ඇතැම් අවස්ථාවලදී රාත්‍රී අහස දෙස බලා සිටි ඔබ දැකලා ඇති උල්කාපාත වැටෙනවා. පෘථිවියේ ගුරුත්වාකර්ෂණ බලයට හසුව වායුගෝලය හරහා පෘථිවිය දෙසට ඒමේදී ගිනිගෙන දැවෙන පෘථිවිය ආසන්නයෙන් ගමන් කරන ග්‍රාහක නැත්නම් asteroid තමයි මේ උල්කාපාත කියලා කියන්නේ. මෙයාකාර ග්‍රාහක නැත්නම් asteroid දහස් ගණනක් නෙමෙයි මිලියන ගණනක් වගේම වාමන ග්‍රහලෝකත් තියෙන ග්‍රහක වළල්ලක් තියෙනවා සෞරග්‍රහ මණ්ඩලය තුළ. අද අපි බලමු සෞරග්‍රහමණ්ඩලයේ මේ කියන ග්‍රාහක වළල්ල ගැන.
අපේ සෞරග්‍රහ මණ්ඩලයේ ඉතිහාසය පිළිබඳ වැදගත් ඉඟි සපයන මේ ග්‍රහක වළල්ල පිහිටලා තියෙන්නේ අඟහරු බ්‍රහස්පති අතර ප්‍රදේශයේ. පලල කිලෝමීටරයකට වැඩි asteroid මිලියන 1.1 මිලියන 1.9 ත් අතර ප්‍රමාණයක් තියෙන මේ ග්‍රාහක පටියේ විෂාලම ග්‍රාහකය වෙන්නෙ පළලින් kilometer 950ක් පමණ වන ceres කියන වස්තුව. මේ ග්‍රහකය සලකන්නේ වාමන ග්‍රහලෝකයක් විදියට.
1.සූර්යයා වටේ භ්‍රමණය වන මේ ග්‍රහක සියල්ලක්ම පිහිටලා තියෙන්නෙ සූර්යයාගේ ඉඳලා කියලා කිලෝමීටර මිලියන 329ත් 478ත් අතර ප්‍රදේශයක. ඇතැම් ග්‍රාහක අතර පරතරය සැතපුම් 600,000 පමණ වනවා. පෘථිවියේ සම්පූර්ණ වට ප්‍රමාණය වෙන්නෙත් සැතපුම් 25,000කට ආසන්න අගයක්. එහෙම බැලුවම මේ ග්‍රහක අතර තියෙන පරතරය 24 ගුණයක් විතර වෙනව.
2.මේ ග්‍රහක වළල්ල ප්‍රථමයෙන්ම සොයාගනු ලබන්නේ 1801 අවුරුද්දේ ගුසෙපි පියාසි විසින් “සෙරස්” ග්‍රහකය නැත්තං වාමන ග්‍රහයා සොයා ගැනීමත් සමග. මේ සෙරස් තමයි ග්‍රහක වළල්ලේ මුලින්ම සොයාගත්ත වස්තුව වෙන්නෙත්. මාස 15කට පස්සේ තවත් විශාල ග්‍රහකයක් සොයාගන්නවා සහ එය නම් කරනවා පලස් කියලා. ඊළඟ දශක දෙකේදී තවත් ග්‍රහක විශාල ප්‍රමාණයක් මේ ප්‍රදේශයේදී සොයාගන්නවා. මේ අනුව 1850 ඉඳලා, තර්ක විද්‍යාඥයන් මේ ප්‍රදේශයට ආමන්ත්‍රණය කරනවා ග්‍රාහක පටිය කියලා. වසර 2000 වන විට තවත් ග්‍රාහක ලක්ෂයක් පමණ මේ ප්‍රදේශයෙන් සොයා ගැනුණා.

3. මේ ග්‍රහක පටියේ කෙතරම් ග්‍රාහක තිබුනත් අපි කලින් කිව්ව ආකාරයට ඒ ග්‍රහක අතර ඉතාම විශාල දුරක් තිබෙන නිසා අභ්‍යවකාශ යානා වලට ඒ හරහා ගමන් කිරීමේදී හානියක් සිදු වන්නේ නැහැ.
4.අතීතයේදී විද්‍යාඥයන් අතර මතයක් තිබුණා මේ ග්‍රහක වළල්ල නිර්මාණය වෙලා තියෙන්නේ සුරග්‍රහ මණ්ඩලයේ තිබුණු කිනම් හෝ ආකාරයකට පිපිරී ගිය ග්‍රහලෝකයක් නිසා කියලා. නමුත් එම මතය වැරදියි සහ මෙම ග්‍රහක වළල්ලෙ ග්‍රහකයන් කිසිදු ග්‍රහලෝකයක කොටසක් වී තිබුණේ නැහැ කියලා මේ වන විට සොයාගෙන තියෙනවා.
