සෙනසුරු වටා කක්ෂගත වන නව චන්ද්‍රයින් 62ක්

අපේ අද වීඩියෝව  වෙන්වන්නේ සෞරග්‍රහ මණ්ඩලයෙ දර්ශනීයම ග්‍රහලෝකය වන සෙනසුරු ගැන. ඔයාලා මේ වෙනකොට දන්නවා ඇති සෙනසුරුට සම්බන්ධ අලුත්ම තොරතුර මොකක්ද කියලා. 

සෙනසුරු සහ වළලු

සොයාගැනීම

පසු ගිය දිනෙක විද්‍යාඥයන් විසින් සෙනසුරු වටා කක්ෂගත වන නව චන්ද්‍රයින් 62ක් සොයාගත් අතර, මේ සමගම එහි මුළු චන්ද්‍රයින් සංඛ්‍යාව 145 දක්වා ඉහල එමින් බ්‍රහස්පති ග්‍රහයාගේ චන්ද්‍රයන් සංඛ්‍යාව වන 95 ඉක්මවා යනවා. Edward Ashton ප්‍රමුඛ ජාත්‍යන්තර පර්යේෂණ කණ්ඩායම මෙම සැතපුම් 1.5ක් තරම් කුඩා චන්ද්‍රයන් සොයා ගෙන ඇති අතර මෙම සොයාගැනීම් මගින් සෙනසුරුගේ කක්ෂය තුළ ඇති වූ ග්‍රාහක ගැටුම් වල ඉතිහාසය පිළිබඳ යම් තාක් දුරට අවබෝධයක් ලබා ගත හැකි වනවා.

සෙනසුරුගේ චන්ද්‍රයින් 145න් කිහිපයක් (Credit: NASA)

බ්‍රහස්පති සෞරග්‍රහමණ්ඩලයේ සිටියේ වැඩිම චන්ද්‍රයන් සිටින ග්‍රහලෝකය ලෙස. නමුත් සෙනසුරු වටා තවත් චන්ද්‍රයින් 62ක් සොයාගැනීමත් සමඟම සෙනසුරු ග්‍රහයා බ්‍රහස්පති අභිබවා ස්වභාවික චන්ද්‍රිකා වැඩිම ප්‍රමාණයක් ඇති ග්‍රහලෝකය ලෙස නැවතත් ප්‍රමුඛ ස්ථානය ලබාගෙන තිබෙනවා.

නව චන්ද්‍රයන් 62 සමග සෙනසුරුගේ මුළු චන්ද්‍රයන් සxඛ්‍යාව සටහන් වන්නේ 145ක් ලෙස. මෙම අගය බ්‍රහස්පතිගේ චන්දරයන් සxඛ්‍යාවට වඩා 50කින් පමණ වැඩි අගයක්. මෙම ග්‍රහලෝක යුගලය වැඩිම චන්ද්‍රයන් ප්‍රමානය සඳහාවන කිරුල වෙනුවෙන් කරට කර සටනක යෙදී සිටින බව නොරහසක්, ඇතැම් විට යථා කාලයේදී බ්‍රහස්පති සතුව පවතින තවත් චන්ද්‍රයන් සොයා ගනීවි. 

බ්‍රහස්පතිට මේ වන විට චන්ද්‍රයන් 95ක් තිබෙනවා. ඒ තාරකා විද්‍යාඥයින් පෙබරවාරි මාසයේදී ප්‍රකාශයට පත් කරන ලද නව චන්ද්‍රයන් 12 ත් ඇතුළුව. නමුත් තාරකා විද්‍යාඥයින් කුඩා, අක්‍රමවත් චන්ද්‍රයන් හඳුනා ගැනීමට වඩා හොඳ ක්‍රම සොයාගනිමින් සිටින අතර මේ නිසා බ්‍රහස්පතිගේ චන්ද්‍රයන් එකතුව නැවත වර්ධනය විය හැකියාවක් තිබෙනව. මේ අනුව චන්ද්‍රයින් 100කට වඩා ඇති එකම ග්‍රහලෝකය සෙනසුරු වන අතර එය නුදුරේදිම වෙනස් වෙන්නට හැකියාවක් පවතිනවා.

