සාමාන්‍යයෙන් අභ්‍යවකාශ යානයක් යවනව කියන එක ඉතා වෙහෙසකර, ඒ වගේම ඉතා විශාල මුදලක් වෙන් කළ යුතු ව්‍යාපෘතියක්. මෑත ඉතිහාසය වෙනකම්ම ගොඩක් වෙලාවට අභ්‍යවකාශය ජය ගන්නට උත්සාහ කළේ ඇමරිකාව හෝ රුසියානුවන් පමණයි. නමුත් පසුගිය දශක දෙකේ දී විතර ඒ ක්ෂේත්රයේ කැපී පෙනෙන වෙනසක් සිදු වුණා. ඒකට හේතුව වුණේ පහුගිය දශක දෙකේ දී පෞද්ගලික ආයතන මට්ටමෙන් අභ්‍යවකාශය ජය ගන්නට යම් යම් යානා නිර්මාණය කරලා අභ්‍යවකාශ ගත කරපු එක.
ඉන් නොනැවතී පෞද්ගලික ආයතන සඳ, අඟහරු වගේ අභ්‍යවකාශ වස්තු වෙත තමන්ගේ යානා වල ගමන් පථය විහිදුවන්නට උත්සාහ කළා. මේ විදිහට අභ්‍යවකාශය ජයගත් spacex, blue origin, virgin galactic වගේ පෞද්ගලික ආයතන ව ලට ලඟදි එකතු වෙච්ච අලුත්ම ආයතනය තමයි ජපානයේ ispace. 2023 අවුරුද්දේ අප්‍රේල් 25 වනදා ජපානයේ මේ ispace අභ්‍යවකාශ ආයතනය විසින් සඳ මතට තමන්ගේ පළවෙනි අභ්‍යවකාශ යානය ගොඩබෑමට උත්සාහ කළා. Hakuto R 1 කියලා නම් කරලා තිබුන මේ අභ්‍යවකාශ යානය සඳ මතට ගොඩ බෑම සජීවීව ලොවපුරා විකාශන කලත්, අවාසනාවන්ත විදිහට මේ යානයට සඳමතට නියමිත විදිහට ගොඩබාන්නට හැකියාවක් ලැබුණේ නැහැ. ඒ වෙනුවට සජීවී විකාශය අතරතුර hakuto R 1 යානය පෘථිවියට ලබාදුන් දත්ත නතර වීමත් සමඟම එම උත්සාහය ඛේදාන්තය කින් අවසන් වුණා.
මෙය අතර නාසා lunar reconnaissance orbiter නැත්නම් නාසාහි චන්ද්‍ර නිරීක්ෂණ යානය, මේ hakuto r 1 කියන පෞද්ගලික චන්ද්‍ර යානය කඩා වැටුණු ප්‍රදේශයෙ නිරීක්ෂණය කළා. ඒ අනුව ඔවුන් ඡායාරූප සාක්ෂි මගින් තහවුරු කර ගත්තේ ජපාන පෞද්ගලික අභ්‍යවකාශ යානය අවම වශයෙන් විශාල කැබලි හතරකට වත් කැඩී ගොස්, ගොඩබෑම සලකනු කළ ස්ථානය අවට විසිරී පවතින බවයි.
ජපාන අභ්‍යවකාශ සමාගම විසින් සද වෙත යැවූ හකුටෝ-ආර්1, සඳ මත සාර්ථකව ස්පර්ශ කළ පළමු පුද්ගලික චන්ද්‍ර ගොඩබෑම බවට පත් වීමට නියමිතව තිබුණද, එහි අවසාන තත්පර කිහිපයේදී අනපේක්ෂිත ලෙස පෘථිවි පාලනය සමඟ සන්නිවේදනය අහිමි වුනා. සන්නිවේදනය නැවත ස්ථාපිත කිරීමට අසාර්ථක උත්සාහයන් කිහිපයකින් පසුව, ispace කණ්ඩායම නිගමනය කළේ සැලසුම් කළ පරිදි යානය මෘදු ලෙස ගොඩබෑමට වඩා සඳ මතට තරමක් ඝට්ටන සහිත ගොඩබෑමකට ලක්ව ඇති බවයි.