5.අතීතයේ දී ප්‍රථිවිය මත විසූ යෝධ ඩයිනෝසරයන් මිහිමතින් වඳ වී ගොස් තිබුණේ මීට වසර මිලියන 66-65ත් අතර කාලයකට කාලෙකට පෙරයි. විද්‍යාඥයන් බහුලව පිළිගන්න මතයක් වෙන්නේ උල්කාපාතයක් පෘථිවියේ ගැටීම නිසා මේ සතුන් පෘථිෘථිවියෙන් වද වුණා කියන එක. ඇතැම් විට මේ උල්කාපාතයක් මේ බ්‍රහස්පති අඟහරු ත් අතර therena ග්‍රහක වළල්ලෙන් ආපු එකක් වෙන්න පුළුවන්.
6. සෙරස් කියන වාමන ග්‍රහලෝකය තමයි මේ ග්‍රහක පටියෙ විශාල ම වස්තුව වෙන්නේ. මිලියන ගණනක් වූ ග්‍රහකයන් තිබුනත් සම්පූර්ණ ග්‍රහක වළල්ලේ ස්කන්ධයෙන් භාගයක් අයිති වෙන්නේ වස්තූන් හතරකට. ඒ තමයි පලස්, හයිජියා, වෙස්ටර් සහ සෙරස් කියන වාමන ග්‍රහලෝකය. මේ සෙරස් කියන වාමන ග්‍රහලෝකයේ ස්කන්ධය ග්‍රහක වළල්ලේ සමස්ත ස්කන්ධයෙන් 39%ක් පමණ වනවා. ඒ කොහොම වුණත් වස්තූන් මිලියන ගණනක් තියෙන මේ ග්‍රහක වළල්ලේ සම්පූර්ණ ස්කන්ධය සමාන වෙන්නේ පෘථිවියේ උපග්‍රහයා වන සඳේ ස්කන්ධයෙන් 4%කට පමණයි.
7.මේ ග්‍රහක වළල්ල පසු කරමින් ගියකරමින් ගිය පළමු අභ්‍යවකාශ යානය වන්නෙ 1972 ජුලි මාසයේදී මේ හරහා ගිය pioneer 10 කියන යානය. ඊට පසුව මේ දක්වා තවත් අභ්‍යාවකාශ යානා දහයක් පමණ මේ ග්‍රහක පටිය පසුකර ගමන් කර තිබුණා. ගණනය කිරීම් වලට අනුව ග්‍රහකයක් මේ අභ්‍යවකාශ යානයක වැදීමේ සම භාවිතාව බිලියනයකට එකක් ලෙස සඳහන් වනවා.
8.මේ ග්‍රහක වළල්ලේ පෘථිවියේ දී ඉතාමත් වටිනා ලෝහ වන platinum රත්තරන් වගේ ඛනිජ ද්‍රව්‍ය තියෙනවා කියලා විශ්වාස කරනවා. මේ ග්‍රහක වළල්ලේ තියෙන ග්‍රාහක වල කැණීම් සිදු කරලා ඒ කියපු ඛනිජ ද්‍රව්‍ය ලබාගන්න දැනටමත් යම් යම් පෞද්ගලික ආයතන කීපයක් සැලසුම් සකස් කරලා තියෙනවා.

9. මේ ග්‍රාහක පටිය මත බලපාන ඇතැම් ගුරුත්වාකර්ෂණ බල නිසා සමහර අවස්ථා වල දී යම් යම් ග්‍රාහක මේ ග්‍රහක වළල්ලෙන් එළියට ඇවිල්ල ග්‍රහලෝක වල ගැටෙන්නට ඉඩක් තියෙනවා.
10.මේ ග්‍රහක පටියේ තියෙන ග්‍රහක වල විශාලත්වය ගැන කතා කළොත් සමහර රහක කිලෝ මීටර් සීයක් තරම් පළල් වන අතරම කුඩා දූවිලි අංශු පවා මේ ග්‍රහක පටිය තියෙනවා. විශාල ම වස්තු වන සෙරස් තමයි ග්‍රහක පටියෙ තියෙන එකම වාමන ග්‍රහලෝකය.
Explified : Asteroid Belt 101- Our Solar System
American Museum of Natural History : Why Are There No Planets in the Asteroid Belt?
https://en.wikipedia.org/wiki/Asteroid_belt
https://www.space.com/16105-asteroid-belt.html
Your Discovery Science : How Asteroids Really Killed The Dinosaurs