Europa චන්ද්‍රයා

ඔබට මතක ඇති පසු ගිය දිනෙක අපි ඉදිරිපත් කළා හබල් දුරේක්ශය විසින් ලබාගත් සෞරග්‍රහමණ්ඩලයේ ඡායාරූප අඩංගු වීඩියෝවක්. එහිදී අපි කතා කලා 1995 වර්ශයේදී හබල් අභ්‍යාවකාශ දුරේක්ශයෙන් ලබා ගත් “pillars of creation” කියන ඊගල් නිහාරිකාවේ ඡායාරූපය. තාරකා විද්‍යාව නවමු මාවතකට යොමු කළ මේ ඡායාරූපයත් සමග ලොව පුරා ආධුනික මෙන්ම පළපුරුදු තාරකා විද්‍යාඥයිනුත් ගැඹුරු ආකාශ වස්තූන් දෙස විශාල අවධානයක් යොමු කලා. නානාප්‍රකාර ආකාරයේ දුරේක්ෂ නිර්මාණය වීම මේකට හේතුවක් විදියට දක්වන්න පුළුවන්.

The Pillars of Creation (nasa.gov)

කෙසේ නමුත් මේ විදිහට ගැඹුරු ආකාශ වස්තූන් දෙස තාරකා විද්‍යාඥයින්ගේ අවධානය යොමු වීම වැඩි වීමත් එක්ක ඇතැම් අවස්ථාවල සෞරග්‍රහ මණ්ඩලය පිළිබඳව අවධානය වෙනස්වුනා කිව්වොත් එකේ ලොකු වැරද්දක් නැහැ. නමුත් සෞරග්‍රහ මණ්ඩලයේ අඟහරුගේ ඉඳලා සෙනසුරු දක්වා වෙනකන් ප්‍රධාන ග්‍රහලෝක තුන සහ ග්‍රහක පටිය පටියේ ඇති වස්තූන් මේ තාරකා විද්‍යාඥයන්ගේ නිරන්තර අවධානය දිනා ගත්තා.

කරුණු කාරණා කොහොම සිද්ද උනත් 1969දී ප්‍රථම වරට මිනිසුන් සඳ මත් පා තැබීම අභ්‍යවකාශ ගවේෂණ ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම සන්ධිස්ථානයක් ලෙස තවමත් සැලකෙන්නේ හේතුවක් නොමැතිව නොවේ. පෘථිවියට පවතින එක චන්ද්‍රයකු නං බ්‍රහස්පති සෙනසුරු වගේ ග්‍රහලෝකවල ග්‍රහලෝක වලට ග්‍රහලෝක වලට චන්ද්‍රයින් විශාල ප්‍රමාණයක් පවතිනවා. අද වීඩියෝව එවන් තවත් චන්ද්‍රයෙකු පිළිබඳව.

සෞරග්‍රහ මන්ඩලයේ විශාලතම ග්‍රහලෝකය බ්‍රහස්පති සතුව පවතින චන්ද්‍රයන් විශාල සංඛ්‍යාව අතුරින් යුරෝපාට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්. තාරකා විද්‍යාඥයන් අඟහරු ගැන පරීක්ෂණ කරන තරම්ම උද්‍යෝගයෙන් මේ යුරෝපා ගැනත් පරීක්ෂණ සිදු කොට තිබෙනවා. හඳුනාගත් උපග්‍රහයෙන් නැත්නම් චන්ද්‍රයන් 78ක් පමණ ඇති බ්‍රහස්පතිගේ යුරෝපා කියන චන්ද්‍රයා ඉටු කරන්නේ ඇති විශේෂ භූමිකාවක්. මේ බ්‍රහස්පති වෙත අතීතයේ දී තාරකා විද්‍යාඥයන් අභ්දී තාරකා විද්‍යාඥයන් අභ්‍යවකාශ මෙහෙයුම් කිහිපයක්ම සිදු කර ඇති අතර, එම යෝධ ග්‍රහ ලෝකය හා එහි චන්ද්‍රයන් පිළිබඳව බොහෝ සොයාගැනීම් ලබා ගත්තේ එකී ගවේෂණ යානා වලින්.  මේ අධ්‍යනයන් වලින් සහ ගවේෂණයන්ගෙන් යුරෝපා චන්ද්‍රයාගේ ප්‍රථම සැබෑ ඡායාරූප ලබා දුන්නේ වර්ෂ එක්දහස් නවසිය හැත්තෑ ගණන්වල මුල් භාගයේ දී.