ඊළඟ දිනයේ දී එනම් අප්‍රේල් 26 වැනිදා NASA හි Lunar Reconnaissance Orbiter (LRO) Hakuto-R හි ගොඩබෑමේ ස්ථානය පසුකරමින් ඡායාරූප 10 ක් ලබා ගත්තා. විද්‍යාඥයන් මෙම ඡායාරූප කලාපයේ පෙර ඡායාරූප සමඟ සංසන්දනය කළේ ජපන් යානය ගොඩබෑමේ ස්ථානය සහ එහිදී සිදුවිය කුමක්ද යන්න හඳුනා ගැනීමේ අපේක්ෂාවෙනි.
LRO කැමරාව පෘථිවිය වෙත එවූ ඡායාරූප විශ්ලේෂණය කළ පර්යේෂකයන්ගේ ප්‍රකාශයකට අනුව, Hakuto-R හි ඉලක්කගත ගොඩබෑමේ ස්ථානය වටා “අසාමාන්‍ය මතුපිට වෙනසක්” කණ්ඩායම විසින් හඳුනාගෙන තිබුණා. අප්‍රේල් 26 ඡායාරූපවල විශාල සුන්බුන් කැබලි හතරක් දිස්වනවා. මෙම කොටස් පෙර ඡායාරූපවල නොතිබූ අතර, ඒවා සැබවින්ම ස්වභාවික ලක්ෂණ වලට වඩා ගොඩබෑමේ කොටස් බව පර්යේෂකයෝ නිගමනය කරල තිබුණා. මීට අමතරව, කඩාවැටුණු ස්ථානය බවට සැක සහිත ස්ථානය අසල ඇති නව කුඩා ආවාටයක් ලෙස පෙනෙන ස්ථානයද පින්තූර වල පැහැදිලිව පෙනෙන්නට තිබෙනවා.
මෙය නාසා හි LRO විසින් හඳුනාගත් පළමු ඝට්ඨන ප්‍රදේශය නොවන අතර 2019 දී, එය ඉන්දියාවේ චන්ද්‍රයාන් 2 වික්‍රම් ලෑන්ඩරයේ සහ පුද්ගලික ඊශ්‍රායල බෙරෙෂීට් ලෑන්ඩර් නටබුන් ද සොයා ගත්තා.
දින කිහිපයකට පසුව ඩොලර් මිලියන 90ක් වටිනා මෙම අභ්‍යවකාශ යානයේ radar altimeterය දෝෂ සහිත බව, ඔන්බෝඩ් පරිගණකය වැරදි ලෙස උපකල්පනය කර, එහි දත්ත නොසලකා හරිමින් අභ්‍යවකාශ යානයේ සැබෑ උන්නතාංශය වැරදි ලෙස විනිශ්චය කරීම නිසා මෙම අභ්‍යවකාශ යානය සඳ මත ගොඩබෑමේදී කඩා වැටී ඇති බව ඉSපcඑ කණ්ඩායම තහවුරු කළා.
අවසාන වශයෙන් අපට කියන්නට තියෙන්නේ තෝමස් අල්වා එඩිසන් සාර්ථකව සූත්‍රිකා බල්බය සොයාගන්නට කලින් දහස් වතාවක් අසාර්ථක උනා. ඕනෑම ක්‍රියාවක හෝ ඕනෑම ව්‍යාපෘතියක සාර්ථකත්වය රඳා පවතින්නේ අසාර්ථක වෙද්දී ඔවුන් ඉගෙනගන්න දෙයින්. අපි විශ්වාස කරනවා hakuto r ජපාන යානය යවපු i space ආයතනය මේ සිදුවීමත් එක්ක බොහෝ දේ ඉගෙන ගන්නට ඇති කියලා. ඒ ලබාගත් තොරතුරු සහ අත්දැකීම් එක්ක 2024 වර්ෂයේ දී සිදුකිරීමට නියමිත ispace ආයතනයේ Hakuto R දෙවන මෙහෙයුම සාර්ථක වේවි කියලth අපි බලාපොරොත්තු වෙනවා.
Livescience.com
Digital Ghosts – Unicorn Heads