Dr. Edward Ashton (
X.com
)

කණ්ඩායම

මේ අපූරු සොයාගැනීම ජාත්‍යන්තර විද්‍යාඥයින් කණ්ඩායමක් විසින් තමයි සිදු කළේ. තායිවානයේ Academia Sinica Astronomy and Astrophysics ආයතනයේ පශ්චාත් උපාධිදාරි Dr. Edward Ashton තමයි පර්යේෂණයට නායකත්වය දීලා තියෙන්නේ. ඔවුන් මාස කිහිපයකින් ඔවුන්ගේ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කරනු ඇති. මේ සඳහා භාවිතා කරල තියෙන්නේ නෙප්චූන් සහ යුරේනස් සතු චන්ද්‍රයන් සෙවීමේ නව ක්‍රමයක් වන නමුත් මෙතෙක් සෙනසුරු සඳහා භාවිතා නොකළ ක්‍රමවේදයක්.

පර්යේෂකයන් චන්ද්‍රයන් සොයා ගැනීම සඳහා Shift and Stack නම් තාක්ෂණය භාවිතා කළා. චන්ද්‍රයා අහස හරහා ගමන් කරන වේගයට අනුක්‍රමික රූප සමූහයක් මාරු කිරීමෙන් කුඩා, දුර්වල චන්ද්‍රයන් සොයා ගන්නවා. ඉන්පසු රූප එකිනෙක ගැනීමෙන් දත්ත ඒකාබද්ධ කරන අතර එමඟින් චන්ද්‍රයන්ගේ සංඥා වැඩි දියුණු වනවා. ඇෂ්ටන් සහ ඔහුගේ සගයන් Mauna Kea ඛේ හි කැනඩා-ප්‍රංශ-හවායි දුරේක්ෂයෙන් ලබා ගත් නිරීක්ෂණ දත්ත භාවිතා කළ බව සඳහන්. ඔවුන් 2019 සහ 2021 අතර පැය තුනක කාල පරාසය තුළ අනුක්‍රමික රූප ලබා ගත් අතර කිලෝමීටර් 2.5 (සැතපුම් 1.5) තරම් කුඩා චන්ද්‍රයන් මේ අනුව අනාවරණය කර ගත්තා.

නව චන්ද්‍රයන් සියල්ලම අක්‍රමවත් චන්ද්‍රයන් වනවා. ඔවුන්ගේ කක්ෂද අක්‍රමවත්, එනම් ඒවා දුරස්ථ සහ ආනත වන අතර බොහෝ විට විකේන්ද්‍රීය කක්ශයක චලනය වනවා. තාරකා විද්‍යාඥයින් සිතන්නේ මේවා බොහෝ කලකට පෙර සෙනසුරු සිය ගුරුත්වාකර්ෂණ ග්‍රහණයට හසු වූ ග්‍රහණය කරගත් වස්තූන් විය හැකි බවයි.

මෙම රූපය 2019-2021 කාලය තුළ සෙනසුරු (මධ්‍යයේ කළු කවය) කක්ෂගත වන විට නව චන්ද්‍රයන් 4ක ගමන් මාර්ග පෙන්වනවා

මෙම රූපය 2019-2021 කාලය තුළ සෙනසුරු (මධ්‍යයේ කළු කවය) කක්ෂගත වන විට නව චන්ද්‍රයන් 4ක ගමන් මාර්ග පෙන්වනවා. වර්ණ තිත් එක් එක් චන්ද්‍රයා සඳහා නිරීක්ෂිත පිහිටීම සලකුණු කරන අතර ඉරි සහිත වක්‍රය ඒවා සම්බන්ධ කරන කක්ෂය පෙන්වනවා.