ජූනෝ අභ්‍යවකාශ යානය මගින් 2023 ඔක්තෝම්බර් 11 දින ඡායාරූපගත කළ Europa. (wikipedia.org)

මේ ඡායාරූපය අතිශය බොඳවූ ඡායාරූප වූ අතර වසර කිහිපයකට පසුව යුරෝපා චන්ද්‍රයාගේ මතුපිට සවිස්තර ඡායාරූප කීපයක් නාසා ආයතනයට ලබා ගැනීමට හැකියාව ලැබුණා. ඒ යළිත් වසර කිහිපයකින් පසු වොයෙජර් අභ්‍යවකාශ ගවේෂණ යානා යළිත් බ්‍රහස්පති අසලින් ගමන් කිරීමෙන් අනතුරුව. බ්‍රහස්පති ග්‍රහයාගේ චන්ද්රයන් විමර්ශනය කිරීමේ මේ දක්වා සිදු වූ විශාලතම මෙහෙයුම් ආරම්භ වන්නේ වර්ෂ 1995දී ගැලීලියෝ අභ්‍යවකාශ යානය, යෝද ග්‍රහලෝකය එහෙමත් නැත්නම් රහස්පති සහ එහි චන්ද්‍රයන් වසර අටක් පුරා අධ්‍යයනය කිරීම සඳහා බ්‍රහස්පතිගේ වායුගෝලයට ඇතුළු වීමත් සමග. නියමිත කාලයට එනම් වර්ෂ 2003 දී අවසන් වූ ගැලිලියෝ ව්‍යාපෘතිය අතරතුර බ්‍රහස්පතිගේ චන්ද්‍රයා වන යුරෝපා ගේ ස්වභාවය සහ ලක්ෂණ අවබෝධ කරගැනීමට තාරකා විද්‍යාඥයන්ට උපකාර කළ ගණන් කළ නොහැකි තරම් ඡායාරූප ප්‍රමාණයක් ලබාගෙන තිබුණා.

මේ වන විට juno අවකාශය අනේ බ්‍රහස්පති වටා කක්ෂගතව මින් උපන් ග්‍රහයන්ගේ විශ්මයජනක ඡායාරූප සහ දත්ත පෘථිවියේ තාරකා විද්‍යාඥයින්ටලබා දෙනවා. මෙකී බ්‍රහස්පතිගේ සියලු ප ග්‍රහයන් අතරින් යුරෝපා ප්‍රධාන වෙනවා. සියලු තොරතුරු සලකා බලන විට බ්‍රහස්පතිගේ මේ යුරෝපාඋප ග්‍රහයා පෘථිවියේ චන්ද්‍රයාට බොහෝසෙයින් සමාන වනwaa. පෘථිවියේ චන්ද්‍රයාගේ  විශ්කම්භය කිලෝමීටර 3474 පමණ වන අතර europa විෂ්කම්භයෙන් කිලෝමීටර 3121 ක පමණ වනවා. යුරෝපා විශාලත්වයෙන් ගත්කලසෞරග්‍රහ මන්ඩලය දන්නා හය වෙන විශාලතම උප ග්‍රහයා ද වෙනවා. සියල්ලෝම උප ග්රහයන් ඒවායේ සංයුතිය අනුව සැලකිය යුතු ලෙස වෙනස් වෙනවා. යුරෝපා ගේ මතුපිට සභාවේ නිසා එය ice අයිස්  උපග්‍රහයෙක් ලෙස ශ්‍රේණිගත කර තිබෙනවා. අයිස් චන්ද්‍රයන් යනු ස්වභාවික පාප ග්‍රහයින් වන අතර ඒවායේ මතුපිට බොහෝ දුරට අයිස් ස්ථර වලින් සෑදී පවතිනවා. එබැවින් යුරෝපා මතුපිට උෂ්ණත්වය සෙල්සියස් අංශක – 150ක් පමණ අගයක් ගන්නවා.

මේ යෝධ වායු ග්‍රහයාගේ, නැතිනම් බ්‍රහස්පතිගේ චන්ද්‍රයන් මුලින්ම සොයාගත්තතේ සුප්‍රසිද්ධ ඉතාලි ජාතික ගැලීලුයෝ ගැලිලි විසින්. ඔහුට ගරු කිරීමක් විදිහට අදටත් බ්‍රහස්පතිගේ ප්‍රධාන චන්ද්‍රයන් හතර දෙනා හඳුන්වන්නේ ගැලීලියානු චන්ද්‍රයන් ලෙස. මේ බ්‍රහස්පතිගේ ප්‍රධාන චන්ද්‍රයන් හතර දෙනා ඇතැම් අවස්ථාවල සරල දුරදක්න වලින් පවා දකින්නට පුළුවන්. අපගේ ඇති වීඩියෝවෙ ප්‍රධානියා වන යුරෝපා චන්ද්‍රයා සහ බ්‍රහස්පති අතර තියෙන්නේ කිලෝමීටර් හය ලක්ෂ හැත්තෑ දහසකට ආසන්න දුරක් වන අතර එය බ්‍රහස්පති වටා එක් වටයක් සම්පූර්ණ කරන් දෙන තුනහමාරක් වගේ කාලයක් ගන්නවා. මෙම කාලය තුළ යුරෝපා අපේ පෘථිවි චන්ද්‍රයා මෙන්ම සෑම විටම බ්‍රහස්පති දෙසට  එක පැත්තක් හැරී පවතී. මේ අයිස් චන්ද්‍රයාගේ පෘෂ්ඨ ප්‍රමාණය වර්ග කිලෝමීටර මිලියන 30.6ක් පමණ වෙනවා. අප්‍රිකානු මහද්වීපය තරම් විශාල වන මේ චන්ද්‍රයාගේ පෘෂ්ඨය අයිස් වලින් සමන්විත වුණත් උනත් සමහර ස්ථාන රතු පැහැයෙන් දිදුලනවා. මෙම වර්ණ ගැන්වීමට හේතුව යුරෝපා ගේ පසෙහි තැන්පත් වෙලා තියෙන විවිධ ඛනිජ ලවණ වලින් ඇතිවන බලපෑම කියලා තමයි තාරකා විද්‍යාඥයෝ කියන්නේ.

