස්ථානායේ මීට කලින් සිටි අවස්ථාව වන විට ඇමෙරිකානු සිවිල් යුධ්ධය ඇරඹී නැහැ, පරිඝණක, දුරකථන හෝ වාහන පවා සොයාගෙන නැහැ.

අවසාන වශයෙන්, ඔබ දන්නවා ඇති 1930 වසරේදී සොයාගත් “ප්ලූටෝ” කාලයක් යනතුරුම සෞරග්‍රහමණ්ඩලයේ 9 වන ග්‍රහයා ලෙස සැළකුවා. විද්‍යඥයන් සිදුකරන ලද විශාල නිරීක්ශන ප්‍රමානයකට පසු, ප්ලූටො සෞරග්‍රහමණ්ඩලයේ සෑම ග්‍රහලෝකයකටම වඩා කුඩා බවටත්, ඊටත් වඩා එය බොහෝ උපග්‍රහය්න්ටත් වඩා කුඩා බවටත් සොයාගත්තා. පසු කළෙක අහස නිරීක්ශණය කරන්නන් විසින් ප්ලූටෝ අවට ඊටත් වඩා විශාල ග්‍රහකයන් සොයා ගත්තා.  හිරුමඬලේ නවවන ග්‍රහ්ලෝකය ලෙස නම්කොට වසර 76කට පසු, 2006 වසරේදී ප්ලූටෝ  වාමන ග්‍රහලෝකයක් ලෙස නම් කරන ලදී. ප්ලූටෝට අමතරව තවත් වාමන ග්‍රහලෝක 6ක් පමණ මේ වන විට සොයාගේන් බිතුනත් ඊට වඩාඅ වැඩි වාමන ග්‍රහලෝක ප්‍රමාණයක් තිබිය හැකි බවටයි විද්‍යාඥයින් පෙන්වා දෙන්නෙ.

ඒ අනුව, සෞරග්‍රහමණ්ඩලයේ සමස්ථ ග්‍රහලෝක ප්‍රමාණය 8 පිළිවෙලින් බුධ, සිකුරු, පෘථිවි, අඟහරු, බ්‍රහ්ස්පති, සෙනසුරු, යුරේනස් සහ නෙප්චූන් වනවා.

SOURCE:

https://www.youtube.com/user/watchfreeschool

NASA

spot_imgspot_img

Subscribe

Related articles

2024 YR4 උල්කාපාතය පෘථිවිය මත බලපෑමෙන් වෙන්න පුළුවන් නරකම දේවල්

2024 YR4 ග්‍රහකය 2032 දෙසැම්බර් 22 වන දින පෘථිවිය හා ගැටෙන්නේ නම්, එහි ප්‍රමාණය, වේගය, ඇතුල් වීමේ කෝණය සහ බලපෑමේ ස්ථානය ඇතුළු සාධක කිහිපයක් මත බලපෑමේ බරපතලකම රඳා පවතිනවා. වත්මන් ඇස්තමේන්තු මත පදනම්ව නරකම අවස්ථාව ගවේෂණය කළොත්...

ජේම්ස් වෙබ් දුරේක්ෂය පෘථිවියට ආසන්න වල්ගා තරුවකින් සොයාගත්තෙ මොනවද ?

මේ පෘතුවියේ විද්‍යාව කියලා කියන්නේ හරිම පුදුම දෙයක්. හැමදාම...

Travel with බෙනූ

බෙනූ සළකුණුගල් පර්වතයFAQ වර්ෂ 2018දී පෘථිවියට ආසන්න ග්‍රහකයක් වන benu...

පාර්සෙක් ඒකකය

පාසෙක් ඒකකයචාප කෝණය තරු අහස එක්ක එකතු වෙලා ඉන්න ඔයාලට...

2M1207 extrasolar planetary System

විද්‍යාවේ දියුණුවත් එක්ක මානව ශිෂ්ටාචාරයේ විවිධ කඩඉම් පසු කරන්නට...
spot_imgspot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here