චන්ද්‍රයන්ගේ කක්ෂීය නැඹුරුව මත පදනම් වූ දත්ත ආශ්‍රිතව සෙනසුරුට ඉනුයිට් , ගාලික් සහ නොර්ස් යනුවෙන් කල්පිත චන්ද්‍ර කණ්ඩායම් තුනක් ඇති බවට නිරීක්ශක්යින් සොයාගෙන තිබෙනවා. මින් නෝර්ස් කණ්ඩායමට විශාලතම චන්ද්‍රයන් අයත් වනවා. සියලුම නව චන්ද්‍රයන් මෙම කණ්ඩායම් වලින් එකකට හෝ අයත් වෙනවා.

නව චන්ද්‍රයන් සෙවීමේ වගකීම දරන පර්යේෂකයන්ගෙන් එක් අයෙකු වන ආචාර්ය බ්‍රෙට් ග්ලැඩ්මන් බ්‍රිතාන්‍ය කොලොම්බියා විශ්ව විද්‍යාලයේ තාරකා විද්‍යාව සහ තාරකා භෞතික විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙකි. ඔහුට අනුව සෙනසුරුගේ මින් එක් චන්ද්‍රයෙකු වසර මිලියන 100කට පමණ පෙර පුපුරා ගිය බවට සාක්ශි හමු වෙමින් පවතිනවා.

ග්ලැඩ්මන්, ඇෂ්ටන් සහ සම-පර්යේෂක මැතිව් බෝඩොයින් 2021 දී එම ගැටුම පිළිබඳ සාක්ෂි ඉදිරිපත් කරමින් පත්‍රිකාවක් ප්‍රකාශයට පත් කළා. එම කාර්යයේදී, ඔවුන් ඇස්තමේන්තු කළේ සෙනසුරුට කිලෝමීටර් 2.8ක් නැතිනම් සැතපුම් 1.7ක් තරම් කුඩා චන්ද්‍රයන් 150ක් පමණ තිබිය හැකි බවයි.

සෙනසුරුගේ චන්ද්‍රයන් කුතුහලයෙන් පිරි තාරකා විද්‍යාඥයින්ගේ අවධානය දිගටම ආකර්ෂණය කරගන්නවා. ඒවායේ ප්‍රමාණය බුධ ග්‍රහලෝකයට වඩා විශාල සහ සෞරග්‍රහ මණ්ඩලයේ දෙවන විශාලතම චන්ද්‍රයා වන ටයිටන් චන්ද්‍රයාගේ සිට කුඩා සඳකඩ පහණ ප්‍රමාණය දක්වා විහිදෙනවා. තාරකා විද්‍යාඥයින් සිතන්නේ මෙම චන්ද්‍රකාමී ග්‍රහලෝකය එනම් සෙනසුරු තවත් චන්ද්‍රයන් දහස් ගණනක් එහි වළලු පද්ධතියේ සඟවාගෙන ඇති බවයි. ගෑස් යෝධයා නැත්නම් බ්‍රහස්පති වටා කක්ෂගත වන තවත් විශ්කම්භය කිලෝමීටර පමණ ප්‍රමාණයේ වස්තූන් සිය ගණනක් ද සොයා ගැනීමට ඉතා ඉක්මනින් හැකි වනු නියතය.

Universe Today හි මුලින් පළ වූ ලිපියකින් අනුවර්තනය කරන ලදී .

spot_imgspot_img

Subscribe

Related articles

නොවැම්බර් තරු අහස: 2025 දී අනිවාර්යයෙන්ම බලන්න ඕන සිදුවීම්!

2025 නොවැම්බර් මාසය අභ්‍යවකාශයට ආදරය කරන ඔබට නම් මඟහරින්න...

අඟහරුට මාස ගණන් නෑ! දවස් 30න් යන්න රුසියාවෙන් ප්ලාස්මා රොකට් එන්ජිමක්

අභ්‍යවකාශ ගමන් ගැන අලුතෙන්ම කතාබහට ලක්වෙලා තියෙන්නේ රුසියාවෙන් එන ආන්දෝලනාත්මක පුවතක්. ඒ තමයි, ඔවුන් විසින් නිපදවූ ප්ලාස්මා රොකට් එන්ජින් (Plasma Rocket Engine) මඟින්, අඟහරු ග්‍රහයා වෙතට යන ගමන මාස 7-9ක කාලයකින් දවස් 30ක් වැනි කෙටි කාලයකට අඩු කරන්න පුළුවන් කියන එක.