යුරෝපා චන්ද්‍රයා මතුපිට (wikipedia.org)
යුරෝපා චන්ද්‍රයා මතුපිට (wikipedia.org)

යුරෝපා චන්ද්‍රයා මතුපිට බොහෝ ආවට පෙනෙන්නට නැතත්  සංකීර්ණ අගල් සහ විල් ජාලයක් මෙම මතුපිට ඉරි තැලීම් වලින් සම්බන්ධ වෙනවා. මතුපිට ඇති විශාලතම ඉරිතැලීම් කොටස් කිලෝ මීටර් 20ක් පමණ පළල ගිනිකඳු ක්‍රියාකාරකම්වල ප්‍රතිඵලයක් ලෙස නිර්මාණය වුණු ප්‍රදේශයක් කියලා තමයි විශේෂඥයෝ  සැක කරන්නේ. කෙසේ වෙතත් විද්වතුන්, ක්‍රියෝවොල්කන්වාදය ලෙස හඳුන්වන මෙම ස්වාභාවික සංසිද්ධිය, පෘථිවියේ භූමික ගිනිකඳු පිපිරීම් වලට වඩා බෙහෙවින් වෙනස් වනවා. මේ ගිනි කඳු කඳු පිපිරීම් වලින් පස්සේ බ්‍රහස්පතිගේ සඳ මත ජීවයක් පවතින අතර සඳහි පිටතම ස්ථරය නොබිඳිය හැකි කිලෝමීටරයක් පමණ ඝණකම අයිස් තට්ටුවකින් ආවරණය වෙලා තියෙනවා. පර්යේෂකයන් දැනට උපකල්පනය කරන්නේ යෝධ දියර ජලය සහිත සාගරයක් මතුපිට ගැඹුරු කොටස්වල පවතින කියල. 

අයිස් සහිත සඳ මතඇති ජීවි ස්වරූපයන්ට, අතිශය අහිතකර තත්ත්වයකට මුහුණ දීමට සිදු වුණත්, ඒ හා සමාන අති දුෂ්කර තත්ත්වයන් යටතේ නොනැසී පැවතිය හැකි සමහර ජීවී ස්වරූප, දැනටමත් පෘථිවිය මත සොයාගෙන තියෙනවා. යුරෝපා ගේ පෘෂ්ඨයේ නැත්නම් අයිස් සහිත කබල ගියේ ආලෝක පරාවර්තක තාවය සියයට 64% ක් පමණ වන අතර එය සියලුම චන්ද්‍රයන් ගෙන් ඉහළම අගයක් වනවා. ගිරවාගේ මතුපිට ලක්ෂණ සඳහා ඇතැම්විට පරස්පර විරෝධී පැහැදිලි කිරීම් තිබුනත් දැනට පූර්ණ විද්‍යාත්මක එකඟතාවයක් නැහැ

Source : TheSimplySpace

Credit: NASA, ESA, ESO, SpaceX, Wikipedia, 

spot_imgspot_img

Subscribe

Related articles

2024 YR4 උල්කාපාතය පෘථිවිය මත බලපෑමෙන් වෙන්න පුළුවන් නරකම දේවල්

2024 YR4 ග්‍රහකය 2032 දෙසැම්බර් 22 වන දින පෘථිවිය හා ගැටෙන්නේ නම්, එහි ප්‍රමාණය, වේගය, ඇතුල් වීමේ කෝණය සහ බලපෑමේ ස්ථානය ඇතුළු සාධක කිහිපයක් මත බලපෑමේ බරපතලකම රඳා පවතිනවා. වත්මන් ඇස්තමේන්තු මත පදනම්ව නරකම අවස්ථාව ගවේෂණය කළොත්...

ජේම්ස් වෙබ් දුරේක්ෂය පෘථිවියට ආසන්න වල්ගා තරුවකින් සොයාගත්තෙ මොනවද ?

මේ පෘතුවියේ විද්‍යාව කියලා කියන්නේ හරිම පුදුම දෙයක්. හැමදාම...

Travel with බෙනූ

බෙනූ සළකුණුගල් පර්වතයFAQ වර්ෂ 2018දී පෘථිවියට ආසන්න ග්‍රහකයක් වන benu...

පාර්සෙක් ඒකකය

පාසෙක් ඒකකයචාප කෝණය තරු අහස එක්ක එකතු වෙලා ඉන්න ඔයාලට...

2M1207 extrasolar planetary System

විද්‍යාවේ දියුණුවත් එක්ක මානව ශිෂ්ටාචාරයේ විවිධ කඩඉම් පසු කරන්නට...
spot_imgspot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here