අභ්‍යවකාශයේ අමුත්තා: C/2025 A6 (Lemmon) ධූමකේතුව

තාරකා විද්‍යා ලෝලීන්ට මේ ඔක්තෝබර් මාසයේ අහස දෙස බලා සිටීමට අපූරු හේතුවක් ලැබී තිබේ. ඒ, දීප්තිමත් ලෙස බැබළෙන C/2025 A6 (Lemmon) ධූමකේතුව යි. මුලින් අපේක්ෂා කළාට වඩා බොහෝ සෙයින් දීප්තිමත් වී ඇති මෙම වල්ගා තරුව, වසර දහසකටත් අධික කාලයකට පසු අපේ සෞරග්‍රහ මණ්ඩලයට පැමිණෙන "එක ජීවිත කාලයකට වරක්" පමණක් දැකිය හැකි අසිරිමත් දසුනක් වනු ඇත.

ග්‍රාහක චන්ද්‍රයන්: අභ්‍යවකාශයේ අත්භූත වස්තූ

විශාල ග්‍රහලෝකවලට චන්ද්‍රයන් සිටිනවා වගේම, සමහර ග්‍රාහකවලටත් ඒවාටම අයිති කුඩා චන්ද්‍රයන් සිටිනවා. මේවා ග්‍රාහක චන්ද්‍රයන් (asteroid moons) ලෙස හැඳින්වෙනවා. සාමාන්‍යයෙන් ග්‍රාහකයක් තවත් ග්‍රාහකයක් හා ගැටීමෙන් පසුව ඇතිවන සුන්බුන් කොටස්, මව් ග්‍රාහකයේ ගුරුත්වාකර්ෂණ බලයට හසුවීම නිසා මේ කුඩා චන්ද්‍රයන් නිර්මාණය වෙනවා. සමහර වෙලාවට එක ග්‍රාහකයකට චන්ද්‍රයන් එකකට වඩා වැඩි ගණනක් පවා තිබෙන්න පුළුවන්. මේ චන්ද්‍රයන්, මව් ග්‍රාහකය වටා ගමන් කරන්නේ පුදුම සහගත ආකාරයටයි. ඒවා නියමිත කක්ෂයකට වඩා, එකට එකතු වී අභ්‍යවකාශය හරහා ගමන් කරන අමුතුම යුගල ලෙස හැසිරෙනවා. මෙයට හොඳම උදාහරණයක් තමයි ඉඩා (Ida) සහ එහි කුඩා චන්ද්‍රයා වන ඩැක්ටිල් (Dactyl). නාසා ආයතනයේ ගැලීලියෝ අභ්‍යවකාශ යානය විසින් සොයාගත් මෙම ග්‍රාහක-චන්ද්‍ර යුගලය, මේ ආකාරයේ පද්ධතියක් ගැන විද්‍යාඥයන්ට මුලින්ම අවබෝධයක් ලබා දුන්නා.

2024 YR4 උල්කාපාතය පෘථිවිය මත බලපෑමෙන් වෙන්න පුළුවන් නරකම දේවල්

2024 YR4 ග්‍රහකය 2032 දෙසැම්බර් 22 වන දින පෘථිවිය හා ගැටෙන්නේ නම්, එහි ප්‍රමාණය, වේගය, ඇතුල් වීමේ කෝණය සහ බලපෑමේ ස්ථානය ඇතුළු සාධක කිහිපයක් මත බලපෑමේ බරපතලකම රඳා පවතිනවා. වත්මන් ඇස්තමේන්තු මත පදනම්ව නරකම අවස්ථාව ගවේෂණය කළොත්...
spot_imgspot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here